''ප්‍රජාත්‍රන්ත්රවාදී සිවිල් පාලනයක් හා උද්ධමනයට සරිලන වැටුපක්'' මැයෙන් ස්වාධීන වෘත්තීය සමිති එකතුව විසින් පැවැත්වූ මැයි රැලිය කොළඹ විහාර මහාදේවි එළිමහන් රංග පිඨයේ දී ඊයේ (01) පැවැත්විණි. 


නිදහස් සේවක සංගමය, නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවක සංගමය, ලංකා වෙළඳ,කාර්මික හා පොදු කම්කරු සංගමය [CMU], ශ්‍රී ලංකා නාවිකයන්ගේ ජාතික සංගමය සහ අන්තර් විශ්ව විද්‍යයාල වෘත්තීය සමිති සම්මේලනය ආදී ස්වාධීන වෘත්තීය සමිති නියෝජනය කරමින් දහස් ගණනක කම්කරුවෝ කොල්ලුපිටිය මංසන්ධියේ සිට විහාර මහදේවි එළිමහන් රංග පිඨය දක්වා පෙළපාලියේ ගමන් ගත්හ.  

''හැමෝම දිවි ගෙවන්නේ බරපතල ආර්ථික දුෂ්කරතා මැද්දේ'' 

''රටේ පවතින ආර්ථික බංකොලොත්භාවය නිසාවෙන් රාජ්‍ය අංශයේ වුවත්, වතු කම්කරුවන් වුනත්, නිදහස් වෙළඳ කලාප ඇතුළු අනෙකුත් පෞද්ගලික අංශයේ වුවත්, හැමෝම දිවි ගෙවන්නේ බරපතල ආර්ථික දුෂ්කරතා මැද්දේ. කම්කරු ස්ත්‍රීන් වැඩියෙන්ම ශ්‍රමය වගුරන වතු හා ඇඟළුම් වගේම අනෙක් පෞද්ගලික සමාගම් වල කම්කරුවන්ගේ මාසික අවම වැටුප තියෙන්නේ ආසියාකරයේ අනෙක් රටවල් එක්ක සසඳා බලන කොට ඇමෙරිකානු ඩොලර් පනහක් හෝ ඊට ආසන්න මට්ටමක. අපේ කම්කරුවන්ගේ මුලික වැටුපට එකතු කරන අති කාල දීමනා, උත්සව බෝනස්, පැමිණීමේ දීමනා වගේ නොයෙකුත් අතිරේක දීමනා වලින් තමයි වැටුපක් කියලා දෙයක් ලැබෙන්නේ.

සමාගම් හිමියෝ මොකද කරන්නේ ඉහල යන අමුද්‍රව්‍ය වියදම්, නිෂ්පාදනයන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය වලින් සියයට හැටක්ම පිටරටින් ගෙන්වන්නේ, ඉහල යන තෙල් මිල සහ ප්‍රවාහන ගාස්තු, බදූ හා බැංකු පොලී අනුපාත පිරිමහ ගන්නේ කම්කරුවන්ගේ වැටුප් හා දීමනා කප්පාදුවෙන්. 

කම්කරු අතිරික්තයක් කියලා සෑහෙන පිරිසක් දොට්ට දමලා වැඩ දින ගණන් කප්පාදු කරලා එහෙමත් නැත්නම් කම්හල් සමාගම් වසා දමලා'' යැයි ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමයේ [CMU] විධායක සභා සාමාජික හා නිදහස් මාධ්‍යවේදිනියක් වූ ඉෂංඛා සිංහආරච්චි මැයි රැලිය අමතමින් පැවසුවාය.

 

''මෙහෙම වැටුප් හා දීමනා කප්පාදු කරමින් කම්කරුවන් දොට්ට දමමින් කෙරෙන මේ ක්‍රියාවලියට එරෙහිව කම්කරු ගේ විරෝධය මර්දනය කරන්න ආණ්ඩුව දැනටමත් අනපනත් නීති රෙගුලාසි සුදානම් කරලා.  කම්කරු නීති සංශෝධන, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත, වගේම ඔන්ලයින් පනත වගේ මර්දන අණපනත්  අවසානයේ යොදා ගන්නේ  කම්කරු ව්‍යාපාරය වෙනුවෙන්. ⁠`

 

''ඉතිං අපි මොකද කරන්නේ. මේ වෙනස්වෙන ලෝකයේ නොවෙනස් වන්නාවූ දර්ශණයක් කම්කරුවා ගැන ඉදිරිපත් කරළා තියෙන්නේ කාල් මාක්ස් කියන දාර්ශනිකයා. ඒ තමයි තමන්ට දිනා ගැනීමට ලෝකයක් ඇත. නැතිවන්නට කිසිවක් නැත යන්න.  

නැතිවන්නට කිසිවක් නැත යන්නෙහි අර්ථය තමයි ශ්‍රමය විකිණීම හැර වෙන කිසිවක් නැහැ කියන එක. එයින් මිදීමට නම් තමන් ප්‍රාග්ධනයේ අයිතිකරුවන් විය යුතුයි. ප්‍රාග්ධනයේ අයිතිකරුවන් වන්නට නම් සටන් කළ යුතුයි. සටන තනි තනිවම කරන්න බැහැ. එමනිසා ජාති ආගම් හෝ වෙනත් කිසිඳු බේදයකින් තොරව ශ්‍රමය විකුණනන්නන් ලෙස එහෙමත් නැත්නම් කම්කරුවන් ලෙස  බෙදා වෙන්කර ගනිමින් එකම ප්‍රජාවක් ලෙස එක්සත් වෙන්න ඕන. ඒ සටනට තමන් හා සමානවම පීඩනයට පත්වෙලා ඉන්න  සියළුම ජන කොටස් තමන්  වටා ඒකාරාශී කරගන්න, පෙළ ගස්සවා ගන්න ඕන.''

 

''නමුත් ලංකාවේ කම්කරුවා කියන ඒ විශේෂිත කොට්ඨාශය තමන් ගේ පසමිතුරන් හා නොබිඳෙන ලෙස 1964 දී සභාගගත උනා.  ඒකේ ප්‍රතිඵලය උනේ තම අරගලයේම මිතුරු කොටස්කරුවන් වූ පීඩිතයන්ගේ ඝාතනයට 1971දී හා 1988-1989 දී දකුණේදී පීඩකයන් හා අත්වැල් බැඳගැනීම.

 

දෙවනුව ජාතියක් ලෙසත්, පීඩිතයන් ලෙසත් දෙයාකාරයකින් පාලකයන්ගෙන් බැට කෑ දෙමළ ජාතියේ වර්ග සංහාර යුද්ධයේ පෙරමුණේ රාළලාවීම. මේනිසා ලංකාවේ කම්කරු පංතිය අද මනමේ කුමාරියට වෙච්ච ඇබැද්ධියට, නැතිනම් නයා මැරුණු අහිකුණ්ඨිකයාගේ තත්වයට පත්වෙලා තියෙන්නේ.''

 

''කම්කරු පන්තිය බෙදා වෙන්කරලා  තියෙන මේ මොහොතේ  අපි නැවතත් අවධාරණය කරන්නේ කුමන දේශපාලන මතයක්  දැරුවත්, කුමන පක්ෂයකට ජන්දය දුන්නත්, වැඩපොලේදී කම්හලේදී  කම්කරුවන් ලෙස එකට සමගි සම්පන්න විය යුතුයි. කිසිවෙකුගේ බල කිරීමකට කම්කරු අයිතීන් වෙනුවෙන් පෙනී නොසිට තමන් ඒ ගැන අවබෝධයෙන් එක් වෙන්න මේ මැයි දිනයේදීවත් අදිටන් කරගන්න ඕනේ.''

(ජායාරූප /සටහන ; අයේෂා දුලාංජලී)

cmu 1

IMG 20240502 WA0007

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්