2040 වර්ෂයේ දී සංවර්ධිත රටක් බිහි කිරීමේ අරමුණෙන් 2021 වර්ෂයේදී ආරම්භ වූ Vision 2040 ltd ආයතනය වර්තමානය වන විට ක්‍රම

කිහිපයක් ඔස්සේ සංවර්ධිත ශ්‍රී ලංකාවක් උදෙසා යන ගමන ක්‍රියාත්මක කරමින් සිටී.

 එහි එක් පියවරක් ලෙස නව නිපැයුම්, නවෝත්පාදන සහ අනුකරණ යන සංකල්ප පදනම් කරගනිමින් Triple i නමින් වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වේ..

ඊට සමගාමීව ශ්‍රී ලංකාව මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදනයේ කේන්ද්‍රස්ථානයක් කිරීමේ අරමුණෙන් Triple i Tech Heroes  නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙහිදී මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදකයින් පළමු අදියරයේ දී ඇගයීමට ලක් කරන අතර ඉන්පසු කාණ්ඩ කිහිපයක් ඔස්සේ විවිධ ක්ෂේත්‍රවල දක්ෂයින්  ඇගයීමට ලක් කිරීමට බලාපොරොත්තු වේ.

පලමු අදියරයේදී මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදකයින් සඳහා වෙළඳපල අවස්ථා උදාකර දීම, උපදේශන සැපයීම, මාර්ගෝපදේශ ලබාදීම සහ දිරිගැන්වීම සිදු කිරීමට අපේක්ෂා කරයි.

සාම්ප්‍රදායික රියැලිටිකරණයෙන් ඔබ්බට යමින් ශ්‍රී ලංකාව තාක්ෂණික විප්ලවයකට ගෙන යා හැකි දක්ෂයින් සොයා ගොස් 2040 වර්ෂයේදී සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමේ සිහිනයට ලඟා වීමට Vision 2040 ltd ආයතනය අපේක්ෂා කරයි. 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්