The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
ක්‍රීඩා

T20 WC තරග සැලසුම ඉන්දියානු රූපවාහිනියට ගැළපෙන පරිදි මිස කොදෙව්වන් වෙනුවෙන් නෙවෙයි

T

The Leader Desk

June 3, 2024 • 3:05 PM

T20 WC තරග සැලසුම ඉන්දියානු රූපවාහිනියට ගැළපෙන පරිදි මිස කොදෙව්වන් වෙනුවෙන් නෙවෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබල ධනවතුන් වන ඉන්දියාව සතුටු කිරීමට යාම නිසා මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ
  • ඉන්දියාව හා පාකිස්තානය අතර නිව්යෝක් තරගයක් ද ඇතුළුව අමෙරිකාවේ පවත්වනු ලබන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් මගින් යම් අවධානයක් අමෙරිකාව සොරා ගත්ත ද ක්‍රිකට් ක්‍රීඩාවේ අවබෝධය අතින් වඩාත් වැදගත් වන්නේ තරගාවලියෙන් කැරිබියන් දූපත්වලට ඉතිරි කරන උරුමය යි.
  • ඒ, රටේ විශාලත්වය හා එහි පිරී තිබෙන ක්‍රීඩා වෙළඳපොල, අභිබවා යාමට අපහසු දැවැන්ත බාධක වන බැවින්.
  • ඒ තරගය ලෝකයේ කුමන රටක තිබුනත් එහි ප්‍රවේශ පත් සියල්ල විකිණෙනු ඇති බවට කිසිම සැකයක් නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

කැරිබියන් ක්‍රිකට් හැඟීම් හා සංවේදන කම්පනය නැති වී ගොස් තිබෙනවා.

ඉන්දියාව හා පාකිස්තානය අතර නිව්යෝක් තරගයක් ද ඇතුළුව අමෙරිකාවේ පවත්වනු ලබන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් මගින් යම් අවධානයක් අමෙරිකාව සොරා ගත්ත ද ක්‍රිකට් ක්‍රීඩාවේ අවබෝධය අතින් වඩාත් වැදගත් වන්නේ තරගාවලියෙන් කැරිබියන් දූපත්වලට ඉතිරි කරන උරුමය යි.

wi wc

ක්‍රිකට් ක්‍රීඩාවේ සැලකිය යුතු රටක් වීමේදී අමෙරිකාව සිටින්නේ වසර ගණනාවක් - සමහර විට දශක ගණනාවක් පිටුපසින්. ඒ, රටේ විශාලත්වය හා එහි පිරී තිබෙන ක්‍රීඩා වෙළඳපොල, අභිබවා යාමට අපහසු දැවැන්ත බාධක වන බැවින්. ඉන්දියා - පාකිස්තාන තරගය ඉතාමත් විශාල ප්‍රමාණයක ටිකට් අලෙවියක් වාර්තා කර තිබීමට අමතරව එම තරගය තාවකාලිකව ඉදිකරන ලද නිව්යෝක් ක්‍රීඩාංගණයට ලොකු උත්සව අවස්ථාවක් ද වීමෙන් අමෙරිකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන කියවෙන්නේ ඉතාමත් පොඩි කතාවක්. ඒ තරගය ලෝකයේ කුමන රටක තිබුනත් එහි ප්‍රවේශ පත් සියල්ල විකිණෙනු ඇති බවට කිසිම සැකයක් නැහැ.

නමුත් බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල ක්‍රිකට් යනු වැදගත් අංගයක් වන අතර එහි පැවැත්ම ඔවුන්ට ඉතාම වටිනවා. 2024 T20 ලෝක කුසලාන තරගාවලියට අයත් තරග 55න් 39කට සත්කාරකත්වය දක්වන්නේ එම කලාපය යි. අවසන් පූර්ව තරග දෙක හා අවසාන මහා තරගය ද කොදෙව් දූපත්හි පැවැත්වීමට නියමිත තරගවලට ඇතුළත්. එයින් ඩොලර් මිලියන 25ක ඇස්තමේන්තුගත ලාභයක් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් මණ්ඩලයට ලැබෙනු ඇති අතර ඒ මුදල, ඉන්දියාව ට හෝ එංගලන්තය ට සත්කාරකත්වය නොදක්වන 2025 සහ 2026 යන දෙවසරක ලාභ රහිත වකවානුව පසු කිරීමට ඔවුන්ට උපකාර වනවා.


Kensington Oval
තරගවල සත්කාරකත්වය ලබා ගැනීම සඳහා තරග කළ කොදෙව් දූපත් රජයන් විසින් ඔවුන්ගේ ක්‍රීඩාංගණවල තත්ත්වය දියුණු කර තිබෙනවා. අවසාන තරගය පැවැත්වෙන කෙන්සිංටන් ඔ්වල් ක්‍රීඩාංගණය පවුම් මිලියන 25ක අලුත් මුහුණුවරක් ලබා තිබෙනවා. තණතීරු හා සෑම පෙදෙසකම තණබිම අලුතින් එලා තිබෙන අතර සාන්ත වින්සන්ට් ක්‍රීඩාංගණයට අලුත් LED ආලෝකය සවිකර තිබෙනවා.

 

Johnny Grave“ක්‍රීඩාංගණ පහසුකම් අතින් අපි මේ කතා කරන්නේ දැවැන්ත උරුමයක් ගැන” යනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ප්‍රධාන විධායක ජොනී ග්‍රේව් (Johnny Grave) පවසනවා. “ක්‍රීඩාංගණවල පහසුකම් හා ඒවාට යන වියදම අපට තියෙන එක් ලොකුම ප්‍රශ්නයක්. ලෝක කුසලානයකට සත්කාරය දක්වමින්, 2007 (කොදෙව් දූපත් හි පැවති ඔ්වර 50 ලෝක කුසලාන තරගාවලිය) වසරේ සිට මේ දක්වා සැලකිය යුතු කිසිම ආයෝජනයක් නොලැබුනු ක්‍රීඩාංගණ වෙනුවෙන් මුදල් ආයෝජනය කිරීම සඳහා රජයන් පොළඹවා ගැනීම දැවැන්ත කාර්යයක්.”


නමුත් කනස්සල්ලක් බවට පත්ව තිබෙන කාරණය වන්නේ මේ තරගාවලිය විසින් කැරිබියන් ක්‍රිකට් සංවේදී කම්පනය උකහා ගෙන තිබීම යි. සිය අනුග්‍රාහකයන් අසතුටු කරවන සෑම දෙයක් ම තහනම් කරමින් 2007 කොදෙව් දූපත් ලෝක කුසලාන තරගාවලිය නිස්සාර, විනෝදයක් නැති ඉසව්වක් බවට පත්කිරීම පිළිබඳව ජගත් ක්‍රිකට් කවුන්සලය (ICC) දැඩි විවේචනයට ලක්වුනා. ඊට වසර 17කට පසුවත් මේ තරගාවලිය පැවැත්වෙන්නේ කැරිබියන් දේශීය ක්‍රීඩා ලෝලීන්ට ගැළපෙන අයුරින් නොව ඉන්දියානු රූපවාහිනී විකාශන වෙළඳපොලේ උවමනාවන්ට අනුව පමණක් බවට සැකයක් නැහැ.


කොදෙව් දූපත් හි ඉන්දියාව ක්‍රීඩා කරන තරග සියල්ල පෙරවරු 10.30 ට ආරම්භ වන්නේ ඉන්දියාවේ සිටින සැඳෑ කාලයේ ප්‍රේක්ෂකයන් ග්‍රහණය කර ගනිමින් (මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ටද පහසුවක් වීම වෙනම කාරණයකි). ඉන්දියාව තරගාවලියේ අවසන් කණ්ඩායම් හතරට පිවිසියහොත් ඔවුන්ගේ අවසන් පූර්ව තරගය Guyana හි පවත්වන බවට සහතිකයක් දී තිබෙන්නේ එහි තරගය ආරම්භ වීමට නියමිත වේලාව පෙරවරු 10,30 බැවින්. ට්‍රිනිඩෑඩ් හි පැවැත්වෙන අනෙක් අවසන් පූර්ව තරගයේ ආරම්භය සිදුවන්නේ සැඳෑ කාලයේ වන අතර එය ඉන්දියාවේ උදෑසන කාලය යි. ජූනි 29 වැනිදා බාබේඩෝස් හි පැවැත්වෙන අවසාන මහා තරගය පවා ආරම්භ වනු ඇත්තේ පෙරවරු 10.30 ට. මේ අනුව විදුලි ආලෝකය හා ගිණිකෙළි මධ්‍යයේ රසවත් සන්ධ්‍යාවක පවත්වන අවසාන මහා තරගයක් කොදෙව් ක්‍රීඩා ලෝලීන්ට අහිමි කර තිබෙනවා.


විස්සයි20 ක්‍රිකට් තරග බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල ඉතාමත් ජනප්‍රිය ක්‍රීඩාවක්. කැරිබියන් ප්‍රිමිය ලීගයේදී ක්‍රීඩාංගණ රාත්‍රී සාදයන් පවත්වන අතර ටෙස්ට් ක්‍රිකට් තරගවලට මෙන් නොව විස්සයි20 තරග සඳහා ක්‍රීඩාංගණ පිරෙන්නේ අතුරු සිදුරු නැතිව. නමුත්‌ උදය හා සවස් වරුවේ පැවැත්වෙන සති මැද තරගවල සෙනඟ වැඩි කිරීම පිණිස දේශීය පාසල් දරුවන් බස් රථවලින් ගෙනැවිත් නොමිලේ ක්‍රීඩාංගණවලට ඇතුළු කිරීම සිදුවනවා.

මුදල් ගෙවූවත් නැතත් ක්‍රීඩා ලෝලීන්ගෙන් ආසන පිරී තිබීමේ අවශ්‍යතාව තිබෙන්නේ තරග වේලාවන් නියම කරමින් මේ ප්‍රශ්නය ඇති කළ රූපවාහිනී ආයතනවලට ම වීම දෛවෝපගත සිදුවීමක්. මක්නිසාද යත්, පේලි ගණන් හිස්ව තිබෙන ආසන රූපවාහිනී තිරයේ දිස්වීම තරම් තවත් නරක දෙයක් නැති නිසා.

dferwer3
“සති මැද තරග සඳහා ලොකු සෙනඟක් ගෙන්වා ගත හැකි ලෝකයේ තිබෙන එක ම රට එංගලන්තය විය හැකියි” ජොනී ග්‍රේව් ප්‍රකාශ කරනවා. “නමුත් කැරිබියන්වල පාසල් දරුවන් දෙදහසක් හා ක්‍රීඩා ලෝලීන් දෙදහසක් ගෙන්වා ගත් විට ලෝකයේ අනෙක් බොහෝ තැන්වලට වඩා හොඳ වාතාවරණයක් නිර්මාණය කරන්න පුළුවන්.

නැවතත් කිව යුතු දෙය වන්නේ, මේ තරගාවලිය හරහා පාසල් දරුවන් 30,000ක් නොමිලේ ගෙන්වා ගෙන ඔවුන් ක්‍රිකට් ලෝලීන් බවට හැරවීමට පුළුවන් වුනොත් එය අපේ උරුමය වෙනුවෙන් කෙරෙන විශිෂ්ට කාර්යයක් වන බව.”


කෙසේ වෙතත් අවසානයේ, කොදෙව් ක්‍රීඩාංගණවල හක්ගෙඩි බෙදා හැරේවි. වානේ බෙර වාදනය වෙමින් සැණකෙළි සිරි මතුකරන කැරිබියන් රසය තරගවලට මිශ්‍ර වේවි. නමුත් ඒ රසය විඳින්නට අවස්ථාව ලැබෙන්නේ සත්කාරක කොදෙව්වන්ට අවශ්‍ය වේලාවට නොව ඉන්දියානු රූපවාහිනී වෙළඳපොලට ගැළපෙන වේලාවටයි.
ලෝකයේ හැටි එහෙමයි!

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...