The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

අයිෆල් කුළුනට සවිකර තිබෙන ඔලිම්පික් වළලු ඉවත් කිරීමට අයිෆල් පවුල නඩු මගට

T

The Leader Desk

September 11, 2024 • 3:55 PM

අයිෆල් කුළුනට සවිකර තිබෙන ඔලිම්පික් වළලු ඉවත් කිරීමට අයිෆල් පවුල නඩු මගට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම කුළුනේ නිර්මාණකරුගෙන් පැවත එන්නන් තීරණය කර තිබෙනවා.
  • පැරිසියේ පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙල අවසන් වීමෙන් පසුවත් අයිෆල් කුළුනේ සවිකර තිබෙන ඔලිම්පික් වළලු ඉවත් නොකර එලෙසම තබා ගන්නා බවට පැරිස් නගරාධිපතිනිය වන ඈන් හිඩල්ගෝ ප්‍රකාශ කිරීමෙන් පසුවයි මේ තත්ත්වය උද්ගතව තිබෙන්නේ.
  • තමන්‌ගේ මුතුන් මිත්තා විසින් කළ කාර්යයේ ගෞරවයට සෘණාත්මක බලපෑමක් ඇති කරන ඕනෑම වෙනස් කිරීමකට විරුද්ධ වන බව පුරාවෘත්ත ඉංජිනේරු ගුස්ටාව් අයිෆල් (Gustave Eiffei)ගේ පවුලේ අය පවසනවා.
  • | Gustave Eiffei 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් අයිෆල් කුළුනට සවි කළ බහු වර්ණවලින් යුත් දැවැන්ත ඔලිම්පික් වළලු අවම වශයෙන් ලොස් ඇන්ජලීස් නුවර මීළඟ ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙන 2028 වසර දක්වා හෝ එලෙසම තබා ගැනීමට ඈන් හිඩල්ගෝ පුරපතිනිය සැලසුම් කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

එම කුළුනේ නිර්මාණකරුගෙන් පැවත එන්නන් තීරණය කර තිබෙනවා.

පැරිසියේ පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙල අවසන් වීමෙන් පසුවත් අයිෆල් කුළුනේ සවිකර තිබෙන ඔලිම්පික් වළලු ඉවත් නොකර එලෙසම තබා ගන්නා බවට පැරිස් නගරාධිපතිනිය වන ඈන් හිඩල්ගෝ ප්‍රකාශ කිරීමෙන් පසුවයි මේ තත්ත්වය උද්ගතව තිබෙන්නේ.

තමන්‌ගේ මුතුන් මිත්තා විසින් කළ කාර්යයේ ගෞරවයට සෘණාත්මක බලපෑමක් ඇති කරන ඕනෑම වෙනස් කිරීමකට විරුද්ධ වන බව පුරාවෘත්ත ඉංජිනේරු ගුස්ටාව් අයිෆල් (Gustave Eiffei)ගේ පවුලේ අය පවසනවා. ඔවුන් මේ සම්බන්ධයෙන් දැනටමත් නීති උපදෙස් පතා තිබෙනවා.

kjjdfsef| Gustave Eiffei

2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් අයිෆල් කුළුනට සවි කළ බහු වර්ණවලින් යුත් දැවැන්ත ඔලිම්පික් වළලු අවම වශයෙන් ලොස් ඇන්ජලීස් නුවර මීළඟ ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙන 2028 වසර දක්වා හෝ එලෙසම තබා ගැනීමට ඈන් හිඩල්ගෝ පුරපතිනිය සැලසුම් කර තිබෙනවා.

නමුත් අයිෆල් කුළුනේ නිර්මාණකරුගෙන් පැවත එන්නන් තර්ක කරන්නේ කුළුනට ඇතුළු වන ප්‍රධාන පිවිසුම් මඟේ සවිකර තිබෙන වර්ණවත් හා ඉතා විශාල ඔලිම්පික් සංකේතය මගින් අයිෆල් කුළුනේ හැඩයට ඉතාමත් අසමබරතාවක් නිර්මාණය කර තිබෙන බවට හා එයින් එම ස්මාරකයේ ඉතාමත් පවිත්‍ර හැඩය නවීකරණය වී ඇති බවට.

ඔලිම්පික් වළලු දිගටම තබා ගෙන සිටීම යනු පැරිසියේ පමණක් නොව මුළු ලෝකය පුරා ද ප්‍රංශයේ සංකේතය බවට පත්ව තිබෙන අයිෆල් කුළුන විසින් අත්කර ගෙන තිබෙන මධ්‍යස්ථභාවය හා තේරුමට එරෙහි වීම බව අයිෆල් පවුලේ සංගමය වන AGDE ප්‍රකාශ කරනවා.

මේ වළලු අයිෆල් කුළුනේ තිබිය යුත්තේ ඔලිම්පික් වසර අවසන් වන 2024 අවසානය තෙක් පමණක් බවට ඔවුන් යෝජනා කර සිටිනවා.

පැරිස් ගෝලීය ප්‍රදර්ශනය වෙනුවෙන් 1889 වසරේදී තනා නිම කළ, වසර 20ක කාලයක් පමණක් පවතිනු ඇති බවට මුලින් අදහස් කළ, මීටර් 330ක අයිෆල් කුළුනේ අයිතිය තිබෙන්නේ පැරිස් නගරයට.

ලොව වැඩිම පිරිසක් නරඹන ස්මාරකයක් ලෙස සැලකෙන මේ කුළුන මිලියන හතක පමණ ජනතාවක් සෑම වසරකම ආකර්ෂණය කර ගන්නා අතර මේ පිරිසෙන් හතරෙන් තුනක් ම පැමිණෙන්නේ විදෙස් රටවලින්.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...