ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා දැන ගත යුතු වැදගත් දේශපාලන යථාර්ථයක් තිබේ.

එනම් මන්ත්‍රීවරයෙකු හැටියට පුරවැසියන්ට බැන වැදී පහර දීමට හැක්කේ ඔහු වැනි නිර්ප්‍රභූ පවුලකින් එන මන්ත්‍රීවරුන්ට නොවන බව ය. එසේ කිරීමට අයිතිය ඇත්තේ තමන්ගේ අම්මගේ අප්පලගේ හයිකාරකමෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රීවරුන්ට පමණී. ඇතැමුන් මූනිච්චාවට කීවත් මා කිසි දිනක පාර්ලිමේන්තුව පැත්ත පළාතේ යන්නවත් නොහිතන්නේ ඒ නිසා ය. එහි සැබෑ අයිතිය තිබෙන්නේ එහි ප්‍රභූ හාම්පුතුන්ට ය. ප්‍රසන්න වැන්නවුන් එහි සදාකාලික කුලහීනයන් ය. මා සමානාත්මතාවාදියෙකි.

 

ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා දැන ගත යුතු වැදගත් දේශපාලන යථාර්ථයක් තිබේ.
මේ ලිපිය කියවන ඇතැමෙකු කියනු ඇත්තේ මා දේශපාලනය නොදන්නා බව ය. දේශපාලනය කරන අයෙකු මෙවැනි ලිපියක් ලියන්නේ නැත. ඒ පිළිබඳ මට ඉතාම හොඳ සිහියක් තිබේ. රනිල්ගේ පුත්තු ගැන මා ලියූ ලිපිය ලීවේ එහි ආස්වාද ආදීනව නොදැන යැයි කිසිවෙකු සිතනවා නම් එය මුලාවකි. පහර කෑවත් ඒ ලිපියෙන් මට උවමනා වූ දෙය සිදුව තිබේ. ඒ කල්ලිය දැන් විසිරී ගොස් ය. මෙයත් එවැනිම ලිපියකි. මේවා පුද්ගලික ප්‍රහාර නොවේ. මේවා ඇත්ත ඇති සැටියෙන් කියන ලිපි ය. පුද්ගලික ප්‍රහාර හැටියට ගත්තත් ඉතින් මට කමක් නැත.

තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා වරක් පාර්ලිමේන්තුවේ කළ සරදමක් නිසා කාලයක් යන තුරු ඔහු අසලින් ඔහුගේම පක්ෂයේ කිසිවෙකු පවා අසුන් ගත්තේවත් නැත. ඒ ආකාරයටම රනිල්ගේ පුත්තු ලිපිය ලියූ පසු වෙනදාට මා අසලින් හිඳ ගන්නා මන්ත්‍රීවරුන් මා අසලින් වාඩි වූයේ මහත් අපහසුවෙනි. එයට හේතුව “ඔවුන්ගේ අය” එම ලිපියෙන් විවේචනය කර තිබූ නිසා ය.

 

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන කඹ ඇදිල්ලක් !ආණ්ඩු වේවා විපක්ෂ වේවා 225 හේ නම් ඔවුන් එකිනෙකා ආරක්ෂා කර ගනී. 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර එක්තරා ආකාරයක අප්‍රකාශිත එකඟතාවයක් තිබේ. එනම් ආණ්ඩු වේවා විපක්ෂ වේවා 225 හේ නම් ඔවුන් එකිනෙකා ආරක්ෂා කර ගනී.පාර්ලිමේන්තුව තුළ සහ පිටත එකිනෙකාට වාග් ප්‍රහාර එල්ල කර ගත්තත් ඔවුන් සැබැවින්ම එකිනෙකා ආරක්ෂා කර ගනී. ආසන්නතම උදාහරණය ඩයනා ගමගේ නඩුවේ චෝදනාව පාර්ලිමේන්තුවේ කතා කිරීම අනුර කුමාර පවා ප්‍රතික්ෂේප කිරීම ය. “222 ම හොරු” කියා අනුර සිය වහලුන් ඉදිරියේ ලොරි ටෝක් දුන්නාට ඇත්තටම එවැනි හොරෙකු අසු වූ විට එයට එරෙහිව අනුර පියවර ගත්තේ නැත. ඒ අර ඔවුන් තුළ තිබෙන එකඟතාවය නිසා ය. ඔහුගේ සැබෑ පක්ෂපාතීත්වය තිබෙන්නේ තමන්ගේ රැහේ උන්ට ය. අන්තිමට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුගේ හොරකම අහු කර දුන්නේ සාමාන්‍ය පුරවැසියෙකි.

geogනමුත් මෙම වරප්‍රසාදය පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට සමානව නොලැබේ. පාර්ලිමේන්තුව තුළත් ප්‍රභූ පැලැන්තියක් සිටී. ඔවුන්ගේ අතපල්ලෙන් වැටෙන නිර්ප්‍රභූ කුලයක් සිටී. Animal Farm පොතේ කියන ආකාරයට “All animals are equal, but some animals are more equal than others” (George Orwell). “සියලුම සතුන් සමානය, එහෙත් ඇතැම් සතුන් අන් සතුන්ට වඩා වැඩියෙන් සමාන ය.”

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රටේ සාමාන්‍ය පුරවැසියන්ට වඩා වැඩියෙන් සමාන වන්නේ යම් සේද, පාර්ලිමේන්තුවේ ප්‍රභූන් අන් මන්ත්‍රීවරුන්ට වඩා වැඩියෙන් සමාන ය. එය මිනිස් සමාජයේ සෑම සාමූහිකයකම දැකිය හැකි යථාර්ථයකි. කුල බේදය යනු කිසිදාක තුරන් කළ නොහැකි මිනිස් ලක්ෂණයකි. ප්‍රසන්න රණවීර දැන් නැවතත් එම ප්‍රභූ සමාජයෙන් කොන් වෙනු ඇත. වලිසේකර වැනි දේශපාලන ප්‍රභූ පුතෙකු පුරවැසියෙකුට පහර දුන් පසු අනෙක් මන්ත්‍රීන් ඔහුගේ පැත්ත ගත්තාට ප්‍රසන්න පුරවැසියෙකුට පහර දුන් පසු අනෙක් මන්ත්‍රීන් ඔහුගේ පැත්ත ගන්නේ නැත. එළියේ නොපෙන්නුවාට පාර්ලිමේන්තුව ඇතුළේ දැන් ඔහු ප්‍රතික්ෂේප වේ. රණවීරලා වැන්නවුන්ට විජේසේකරලා වගේ හැසිරී ගැලවෙන්නට බැරි ය.

 

දින කිහිපයකට පෙර viral වූ ඉරාජ්-සුදා නාඩගමේ වැදගත්ම කොටස පේෂල කියන කතාව ය. ඉරාජ් live පැමිණ සුදාට කෝචෝක් කරන විට ඉරාජ්ගේ අතිජාත මිතුරා කියන්නේ “අපි එක industry එකේ මිනිස්සුනේ මචං… නිකං හිටපන්… නිකං හිටපන්…” කියා ය. අන්න අර කුලවාදය! ඊනියා “කලාකාරයෝ” කුලයේ උන් එකිනෙකාව ආරක්ෂා කර ගනී. ඉරාජ් දැන ගත යුත්තේ ඔහු එම කුලයෙන් වෙන්ව පෙනී සිටි වහාම ඔහුගේ නිවසට පහර වැදෙන බව ය. ඉරාජ් දැන් අර ගුවන් තොටුපළේ ගුටි කෑ මිනිහා වෙනුවෙන් කතා කරනු ඇත. නමුත් ඔහු එදා ගත්තේ නූගත් මෝඩ මැරයෙක් මෙන් හැසිරුණු ඇමතිගේ පැත්ත ය. ඔහු මට කීවේ “අපේ අය අතර ප්‍රශ්න ඇති කරගන්න එපා” කියා ය. හරියටම අර පේෂල ඔහුට කී දෙයම ය. එය දෛවෝපගත ය. ඉරාජ් මගේ පැත්ත ගත යුතු නැත. ඉරාජ් කවදාවත් එහෙම මගේ පැත්ත අර ගෙනත් නැත. කවදාවත් ගන්නෙත් නැති බව මා මුල සිටම දනී. මෙන්න මේ තිත්ත යථාර්ථය ගැනයි මා කියන්නේ.

නිමල් ලන්සාට වුණෙත් මෙවැනිම දෙයකි. ඔහු හිතුවේ රනිල් වික්‍රමසිංහ ඔහුට සමානව සලකනවා කියා ය. අලුතෙන් පක්ෂ හදා ගෙන අතින් කයිට් කර ගෙන පක්ෂ කාර්යාල විවෘත ගෙන සම්මන්ත්‍රණ තියා ගෙන රනිල්ව ජනාධිපති කරන්න campaign කළාට අන්තිමට රනිල් අප්පො නොවැදගත් නිමල්ට පස්ස පැත්ත හරවා පොහොට්ටුවේ ප්‍රභූන් ලඟට ගත්තේ ය. දේශපාලනය කරනවා නම් එක්කෝ ප්‍රභූ පවුලක විය යුතු ය. නැත්නම් අර කොළඹ වෙන්ට-ප්‍රභූන් මෙන් ප්‍රභූන් අනුකරණය කරමින් ඒ කුලයේ පරිධියේ එල්ලී සිටිය යුතුය. ඇතැමුන් සිතන්නේ මා මේවාට අභියෝග කරන්නේ මේ සත්‍යය නොදැන කියා ය. 

 
දිස් ඉස් පොලිටික්ස්.

නොපවතිමි, එනිසා නොසිතමි - (එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2024 මැයි 17 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්