ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා ශාඛාවේ සභාපති ධුරයට ශනිල් ප්‍රනාන්දු පසුගියදා තේරී  පත්විය.


එහි ලේකම් ධූරයට හේමකුමාර ගුණසේකර ද නැවත තේරී පත් වී ඇත.

පසුගිය දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ජාත්‍යන්තර වාණිජ මණ්ඩලීය ශ්‍රී ලංකා ශාඛාවේ 57 වාර්ෂික මහ සභාවේ දී තේරී පත් වූ නව නිලධාරි මණ්ඩලයේ උපසභාපතිවරු වශයෙන් කපිතාන් නලින් ප්‍රනාන්දු, ජොනී ප්‍රනාන්දු හා එස්.ජයවර්ධන මහත්මිය ද උපලේකම් වශයෙන් බුද්ධප්‍රිය රාමනායක  ද  භාණ්ඩාගාරික ලෙස බී.ඒ.එච්.එස්.ප්‍රීනා ද නියෝජ්‍ය භාණ්ඩාගාරික ලෙස  මනිෂා රාජපක්ෂ ද ඇතුළු විසි හතර දෙනකුගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලයක් ද උපකමිටු (18) දහ අටක නියෝජිතයන් ද පත් වූ බව ජාත්‍යන්තර වාණිජ මණ්ඩලීය ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සංජීව කරුණාරත්න පවසයි.

වසර හැත්තෑවක් (70) පැරණි ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ රටවල් එකසිය හැත්තෑවක (170) සමාගම් ලක්ෂ  (450) හාරසිය පනහක් සාමාජිකත්වය දරති.

jhdsfli

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image