හම්බන්තොට නව ඛනිජ තෙල් පිරිපහදුව සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් පිහිටුවීමට

අදාළව කොන්ත්‍රාත්තුව චීන සමාගමට පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අද (27) පස්වරුවේ පැවසීය.

ඩොලර් බිලියන 4.5 ක එම ආයෝජනයට අදාළ ගිවිසුමට එළඹීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව ද අමාත්‍යවරයා ට්විටර් (X) පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

“හම්බන්තොට නව ඛනිජ තෙල් පිරිපහදුව සහ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා ගිවිසුමකට එළඹීම සඳහා චීනයේ චයිනා පෙට්‍රෝලියම් සහ කෙමිකල් කෝපරේෂන් (සිනොපෙක්) වෙත කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමට අද කැබිනට් අනුමැතිය හිමිවිය.” යැයි බලශක්ති ඇමැති කංචන විජේසේකරගේ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වේ.


zxdfgsfe

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්