වාර ප්‍රකාශනයකට ලිපියක් ලබාගනු පිණිස මම පසුගිය දිනයෙක එක් තරුණ විශ්ව විද්‍යාල ආචාර්යවරයකුට දුරකථනයෙන් කතා කළෙමි.

එවිට ඔහු පවසා සිටියේ ඒ වන විට තමන් කෙතරම් මානසික පීඩනයකින් පසු වන්නේ ද යත් ඒ වන විට නියැලෙමින් සිටි ශාස්ත්‍රීය පර්යේෂණය පවා මුළුමනින් නවතා දමා ඇති බවකි. ඊට හේතුව වශයෙන් ඔහු පවසා සිටියේ මුල සිටම තමන් කෙරෙහි ඇති ඊර්ෂ්‍යාව මත තමනට එදිරිවාදිකම් කරන විශ්ව විද්‍යාල ආචාර්යවරයකු තමන් සරසවි ආචාර්යවරුන් වෙතින් සේම ශිෂ්‍යයන් අතරින් ද දුරස් කරවීමට ඉතා සියුම් ලෙස කටයුතු කිරීම ඊට හේතු වී ඇති බවකි. 

ඔහුගේ එම උපාය මාර්ගයන් අනුව තමන් පිළිබඳ වැරදි වැටහීම් ඇති කර ගත් ඇතැම් සරසවි ආචාර්යවරුන් සේම මීට පෙර තමන් සමඟ ඇති කරගෙන තිබූ සුහදතාවයන් සිඳ බිඳ දමා ගෙන ඇති බව ඔහු පවසා සිටියේ දැඩි සිත් වේදනාවකිනි.

 

ආතතිය කට්ටිය වැඩි වෙලා !සමාජමය මානසික පීඩනයන්
“වෙලාවකට මට හිතෙනවා අපේ ගමටම වෙලා ඉඳගෙන අපේ අප්පච්චිලා වගේ ගොවිතැන් බත් කරගෙන සරල චාම් ජීවිතයක් ගත කළා නම් මේ මරාල මුකුත් ඔලුවට කඩා වැටෙන්නේ නෑ නේද? කියලත්” කී ඔහු “මට හිතුණොත් මම මේ සේරම දමලා ගහලා ගිහින් සතියක් හමාරක් කවුරුවත් නොදන්න තැනකට වෙලා ඉන්නවා. එතකොටවත් මේ පීඩනය අඩු වේවිද බලන්න”යනුවෙන් ද ඔහු කීය.

කෙසේ හෝ ඊට දින කිහිපයකට පසු නැවත මා ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබා ගත් මුත් එම අංකය ක්‍රියා විරහිත කොට හෝ ආවරණ කලාපයෙන් බැහැර වී ඇති බව නිවේදනය කෙරිණ. ඊට දින කිහිපයකට පසු ද ඒ දුරකථන අංකයෙන් එම ප්‍රතිචාරයම ලැබුණු බැවින් ඒ සම්බන්ධයෙන් තරමක් විමසිලිමත් වූ මම ඒ විශ්ව විද්‍යාල ආචාර්යවරයා පිළිබඳව ආකාර කිහිපයකින් විමසා බැලීමි. එහෙත්, ඒ කිසිවකින් ඔහු පිළිබඳ නිවැරදි තොරතුරක් සොයා ගත නොහැකි විය.

එහෙත්, ඉන් සති දෙක තුනකට පසු මට ඔහු වෙතින් දුරකථන ඇමතුමක් ලැබිණ. එවිට ඔහුගේ කටහඬ තුළ ද යම් ප්‍රබෝධමත් බවක් ඇති අයුරක් මට සැනින් වටහා ගත හැකි විය.

 

ADS 8609“මම දවස් දහයක් අනුරාධපුරේ කිට්ටුව පුරාණ ගමක වැව් පිටියක් ළඟ පුංචි පැළක ජීවත් වුණා”
“මම දවස් දහයක් අනුරාධපුරේ කිට්ටුව පුරාණ ගමක වැව් පිටියක් ළඟ පුංචි පැළක ජීවත් වුණා” ඔහු කීය. ඒ එම කරුණ සම්බන්ධ මහත් කුතුහලයක් මා තුළ ජනිත කරමිනි. එවිට ඔහු කියා සිටියේ ඔහු දින දහයක් නතර වී සිටි එම නවාතැන විදුලි, ජලය සහ සනීපාරක්ෂක ආදී මූලික පහසුකම් සහිත පාරම්පරික ගැමි පැල්පතක ආකෘතියක් බව ය. කාබනික ක්‍රමයට මිශ්‍ර බෝග වගා කොට ඇති ඉඩමක පිහිටි එය විදේශයක ජීවත් වන ශ්‍රී ලාංකික වෛද්‍යවරයකු මෙරටට පැමිණි පසු භාවිතා කරන පෞද්ගලික විවේකස්ථානයක් බව කී ඔහු තම හිතවත් වෛද්‍යවරයකු ගේ මාර්ගයෙන් එහි නවාතැන් ගැනීමට ඉඩ ප්‍රස්ථාව ලැබුණු බව ද කීය. එමෙන්ම එම පැල්පතේ කැපකාර සේවකයකු ද හිඳීම තමනට මහත් පහසුවක් හා අස්වැසුමක් වූ බව ද ඔහු කීය.

 

2.5.1 599411468 TRphotos 72 855a6a0d16c533e7d137ce2b45c27846මිනිස් සමාජයෙන් දුරස් වෙලා සොබා දහමට ළං වෙලා ටික දවසක් හරි එහෙම ගත කරන එකේ වටිනාකම මට ප්‍රායෝගිකව අත්විඳින්න ලැබුණා.

“මිනිස් සමාජයෙන් දුරස් වෙලා සොබා දහමට ළං වෙලා ටික දවසක් හරි එහෙම ගත කරන එකේ වටිනාකම මට ප්‍රායෝගිකව අත්විඳින්න ලැබුණා. ඒ විතරක් නෙවෙයි. ඒ විදිහට ජීවන රටාව මුළුමනින් වෙනස් වුණාට පස්සේ මට මගේ ජීවිතය දිහා වගේම සමාජය දිහාත් විවිධ කෝණවලින් බලන්න හැකියාවක් ලැබුණා. ඒ හින්දම මම කලින් මූණ දුන්නු ප්‍රශ්න වල තිබුණු බැරෑරුම් බවත් අඩු වෙන බව මට ඒ දවස් දහය ඇතුළත හොඳටම තේරුණා” හෙතෙම කීය.

පසුව මම ඔහු ගේ පෞද්ගලික විස්තර කිසිත් නොකියා එම පුවත අපට ඥාතීත්වයක් ඇති සරසවි සිසුවකුට කීවෙමි. ”ඔව් ඉතින්; කම්පියුටර් එකක වුණත් මොකක් හරි අවුලක් තියන කොට ෂට් ඩවුන් කරලා ටිකකින් ඔන් කළාම හරියන්න පුළුවන් තමයි” ඔහු ඇඟ පතට නොදැනී සිනාසී කීය. ඔහු ගේ එම ප්‍රකාශය සේම ඉහත සඳහන් විශ්ව විද්‍යාල ආචාර්ය වරයා ගේ අත්දැකීම තුළ සොබා දම්/පාරිසරික/හරිත/වන ( Nature/Eco/Green/Forest Therapy) ආදී මනෝ චිකිත්සක අගයක් ඇති බව නිසැක ය.

 

forest therapyForest Therapy

කවර හෝ කරුණක් සම්බන්ධයෙන් අපගේ සිත් තුළට දැඩි මානසික ආතතියක් කාංසාවක් පිවිසෙන විට ජීවිතයේ පූර්ව අවදියක් වෙත මානසිකව පිවිසීම ස්වභාවික තත්වයකි. ප්‍රතිගමනය(Regression) ලෙස හැඳින්වෙන මෙය එම මානසික ආතතිය දරා ගැනීම හා සම්බන්ධ මනෝමය ආරක්ෂක යාන්ත්‍රණයකි. ( Defense mechanism ). එසේ මනෝමය වශයෙන් අතීතයට සම්ප්‍රේෂණය වීමත් සමඟ වර්තමානයේ අත්විඳීමට ලැබෙන මානසික පීඩනය කෙමෙන් අවප්‍රමාණ වෙයි.

එමෙන්ම මේ සම්බන්ධ සමාජ මනෝ විද්‍යාත්මක පක්ෂයක් ද තිබේ. අප රටේ නගර මහ නගර වශයෙන් පරිපාලනමය ඒකක කොතෙකුත් තිබුණ ද ශ්‍රී ලංකාව අතීත රෝමය හෝ ග්‍රීසිය වැනි පුර රාජ්‍ය ( City state) වලින් සමන්විත දේශයක් නොවේ. මේ වන විටත් අප රටේ කේන්ද්‍රීය ජන විඥානයේ න්‍යෂ්ටිය ග්‍රාමීයත්වය (Ruralism) මිස අන් කිසිවක් නොවේ. අදටත් අප සමාජයේ බහුතරයකට හදිසි විපතක්, නස්පැත්තියක් සිදුවන විට තරාතිරම් භේදයකින් තොරව එසැනින් “බුදු අම්මෝ” යනුවෙන් පැවසෙනුයේ එබැවිනි.

 

දරුවන්ට කරන අපරාධ ගැන ගිය අවුරුද්දේ පැමිණිලි 8500ක්මිනිස් මනැස ළමා විය හා සබැඳි අතීත කාලය සම්බන්ධ බඳවාලන සවිමත් හුය පටක් තිබේ.
මේ අතර මිනිස් මනැස ළමා විය හා සබැඳි අතීත කාලය සම්බන්ධ බඳවාලන සවිමත් හුය පටක් තිබේ. එය හැඳින්වෙනුයේ අතීත කාමය හෙවත් නොස්ටල්ජියාව (Nostalgia ) වශයෙනි.

අප නාගරික වශයෙන් හඳුන්වන සමාජය තුළ වුව පවත්නා ජන විඥානය ග්‍රාම මූලික වූවකි. එනිසාම පාරම්පරිකව තමනට හුරුපුරුදු ගම නම් ස්මරණය කෙරෙහි අදටත් බොහෝ දෙනෙක් ඇලුම් වඩති. මේ වන විට නාගරිකව පවත්වා ගෙන යන බෙහෝ අවන්හල් වුව ගැමි ගෙදර, බත් ගෙදර, වාඩිය, ඇඹුල, ගමේ කඩේ, අම්බලම ආදී ග්‍රාම මූලික නම් වලින් සන්නාමකරණයට ලක්ව ඇත්තේ එබැවිනි. ඒ අනුව දුර බැහැර ගමනක් යන විට මහ මඟ දක්නට ලැබෙන එවන් නාම පුවරු මුල් කොට නාගරික ජනයාගේ විශේෂ ආකර්ශනයක් ඇති වීම අතිශය ස්වභාවික ය. එබැවින් ගම, ගැමි බව වැනි සාධක එක් වරට මනැසින් ඉවත් කරගැනීමට නොහැකි සේම එසේ ඉවත් කරගැනීම කෙසේවත් හොඳ කටයුත්තක් ද නොවේ.

 

ළමා අයිතිවාසිකම් රැකීමට අසමත් රටක “සියල්ලටම ප්‍රථම දරුවන්” : ලෝක ළමා දින  සැමරුමට තරග රැසක්ඕනෑම යහපත් සංවේදීතාවයකින් වැඩිහිටියන්ට වැඩි රසයක්, සුඛාස්වාදයක් භුක්ති විඳීමට දරුවකුට අවකාශ තිබේ.

සාමාන්‍යයෙන් වැඩිහිටියකුට සාපේක්ෂව වයස අවුරුදු දොළහෙන් පමණ පහළ කුඩා දරුවකුගේ සංවේදීතාවන් ප්‍රබල ය. එනිසාම එම දරුවාගේ සුඛාස්වාදය (Pleasure) ඉහළ මට්ටමක පවතී. දකින, අසන, විඳින ආදී වශයෙන් වන ඕනෑම යහපත් සංවේදීතාවයකින් වැඩිහිටියන්ට වැඩි රසයක්, සුඛාස්වාදයක් භුක්ති විඳීමට දරුවකුට අවකාශ තිබේ. එමෙන්ම එම රසය, සුඛාස්වාදය දරුවාගේ මතක ගබඩාවට පිවිසි පසු වැඩිහිටි වියේ දී පවා මතකය තුළින් ඒ රසය භුක්ති විඳීමට, උරගා බැලීමට යමකුට පුළුවන. 

“අපි පුංචි කාලේ ගෙදරක පරිප්පු ව්‍යංජනයක් හදන කොට ඒකේ සුවඳ අහල පහළ ගෙවල් වලටත් දැනුණු හැටි අපිට තාම හොඳට මතකයි.” සමහරුන් එසේ කියනු මම ද ඕනෑ තරම් අසා ඇත්තෙමි. ඒ සඳහා ද බොහෝ දෙනා දෙන පිළිතුර වනුයේ එම පරිප්පු බීජ වැඩි අස්වැන්නක් සඳහා කෘත්‍රිම ලෙස අභිජනනය නොකළ ස්වභාවික ඒවා වීම සහ එම වගාවන් සඳහා කෘත්‍රිම පළිබෝධ නාශක සහ රසායනික පොහොර නොයෙදීම ආදී හේතුන් මත එම පරිප්පු ව්‍යංජනයක් පිසීමේ දී එහි සුවඳ ද`සත විහිද යන බවකි. අපි දැන් ඒ කතාව පසෙකින් තබමු.

කුඩා කාලයේ අලුත් ඇඳුමක් තෑගි ලැබුණු විට එය ඇඳීමට පෙර සිඹිමින් ඒවායේ සුවඳ බැලූ අයුරු අපට තවමත් මතක ය. අලුතින් ලබාගත් පාසල් පොත පත සම්බන්ධයෙන් ද එසේම ය.එමෙන්ම ඇතැම් විට තවමත් එම සුවඳ අපගේ මතකයන් තුළ ගැබ්ව තිබිය හැක. එහෙත්, අතීතයේ නිපදවූ රෙදිවලට, ඇඳුම්වලට හෝ පොත් පත්වලට විශේෂිත සුගන්ධයක් කවා තිබූ වගක් අප අසා නැත.

 

ළමා ගීතයෙහි නූතන ගමන් මග - (ආචාර්ය නදී දිසානායක)ළමා කාලයේ අපි අත් විඳි අනේක විධ සොම්නස් සහගත අද්දැකීම් මතකය තුළ ගොනු වී මුලු ජීවිත කාලය පුරාම ඉන් ප්‍රති ආස්වාදයක් ලැබීමේ හැකියාවක් අප සතු වීම ය.
මෙහි සත්‍යම කතාව වනුයේ ළමා කාලයේ අපි අත් විඳි අනේක විධ සොම්නස් සහගත අද්දැකීම් මතකය තුළ ගොනු වී මුලු ජීවිත කාලය පුරාම ඉන් ප්‍රති ආස්වාදයක් ලැබීමේ හැකියාවක් අප සතු වීම ය. එක් ප්‍රධාන පාසලක මෑතක පැවැති ආදි ශිෂ්‍ය හමුවක සුවිශේෂාංගයක් වූයේ ඊට එක් වන සියලුම ආදි සිසු සිසුවියන් නැවතත් පාසල් නිල ඇඳුම් වලින් සැරසී ඊට එක් වීම ය. ”මුල දී නම් මම මේක දැක්කෙ මහ විගඩමක් විදිහට. ඒත් යාලුවන් ගේ බල කිරීමට මාත් ඒ විදිහට ඇඳගෙන ඒකට සහභාගී වුණා. ඇත්තෙන්ම එතනදි අපි ආයිමත් මනැසින් පාසල් කාලයට ගිහින් ලොකු සතුටක් ආශ්වාදයක් ලැබුවා. ඒත් ඒක නෙවෙයි පුදුමේ. මම ආයිත් ගෙදර ඇවිත් ඒ ස්කූල් යුනිෆෝම් එක මාරු කරන කොට මට දරා ගන්න බැරි වෙලා මම ඒ යුනිෆෝම් එක බදාගෙන සෑහෙන වෙලාවක් ඇඬුවනේ” ඇය කීවා ය. වෘත්තියෙන් නීතිඥවරියක වන ඇගේ ඒ ප්‍රකාශය තුළ ඉතා පුළුල් මනෝ විද්‍යාත්මක විවරණයක් තිබේ.

මිනිසුන් වශයෙන් අප ගත කරන ජීවිත තුළ යම් රටාත්මක බවක් පවතී. බොහෝ විට මේ රටාත්මක බව තුළ කිසියම් චක්‍රානුකූල බවක් ද ගැබ්ව තිබේ. උදයේ පිබිදුණු මොහොතේ සිට රාත්‍රී නින්දට යන මොහොත දක්වා අප විසින් සිදුකරනු ලබන ක්‍රියා තුළ පවත්නා මෙම චක්‍රානුකූල බව නිසා ඉන් කිසියම් ඒකාකාරීත්වයක් පැන නැගීම වැළැක්විය නොහැක. ජීවිතය නිරන්තරයෙන් ඒකාකාරී චක්‍රයට නතුවීම බොහෝ දෙනකු හඳුන්වනුයේ ‘ජීවිතය එක තැන පල්වීමක්’ ලෙසිනි. සැබැවින්ම එම පල්වීම අතිශය අතෘප්තිදායකය. එනිසාම එම ඒකාකාරීත්වය පිටුදැකීම පිණිස මනැස කිසියම් සුඛාස්වාදන දිශානතියට යොමු කරවීම (Diversion) ස්වභාවික මනෝ චිකිත්සක සංසිද්ධියකි. එමෙන්ම එය මනැස නව්‍ය පිබිදුමක් (Innovation) වෙත යොමු කරනු ලබන්නක් ද වෙයි.

ලොකු වැඩවලින්' ඇති වන මානසික පීඩනයට 'පොඩි වැඩ' ප්‍රතිකාරයක්සමාජ, ආර්ථික, සංස්කෘතික වශයෙන් ඉහළ තලයන් වෙත එසැවෙන මිනිසා තුළ එමගින් ඇතිවන යම් අතෘප්තියක් මත මනෝමය වශයෙන් හෝ තම මුල් දිවියට පිවිසීමේ අවශ්‍යතාවක් ද හට ගනියි.

 

‘රට වටේ ගිහින් ගෙටම ආවා වගේ’ යනුවෙන් සිංහල බසෙහි පිරුළක් තිබේ. ඉන් පැවසෙනුයේ භෞතික සහ ලෞකික වශයෙන් දියුණුවට සහ සංවර්ධනයට පත්වන මිනිසා එමඟින් අත්දකිනු ලබන කිසියම් අසංතෘප්තියක් හමුවේ නැවත තම ජීවිතයේ ආපස්සට ගමන් කරන බවකි. එමෙන්ම සමාජ, ආර්ථික, සංස්කෘතික වශයෙන් ඉහළ තලයන් වෙත එසැවෙන මිනිසා තුළ එමගින් ඇතිවන යම් අතෘප්තියක් මත මනෝමය වශයෙන් හෝ තම මුල් දිවියට පිවිසීමේ අවශ්‍යතාවක් ද හට ගනියි. මෙම තත්ත්වය මනෝ විද්‍යාවේ සඳහන් වනුයේ ප්‍රාථමිකකරණය (Primitivation) යනුවෙනි.

මිනිසුන් තුළ පවත්නා මෙම ස්වභාවික මානසික තත්ත්වය කදිමට විදහා දැක්වෙන කලා නිර්මාණයක් ලෙස රන්බණ්ඩා සෙනෙවිරත්න සූරීන් ලියා විශාරද ගුණදාස කපුගේ තනු නිර්මාණය කොට ගයනු ලබන මතු දැක්වෙන ගීතය හඳුන්වා දිය හැකිය.

දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්සා
තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුණා අම්මේ
පායන තුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ …..
නුවර වීදි යට කරගෙන
නින්දා වැහි වැගිරුණු දා
බිරිඳකගේ සෙනෙහෙ ගියා
යෝධ ඇලේ නැම්මේ
නුඹෙ සෙනෙහස සුවඳ දිදී
දැනුණා මට අම්මේ….
කොළඹ අහස කළු කරගෙන
මූදු හුළඟ හඬලන කොට
ඔටුන්න බිම දා දුවගෙන
එන්නද එක පිම්මේ
මං එනතුරු ඉදිකඩ ළඟ
ඉන්නවාද අම්මේ


 

හුදෙක් මව් ගුණ ගීතයක වපසරිය ඉක්ම වූ ඉහත සඳහන් ගී පද රචනය තුළින් නූතන සංකීර්ණ සමාජ ආර්ථික සංස්කෘතික තලයකින් යුතු සමාජයක් තුළ විවිධ හේතූන් මත දැඩි මානසික අසහනයට පත් ජීවිතයේ ළමා අවදිය ගැමි දිවියක් ගෙවූ පුද්ගලයකුගේ ජීවන ශෝකාලාපයක් ගම්‍ය වෙයි. 1990 දශක මැද භාගයෙන් පසුව උපන් තරුණ පෙළ ඉසෙඩ් පරපුර ( Gen Z ) ලෙස සමාජමය වශයෙන් වෙනම හඳුනා ගැනීමේ අවකාශයක් පවතී. පරිගණක සන්නිවේදන තාක්ෂණය හා යාවජීව සබැදියාවක් ඇති ඔව්හු ඩිජිටල් ස්වදේශික (Digital natives ) යන නමින් ද හැඳින්වෙති. ළමා අවදියේ සිටම අරඹන පරිගණක භාවිතය සමඟ යොවුන් විය ඔස්සේ වැඩිහිටි බවට පත් වන ඔවුන් තුළ අපට උරුම ඉහත සඳහන් ආකාරයේ ස්මරණයන් නොමැති වීම මත ඒ හා සම්බන්ධ මනෝ භාවයන් කෙසේ බලපවත්වන්නේ ද යන්න පිළිබඳ ස්ථිර නිගමනවලට එළැඹීමට තවමත් කල් වැඩි ය.

(තිලක් සේනාසිංහ)
ගවේශනාත්මක මාධ්‍යවේදී 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම- vinivida.lk)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්