ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සහ ලංකා හොස්පිට්ල් පීඑල්සී යන සමාගම්වල රජය සතු කොටස්

හිමිකාරීත්වය විකුණා දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන අදාළ ආයතන වල අධ්‍යක්ෂ මණ්ඩලවලට මේ තීරණය දැනුම් දී තිබේ.

ඒ අනුව, කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම්දෙමින් ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී පවසන්නේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ස්ථාපිත රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය විසින් හඳුන්වා දී ඇති පරිදි අදාළ කොටස් විකිණීම ඉදිරියේදී සිදුවනු ඇති බවය.

tELECOM

LANKA HOS


මේ අතර ලංකා හොස්පිට්ල් පීඑල්සී විසින් ද මේ බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයෙන් 49.50% ක කොටස් අයිතිය මහා භාණ්ඩාගාරය සතුව පවතී.

ලංකා හොස්පිට්ල් පීඑල්සී හි කොටස් ප්‍රාග්ධනයෙන් 51.34% ක හිමිකාරීත්වය පවතින්නේ රජය වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතුවය.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්