චීනයේ ශැංහයි නුවරදී සැප්තැම්බර් 05 වන දින පැවති චීන -ශ්‍රී ලංකා ආයෝජයන ප්‍රවර්ධන

සමුළුවේදී ඩොලර් මිලියන 100ක ආයෝජන සඳහා කැමැත්ත පලකිරීමේ ලිපි අත්සන් කර තිබේ.

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම ගේ ප්‍රධානත්වයෙන් පැවති එම සමුළුවට චීන ව්‍යාපාරිකයින් සියයකට අධික ප්‍රමාණයක් සහභාගී වී ඇත.  

මෙහිදි සෞඛ්‍ය හා ඖෂධ, සූර්‍ය බලශක්ති ව්‍යාපෘති, සුලං බලයෙන් විදුලිය නිපදවීම, ධීවර කර්මාන්ත සහ යටිතල පහසුකම් සඳහා ආයෝජන ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර චීන ව්‍යාපාරිකයින් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කැමැත්ත පළකර තිබේ.

මෙම සමුළුව සංවිධානය කර තිබුණේ  චීන රජය වෙනුවෙන් ශැංහයි නුවර ව්‍යාපාරික ප්‍රවර්ධන කාර්‍යාලය විසිනි. සමුළුව සම්බන්ධීකරණය කරන ලද්දේ  එම කාර්‍යාලයේ ව්‍යාපාරික ප්‍රවර්ධන නිලධාරිනිය විසිනි.

 චීනය හා ශ්‍රී ලංකාව අතර ආගමික සංහිදියාව වෙනුවෙන් ශැංහයි නුවර බෞද්ධ විහාරස්ථානයක්ද ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දිළුම් අමුණුගම විසින් විවෘත කරන ඇත. තවද මෙහිදී ශ්‍රී ලංකාවෙන් වඩම්මවන ලද ධාතූන් වහන්සේලා වැද පුදා ගැනීමටද චීන ජනතාවට අවස්ථාව ලබා දී තිබේ.

{gallery}china- lanka{/gallery}

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්