The Leader News
BREAKING
Top Ad
Biz

යුරෝපා සංගමයේ අලුත් තිරසාර නීති ඉදිරියේ ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට දැඩි බලපෑමක්!

T

The Leader Desk

July 22, 2026 • 4:10 AM

යුරෝපා සංගමයේ අලුත් තිරසාර නීති ඉදිරියේ ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට දැඩි බලපෑමක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • * අසත්‍ය Greenwashing ප්‍රචාර සඳහා යුරෝ මිලියන 2ක් හෝ පිරිවැටුමෙන් 4%ක දඩ මුදල්
  • දඩ මුදල් සහ වෙළෙඳපොළ තහනම් මෙම නව රෙගුලාසිවලට අනුව, යම් නිෂ්පාදනයක් හෝ සේවාවක් 'පරිසර හිතකාමී' (Eco-friendly), 'තිරසාර' (Sustainable) හෝ 'හරිත' (Green) ලෙස ප්‍රචාරය කරන්නේ නම්, ඊට අදාළ විද්‍යාත්මක හා තහවුරු කළ හැකි සාක්ෂි ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
  • මෙම නීති උල්ලංඝනය කරන සමාගම්වලට අදාළ යුරෝපා සංගම් සාමාජික රට තුළ වසරකට ලබන පිරිවැටුමෙන් 4%ක් දක්වා හෝ යුරෝ මිලියන 2ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 65කට අධික) දක්වා දැවැන්ත දඩ මුදල් පැනවීමට ඉඩ සැලසේ.
  • මෙමඟින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන ක්ෂේත්‍ර වන: * ඇඟලුම් සහ රෙදිපිළි * තේ සහ කුළුබඩු * රබර් නිෂ්පාදන * ධීවර හා කෘෂිකාර්මික නිෂ්පාදන * ප්ලාස්ටික් සහ සංචාරක සේවා අංශයන්ට සෘජු බලපෑමක් එල්ල වනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


* ඇඟලුම්, තේ, රබර්, පොල්, ධීවර සහ කෘෂි අපනයන ක්ෂේත්‍ර රැසකට නව රෙගුලාසි අනිවාර්ය වෙයි

යුරෝපා සංගමය (EU) විසින් හඳුන්වා දෙනු ලබන නව තිරසාර නීති සහ රෙගුලාසි මාලාව හේතුවෙන් ඉදිරියේදී යුරෝපීය වෙළෙඳපොළට භාණ්ඩ යවන ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට සිය සැපයුම් දාම සහ වෙළෙඳ ප්‍රචාරණ ක්‍රමවේද වහාම නවීකරණය කිරීමට සිදුව තිබේ.

විශේෂයෙන්ම පරිසර හිතකාමී බව අඟවමින් සිදුකරන අසත්‍ය හෝ පදනම් විරහිත ප්‍රචාරණයන් (Greenwashing) නතර කිරීම සඳහා වන "Empowering Consumers for the Green Transition Directive" (EmpCo) නීතිය 2026 සැප්තැම්බර් 27 වැනිදා සිට බලාත්මක වීමට නියමිතයි.

දඩ මුදල් සහ වෙළෙඳපොළ තහනම්

මෙම නව රෙගුලාසිවලට අනුව, යම් නිෂ්පාදනයක් හෝ සේවාවක් 'පරිසර හිතකාමී' (Eco-friendly), 'තිරසාර' (Sustainable) හෝ 'හරිත' (Green) ලෙස ප්‍රචාරය කරන්නේ නම්, ඊට අදාළ විද්‍යාත්මක හා තහවුරු කළ හැකි සාක්ෂි ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

මෙම නීති උල්ලංඝනය කරන සමාගම්වලට අදාළ යුරෝපා සංගම් සාමාජික රට තුළ වසරකට ලබන පිරිවැටුමෙන් 4%ක් දක්වා හෝ යුරෝ මිලියන 2ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 65කට අධික) දක්වා දැවැන්ත දඩ මුදල් පැනවීමට ඉඩ සැලසේ. මීට අමතරව අදාළ නිෂ්පාදන යුරෝපීය වෙළෙඳපොළෙන් තහනම් වීමේ අවදානමක් ද පවතී.

නියමිත කාලසීමා සහ බලපෑම් එල්ල වන ක්ෂේත්‍ර

අපනයන භාණ්ඩවල ඇසුරුම්කරණය සම්බන්ධයෙන් වන Packaging and Packaging Waste Regulation (PPWR) රෙගුලාසිය 2026 අගෝස්තු 12 වැනිදා සිට ක්‍රියාත්මක වන අතර, වනාන්තර විනාශයට එරෙහි EU Deforestation Regulation (EUDR) නීති 2026 දෙසැම්බර් 30 වැනිදා සිට බලාත්මක වීමට නියමිතය.

මෙමඟින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන ක්ෂේත්‍ර වන:

* ඇඟලුම් සහ රෙදිපිළි
* තේ සහ කුළුබඩු
* රබර් නිෂ්පාදන
* ධීවර හා කෘෂිකාර්මික නිෂ්පාදන
* ප්ලාස්ටික් සහ සංචාරක සේවා අංශයන්ට සෘජු බලපෑමක් එල්ල වනු ඇත.

විශේෂඥ මතය:
පීටර්සන් සොලියුෂන්ස් (Peterson Solutions) ආසියා පැසිෆික් කලාපීය කළමනාකාර ආචාර්ය රුක්ෂාන් ගුණතිලක පෙන්වා දෙන්නේ, මෙම නීති යුරෝපීය සමාගම්වලට පමණක් නොව යුරෝපයට භාණ්ඩ යවන ඕනෑම විදේශීය සමාගමකට ද අදාළ වන බවයි. එම නිසා අපනයනකරුවන් මෙය අමතර පිරිවැයක් ලෙස නොසිතා, වෙළෙඳපොළ තහවුරු කරගැනීමේ මූලෝපායික ආයෝජනයක් ලෙස සැලකිය යුතු බව හෙතෙම සඳහන් කරයි.

යුරෝපය යනු ශ්‍රී ලංකාවේ විශාලතම සහ වැඩිම ආදායමක් ලබන අපනයන ගමනාන්තයක් වන බැවින්, මෙම ESG (පරිසර, සමාජීය සහ යහපාලන) ප්‍රමිතීන්ට අනුකූල වීම ඉදිරි අපනයන වර්ධනයට තීරණාත්මක සාධකයක් වනු ඇත.

මුලාශ්‍රය :

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...