මිනිස් සිත ආලවඩන්නේ චමත්කාරයන් සමඟය. චමත්කාරය කියන භාව හැඟීම මනුෂ්‍යභාවයත් සමඟ එකිනෙක වෙනස් විය හැකිය. ඒත් කවර ලෙසකින්
හෝ චමත්කාරය නමින් මානව සිත ආශ්වාදයට පාත්‍ර කරන හැඟිමක් වේ. එය රූපමය චමත්කාරය ලෙසින් පුද්ගලයන් කෙරෙහි අනිකාගේ ආකර්ශනයට හේතු වන්නකි. ආකර්ෂණය යන්න විටෙක අවනත භාවයද වැනිය.
 

මන්ද පුද්ගලයන් තමා අභිමත ආකර්ෂණය කෙරෙහි අවනතද වන බැවිනි. එවිට පුද්ගලයන් ඥානමය ලෙසද අවිඥානමය ලෙසද පුද්ගලයන් වෙත ආකර්ෂණය හෙවත් අවනත වන්නේය. මේ අවනත ආලය හෙවත් ආකර්ෂණය ප්‍රජාවක පොදු භාවයන් එකට හමුවන තැනකදී නායකයන් බිහි කරන බව බුදුන් වහන්සේ වදාරති.
 
 
aOSB9450226
 

එසේ වදාරමින් උන්වහන්සේ දේශපාලනය අලුත් පරාසයකට කැඳවා තිබේ. බොහෝ නූතන දේශපාලන දර්ශනයන් මෙවන් දෑ ගැන විවෘත සවිස්තරයක් නොකරයි. ඒත් භාවිත ප්‍රායෝගික ලෝකය පෙන්වා දී ඇත්තේ බුදු වදනහි, සනාතන ලෝක දැක්මය. එනම් කවර මතවාදයක දර්ශනයක අස්ථානයක වූවද නායකයන් බිහි වීමේදී ප්‍රජාව තම සිතැඟි චමත්කාරමය සහිත හා රූ සොබාවට දක්වන අවනත භාවයයි. එය පෙර කී ලෙස ඥානමය හෝ අවිඥානමය ලෙස හෝ ක්‍රියාත්මක වන මානව පොදු සිතැඟියාවකි.
 
 
රාජ්‍යය උපත ලබන්න හේතුවද රාජ්‍ය පවතින්නට හේතුවද ලෙස පාලකයා මුල් වන්නේය. මේ මූලය ගැන ගැඹුරට යන කතිකාමය කලාපයේදී හමුවන බුදුන් වහන්සේ නූතන ලංකාවට ආගන්තුකය. පරලොවට අදාල කර ගත්තද මෙලොවට අදාලව දේශිත බුදු වදන් භාවිතාවට ගැනීමට ලාංකිකයාට පුරුද්දක් නැති තරම්ය. මරණින් මතු ලෝකය සුගතිගාමී කර ගැනීමට අටුවා සූත්‍ර ධම්මපද, පාලි පාඨ, ජාතක කථා, ථේරී ගාථා සොයන බෞද්ධයන් මෙරට ඇති තරම්ය. නමුත් මෙලොව සුගතිය හෙවත් තම ලෞකික ජීවන චමත්කාරයේ ප්‍රමෝදමය කලාපය උදාකරගැනීමට බුදුන් වහන්සේගේ දේශනා සොයා යන්නෝ විරලය. ඒ ගැන දේශනා සූත්‍ර අටුවා ධම්මපද. පාලි පාඨ, ජාතක කථා, ථේරී ගාථා නොදන්නා තරම්ය. නොවේ නම් භාවිතයට නොගන්නා සැඟවී ගිය ධර්ම කරුණුය. ඒ නිසා සුවය දෙසූ දහමක් අසුබවාදයක් සේ ජන විඥානය තුළ කිඳා බැස ඇත. මෙලොව සුගතිය නොදැක පරලොව සුගතිගාමී කර ගැනීමට අසීමාන්තිකව වෙහෙසෙන සමාජයක් බවට ලාංකික සමාජය පත්වී තිබේ. කිසිදා හමුනොවන පරලොව සුගතියකට  මෙලොව සුගතිය සින්න කර තබා ඇත. එසේ වන්නේ බුදුන් වදාල ධර්මය ආදේශපාලනික යැයි සිතන සිතුම් නිසාද?. මේ ගැන  සොයන සෙවීම ජීවිතද නිවනද එකට හමුවන තැනට යන මාර්ග සිතියම සොයා පාදා දෙනු ඇත. ඒ ගැන වීමංසාවට විවර වීමට ඇවසි නිසාම තථාගත ඥාන මාවත නිබඳව සොයා දෙන පුද්ගලයා රාජ්‍ය නායකයාය‍.
 
 
රාජ්‍යය, නායකයා මත පවතින අතරම “ රාජ්‍යය ” නායකයා සමඟ බිහි වූ ව්‍යූහයකි. එවිට නායකයා ලෙස පොදු ලෝකය තුළ මුද්‍රා ගත වන්නා තුල ගුණාංගවලට අමතර  ඍද්ධීය හතරක් ඇති බව බුදුන් වහන්සේ කියා දෙන්නේය. මේ ඍද්ධීය සතර අතරට උන්වහන්සේගේ මුලට ගෙන සවිස්තරාත්මකව ප්‍රසාරණය කරන්නේ  “අභිරූපෝ  ඍද්ධීය ” යි.  මේ “අභිරූපෝ  ඍද්ධීය” ගැන සරලව පැහැදිලි කරන්නේ නම් එය ශාරීරික චමත්කාරයය.


“ රාජා චක්කවත්ති අභිරූපෝ හොති
දස්සනීයෝ පාසාදිකෝ පරමාය වණ්ණ
පොක්ඛරතාය සමන්නාගතෝ ”


ප්‍රසන්න සිත් ගන්නා චමත්කාරමය ප්‍රභාමය දර්ශනයකින්ද යුතු සිත පහදවනා පෙනුම ඇත්තාට ප්‍රජාව අවනත කල හැකි බව මෙසේ උන්වහන්සේ වදාරන්නේය. එවිට මේ “ අභිරූපෝ ” යයි කියන්නේ කවරක්ද? සරල අර්ථයෙන් ලස්සන කියන එකද? නැත. එය ලස්සනට වඩා පුළුල් අර්ථයකි. චමත්කාරමය නායකයා යනු ප්‍රසන්න ඉඳුරන් නිවුණු ගති පැවතුම් හා කෝප ආවේග වලින්ද, තැවුල් වේදනා සහ යටපත් කිරීම් වලින්  විචල්‍ය නොවූ සුකුමාල තැනැත්තාය.
 
che hitlar
 

මේ කරුණු ලෝකය කවර යුගයක කවර දේශපාලන දැක්මකින් හෝ බිහි කරගත් නායකයන් සමඟම පොදු වු ප්‍රායෝගික කථාවකි. මේ වැනි දෑ පිළි නොගත් විප්ලවීය විමුක්ති ව්‍යාපාරයන් වල කථාවද එයමය. සරලව කියන්නේනම්, ක්‍රම පෙරළියක රෝමාන්තික ආදර්ශය බවට සමාජවාදීන් ලෝක තලයේ ආකර්ශන කර ගන්නේ අර්න්සන්ට් චේගුවේරාගේ අභිරූපෝ චමත්කාරයයි. ලෝකය ඉක්මනින් ප්‍රතික්ෂේප කලේ අභිරූපෝ චමත්කාරය අහිමි ඇඩලෝෆ් හිට්ලර් පන්නයේ නායකයන්ය. එසේනම් තථාගත දහම දෙස බැලූ විට වැටහෙන්නේ සිතගත චමත්කාරය ජන රාජ්‍යයක් සඳහා රාජ්‍ය නායකයා බිහි කර ගැනීමට පාදමක් සේ බලපාන අයුරු පැහැදිලි කරන අපූරුවය.
 

මේ අනුව රාජ්‍යයට නායකයන් බිහි වීමේදී නායකයා උරුම  කර ගන්නා රූපමය චමත්කාරය ලෙස මේ බුදුන් වහන්සේ කියා සිටින්නේ කවරද්ද? එය සැබවින්ම ප්‍රජාව අතරින්ද නායකයන් අතරින්ද පුද්ගලයා අධිනිශ්චය වීමට බලපාන නිසඟ ප්‍රභාවක් බව වැටහේ. එවිට නිසඟ ප්‍රභාවක් හුදු භෞතිකමය ශාරීරික පිහිටීමක් පමණක් නොව ඔහු හෝ ඇය තුල පවතින චින්තනමය සිතැඟි විසින් ඔප මට්ටම වන ශාරීරික මානසික චමත්කාරයක් බව වැටහේ. එසේ නම් මෙවන් අභිරූපෝ ඍද්ධීයක් නැත්තේනම් නායකයෙකු විය නොහැක.
 

සැබවින්ම එය එසේ විය හැකි බව ලෝකය දෙස ප්‍රායෝගික තලයේ බැලූ කල පෙනේ. ප්‍රජාවක් තුළින් අධිනිශ්චය ලබන රූප චමත්කාරයකට හිත තුළ ඇතිවන දේශපාලන ආලයක් ඇත්තේය. ඒ දේශපාලන ආලයට සිද්ධී ගෝචර වන්නේ අභිරූපෝ වන්නේ සුවිශේෂි රූපි චමත්කාරමය ප්‍රසන්න ඉඳුරන්, නිවුණු හා ප්‍රභාමය පෙනුමය. රාජ්‍යයක ප්‍රජාවකට මෙලොව සුගතිය ලබා දෙන්නා රාජ්‍ය නායකයාය. ඔහුට රාජ්‍ය  නායකයා වීමට අභිරූපෝ ඍද්ධීයක් ඇවසි බව ඒ අනුව ඉතා පැහැදිළිය.
 
 
 
17bf0f138f3d4706f79101f1e1109097මේ “ අභිරූපෝ ” යනු රහසින්ද විවෘතවද මානව හදවත් ඉවෙන් ඉව කරන මානව උත්තුංග භාවයට අදාල කරුණකි. හැමෝටම රාජ්‍ය නායකයන් වෙන්නට බැරි ඒකය. සමහරවිට රාජ්‍ය නායකයන් වන්නේ රූපශ්‍රීයෙන් යැයි සිතා නැති රූපයක් මවාගන්නට රූප රචකයන්ගේ, රූපලාවණ්‍යයන්ගේ සරණ යන්නේ මේකය. ඒත් රූපරචකයන්ගේ රූප ලාවණ්‍යයෙන් මැනිය හැකි රූපයක් නම් නොවේ. “ අභිරූපෝ ” යැයි බුදුන් වදාරන්නේ. එය සිත්තම් කර ගත් පෙනුමක් නොව නිසඟ ප්‍රභාවෙන් තමන් තුළ විශද වන ශාරීරික මානසික ප්‍රමෝදමය, නිවුණු භාව කාන්තිමය විහිදායාමය. එවැන්නෝ ජනබන්ධය ඕනෑම මොහොතත  තමන්ගේ අවනතයට ගන්නෝය. එබැවින් “ අභිරූපෝ ඍද්ධීය ” රාජ්‍ය තාන්ත්‍රිකයන් තුල ගැබ්ව ඇත්තේ නම් ඔවුන්ට අනුන් ලවා සිත්තම් කරන්න රූපයක් අවැසි නැත. මන්ද ඔවුන්ට රාජ්‍යය හිමිවන “ අභිරූපෝ ඍද්ධීය ” පිහිටා හිමිව පවති.
 


පරිසඤ්ඤු පාලකයා (වායාම 55) - සුජිත් අක්කරවත්ත(සුජිත් අක්කරවත්ත)
දේශපාලන හා සමාජ විශේලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


වායාම මිට පෙර පළවූ ලිපි 57 මෙතනින්

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්