ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රයේ මූල්‍ය විසඳුම් සපයන්නෙකු වන පීපල්ස් ලීසිං සමාගම, යුරෝපීය සංගමයේ තත්ත්ව පර්යේෂණ (European Society Quality Research – ESQR) මගින් වාර්ෂිකව හොඳම භාවිතයන් ඇගයිම සදහා පිරිනමන “හොඳම භාවිතය 2022” (Best Practices 2022) සම්මානයෙන් පිදුම් ලබා ඇත.



2022 දෙසැම්බර් මස 11 වන දින බෙල්ජියමේ බ්‍රසල්ස් හි පැවති සම්මාන උළෙලේ දී මෙම සම්මානය පිරිනැමුණු අතර එය ජනාධිපති වික්‍රමසිංහ වෙත නිල වශයෙන් ඉදිරිපත් කිරීම පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

පීපල්ස් ලීසිං සහ ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ සභාපති ප්‍රදීප් අමිතර්නායගම් සහ පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරි ෂමින්ද්‍ර මසර්ලින් විසින් සම්මානය ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්