අද වන විට ලංකාවේ සමාජ පාතාලයට අමතරව දේශපාලන පාතාලයක් ද පවතින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක

පාඨලී චම්පික රණවක පවසනවා.

'ඉදිරි ජනාධිපතිවරණය කිට්ටු වෙනකොට යම් යම් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීමට ඉඩ ඇතැ'යි යනුවෙන් තමා කළ ප්‍රකාශය ගැන රහස් පොලීසියට කැඳවා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තාමගෙන් ප්‍රශ්න කළ බව මන්ත්‍රීවරයා මැයි 02 වැනිදා එක්සත් ජනරජ පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

එහෙත් තමන් දේශපාලන පුරෝකථනයක් සිදු කළ බව ද දෙදාස් පහ මැතිවරණයේදී කොටින්ට මුදල් ලබාදී මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස ඡන්ද ප්‍රතිඵල වෙනස් කිරීමට කටයුතු කළ බව ද පාඨලී චම්පික රණවක එහිදි පවසා ඇත.

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් චෝදනා ලද පහළොස් දෙනෙක් සිටින බවත් නිශ්චිත තොරතුර දැනගෙනත්  ක්‍රියාමාර්ගයක් නොගත් නිසා ඔවුන්ට විරුද්ධ විනය පරීක්ෂණ පැවැත්විය යුතු බවත් අනිත් අය සඳහා  අපරාධ නඩු යටතේ කටයුතු කළ යුතු යැයි ද ඔහු සඳහන් කළේය.

ඒ පහළොස් දෙනා අතර හිටපු ජනපතිවරයෙක්, වර්තමාන පොලිස්පති, වත්මන ජනාධිපති, සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ද සිටින බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

ඒ සඳහා පියවර නොගෙන පොලිස් ඇමති ගේ මතයට අනුව පුද්ගලික හමුදාවක් විදියට හැසිරීමට තමන් විරුද්ධ බව පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

(චතුරංග මේදිස්)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්