BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
Biz

ජෝන් කීල්ස් අධිරාජ්‍යය නැවතත් පුළුල් වෙයි: ලංකාවේ ආර්ථික පිබිදීම හමුවේ දැවැන්ත ආයෝජන මාලාවක්!

T

The Leader Desk

July 31, 2026 • 11:34 AM

ජෝන් කීල්ස් අධිරාජ්‍යය නැවතත් පුළුල් වෙයි: ලංකාවේ ආර්ථික පිබිදීම හමුවේ දැවැන්ත ආයෝජන මාලාවක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ වරායේ බස්නාහිර ජාත්‍යන්තර පර්යන්තයේ ප්‍රථම අදියර උපරිම ධාරිතාවට; 'Wendy’s' ක්ෂණික ආහාර ආපනශාලා ජාලයත් මෙරටට
  • සමාගමේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර පෙන්වා දෙන්නේ මැදපෙරදිග අර්බුදය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාම සහ කලාපීය සංචාරක ක්ෂේත්‍රයට බාධා එල්ල වීම වැනි අභියෝග පැවතියද, ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථිකයට සිදු වූ බලපෑම පාලනය කරගත හැකි මට්ටමක පවතින බවයි.
  • 2026/27 මුදල් වර්ෂයේ පළමු කාර්තුව තුළදී සමාගමේ පොලී, බදු සහ ක්ෂයවීම්වලට පෙර ඉපැයීම් (EBITDA) රුපියල් බිලියන 16.35 දක්වා සියයට 26කින් ඉහළ ගොස් ඇත.
  • සමස්ත පර්යන්තයේ ඉදිකිරීම් 2026 දෙසැම්බර් වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


මැදපෙරදිග අර්බුද මැද වුවද වරාය, සිල්ලර අලෙවි, දේපළ වෙළඳාම් සහ විද්‍යුත් වාහන ක්ෂේත්‍රවල ශීඝ්‍ර වර්ධනයක්


ආර්ථික පිබිදීම සහ ජෝන් කීල්ස් ආයෝජන උපායමාර්ගය

පවතින ගෝලීය භූ-දේශපාලනික නොසන්සුන්තාවන් මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකා ආර්ථිකයේ නැගී සිටීමට සමගාමීව තම ආයෝජන කළඹ සක්‍රියව පුළුල් කිරීමට ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සමාගම පියවර ගෙන තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රතිසංස්කරණ සහ දේශීය මැක්‍රෝ-ආර්ථික ස්ථාවරත්වය හමුවේ ව්‍යාපාරික හා පාරිභෝගික විශ්වාසය නැවත ගොඩනැගෙමින් පැවතීම මෙම දැවැන්ත ව්‍යාපාරික ව්‍යාප්තියට ප්‍රධාන හේතුව වී ඇත.

සමාගමේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර පෙන්වා දෙන්නේ මැදපෙරදිග අර්බුදය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාම සහ කලාපීය සංචාරක ක්ෂේත්‍රයට බාධා එල්ල වීම වැනි අභියෝග පැවතියද, ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථිකයට සිදු වූ බලපෑම පාලනය කරගත හැකි මට්ටමක පවතින බවයි. 2026/27 මුදල් වර්ෂයේ පළමු කාර්තුව තුළදී සමාගමේ පොලී, බදු සහ ක්ෂයවීම්වලට පෙර ඉපැයීම් (EBITDA) රුපියල් බිලියන 16.35 දක්වා සියයට 26කින් ඉහළ ගොස් ඇත.  

වරාය, බංකරින් සහ පාරිභෝගික වෙළඳපොළ ව්‍යාප්තිය

JHK සමාගමේ යටිතල පහසුකම් ආයෝජනයන්හි ප්‍රගතිය පෙන්නුම් කරමින්, කොළඹ වරායේ පිහිටි බස්නාහිර ජාත්‍යන්තර පර්යන්තයේ (CWIT - WCT-1) පළමු අදියර අපේක්ෂිත කාලයට පෙර උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක වීමට පටන්ගෙන තිබේ. සමස්ත පර්යන්තයේ ඉදිකිරීම් 2026 දෙසැම්බර් වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇත. එමෙන්ම, රතු මුහුද සහ ජාත්‍යන්තර නාවික මාර්ගවල පැවැති බාධා හේතුවෙන් නෞකාවලට ඉන්ධන සැපයීමේ (Bunkering) සේවාවන් සඳහා වූ ඉල්ලුම ඉහළ යාමෙන් 'ලංකා මැරීන් සර්විසස්' (LMS) සමාගමද ඉහළ ලාභයක් වාර්තා කර ඇත.  

පාරිභෝගික අංශය තවදුරටත් පුළුල් කරමින්, ප්‍රකට ජාත්‍යන්තර ක්ෂණික ආහාර ආපනශාලා ජාලයක් වන 'Wendy’s' ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට JHK සමාගම සූදානම් වන අතර, එහි පළමු ආපනශාලාව 2026 වසර අවසන් වීමට පෙර විවෘත කිරීමට නියමිතය. මීට අමතරව 'Keells' සුපිරි වෙළඳසැල් ජාලය දිවයින පුරා ශාඛා 150 දක්වා වැඩි කර ඇති අතර, පාර්භෝගිකයන්ගේ පැමිණීම සහ මිලදී ගැනීම් ප්‍රමාණය සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබේ.  

දේපළ, මූල්‍ය සහ විද්‍යුත් වාහන ක්ෂේත්‍රයේ නව පිම්ම

මෝටර් රථ ක්ෂේත්‍රය තුළ, දැරිය හැකි මිලගණන් යටතේ පවතින විද්‍යුත් වාහන (EV) සඳහා ඉහළ ඉල්ලුමක් පවතින අතර, වාහන 2,200කට අධික ඇණවුම් ප්‍රමාණයක් සපයා දීමට සමාගම කටයුතු කරමින් සිටී. ඊට අනුකූලව දිවයින පුරා විද්‍යුත් වාහන ආරෝපණ පද්ධති (Charging Infrastructure) පුළුල් කිරීමටද පියවර ගෙන ඇත.

දේපළ වෙළඳාම් අංශයේ VIMAN, TRI-ZEN සහ අලුතින් ආරම්භ කරන ලද Vauxhall DSTRCT ව්‍යාපෘති සඳහා ඉහළ පාරිභෝගික ප්‍රතිචාරයක් හිමිවී තිබේ. මූල්‍ය අංශය තුළ නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (NTB) සහ යූනියන් ඇෂුවරන්ස් සමාගම ස්ථාවර වර්ධනයක් සටහන් කර ඇත. සංචාරක ක්ෂේත්‍රයේ කෙටිකාලීන අභියෝග පැවතියද, 'City of Dreams Sri Lanka' සහ 'Cinnamon Life' ව්‍යාපෘති මගින් ඉදිරියේදී ජාත්‍යන්තර සංචාරකයන් සහ සම්මන්ත්‍රණ මෙරටට ආකර්ෂණය කරගැනීමට හැකිවනු ඇතැයි සමාගම විශ්වාස කරයි.

(සම්පත් ධීරසේකර )

මුලාශ්‍රය :

Inside JKH's Expanding Empire As Sri Lanka Recovery Accelerates

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...