The Leader News
BREAKING
Top Ad
Biz

මලයාසියානු ශ්‍රී ලාංකික ඩයස්පෝරාව මෙරට ආර්ථික පුනර්ජීවනයේ නව එන්ජිම බවට පත්කිරීමේ සූදානමක්!

T

The Leader Desk

July 19, 2026 • 8:01 AM

මලයාසියානු ශ්‍රී ලාංකික ඩයස්පෝරාව මෙරට ආර්ථික පුනර්ජීවනයේ නව එන්ජිම බවට පත්කිරීමේ සූදානමක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උතුරු පළාත සහ මලයාසියාව අතර ඍජු ගුවන් සබඳතා ඇති කිරීමට විශේෂ අවධානයක්
  • පෙරේරා අවධාරණය කළේ මලයාසියාවේ වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ප්‍රජාව සංචාරක ව්‍යාපාරය, සංස්කෘතික සහයෝගීතාව සහ ආයෝජන ප්‍රවර්ධනය සඳහා දායක කරගැනීම වර්තමානයට අතිශය වැදගත් වන බවයි.
  • මෙම සාකච්ඡාවලදී දෙරට අතර ගුවන් සබඳතා තවදුරටත් පුළුල් කිරීම කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු වූ අතර, විශේෂයෙන්ම මලයාසියාව සහ ශ්‍රී ලංකාවේ උතුරු පළාත අතර ඍජු ගුවන් ගමන් සබඳතා (Direct Air Connectivity) ආරම්භ කිරීමේ හැකියාව පිළිබඳව ද ගවේෂණය කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


සංවිධාන 24ක එකතුවෙන් සැදුම්ලත් 'FOMSO' සන්ධානය සමඟ ක්වාලාලම්පූර් නුවරදී විශේෂ සාකච්ඡාවක්



ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත් වීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම උදෙසා මලයාසියාවේ වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඩයස්පෝරා (Diaspora) ප්‍රජාව සක්‍රිය ලෙස දායක කරගැනීමේ නව රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික උපායමාර්ගයක් ආරම්භ වී තිබේ. සාම්ප්‍රදායික ද්විපාර්ශ්වික සබඳතාවලින් ඔබ්බට යමින්, මලයාසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ මලයාසියානු ශ්‍රී ලාංකික සංවිධාන සම්මේලනය (FOMSO) අතර මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

මලයාසියාවේ ක්වාලාලම්පූර් නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදී පැවැති මෙම හමුවේදී, මහ කොමසාරිස් දර්ශන එම්. පෙරේරා අවධාරණය කළේ මලයාසියාවේ වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ප්‍රජාව සංචාරක ව්‍යාපාරය, සංස්කෘතික සහයෝගීතාව සහ ආයෝජන ප්‍රවර්ධනය සඳහා දායක කරගැනීම වර්තමානයට අතිශය වැදගත් වන බවයි.

උතුරු පළාත ඉලක්ක කළ ඍජු ගුවන් සබඳතා

මලයාසියාව පුරා විසිරී පවතින ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සංවිධාන 24ක් නියෝජනය කරන 'FOMSO' සන්ධානය, මෙරට සංස්කෘතික සහ උරුමයන් පදනම් කරගත් සංචාරක ව්‍යාපාරය (Heritage Tourism) ප්‍රවර්ධනය කිරීමේ ප්‍රධානතම තානාපතිවරයකු ලෙස ක්‍රියා කළ හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මෙම සාකච්ඡාවලදී දෙරට අතර ගුවන් සබඳතා තවදුරටත් පුළුල් කිරීම කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු වූ අතර, විශේෂයෙන්ම මලයාසියාව සහ ශ්‍රී ලංකාවේ උතුරු පළාත අතර ඍජු ගුවන් ගමන් සබඳතා (Direct Air Connectivity) ආරම්භ කිරීමේ හැකියාව පිළිබඳව ද ගවේෂණය කර ඇත. උතුරු ශ්‍රී ලංකාවේ තම මුතුන්මිත්තන්ගේ මුල් පදිංචිය සෙවීම සහ සංස්කෘතික සංචාරයන් සඳහා උනන්දුවක් දක්වන මලයාසියානු දමිළ ප්‍රජාව ඉලක්ක කරගනිමින් මෙම පියවර ක්‍රියාත්මක කිරීම හරහා යුද්ධයෙන් පසු උතුරු පළාතේ සිදුවන ආර්ථික සංවර්ධනය තවදුරටත් වේගවත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඩයස්පෝරාව ආර්ථික වත්කමක් කරගැනීමේ ආසියානු ආකෘතිය

ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ විදේශයන්හි වෙසෙන සිය ප්‍රජාව හුදෙක් විගමනිකයන් පිරිසක් ලෙස පමණක් නොව, රටේ උපායමාර්ගික ආර්ථික වත්කම් (Strategic Economic Assets) ලෙස සලකා කටයුතු කිරීමේ සාර්ථක ආසියානු ආර්ථික ආකෘතියට ශ්‍රී ලංකාව ද මේ වන විට අවතීර්ණ වෙමින් සිටින බවයි.

ද්විපාර්ශ්වික වෙළඳාම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් සහ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා මලයාසියානු සමාගම් දැනටමත් ශ්‍රී ලංකාව තුළ සක්‍රිය දායකත්වයක් සපයයි. මෙම පසුබිම තුළ, ගෝලීය ආර්ථික උච්චාවචනයන්ට ඔරොත්තු දෙන තිරසාර විදේශ විනිමය වෙළඳපොළක් රට තුළ නිර්මාණය කිරීම සඳහා, මලයාසියානු ශ්‍රී ලාංකික පවුල් සංස්කෘතික, ආගමික සහ පාරම්පරික අරමුණු වෙනුවෙන් මෙරටට ගෙන්වා ගැනීමට ප්‍රායෝගික වැඩපිළිවෙළක් දියත් කිරීමට දෙපාර්ශවයම මෙහිදී එකඟතාවකට පැමිණ තිබේ.

(සටහන | සම්පත් ධීරසේකර )

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...