The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
ක්‍රීඩා

කුසල් ජනිත් : T20 ලෝක කුසලාන සංචිතයට ඇතුළත් නොකළේ ඇයි ?

T

The Leader Desk

May 14, 2024 • 11:20 AM

කුසල් ජනිත් : T20 ලෝක කුසලාන සංචිතයට ඇතුළත් නොකළේ ඇයි ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එළඹෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා නම් නොකෙරුණි.
  • 33 හැවිරිදි වියේ පසුවන කුසල් ජනිත් පෙරේරා ගේ ඉදිරි ක්‍රිකට් ගමන මෙතැනින් අවසන් වේද ?
  • කුසල් ජනිත් ගේ ක්‍රිකට් දිවිය   කුසල් ජනිත් පෙරේරා 1990 වසරේ අගෝස්තු මස 17 වෙනිදා කලුබෝවිලදී උපත ලැබූ කුසල් ජනිත් පෙරේරා සිය පළමු එක්දින තරගය සඳහා ක්‍රීඩා කරනු ලැබුවේ 2013 වසරේ ජනවාරි මස 13 වැනිදා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ඇඩිලේඩ් හිදී ය.
  • කුසල් ජනිත් සිය පළමු ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කරනු ලැබුවේ 2015 වසරේ සැප්තැම්බර් මස 01 වැනිදා ඉන්දියාවට එරෙහිව කොළඹ SSC ක්‍රීඩා පිටියේදී.
අකුරු ප්‍රමාණය (Font Size):


'පොඩි සනා' ලෙස අන්වර්ථ නාමයෙන් කුසල් ජනිත් පෙරේරාව ක්‍රීඩා ලෝලීන් හැඳීන්වීමට පෙළඹුනේ ඔහු ගේ පිතිකරණ ඉරියව්ව මෙන්ම එල්ල කරන පිති පහරවල් ප්‍රවීණ ක්‍රීඩක සනත් ජයසූරියට සමාන වීම හේතුවෙනි.

33 හැවිරිදි වියේ පසුවන කුසල් ජනිත් පෙරේරා ගේ ඉදිරි ක්‍රිකට් ගමන මෙතැනින් අවසන් වේද ? එම පැනය අද වන විට බොහෝ දෙනා තුළ මතුවෙමින් තිබේ.

කුසල් ජනිත් ගේ ක්‍රිකට් දිවිය

 

colkusal 22162322986 4354141 23052016 svgකුසල් ජනිත් පෙරේරා
1990 වසරේ අගෝස්තු මස 17 වෙනිදා කලුබෝවිලදී උපත ලැබූ කුසල් ජනිත් පෙරේරා සිය පළමු එක්දින තරගය සඳහා ක්‍රීඩා කරනු ලැබුවේ 2013 වසරේ ජනවාරි මස 13 වැනිදා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ඇඩිලේඩ් හිදී ය.

කුසල් ජනිත් සිය පළමු ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කරනු ලැබුවේ 2015 වසරේ සැප්තැම්බර් මස 01 වැනිදා ඉන්දියාවට එරෙහිව කොළඹ SSC ක්‍රීඩා පිටියේදී.

කුසල් මේ වන විට ටෙස්ට් තරග 22 ක ඉනිම් 41 කදී රැස් කර ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1177කි. කුසල් ජනිත් එහිදී ශතක දෙකක් සහ අර්ධ ශතක 07ක් රැස් කර ගෙන තිබේ.

2019 වසරේදී කුසල් ජනිත් පෙරේරා දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන් හිදී පැවති ටෙස්ට් තරගයකදී රැස් කළ ලකුණු 153ක ඉනිම ලොව හොඳම ටෙස්ට් ඉනිම් අතර පළමු ස්ථානයට නම් කෙරුණි.

කුසල් ජනිත් පෙරේරා එක්දින තරග 116 කදී ඉනිම් 111 කදී රැස් කර ඇති මුළු ලකුණු සංඛ්‍යාව 3,237කි.

කුසල් ජනිත් පෙරේරා ශතක 6ක් සහ අර්ධ ශතක 17ක් එක්දින තරග වලදී රැස් කිරීමට සමත්ව සිටී.

 



කුසල් ගේ T20 දක්ෂතාවයන්

කුසල් ජනිත් පෙරේරා සිය පළමු පන්දුවාර විස්සයි 20 තරගය සඳහා ක්‍රීඩා කරනු ලැබුවේ 2013 වසරේ ජනවාරි මස 26 වෙනිදා ඕස්ට්‍රේලියාවට එරෙහිව සිඩ්නි හිදීය.

කුසල් ජනිත් පෙරේරා මේ දක්වා විස්සයි 20 තරග 66 කට ක්‍රීඩා කර ඇත. ඉනිම් 65 කදී ඔහු ලකුණු 1677ක් රැස් කර තිබේ.

කුසල් ජනිත් විස්සයි 20 තරගවලදී අර්ධ ශතක 13ක් වාර්තා කර ඇති අතර ඔහු රැස් කර ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව 84 කි.

කුසල් ජනිත් විස්සයි 20 තරගවලදී හයේ පහරවල් 55ක් සහ හතරේ පහරවල් 155ක් එල්ල කර ඇති අතර ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 130.40ක් වන අතර ඉනිමක සාමාන්‍ය 26.61කි.

 

c7ff147dfcf500de303cfb7eb0a3b3498a808303කුසල් ජනිත් පෙරේරා
'කුසල් නොතේරීම අවාසනාවන්තයි'

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට අද (මැයි මස 13 වෙනිදා) පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ගේ අවධානය ඒ කෙරෙහි යොමු විය.

කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා සංචිතයට නම් නොකිරීමට හේතුව කුමක්දැයි මාධ්‍යවේදීන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග ගෙන් විමසූ අවස්ථාවේදී ඔහු ඊට ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.

"කුසල් ගැන අපි අන්තිම මොහොත වෙනකම් බලපු ක්‍රීඩකයෙක්. ලංකාවේ සෙල්ලම් කරද්දීත් ඔහු සාර්ථක වුනේ නැහැ. සාර්ථක නොවුනත් ඔහු ඉතා හොඳ ක්‍රීඩකයෙක්."

"මොකද ඔහු අපේ අන්තිම අවස්ථාව වෙනකම් හිටියා."

"තේරීම් කමිටුවේ අපි පස් දෙනා මොන 15 දෙනා තෝරලා දුන්නත් පුහුණුකරුත්, නායකයාත් තමයි මැදට යන්නේ."

"ඔවුන්ගේ පැත්තත් අපි බලන්න ඕන. ඔවුන් එක්කත් අපි සාකච්ජා කරලා තමයි සංචිතය වගේම ට්‍රැවල් රිසර්ව් එකත් නම් කළේ."

"කුසල් ජනිත් අවාසනාවන්තයි ඔහුට කණ්ඩායමට ඒමට බැරි වීම ගැන." තේරීම් කමිටු සභාපතිවරයා පැවසීය.

 



ඇයි දුනිත්ව සංචිතයට නම් කළේ ?

එළඹෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නවක දඟ පන්දු යවන ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ශ්‍රී ලංකා සංචිතයට කැඳවුයේ ඔහුගෙන් පවර් ප්ලේ අවස්ථාවේදී කඩුලු දවා ගැනීමේ අරමුණින් බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ ක්‍රිකට් ආයතනයේදී අද ( මැයි මස 13 වෙනිදා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට නම් කර තිබෙන දුනිත් වෙල්ලාලගේ මේ දක්වා පන්දුවාර විස්සයි 20 කිසිඳු ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර නොමැතිවීම විශේෂත්වයකි.

 

55දුනිත් වෙල්ලාලගේ
"ඇමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් හි ක්‍රිකට් පිච් ගැන එන තොරතුරුත් එක්ක අපිට එන ආරංචිය තමයි විකට් එක ස්ලෝ වෙයි කියලා."

"අපි ගොඩක් වෙලාවට දඟ පන්දු යවන්නන් දෙන්නෙක් එක්ක සෙල්ලම් කළේ. සමහර වෙලාවට ලෝක කුසලානයේදී අපිට දඟ පන්දු යවන්නන් තුන් දෙනෙක් එක්ක යන්න වෙයි. විශේෂයෙන් ඔහුගේ පිතිකරණයත් එක්ක. සමහර වෙලාවට අපිට තුන් ඉරියව් වේග පන්දු යවන්නෙක්ට වඩා තුන් ඉරියවු දඟ පන්දු යවන්නෙක් එක්ක ක්‍රීඩා කරන්න පුලුවන් වෙයි."

"දුනිත් වමත් දඟ පන්දු යවන්නෙක් නිසා අපිට ඔහුව පවර් ප්ලේ එක ඇතුලේ භාවිත කරන්න පුලුවන් වෙයි කියලා විශ්වාස කරනවා. ඒ නිසයි ඔහුව අපිව සංචිතයට ගත්තේ." උපුල් තරංග පැවසුවේය.

මෙවර ලෝක කුසලාන සංචිතය සඳහා වේග පන්දු ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු ඇතුලත් නොකිරීම පිළිබඳ ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා දැක්වුයේ මෙවන් අදහසකි.

"බිනුර පසුගිය කාලය පුරාවට හොඳින් ක්‍රීඩා කළා. මෑත කාලයේදී ගත්තම අසිත හොඳින් පන්දු යැව්වා. ඔහු T20 තරගාවල ක්‍රීඩා නොකලත් අපි ඔහුව එක්දින තරගවලට යොදා ගත්තා. ඔහු ඉතාම හොඳින් පන්දු යැව්වා."

"අපි එක වමත් වේග පන්දු යවන්නෙක් අරන් යන්නේ ඉනිමක අවසන් පන්දු වාර කිහිපය යවන්න අපිට පන්දු යවන්නන් ඉන්නවා."

"අපිට පවර් ප්ලේ එකේදී තමයි විකට්ස් ගන්න ඕන. ඒ නිසයි අපි විශේෂයෙන්ම ඩිල්ෂාන් මධුෂංක සහ ට්‍රැවල් රිසර්ව් කෙනෙක් හැටියට අසිතව නම් කළේ."

"නුවන්, මතිෂට අවසන් පන්දු වාර යවන්න පුලුවන්. අපි බැලුවා පවර් ප්ලේ එකේදී අපට විකට් අරන් දෙන්න පුලුවන් කවුද කියලා. ඒ නිසයි අපි මේ ඔප්ෂන් එක අර ගත්තේ."

මේ අතර ධනංජය ද සිල්වා සංචිතයට නම් කිරීම හරහා භානුක රාජපක්ෂට සංචිතයට ඇතුළත් වීමට අවස්ථාව අහිමි වූයේ දැයි මාධ්‍යවේදීන් කළ විමසීමකට උපුල් තරංග ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.

" අපි සෙල්ලම් කරන්න යන විකට්ස් දිහා බැලුවම ධනංජය සංචිතයේ ඉන්න ඕන කියලා කණ්ඩායමේ නායකයා, පුහුණුකරු ඇතුළු තේරීම් කමිටුව තීරණය කළා."

"ඔහුගේ පන්දු යැවීමේ හැකියාව වගේම පන්දු රැකීම කියන අංශය ගැනත් මෙතනදී අපි අවධානය යොමු කළා.."ඔහු වැඩිදුරටත් පැවසීය.

(BBC සිංහල සේවය)

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කුසල් ජනිත් : T20 ලෝක කුසලාන සංචිතයට ඇතුළත් නොකළේ ඇයි ? | The Leader