පැමිණිලි රැල්ල පිටුපස ඇති සැබෑ තත්ත්වය
ගුවන් තොටුපොළ පරීක්ෂකවරුන් හිතුමනාපයේ බෑග් කඩා අවුස්සන බවට මගීන් සිව්දෙනෙකු සමාජ මාධ්ය හරහා කළ හෙළිදරව්ව ජාත්යන්තර සංචාරක ක්ෂේත්රයේ දැඩි කැලඹීමක් ඇති කළේය.
කෙසේ වෙතත්, අදාළ සිදුවීම් පිළිබඳව තායිලන්ත සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAAT) කළ විමර්ශනයේදී අනාවරණය වූයේ ඉන් සිදුවීම් දෙකක් ජාත්යන්තර ගුවන් ගමන් වූ අතර, එහිදී තායිලන්ත නිලධාරීන් කිසිදු සෝදිසියක් කර නොමැති බව සීසීටීවී (CCTV) දර්ශන මගින් තහවුරු වූ බවයි.
තවත් එක් සිදුවීමක් විදෙස් රටකින් පැමිණි ගුවන් යානයකට අදාළ වූවක් බැවින්, එය තායිලන්තයේ නව රෙගුලාසිවලට අදාළ නොවන බවත්, දේශීය ගුවන් ගමනකදී එක් මගියෙකුගේ බෑගයක් පමණක් නිල ක්රමවේදය ඔස්සේ විවෘත කර ඇති බවත් අනාවරණය විය.
විවෘත කෙරෙන්නේ සැකකටයුතු අවස්ථාවලදී පමණයි
පසුගිය ඔක්තෝබර් 16 වැනිදා සිට ක්රියාත්මක නව රෙගුලාසි යටතේ නිලධාරීන්ට අත්තනෝමතිකව ගමන්මලු විවෘත කළ නොහැකි බව CAAT අධිකාරිය අවධාරණය කරයි.
එක්ස්-රේ (X-ray) ස්කෑන් පරීක්ෂාවේදී ගුවන් ආරක්ෂාවට තර්ජනයක් විය හැකි තහනම් හෝ අනතුරුදායක භාණ්ඩ නිරීක්ෂණය වුවහොත් පමණක්, මගියා නොමැතිව වුවද බෑග් විවෘත කිරීමට බලයලත් නිලධාරීන්ට නීතිමය අවසරය හිමිවේ.
අනවසර භාණ්ඩයක් හඳුනාගත් වහාම අදාළ බෑගය නම් කරන ලද විශේෂ පරීක්ෂණ කලාපයක් (Designated inspection area) වෙත රැගෙන යනු ලබයි.
කැමරා සාක්ෂි සහ TSA අගුල්වල වැදගත්කම
පරීක්ෂාව සිදුවන සම්පූර්ණ ක්රියාවලිය කැමරා පද්ධතියක් මගින් වීඩියෝ ගත කිරීම අනිවාර්ය කර ඇති අතර, පරීක්ෂාවෙන් අනතුරුව මගියා දැනුවත් කිරීමට "ගමන්මලු පරීක්ෂා කළ බවට වන නිල දැනුම්දීමේ පත්රිකාවක්" (Notice of Baggage Inspection) බෑගය තුළ තැන්පත් කෙරේ.
මෙම ක්රමවේදයෙන් බැහැරව අනවසර පුද්ගලයින් ගමන්මලු විවෘත කිරීම බරපතළ නීතිමය වරදකි.
ගිනි ගැනීමේ අවදානම හේතුවෙන් පවර් බෑන්ක් (Power banks) සහ බැටරි සහිත උපකරණ ප්රධාන බහාලුම් (Checked bags) තුළ ඇසිරීම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර, ඒවා රැගෙන යා හැක්කේ අත් බෑග් (Cabin luggage) තුළ පමණි.
විමර්ශනයට ලක්වූ දේශීය ගුවන් ගමනේදී මගියාගේ බෑග් සිපරය (Zip) කපා පරීක්ෂා කිරීමට සිදුව ඇත්තේ බැටරි උපාංගයක් සිරවී තිබීම සහ ජාත්යන්තර පිළිගත් TSA අගුලක් (TSA-approved lock) භාවිත නොකර තිබීම හේතුවෙනි.
ගුවන් මගීන් සැලකිලිමත් විය යුතු කරුණු
* වටිනා කියන දේ: මුදල්, රන් ආභරණ සහ වැදගත් ලිපිලේඛන කිසිවිටෙකත් භාරදෙන බහාලුම්වල නොදමා ළඟ තබාගන්න.
* ඡායාරූප සාක්ෂි: බෑගය සිප් කිරීමට පෙර ඇතුළත භාණ්ඩ මෙන්ම, කවුන්ටරයට භාරදීමට පෙර පිටත පෙනුමද ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කර තබාගන්න.
* වගකීම ගුවන් සේවයට: කිසියම් බඩු අඩුවක් හෝ හානියක් සිදුවුවහොත් ගුවන් තොටුපොළට පෙර අදාළ ගුවන් සමාගම (Airline) අමතා විමර්ශන ආරම්භ කරන්න.
වැඩිදුර තොරතුරු සඳහා මූලාශ්ර සබැඳි :
The Thaiger: Thailand clarifies new baggage inspection rules after complaints
Nation Thailand: CAAT guidelines on checked baggage inspections and banned items



