දේශීය ණය ප්‍රශස්ථකරණ යෝජනා සඳහා පාර්ලිමේන්තු අනුමැතිය හිමිවීමත් සමඟම අද (04) දින ‌පෙරවරුවේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල

දැවැන්ත වර්ධනයක් වාර්තා විය.

‍ඒ අනුව අද දින ගනුදෙනු ‌ආරම්භ වී මුල් හෝරාව තුළ දී ඒකක 431.64 ක දැවැන්ත ඉහළ යාමක් සියලු කොටස් මිල දර්ශකයට අනුව වාර්තා වී තිබුණි. එය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 4.57% ක ඉහළ යාමකි.

මේ අතර S&P SL20 දර්ශකය 6.10% ක සුවිශේෂී ඉහළ යාමක් වාර්තා කරමින් දිනයේ මුල් ගනුදෙනු පැය තුළ දී ඒකක 165.54 කින් ඉහළ යන ලදී.

මෙහිදී කැපී ‌පෙනුනු තවත් වැදගත් සිදුවීමක් වූයේ මුල් ගනුදෙනු පැය තුළ දී රු. බිලියන 1.74 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබීමයි.

සියලු ‌කොටස් මිල දර්ශකයේ වර්ධනයට වැඩිම දායකත්වය බැංකු සමාගම්වලින් ලැබී තිබුණු අතර එහිදී කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, HNB සහ NDB කැපීපෙනුණි.

(adaderana.lk)


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්