The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
ක්‍රීඩා

Talent TV: ශ්‍රී ලංකා ක්‍රිකට් දේශීය ඉසව් අයිතීන් ThinkCube ආයතනයට

T

The Leader Desk

August 13, 2025 • 8:47 AM

Talent TV: ශ්‍රී ලංකා ක්‍රිකට් දේශීය ඉසව් අයිතීන් ThinkCube ආයතනයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ක්‍රිකට් දේශීය තරගාවලියන් හා යොවුන් ජාතික කණ්ඩායම්වල ශ්‍රී ලංකාවේ සංචාරයන් හි නිල ඉසව් අයිතියේ සහකරුවා ලෙස ThinkCube ආයතනය පිළිගැනීමේ මාධ්‍ය හමුව කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ඊයේ පැවති අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා විසින් එම අයිතිය එම ආයතනයට පිරිනැමූ අවස්ථාව. ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික නලින් අපොන්සො, ThinkCube Systems ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ දමිත කාරියවසම් සහ ශ්‍රී ලංකා එක්දින හා විස්සයි20 නායක චරිත් අසලංක, ටෙස්ට් නායක ධනංජය ද සිල්වා හා ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ද මේ අවස්ථාවට සහභාගි වුනා.
  • මේ අයිතිය සුරක්ෂිත කිරීමෙන් පසුව එම ආයතනය Talent TV නමැති රූපවාහිනී සේවය ආරම්භ කරන බව ඊයේ නිවේදනය කළා.
  • Talent TV (Free-To-Air) චැනලය UHF 47 (දිවයින පුරා), UHF 22 (කොළඹ), UHF 28 (දකුණ), UHF 32 (කරගහතැන්න), UHF 56 (රත්නපුර) ඔස්සේ ලබා ගත හැකි බව එම ආයතනය ප්‍රකාශ කරනවා.
  • (සටහන | වර්නන් ගුණසේකර) ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී gunasekera33@gmail.com  
අකුරු ප්‍රමාණය (Font Size):

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දේශීය තරගාවලියන් හා මෙරටට පැමිණෙන යොවුන් ජාතික කණ්ඩායම්වල සංචාරයන් හි ඉසව් අයිතීන් ThinkCube ආයතනයට පවරා තිබෙනවා.

මේ අයිතිය සුරක්ෂිත කිරීමෙන් පසුව එම ආයතනය Talent TV නමැති රූපවාහිනී සේවය ආරම්භ කරන බව ඊයේ නිවේදනය කළා. මෙය ක්‍රිකට් පමණක් නොව ශ්‍රී ලංකාව පුරා විසිරී තිබෙන සහජ කුසලතාවන් ප්‍රදර්ශනය කිරීම ට ද කැපවුනු රූපවාහිනී හා ඩිජිටල් වේදිකාවක්.

ශ්‍රී ලංකාවේ අලුත්ම ක්‍රීඩා හා ජීවන ශෛලියේ චැනලය වන Talent TV ජීවිතයේ සෑම තරාතිරකම පුද්ගලයන්ගේ පුවත්, ටෙලිවිෂන් කතාබහ සහ විනෝදජනක වැඩසටහන් ප්‍රචාරය කිරීමට කැපවී සිටිනවා. 

slc cuh958uy4

 
එය ක්‍රීඩා, නිර්මාණාත්මක අදහස් සහ හොඳ අවස්ථාවන් සඳහා වන ජාතික වේදිකාවක් බවට පත්වන ලකුණු පහළ කර තිබෙනවා. මේ නාළිකාව UHF සංඛ්‍යාන, IP TV, DTH වේදිකාවන්, සියලුම සමාජ මාධ්‍ය නාළිකාවන් සහ OTT: www.talenttv.lk ඔස්සේ ලබාගත හැකි වන අතර මෙමගින් ජනතාවට සජීවී හා පටිගත කෙරුනු වැඩසටහන් ද නොමිලේ ලබා ගත හැකි වනවා.

Talent TV (Free-To-Air) චැනලය UHF 47 (දිවයින පුරා), UHF 22 (කොළඹ), UHF 28 (දකුණ), UHF 32 (කරගහතැන්න), UHF 56 (රත්නපුර) ඔස්සේ ලබා ගත හැකි බව එම ආයතනය ප්‍රකාශ කරනවා.

මීට අමතරව, Talent TV මෙහෙයැවෙන්නේ ඒකාබද්ධ සමාජ වගකීමක දෘෂ්ටියකින්. එය කේන්ද්‍රගතව තිබෙන්නේ දේශීය ක්‍රීඩා නිපුණත්වය, තරුණයන් සඳහා නිර්මාණ අවස්ථාවන් සහ උසස් මට්ටමේ විෂයන් ප්‍රවර්ධනය කිරීමට.

Talent TV විශේෂාංග:

*ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පිරිමි දේශීය ක්‍රිකට්, පිරිමි හා කාන්තා ‘ඒ’ කණ්ඩායම්, නැගී එන කණ්ඩායම් හා අවුරුදු 19න් පහළ කණ්ඩායම්වල ශ්‍රී ලංකා සංචාර සජීවී විකාශය

*ක්‍රිකට් සංවර්ධනය කේන්ද්‍ර කරගත් වැඩසටහන්

*රට හරහා තිබෙන නොකියැවුනු කතන්දර උද්දීපනය කරන වාර්තා හා ජීවන ශෛලීය චිත්‍රපට

*සෑම වයසකම නරඹන්නන් ප්‍රබෝධමත් කිරීම හා සහභාගි කර ගැනීම පිණිස නිර්මාණය කෙරුනු ප්‍රවෘත්ති, කතාබහ සහ විනෝදාත්මක වැඩසටහන්
 
ශ්‍රී ලාංකේය ක්‍රීඩා ක්ෂේත්‍රයේ ව්‍යාප්තියට ආයෝජනය කිරීමේ මේ දීර්ඝ කාලීන මෙහෙයුම වෙනුවෙන් Talent TV සමග අත්වැල් බැඳගන්නා ලෙසට ThinkCube ආයතනය අදාළ පාර්ශවයන් හා සියලු සංස්ථාපිත ආයතනවලට ආරාධනය කරනවා.

Double Blue Ball 2025: ආදි වෙස්ලිඅයිට්ස් ක්‍රීඩා සමාජයෙන් ලාස් වේගාස් තේමාව  කොටගත් උත්සවයක්(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...