BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
Biz

දකුණේ ව්‍යාපාරික ගැටලුවලට කඩිනම් විසඳුම්: රජය සහ වාණිජ මණ්ඩලය අතර එකඟතාවක්!

T

The Leader Desk

September 8, 2026 • 4:20 AM

දකුණේ ව්‍යාපාරික ගැටලුවලට කඩිනම් විසඳුම්: රජය සහ වාණිජ මණ්ඩලය අතර එකඟතාවක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *මූල්‍ය හා පරිපාලන අර්බුද ජයගැනීමට නියෝජ්‍ය ඇමැතිවරුන් සහ දකුණේ ව්‍යාපාරික ප්‍රජාව අතර තීරණාත්මක සාකච්ඡාවක්.
  • දකුණේ ව්‍යාපාරිකයින් මුහුණ දෙන මුදල් සහ පරිපාලන ගැටලු ඇතුලු තවත් ගැටලු ගණනාවකට කඩිනමින් විසඳුම් ලබාදීමට රජය තීරණය කොට තිබේ.
  • මෙම ගැටලු නිරාකරණය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සහ ඒ සඳහා ගතවන කාල රාමුව පිළිබඳව ඉදිරියේදී තවදුරටත් සාකච්ඡා කර තීරණ ගැනීමට රජය සූදානම් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
  • මෙම සාකච්ඡාවට එක්වෙමින් මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රකාශ කළේ, ව්‍යාපාරික ක්ෂේත්‍රය විසින් මතු කරන ලද ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දීමේ අරමුණින් රජය මේ වන විටත් විවිධ ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


*දක්ෂිණ වාණිජ මණ්ඩල සංසදයේ යෝජනාවලට මුදල් අමාත්‍යාංශයෙන් යහපත් ප්‍රතිචාරයක්; කඩිනම් ක්‍රියාමාර්ග ගැන රජයෙන් සහතිකයක්.

දකුණේ ව්‍යාපාරිකයින් මුහුණ දෙන මුදල් සහ පරිපාලන ගැටලු ඇතුලු තවත් ගැටලු ගණනාවකට කඩිනමින් විසඳුම් ලබාදීමට රජය තීරණය කොට තිබේ. රජය මෙම තීරණය ගනු ලැබුවේ දක්ෂිණ වාණිජ මණ්ඩල සංසදයේ විශේෂ ඉල්ලීමකට අනුව එහි නියෝජිතයින් සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති නිශාන්ත ජයවීර ප්‍රමුඛ මුදල් අමාත්‍යංශයේ ඉහළ පෙළේ නිලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡාවකින් පසුවය.

ව්‍යාපාරික අභියෝග හා විකල්ප විසඳුම් රජය හමුවට

මෙහිදී ව්‍යාපාරික නියෝජිතයන් විසින් වත්මන් ආර්ථික වටපිටාව තුළ තමන් මුහුණ දෙන අභියෝග සවිස්තරාත්මකව ඉදිරිපත් කළහ. එම බාධා ඉවත් කර ගැනීම සඳහා වූ යෝජනා පිළිබඳවද රජයේ අවධානය යොමු කරවන ලදී.

මධ්‍යම හා මහා පරිමාණ ව්‍යාපාරිකයන් වර්තමානයේ මුහුණ දෙන විවිධ මූල්‍ය දුෂ්කරතා සහ පරිපාලනමය ක්‍රියාවලීන්හි පවතින ප්‍රායෝගික ගැටලු පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරුන් දැනුවත් කිරීම මෙහිදී සිදුවිය.

විසඳුම් සඳහා වන යෝජනා, ව්‍යාපාරික ක්ෂේත්‍රය මුහුණ දෙන මෙම අර්බුදකාරී තත්ත්වයන් ජය ගැනීම සඳහා ව්‍යාපාරික ප්‍රජාව සතු විකල්ප ක්‍රියාමාර්ග සහ විසඳුම් රජය වෙත ඉදිරිපත් කෙරිණි.

රජයේ ප්‍රතිපත්තිමය එකඟතාව සහ ඉදිරි පියවර

WhatsApp Image 2026 09 08 at 7.13.00 AM
ව්‍යාපාරික ප්‍රජාව ඉදිරිපත් කළ ගැටලු සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කළ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර, ව්‍යාපාරිකයන් පෙන්වා දුන් බොහෝ කරුණු සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිමය මට්ටමේ එකඟතාවක් පවතින බව අවධාරණය කළේය.

මෙම ගැටලු නිරාකරණය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සහ ඒ සඳහා ගතවන කාල රාමුව පිළිබඳව ඉදිරියේදී තවදුරටත් සාකච්ඡා කර තීරණ ගැනීමට රජය සූදානම් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මෙම සාකච්ඡාවට එක්වෙමින් මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රකාශ කළේ, ව්‍යාපාරික ක්ෂේත්‍රය විසින් මතු කරන ලද ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දීමේ අරමුණින් රජය මේ වන විටත් විවිධ ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බවයි. ව්‍යාපාරික ප්‍රජාවගේ සහයෝගය ඇතිව ආර්ථිකය ස්ථාවර කිරීම රජයේ අරමුණ බවද මෙහිදී පැහැදිලි කෙරිණි.

ආර්ථිකය ස්ථාවර කිරීමට රාජ්‍ය-පෞද්ගලික අංශ ඒකාබද්ධ ප්‍රයත්නයක්

මෙම තීරණාත්මක සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. මීට අමතරව දක්ෂිණ වාණිජ මණ්ඩල සංසදය නියෝජනය කරමින් විවිධ ව්‍යාපාරික සංගම් රාශියක නියෝජිතයෝද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

දක්ෂිණ වාණිජ මණ්ඩල සංසදය විසින් සාකච්ඡාවක් සඳහා කරන ලද ඉල්ලීමට කඩිනමින් ප්‍රතිචාර දක්වමින්, ඉතා කෙටි කාලයක් තුළ මෙවැනි අවස්ථාවක් සලසා දීම සම්බන්ධයෙන් ව්‍යාපාරික ප්‍රජාව නියෝජ්‍ය අමාත්‍යවරුන් වෙත සිය ස්තූතිය පළ කළහ.

(සටහන | ජේ.මුණසිංහ) 

anil meeting 2

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දකුණේ ව්‍යාපාරික ගැටලුවලට කඩිනම් විසඳුම්: රජය සහ වාණිජ මණ්ඩලය අතර එකඟතාවක්! | The Leader