බර්මිංහැම් ෆීනික්ස් (Birmingham Phoenix) කණ්ඩායම වෙනුවෙන් ඔහු මේ දක්ෂතාව වාර්තා කළේ ඕවල් ඉන්වින්සිබ්ල්ස් (Oval Invincibles) කණ්ඩායමට එරෙහිව එජ්බැස්ටන් ක්‍රිකට් පිටියේ පැවති 2025 The Hundred තරගයේ. ලිවිංස්ටන්ගේ මේ ආක්‍රමණශීලී පිතිහරඹය මත ෆීනික්ස් කණ්ඩායම ඉන්වින්සිබ්ල්ස් පිල කඩුලු හතරකින් පරාජය කරමින් මේ තරග වාරයේ ඔවුන්ගේ ප්‍රථම ජයග්‍රහණය හිමිකර ගත්තා.
තරගයේ තරුව බවට ලිවිංස්ටන් පත්වූයේ ඔහු හතරේ පහර හතක් සහ හයේ පහර පහක් එල්ල කරන අතරතුර 255.55ක ආක්‍රමණ වේගයක් සටහන් කරමින්. ඔහුගේ මේ ප්‍රවේගකාරී පිතිකරණයේ විශේෂත්වය වූයේ රෂිඩ් ඛාන්ව විනාශ කරමින් ඔහුගේ පන්දු පහකට හතරේ පහර දෙකක් සහ හයේ පහර තුනක් එල්ල කොට ලකුණු 26ක් ලබා ගැනීම.
මේ පිතිහරඹයේදී ලිවිංස්ටන් වාර්තා පොතට ඇතුළු වූයේ එදා මෙදා තුර බිහිවූ ශ්‍රේෂ්ඨතම විස්සයි20 (T20) පන්දු යවන්නන්ගෙන් කෙනෙකු වන රෂිඩ් ඛාන් ට එරෙහිව T20 ලකුණු 200ක් රැස්කර ගත් ලොව පළමු ක්‍රිකට් ක්‍රීඩකයා වෙමින් (The Hundred තරග සැලකෙන්නේ T20 තරග ලෙසින්). එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ලිවිංස්ටන්, ඛාන්ගේ පන්දුවලට මේ දක්වා හයේ පහර 21ක් එල්ල කර තිබෙන අතර වෙනත් කිසිම ක්‍රීඩකයෙක් හයේ පහර 13කට වඩා වැඩියෙන් ලබා ගෙන නැහැ.
ඇෆ්ගනිස්තානයේ දඟ පන්දු තරුව වන රෂිඩ් ඛාන් විස්සයි20 ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියා බවට පත්ව සිටින්නේ කඩුලු 654ක් ලබා ගනිමින්.
රෂිඩ් ඛාන් ට එරෙහිව වැඩිම T20 ලකුණු
*200 - ලීඅම් ලිවිංස්ටන් (දැවී යාම් 4, ඉනිම 16)
*125 - කීරන් පොලාඩ් (දැවී යාම් 3, ඉනිම 25)
*124 - සූර්යකුමාර් යාදව් (දැවී යාම් 0, ඉනිම 14)
*121 - සන්ජු සැම්සන් (දැවී යාම් 1, ඉනිම 15)
*120 - රිශාබ් පාන්ට් (දැවී යාම් 3, ඉනිම 16)
රෂිඩ් ඛාන් ට එරෙහිව වැඩිම T20 හයේ පහර
*ලීඅම් ලිවිංස්ටන් - 21
*ක්‍රිස් ගේල් - 12
*කීරන් පොලාඩ් - 9
*ආන්ඩ්‍රේ රසල් - 9
*ශිම්රෝන් හැට්මයර් - 8
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




