The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
ක්‍රීඩා

T20 ලෝක කුසලානය: යූසේන් බෝල්ට් ශ්‍රී ලංකාවේ ආරම්භක තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය විවෘත කරයි

T

The Leader Desk

May 17, 2024 • 12:02 PM

T20 ලෝක කුසලානය: යූසේන් බෝල්ට් ශ්‍රී ලංකාවේ ආරම්භක තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය විවෘත කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආසන 34,000ක් සහ නියමාකාරයෙන් කප්පාදු කළ සුමුදු කෙන්ටකි නිල් තණකොළ පිටියකින් යුත් යෝධ ක්‍රීඩාංගණයක් අමෙරිකාවේ නිව්යෝක්
  • නිව්යෝක් ප්‍රාන්තයේ Nassau ප්‍රදේශයේ Eisenhower උද්‍යාන භූමියේ ඉදිවෙමින් තිබෙන මේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ප්‍රථම විස්සයි20 ලෝක කුසලාන තරගය ජූනි 3 වැනිදා පැවැත්වෙන්නේ 2014 ශූරයින් වන ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර.
  •   ජූනි 9 වැනිදාට නියමිත ඉන්දු - පාකිස්තාන් තරගය ඇතුළුව අමෙරිකාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගවලින් අඩක් ම ක්‍රීඩා කෙරෙන්නේ මේ ක්‍රීඩාංගණයේ.
  • ජූනි 1 වැනිදා ඇරඹෙන තරගාවලිය යටතේ අමෙරිකාවේ ක්‍රීඩා කෙරෙන අනෙකුත් තරග පැවැත්වෙන්නේ දැනටමත් තිබෙන ටෙක්සාස් හා ෆ්ලොරිඩා ක්‍රීඩාංගණවල.
අකුරු ප්‍රමාණය (Font Size):

නගරසාන්නයේ උද්‍යානයක ඉහළට මතුවෙමින් තිබෙන්නේ ලෝකයේ ඉහළ ම පෙලේ ක්‍රිකට් තරගාවලියකට ලබන මාසයේදී සත්කාරකත්වය දැක්වීම පිණිස.

නිව්යෝක් ප්‍රාන්තයේ Nassau ප්‍රදේශයේ Eisenhower උද්‍යාන භූමියේ ඉදිවෙමින් තිබෙන මේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ප්‍රථම විස්සයි20 ලෝක කුසලාන තරගය ජූනි 3 වැනිදා පැවැත්වෙන්නේ 2014 ශූරයින් වන ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර.

24051602111320240

 

නමුත් Long Island හි Eisenhower උද්‍යානයේ අනෙක් පසෙන් දැනටමත් දක්නට තිබෙන්නේ තරුණ අඹයාළුවන් පිරිසක් තාවකාලික තණතිල්ලක පිතිකරණයේ, පන්දු යැවීමේ හා පන්දු රැකීමේ නිරත වෙමින් කාර්යබහුලව සිටින අයුරු.

විස්සයි20 - T20 - ලෝක කුසලානය අමෙරිකාවේ පවත්වනු ලබන පළමු ප්‍රධාන ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය වූව ද ශතක ගණනාවක් පැරණි මේ ඉංශ්‍රීසි ක්‍රීඩාව වසර ගණනාවක් මුළුල්ලේ නිව්යෝක් නගරයේ ඈත කොනේ පිහිටි පෙදෙස්වල සරුවට වැඩෙමින් තිබෙන්නේ නොනවතින දකුණු ආසියානු හා කැරිබියන් සංක්‍රමණය නිසා. 

සෑම වසන්තයකම, නිව්යෝක් ප්‍රාන්තයේ Bronx හා Queens නගරවල සිට Long Island දූපත හා New jersey ප්‍රාන්තය දක්වා තිබෙන උද්‍යාන ප්‍රාණවත් වන්නේ නොයෙකුත් ක්‍රීඩා ලීගයන් විසින් සත්කාරකත්වය දක්වන සතිඅන්ත ක්‍රිකට් තරගාවලියන්ගෙන්. 

 

utmxvkcuncupjuxfpy29
අමෙරිකාව ඔවුන්ගේ පළමු FIFA ලෝක කුසලාන තරගාවලියට 1994 වසරේදී සත්කාරකත්වය දැක්වූ අවස්ථාවේ පරම්පරා ගණනාවක් හා සංස්කෘතීන් හරහා පාපන්දු ක්‍රීඩාව ජනප්‍රිය වූ අයුරින් ම ජූනි මාසයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රියත්වය ඊළඟ මට්ටමට ගෙන යනු ඇතැයි අමෙරිකානු ක්‍රිකට් සංවිධායකයින් බලාපොරොත්තු වනවා.

2024 විස්සයි20 ලෝක කුසලානයේ ගෞරවනීය තානාපතිවරයකු වන ‘ලොව වේගවත්ම මිනිසා’ යූසේන් බෝල්ට් පෙරේදා අමෙරිකානු ක්‍රිකට් සංචිතයේ සාමාජිකයන් හා හිටපු නිව්යෝක් පාපන්දු හා බේස්බෝල් විශිෂ්ටයන් සමග දැන් බොහෝ දුරට ඉදිකිරීම් අවසන්ව තිබෙන Eisenhower ක්‍රීඩාංගණයේ සංචාරයක යෙදුනා. බටහිර ඉන්දීය කොදෙව් පුරාවෘත්තය වන සර් කර්ට්ලි ඇම්බ්‍රෝස්, 2009 විස්සයි20 ලෝක කුසලාන ජයග්‍රාහී ක්‍රීඩක පාකිස්තානයේ ෂොයිබ් මලික් සහ එංගලන්තයේ ලියාම් ප්ලන්කට් ද මේ අවස්ථාවට සහභාගි වූ අතර මේ සියළු දෙනා නව ක්‍රීඩාංගණයේ පළමු අමුත්තන් ලෙස අසුන් ගත්තේ ක්‍රීඩාංගණයේ හොඳම දර්ශනය තිබෙන ආසනවල.

 

ජූනි 9 වැනිදාට නියමිත ඉන්දු - පාකිස්තාන් තරගය ඇතුළුව අමෙරිකාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගවලින් අඩක් ම ක්‍රීඩා කෙරෙන්නේ මේ ක්‍රීඩාංගණයේ.

ජූනි 1 වැනිදා ඇරඹෙන තරගාවලිය යටතේ අමෙරිකාවේ ක්‍රීඩා කෙරෙන අනෙකුත් තරග පැවැත්වෙන්නේ දැනටමත් තිබෙන ටෙක්සාස් හා ෆ්ලොරිඩා ක්‍රීඩාංගණවල.

සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...