2023 වර්ෂය සඳහා ඉතාලියේ නාපොලි කම්පානියා පළාතේ නැගී එන කෘෂි ව්‍යවසායකයා ලෙස ග්‍රින් ඔස්කාර් සම්මානය ශ්‍රි ලාංකිකයෙකු හිමි වී ඇත.

 

මීට වසර 13 පමණ පෙර ඉතාලියට පැමිණි අවුරුදු 37ක් වන තරුණයකු වූ මීගමුවේ ගයාන් වික්‍රමසිංහ විසින් මෙම සම්මානය හිමි කර ගත්තේය.

නාපෝලියන් නගරයේ දී වයස අවුරුදු 24 පුංචි ව්‍යාපාරයක් පටන් ගත් ගයාන් වික්‍රමසිංහ, ශ්‍රී ලංකාවේ සිට ආනයනය කරන එළවළු ක්‍රමවත් ලෙස ඉතාලියට ගෙන්වා ගැනීමට අපහසුතාවය මත ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකිකයන් හට අවශ්‍ය එළවළු ඉතාලිය තුලම වගා කිරීමේ ඇති හැකියාව සොයා බලා තිබේ.

එයට සාර්ථක පිළිතුරු සෙවු ඔහු නාපෝලි නගරයට ආසන්නයේ සොරෙන්කෝ ප්‍රදේශයේ අතහැර දමා තිබු අක්කර 17 ක් හදුනාගෙන වල් වැදී තිබු එම ස්ථානයේ ශ්‍රී ලාංකික එළවළු වගා කිරීම ආරම්භ කර ඇත. මෙම ඉඩමේ කෙලවරේ ගලා යන කුඩා දිය පහරකින් ශ්‍රී ලාංකික ඉපැරණි වාරි තාක්ෂණය ක්‍රම යොදා ගෙන ජලය ලබා ගෙන පලා වර්ග හා අනෙක් එළවළු ක්‍රමවත් ලෙස වගා කිරීම සිදු කර තිබේ.

ගයාන් වික්‍රමසිංහ ගේ මෙම සියළු වික්‍රමයන් නිරීක්ෂණය කල ඉතාලියේ ප්‍රසිද්ධ කෘෂිකාර්මික සංවිධනයක් වු COLDIRETTI ආයතනය වසරේ නැගී එන හොදම කෘෂි ව්‍යවසායකයට පිදෙන ඔස්කාර් ග්‍රීන් සම්මානය පුදකර ඇත.

(lankadeepa.lk)
khhg

Screenshot 2023 07 07 at 12.18.55 PM


JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්