BREAKING
සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●බ්‍රිතාන්‍ය දුම්රියකදී කාන්තාවකට ලිංගික අතවර කළ ශ්‍රී ලාංකිකයෙකුට සිරදඬුවම්●'මඩොල් දූව' ස්වීඩන් පාසල් දරුවන් අතරට යයි●දළ පූට්ටුවා ඝාතනය: වසර ගණනාවකට පසුත් යුක්තිය ප්‍රමාද ඇයි?●ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන ගැන වාර්තාවක්●රෝසි සේනානායකගේ පුත් කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි●සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●
Top Ad
Biz

සම්මාන දෙකක් දිනූ වියට්ජෙට් ශ්‍රී ලංකාවට පියාසර අරඹයි

T

The Leader Desk

August 15, 2026 • 4:11 PM

සම්මාන දෙකක් දිනූ වියට්ජෙට් ශ්‍රී ලංකාවට පියාසර අරඹයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • AirlineRatings 'Flyers’ Choice 2026' සම්මාන උළෙලේදී හොඳම ගුවන් සේවය හා නිල ඇඳුම ඇගයේ
  • සංචාරකයින් 40,000කට ආසන්න පිරිසකගේ සෘජු ඡන්දයෙන් මෙම ජයග්‍රාහකයින් තෝරාගෙන ඇති අතර, කොළඹ සහ වියට්නාමයේ ප්‍රධාන වාණිජ කේන්ද්‍රස්ථානය වන හෝ චි මිං නගරය අතර ගුවන් මෙහෙයුම් ආරම්භ වන මොහොතක මෙම ජාත්‍යන්තර පිළිගැනීම හිමිවීම විශේෂත්වයකි.
  • කොළඹ හරහා ආසියා පැසිෆික් කලාපයට නව පිවිසුමක් සැලසුම් කර ඇති පරිදි කොළඹ – හෝ චි මිං අතර සෘජු ගුවන් ගමන් සේවාව අගෝස්තු 18 වන දින සිට නිල වශයෙන් ක්‍රියාත්මක වේ.
  • මෙම සේවාව සතියකට දින තුනක්, එනම් අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල දෙපසටම ක්‍රියාත්මක වන (Round-trip) ගුවන් ගමන් ලෙස පැවැත්වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

කොළඹ – හෝ චි මිං සෘජු ගුවන් ගමන් අගෝස්තු 18 සිට සතියට දින තුනක්

ගෝලීය ගුවන් සේවා ක්ෂේත්‍රයේ ජනප්‍රිය සන්නාමයක් වන වියට්ජෙට් (Vietjet) සමාගම ශ්‍රී ලංකාව වෙත සිය සෘජු ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට සමගාමීව ජාත්‍යන්තර සම්මාන ද්විත්වයකින් පිදුම් ලබා තිබේ. AirlineRatings මඟින් සංවිධානය කරන ලද 2026 ‘Flyers’ Choice’ සම්මාන උළෙලේදී 'වඩාත්ම ප්‍රියතම අඩු පිරිවැය ගුවන් සේවය' (Favourite Low-Cost Carrier) සහ 'හොඳම කාර්ය මණ්ඩල නිල ඇඳුම' (Best Cabin Crew Uniform) යන ප්‍රමුඛ සම්මාන දෙකම දිනාගැනීමට වියට්ජෙට් සමත් විය.

සංචාරකයින් 40,000කට ආසන්න පිරිසකගේ සෘජු ඡන්දයෙන් මෙම ජයග්‍රාහකයින් තෝරාගෙන ඇති අතර, කොළඹ සහ වියට්නාමයේ ප්‍රධාන වාණිජ කේන්ද්‍රස්ථානය වන හෝ චි මිං නගරය අතර ගුවන් මෙහෙයුම් ආරම්භ වන මොහොතක මෙම ජාත්‍යන්තර පිළිගැනීම හිමිවීම විශේෂත්වයකි.

කොළඹ හරහා ආසියා පැසිෆික් කලාපයට නව පිවිසුමක්

සැලසුම් කර ඇති පරිදි කොළඹ – හෝ චි මිං අතර සෘජු ගුවන් ගමන් සේවාව අගෝස්තු 18 වන දින සිට නිල වශයෙන් ක්‍රියාත්මක වේ. මෙම සේවාව සතියකට දින තුනක්, එනම් අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල දෙපසටම ක්‍රියාත්මක වන (Round-trip) ගුවන් ගමන් ලෙස පැවැත්වේ.

මෙම නව මාර්ගය හරහා ශ්‍රී ලාංකික මගීන්ට වියට්නාමයට පමණක් නොව, හෝ චි මිං නගරය කේන්ද්‍ර කරගනිමින් ඕස්ට්‍රේලියාව, ජපානය, දකුණු කොරියාව, චීනය, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, මැලේසියාව සහ පිලිපීනය ඇතුළු ආසියා-පැසිෆික් කලාපයේ ප්‍රධාන ගමනාන්ත රැසක් වෙත ඉතා පහසුවෙන් සහ දැරිය හැකි පිරිවැයකින් ළඟාවීමේ අවස්ථාව උදාවේ.

සුවිශේෂී රතු නිල ඇඳුම සහ සේවා විශිෂ්ටත්වය

ගුවන් මගීන්ගේ විශේෂ අවධානය දිනාගත් වියට්ජෙට් කාර්ය මණ්ඩලයේ රතු පැහැති නිල ඇඳුම යුරෝපීය නිර්මාණකරුවන් විසින් නිර්මාණය කරන ලද්දකි. සාම්ප්‍රදායික රාමු බිඳ හෙළමින් තරුණ ජවය සහ නවීන විලාසිතා මුසු කර සකස් කර ඇති මෙම නිල ඇඳුම ගුවන් සේවාවේ සන්නාම අනන්‍යතාව ශක්තිමත් කිරීමට බෙහෙවින් දායක වී ඇත.

මෙම සම්මාන පිළිබඳ අදහස් දක්වමින් AirlineRatings හි ප්‍රධාන විධායක නිලධාරිනී ෂෙරොන් පීටර්සන් මෙසේ  සඳහන් කළාය.

"මෙම අංශ ද්විත්වයෙන්ම සම්මානයට පාත්‍ර වීමත් සමඟ වියට්ජෙට් සමාගම සිය ගමන් මඟෙහි වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කර තිබෙනවා. සුවිශේෂී මෙන්ම පහසුවෙන් හඳුනාගත හැකි ආකර්ෂණීය නිල ඇඳුම ගුවන් ගමන අවසන් වූ පසුවත් මගීන්ගේ මතකයේ රැඳෙන්නක්. එය ගෝලීය වශයෙන් කැපී පෙනෙන සන්නාම ප්‍රතිරූපයක් ගොඩනැගීමට ඉවහල් වී තිබෙනවා."

ආරක්ෂාව සහ මගී පහසුකම්

AirlineRatings විසින් පිරිනමනු ලබන ඉහළම 'තරු 7' ආරක්ෂණ ශ්‍රේණිගත කිරීම අඛණ්ඩව හිමිකරගෙන ඇති වියට්ජෙට්, ලොව ආරක්ෂිතම අඩු පිරිවැය ගුවන් සේවා අතර ඉදිරියෙන්ම පසුවේ. මීට අමතරව CAPA, Skytrax සහ World Travel Awards වැනි ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ආයතන රැසක ඇගයීමට ද මෙම ගුවන් සේවය ලක්ව ඇත.

නවීන පරම්පරාවේ ගුවන් යානා සමූහයකින් සමන්විත වියට්ජෙට්, සිය ගුවන් ගමන් අතරතුරදී නැවුම් උණුසුම් ආහාර වේල් වර්ග නවයක්, Vikkafe පාන වර්ග මෙන්ම තීරුබදු රහිත භාණ්ඩ මිලදී ගැනීමේ පහසුකම් ද සපයයි. ගමනාන්තයන්ගෙන් ආභාෂය ලැබූ සංස්කෘතික හා කලාත්මක අංග මගීන්ට වෙනස්ම අත්දැකීමක් ලබාදීමට එක්කර තිබේ.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නව ප්‍රබෝධයක් ලබමින් පවතින අවස්ථාවක මෙවැනි ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ගුවන් සේවාවක් දිවයිනට එක්වීම මෙරට සංචාරක සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයන්ට නව ප්‍රවේශයක් විවර කරනු ඇත.

 fhdxvdg

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...