The Leader News
BREAKING
2027 අයවැය: ආර්ථික ස්ථාවරත්වය කා වෙනුවෙන්ද?●කලාවත් ක්‍රීඩාවත් එකම වේදිකාවකට ගෙන ආ 'ඉතින් ඉතින් කොහොමද' සොඳුරු රාත්‍රිය●වේදිකාවේ ස්වර්ණමය යුගය යළි අවදි කළ පතාක යෝධයෝ පස්දෙනෙක් එකම තැනක●ජපානයේ සුකුබා නුවරින් ඇරඹි දිලිත්ගේ 'GLEC' ගෝලීය ව්‍යවසායක මෙහෙයුම●2027 අයවැය සතියේ සජිත්ගේ දේශපාලන මැදිහත්වීම්●'මුවන්පැලැස්සේ හිඟන කොල්ලා' තුළින් සමාජය පිටුදකින මිනිසුන්ගේ මනුෂ්‍යත්වය සොයයි●වෙලිංටන් පිටියේදී ඉන්දියාවෙන් ලකුණු 720ක වාර්තාගත ප්‍රහාරයක්!●පිරිසිදු හුස්මත් අපට අහිමි වේද?: වායු ගුණාත්මකභාවය පහළ බැසීමේ කතාව●මරණාසන්න රෝගීන්ට නිහඬ සෙනෙහස පෑ බළල් මිතුරා●ජාතක කතාවලින් පිළිබිඹු වන ස්ත්‍රිය පිළිබඳ සංකල්ප●
Top Ad
Biz

එල්-නිනෝ අවදානමට සහනයක් ලෙස ‘යුනිලීවර් දියවර සහාය’ ජල ටැංකි ජනාධිපති ලේකම්ට භාරදෙයි

T

The Leader Desk

August 26, 2026 • 4:40 AM

එල්-නිනෝ අවදානමට සහනයක් ලෙස ‘යුනිලීවර් දියවර සහාය’ ජල ටැංකි ජනාධිපති ලේකම්ට භාරදෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ඒකාබද්ධ ප්‍රජා සත්කාරයක් ලෙස ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ, ජනාධිපති කාර්යාලයීය “ක්ලීන් ශ්‍රී ලංකා” ලේකම් කාර්යාලයේ පූර්ණ මඟපෙන්වීම යටතේ ක්‍රියාවට නැංවේ.
  • සුගීෂ්වර, එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල් කපිල සෙනරත් මෙන්ම යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම නියෝජනය කරමින් තිළිණ රුද්‍රිගෝ, කෞෂිකා වර්ණසූරිය සහ කසුන් විජේවික්‍රම ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
  • කාලගුණ විපර්යාස හමුවේ ජල සුරක්ෂිතතාවේ වැදගත්කම පැසිෆික් සාගරයේ උෂ්ණත්ව වෙනස්වීම් මත පදනම් වන එල්-නිනෝ තත්ත්වය මෙරට කාලගුණ රටාවට දැඩි බලපෑමක් එල්ල කරමින් පවතින පසුබිමක මෙවැනි ප්‍රජා පානීය ජල ව්‍යාපෘති කාලෝචිත පියවරක් ලෙස සැලකේ.
  • එක් අතකින් පවතින වියළි කාලගුණයත්, අනෙක් අතින් එළඹෙන ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී අපේක්ෂිත අධික වර්ෂාපතනයත් හේතුවෙන් ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම සහ ජල හිඟය වැනි ද්විත්ව අභියෝගයන්ට මුහුණ දීමට සිදුවන බව කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති.
අකුරු ප්‍රමාණය (Font Size):


*ඉදිරි මාසවලදී අපේක්ෂිත විෂම කාලගුණ රටාවන්ට මුහුණ දීමේ පූර්ව සූදානමක්

පවතින ‘එල්-නිනෝ’ (El Niño) කාලගුණික බලපෑම හමුවේ පීඩාවට පත්ව සිටින දිවයිනේ වියළි කලාපීය සහ අවදානම් ප්‍රදේශවල ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීම ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක ‘යුනිලීවර් දියවර සහාය’ ව්‍යාපෘතිය මඟින් පිරිනැමෙන ජල ටැංකි තොගය සංකේතාත්මකව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත භාරදීම ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ඒකාබද්ධ ප්‍රජා සත්කාරයක් ලෙස ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ, ජනාධිපති කාර්යාලයීය “ක්ලීන් ශ්‍රී ලංකා” ලේකම් කාර්යාලයේ පූර්ණ මඟපෙන්වීම යටතේ ක්‍රියාවට නැංවේ.

අදියර පහකින් දිස්ත්‍රික්ක පහකට ජල ටැංකි 200ක්

මෙම ව්‍යාපෘතියේ ප්‍රථම අදියර යටතේ ජල ටැංකි 200ක් බෙදාදීමට නියමිත අතර, කාලගුණික විපර්යාසයන්ගෙන් දැඩි ලෙස පීඩාවට පත් මොනරාගල, පොළොන්නරුව, ගාල්ල, මන්නාරම සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල තෝරාගත් ප්‍රජාවන් වෙනුවෙන් එම ජල ටැංකි කඩිනමින් බෙදාහැරීම ආරම්භ කෙරේ.

අදාළ ජල ටැංකි තොගය යුනිලීවර් ශ්‍රී ලංකා සමාගමේ සමකාලීන නිෂ්පාදන සහ අපනයන අංශ ප්‍රධානී හේෂාන් සාලින්ද බ්‍රැන්ඩියගම්පල විසින් ජනාධිපති ලේකම්වරයා වෙත භාරදෙන ලදී. මෙම අවස්ථාවට ජනාධිපති අතිරේක ලේකම් (ක්ලීන් ශ්‍රී ලංකා) එස්. පී. සී. සුගීෂ්වර, එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල් කපිල සෙනරත් මෙන්ම යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම නියෝජනය කරමින් තිළිණ රුද්‍රිගෝ, කෞෂිකා වර්ණසූරිය සහ කසුන් විජේවික්‍රම ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

කාලගුණ විපර්යාස හමුවේ ජල සුරක්ෂිතතාවේ වැදගත්කම

පැසිෆික් සාගරයේ උෂ්ණත්ව වෙනස්වීම් මත පදනම් වන එල්-නිනෝ තත්ත්වය මෙරට කාලගුණ රටාවට දැඩි බලපෑමක් එල්ල කරමින් පවතින පසුබිමක මෙවැනි ප්‍රජා පානීය ජල ව්‍යාපෘති කාලෝචිත පියවරක් ලෙස සැලකේ.

එක් අතකින් පවතින වියළි කාලගුණයත්, අනෙක් අතින් එළඹෙන ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී අපේක්ෂිත අධික වර්ෂාපතනයත් හේතුවෙන් ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම සහ ජල හිඟය වැනි ද්විත්ව අභියෝගයන්ට මුහුණ දීමට සිදුවන බව කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න පෙන්වා දී ඇත්තේ, දිවයිනේ වාර්ෂික වර්ෂාපතනයෙන් 30%ක් පමණ ලැබෙන දෙවන අන්තර් මෝසම් සමයේදී මෙවර සාමාන්‍ය මට්ටමට වඩා වැඩි වර්ෂාවක් ලැබිය හැකි බවයි.

"සාමාන්‍යයෙන් අපේ රටේ වාර්ෂික වර්ෂාපතනයෙන් 30%ක්ම ලැබෙන්නේ මේ මාස දෙකේදියි. එම ප්‍රමාණය තවත් වැඩි වුවහොත් අධික වර්ෂාව නිසා ජලාශ පිරී ඉතිරී ගොස් ගංවතුර තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබෙනවා. ඒ අනුව තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ගංවතුරක් ස්ථිරවම එනවා කියා කියන්න බැරි වුණත්, අපි ඒ සඳහා සූදානම් වී සිටීම අත්‍යවශ්‍යයි," යනුවෙන් ඔහු සඳහන් කර තිබේ.

ඉදිරි මාසවල පූර්ව ආපදා සූදානම

කාලගුණ විද්‍යා අනාවැකිවලට අනුව, එළඹෙන දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා කාලය තුළ එල්-නිනෝ තත්ත්වය උපරිම මට්ටමකට ළඟා විය හැකි බැවින්, ජනතාවට පිරිසිදු පානීය ජලය රැස්කර තබාගැනීමේ පහසුකම් පුළුල් කිරීම ආපදා අවම කිරීමේ මූලික පියවරක් ලෙස හඳුනාගෙන ඇත.

රජයේ ආයතනික යාන්ත්‍රණය සහ පෞද්ගලික ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘති ඒකාබද්ධ කරමින් දියත් කෙරෙන මෙම වැඩසටහන මඟින්, පීඩාවට පත් පවුල්වලට ක්ෂණික සහනයක් මෙන්ම ඉදිරි ආපදා තත්ත්වයන්ට මුහුණ දීමට ශක්තියක් සැපයීම අපේක්ෂා කෙරේ.

 

uniliver 1

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...