The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
ක්‍රීඩා

T20 ඉතිහාසයේ ලොකුම පෙරලිය: ආධුනික අමෙරිකාව පළපුරුදු බංග්ලාදේශය පරදවයි

T

The Leader Desk

May 23, 2024 • 10:04 AM

T20 ඉතිහාසයේ ලොකුම පෙරලිය: ආධුනික අමෙරිකාව පළපුරුදු බංග්ලාදේශය පරදවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විස්සයි20 – T20 - ක්‍රිකට් ඉතිහාසයේ ලොකුම පෙරලිය වාර්තා කරමින් අමෙරිකානු ක්‍රිකට් කණ්ඩායම විසින් බංග්ලාදේශය පරාජය කර තිබෙනවා.
  • බංග්ලාදේශය පත්වුනේ කඩුලු 4ක් දැවී ලකුණු 68ක අවදානම් තත්ත්වයකට ක්‍රිකට් ලෝකයේ පළපුරුද කණ්ඩායමක් වන බංග්ලාදේශයේ පිතිකරණය හිර කරනු ලැබුවේ සකසුරුවම් පන්දු යැවීමක නිරත වූ ස්ටීවන් ටේලර් විසින්.
  • ඔහුගේ පන්දු ප්‍රහාරය හමුවේ බංග්ලාදේශ කණ්ඩායමේ ලිටන් ඩාස් හා නායක නජ්මුල් හුසේන් ෂන්ටො ට රැස්කර ගත හැකිවූයේ පිළිවෙලින් පන්දු 15කින් ලකුණු 14ක් සහ පන්දු 11කින් ලකුණු 3ක් පමණ යි.
  • සෞම්යා සකාර් පන්දු 13කින් ලකුණු 20ක් ලබා ගත්ත ද, ඒ වේගවත් ආරම්භයෙන් ප්‍රයෝජන ගැනීමට ඔහුට හැකිවුනේ නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):


අමෙරිකාවේ මේ පෙරලිකාර ජයග්‍රහණය සැලකිය යුතු එකක් වන්නේ එය වාර්තා වූයේ මේ කණ්ඩායම් දෙක අතර පැවති ප්‍රථම ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේදී බැවින්. 

 

us 6tඅමෙරිකාව ට මේ ජයග්‍රහණය ඓතිහාසික අවස්ථාවක්

ඔවුන් බංග්ලාදේශය ට එරෙහිව මේ ජයග්‍රහණය කඩුලු පහක පරතරයකින් යුතුව ලබා ගත්තේ පූර්ණ ජාතික ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමක් අභිබවා යමින් නිසා අමෙරිකාව ට මේ ජයග්‍රහණය ඓතිහාසික අවස්ථාවක්.

අමෙරිකාවේ හියුස්ටන් නගරයේදී මේ තරගය පැවැත්වූයේ දෙපිල අතර තරග තුනකින් සමන්විත ජාත්‍යන්තර විස්සයි20 තරගමාලාවක පළමුවැන්න ලෙසින්.

බංග්ලාදේශය පත්වුනේ කඩුලු 4ක් දැවී ලකුණු 68ක අවදානම් තත්ත්වයකට
ක්‍රිකට් ලෝකයේ පළපුරුද කණ්ඩායමක් වන බංග්ලාදේශයේ පිතිකරණය හිර කරනු ලැබුවේ සකසුරුවම් පන්දු යැවීමක නිරත වූ ස්ටීවන් ටේලර් විසින්. ඔහුගේ පන්දු ප්‍රහාරය හමුවේ බංග්ලාදේශ කණ්ඩායමේ ලිටන් ඩාස් හා නායක නජ්මුල් හුසේන් ෂන්ටො ට රැස්කර ගත හැකිවූයේ පිළිවෙලින් පන්දු 15කින් ලකුණු 14ක් සහ පන්දු 11කින් ලකුණු 3ක් පමණ යි. සෞම්යා සකාර් පන්දු 13කින් ලකුණු 20ක් ලබා ගත්ත ද, ඒ වේගවත් ආරම්භයෙන් ප්‍රයෝජන ගැනීමට ඔහුට හැකිවුනේ නැහැ. ෂකිබ් ලකුණු 6කට කළින් ම දැවී යාමෙන් පසුව බංග්ලාදේශය පත්වුනේ කඩුලු 4ක් දැවී ලකුණු 68ක අවදානම් තත්ත්වයකට.

 

1716346050973 usaක්‍රිකට් ලෝකයේ පළපුරුද කණ්ඩායමක් වන බංග්ලාදේශයේ පිතිකරණය හිර කරනු ලැබුවේ සකසුරුවම් පන්දු යැවීමක නිරත වූ ස්ටීවන් ටේලර් විසින්.

කෙසේ වෙතත්, මහමුදුල්ලා රියාද් සහ ටව්හිඩ් රිඩෝයි අපේක්ෂාවක සේයාවක් මතු කරමින් පන්දු 47කින් ලකුණු 67ක සබඳතාවක් ගොඩනැගුවා. රිඩෝයි තීරණාත්මක අර්ධ ශතකයක් ලබා ගැනීම සඳහා ස්ථාවරව කඩුල්ලේ රැඳී සිටි අතර ඔවුන්ගේ උත්සාහයන් බංග්ලාදේශයට නම්බුකාර කඩුලු 6කට ලකුණු 153ක් වාර්තා කිරීමට උපකාරී වුනා. බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වෙමින් රිඩෝයි පන්දු 47කින් ලකුණු 58ක් වාර්තා කළා.

singh aතරගය වෙනස් කළ සාධකය වුයේ හාමීට් සිං හා කෝරී ඇන්ඩර්සන් අවසන් ඕවරවලදී පිහිටුවූ ලකුණු 62ක ජයග්‍රාහී සබඳතාව යි.

 

අමෙරිකානු ඉනිම ආරම්භයේදී ඔවුන් ප්‍රතිචාර දැක්වූයේ ශක්තිමත් ආකාරයෙන්. ස්ටීවන් ටේලර් තරගයේ මුලින් ලබා ගත් ගැම්ම ඒ අයුරින් ම පවත්වා ගෙන යාමට අසමත් වූව ද, ඇන්ඩ්‍රිස් ගෝස් ආක්‍රමණශීලී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 18කින් ලකුණු 33ක් රැස් කළා. නමුත් තරගය වෙනස් කළ සාධකය වුයේ හාමීට් සිං හා කෝරී ඇන්ඩර්සන් අවසන් ඕවරවලදී පිහිටුවූ ලකුණු 62ක ජයග්‍රාහී සබඳතාව යි. මේ දෙදෙන තරගයේ ඕවර පහක් ඉතිරිව තිබියදී කඩුල්ලේ එක්වූයේ ලකුණු 94කට කඩුලු 5ක් බිඳ වැටී තිබියදී. අවසාන ඕවර් හතරේදී ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 56ක් අවශ්‍යව තිබූ අතර ඇන්ඩර්සන් පන්දු 25කින් නොදැවී ලකුණු 34ක් ලබා ගැනීම හා සිංගේ පන්දු 13කින් හයේ පහර 3ක් සමග නොදැවී ලකුණු 33ක ප්‍රවේගකාරී ඉනිම මත අමෙරිකාව ඔවුන්ගේ ඉලක්කයට පිවිසියා.

 

usa 12බංග්ලාදේශය ට එරෙහි මේ ජයග්‍රහණය විස්සයි20 ජාත්‍යන්තර තරග බිමේ මෙතෙක් සිදුවූ ලොකුම පෙරලිය ලෙස සැලකෙනවා.
අමෙරිකාව මේ තියුණු ජයග්‍රහණය වාර්තා කළේ තරගයේ පන්දු තුනක් පමණක් ඉතිරිව තිබියදී.

අමෙරිකාව ජගත් ක්‍රිකට් කවුන්සලයේ පූර්ණ සාමාජික රටක් විස්සයි20 තරගයකදී පරාජය කළ දෙවැනි අවස්ථාවයි මේ. නමුත්, මීට වසර දෙකහමාරකට පෙර ඔවුන් පරාජය කළේ එතරම් ශක්තිමත් නොවූ අයර්ලන්ත කණ්ඩායමක් බැවින් බංග්ලාදේශය ට එරෙහි මේ ජයග්‍රහණය විස්සයි20 ජාත්‍යන්තර තරග බිමේ මෙතෙක් සිදුවූ ලොකුම පෙරලිය ලෙස සැලකෙනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...