The Leader News
BREAKING
2027 අයවැය: ආර්ථික ස්ථාවරත්වය කා වෙනුවෙන්ද?●කලාවත් ක්‍රීඩාවත් එකම වේදිකාවකට ගෙන ආ 'ඉතින් ඉතින් කොහොමද' සොඳුරු රාත්‍රිය●වේදිකාවේ ස්වර්ණමය යුගය යළි අවදි කළ පතාක යෝධයෝ පස්දෙනෙක් එකම තැනක●ජපානයේ සුකුබා නුවරින් ඇරඹි දිලිත්ගේ 'GLEC' ගෝලීය ව්‍යවසායක මෙහෙයුම●2027 අයවැය සතියේ සජිත්ගේ දේශපාලන මැදිහත්වීම්●'මුවන්පැලැස්සේ හිඟන කොල්ලා' තුළින් සමාජය පිටුදකින මිනිසුන්ගේ මනුෂ්‍යත්වය සොයයි●වෙලිංටන් පිටියේදී ඉන්දියාවෙන් ලකුණු 720ක වාර්තාගත ප්‍රහාරයක්!●පිරිසිදු හුස්මත් අපට අහිමි වේද?: වායු ගුණාත්මකභාවය පහළ බැසීමේ කතාව●මරණාසන්න රෝගීන්ට නිහඬ සෙනෙහස පෑ බළල් මිතුරා●ජාතක කතාවලින් පිළිබිඹු වන ස්ත්‍රිය පිළිබඳ සංකල්ප●
Top Ad
Biz

ව්‍යාපාරික දැනුම සහ ආයෝජන අවස්ථා රැගෙන 'ව්‍යවසායකයා' සමුළුව මහනුවරට

T

The Leader Desk

September 10, 2026 • 11:54 AM

ව්‍යාපාරික දැනුම සහ ආයෝජන අවස්ථා රැගෙන 'ව්‍යවසායකයා' සමුළුව මහනුවරට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බදු අනුකූලතාව, මූල්‍ය වෙළෙඳපොළ සහ දේපොළ ආයෝජන ගැන ප්‍රවීණයන්ගෙන් පුළුල් විග්‍රහයක් ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනයේ ප්‍රධානතම ගාමක බලවේගය වන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් ලංකා බිස්නස් ටී.වී.
  • දිවයින පුරා ව්‍යාප්ත වන මෙම සමුළු මාලාවේ 09 වන අදියර ලෙස සංවිධානය කෙරුණු මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් ක්ෂේත්‍ර රැසක ව්‍යවසායකයෝ සහ ආයෝජකයෝ විශාල පිරිසක් එක්ව සිටියහ.
  • නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ජයන්ත කෝවිලගොඩගේ සඳහන් කළේ, මෙය මේ වනවිට මෙරට පැවැත්වෙන විශාලතම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික සමුළු මාලාව බවයි.
  • පවතින ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් 2027 වසර වන විට තෝරාගත් දිස්ත්‍රික්ක 04 ක මෙම සමුළු පැවැත්වීමට සැලසුම් කර ඇති බවත්, මීළඟ සමුළුව එළඹෙන නොවැම්බර් මාසයේදී කුරුණෑගල කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවත් හෙතෙම අනාවරණය කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


බදු අනුකූලතාව, මූල්‍ය වෙළෙඳපොළ සහ දේපොළ ආයෝජන ගැන ප්‍රවීණයන්ගෙන් පුළුල් විග්‍රහයක්


ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනයේ ප්‍රධානතම ගාමක බලවේගය වන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් ලංකා බිස්නස් ටී.වී. සංවිධානය කළ “ව්‍යවසායකයා“ ව්‍යාපාරික සහ ආයෝජන සමුළුව පසුගියදා මහනුවර 'Kandy Myst by Cinnamon' හෝටල් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.


දිවයින පුරා ව්‍යාප්ත වන මෙම සමුළු මාලාවේ 09 වන අදියර ලෙස සංවිධානය කෙරුණු මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් ක්ෂේත්‍ර රැසක ව්‍යවසායකයෝ සහ ආයෝජකයෝ විශාල පිරිසක් එක්ව සිටියහ.

 

ent 1
කොළඹින් බැහැරට ගලා ආ මූල්‍ය සාක්ෂරතාව

මෙරට සමස්ත දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 52 කට වැඩි දායකත්වයක් සපයන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ප්‍රජාව බොහෝ විට කොළඹ කේන්ද්‍රීය ආර්ථික සාකච්ඡාවලින් බැහැරව සිටින පසුබිමක, ප්‍රාදේශීය ව්‍යවසායකයා ජාතික මට්ටමේ මූල්‍ය හා ආයෝජන දැනුමෙන් සන්නද්ධ කිරීම මෙම සමුළුවේ මූලික ඉලක්කය වී තිබිණි.

මෙහිදී අදහස් දැක්වූ ලංකා බිස්නස් ටී.වී. නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ජයන්ත කෝවිලගොඩගේ සඳහන් කළේ, මෙය මේ වනවිට මෙරට පැවැත්වෙන විශාලතම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික සමුළු මාලාව බවයි. පවතින ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් 2027 වසර වන විට තෝරාගත් දිස්ත්‍රික්ක 04 ක මෙම සමුළු පැවැත්වීමට සැලසුම් කර ඇති බවත්, මීළඟ සමුළුව එළඹෙන නොවැම්බර් මාසයේදී කුරුණෑගල කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවත් හෙතෙම අනාවරණය කළේය.

බදු අනුකූලතාව සහ නව ආයෝජන ප්‍රවණතා

මෙම සමුළුවේ ප්‍රධාන දේශනය ප්‍රකට ව්‍යවසායකත්ව පුහුණුකරු වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන විසින් සිදුකරන ලදී.

වත්මන් ආර්ථික ප්‍රතිසංස්කරණ යටතේ මෙරට ව්‍යාපාරික ප්‍රජාව හමුවේ ඇති ප්‍රධානතම අභියෝගයක් වන නව බදු ප්‍රතිපත්ති සහ ඊට අනුගත වීමේ ක්‍රමවේද පිළිබඳව BDO Partners ආයතනයේ හවුල්කරු මෙන්ම විගණන හා බදු ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන සුජීව රාජපක්ෂ මෙහිදී සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදුකළේය. විශේෂයෙන්ම විධිමත් මූල්‍ය වාර්තාකරණය මගින් අනවශ්‍ය නීතිමය ගැටලුවලින් මිදී ව්‍යාපාරයේ විශ්වසනීයත්වය ඉහළ නංවා ගන්නා ආකාරය ඔහුගේ දේශනයේදී අවධාරණය කෙරිණි.

එසේම, බැංකු පොලී අනුපාත ස්ථාවර මට්ටමක පවතින වත්මන් මූල්‍ය පරිසරය තුළ ව්‍යාපාරික ලාභය සාම්ප්‍රදායික ඉතුරුම්වලින් ඔබ්බට ගෙන ගොස් මුදල් වෙළෙඳපොළ අරමුදල් (Money Market Funds), කොටස් වෙළෙඳපොළ සහ ඒකක භාර (Unit Trusts) හරහා ආයෝජනය කර ඉහළ ප්‍රතිලාභ ලබාගැනීමේ උපායමාර්ග පිළිබඳව NDB Wealth Management සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රුවන් පෙරේරා කරුණු ගෙනහැර දැක්වීය.

මීට අමතරව, දීර්ඝකාලීන වත්කම් සුරක්ෂිතභාවය සහ ප්‍රාග්ධන වර්ධනය සඳහා දේපොළ ක්ෂේත්‍රයේ පවතින ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමූහයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මෙන්ම John Keells Properties දේපොළ වෙළෙඳාම් අංශයේ ප්‍රධානී රුසිරු අබෙයසිංහ අදහස් දැක්වීය. සාර්ථක ව්‍යවසායකයෙකු ලෙස වෙළෙඳපොළ ජයගත් ආකාරය පිළිබඳ සිය අත්දැකීම් ප්‍රායෝගිකව බෙදාගැනීමට ජගත් දිසානායක එක්විය.

 

ent 3
ව්‍යවසායකයින්ගේ ඇගයීම

සමුළුවට එක්වූ ව්‍යවසායකයින් ප්‍රකාශ කර සිටියේ, ආර්ථික අභියෝග හමුවේ ව්‍යාපාර කළමනාකරණය කරගැනීමට සහ ඉදිරි ආයෝජන සැලසුම් සකස් කිරීමට අවශ්‍ය කාලීන දැනුම මෙමගින් හිමිවූ බවයි.

සමුළුව අවසානයේ පැවති විශේෂ දිනුම් ඇදීමකින් තේරීපත් වූ සහභාගිවන්නෙකුට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා ගොස් ඒම සඳහා ගුවන් ප්‍රවේශපත්‍රයක් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදුකෙරිණි.

 ent 4

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ව්‍යාපාරික දැනුම සහ ආයෝජන අවස්ථා රැගෙන 'ව්‍යවසායකයා' සමුළුව මහනුවරට | The Leader