leader s

ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට පෙර සමූහ ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාව: 
මේ සිට (අසුන් ගෙන) අභ්‍යාසක සුසිරි මංගල, ප්‍රධාන පුහුණුකරු චන්න ජයසේකර, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්.නාලක, සම්මේලනයේ සභාපති කංචන ජයරත්න, කළමනාකරු ශ්‍රීමාල් ද සිල්වා, නායක දීප්ති රොමේෂ්, සහාය පුහුණුකරු නිශාන් ඉන්දික. (පසුපෙල ) මනෝජ් සුරංග, මලීෂ රවිශාන්, ඉසුරු මධුෂාන්, ප්‍රනීත් දිනේන්ද්‍ර, ෂෙහාන් විමුක්ති, සනුක මධුභාෂන, වසන්ත ලක්මාල්, අයේෂ් දිල්හාන්, ලහිරු ප්‍රමුදිත, මන්ජුල නලීන්, දුලංජන් සංදීප මහේෂ් වන්නිගමගේ, විමුක්ති සාගර

 

මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමය (Central Asian Volleyball Association – CAVA) මෙහෙයවන කාවා නේෂන්ස් ලීග් (පිරිමි) වොලිබෝල් තරගාවලියට සහභාගි වීම පිණිස ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ජාතික වොලිබෝල් කණ්ඩායම අද පාකිස්තානය බලා පිටත්ව යනවා.

ඉස්ලාමාබාද් නුවර PSB ක්‍රීඩා සංකීර්ණයේ Liaqat Gymnasium හි මැයි 11 සිට 17 දක්වා මේ ශූරතාවලිය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය, පාකිස්තානය, ඉරානය, කිර්ගිස්තානය හා ටර්ක්මෙනිස්තානය යන රටවල් හයේ සහභාගිත්වයෙන්.

 

274367672 105691278722956 3980191787025084157 nදීප්ති රොමේෂ්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම


දීප්ති රොමේෂ්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ චන්න ජයසේකර.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය පැවැත්වෙන්නේ කිර්ගිස්තානය ට එරෙහිව. එය මේ තරගාවලියේ ආරම්භක දිනය වන මැයි 11 වැනිදා දෙවැනි තරගය ලෙස ක්‍රීඩා කිරීමටයි නියමිතව තිබෙන්නේ.

ශ්‍රී ලංකාව ඊළඟට තරග වදින්නේ සත්කාරක පාකිස්තානය සමග. එම තරගය මැයි 12 වැනිදා පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර තරගය මැයි 13 වැනිදාත්, ශ්‍රී ලංකාව හා ඉරානය අතර ගැටුම මැයි 15 වැනිදාත්, ශ්‍රී ලංකාව හා ටර්ක්මෙනිස්තානය අතර සටන මැයි 16 වැනිදාත් පැවැත්වෙන අතර මැයි 17 පස්වරුවේ අවසන් තරග ක්‍රීඩා කිරීමට සැලසුම් කර තිබෙනවා.

මේ තරගාවලිය නිමා වී දින 8කට පසුව ඔස්ට්‍රේලියානු වොලිබෝල් කණ්ඩායම ඉතිහාසයේ ප්‍රථම වතාවට පාකිස්තානයේ තරග තුනක සංචාරයක් සඳහා පැමිණීමට නියමිතයි.

 

439078438 476968434661199 4361151518804153597 n

සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 
 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්