ලිට්‍රෝ ගෑස් සමාගමේ 2023 වසරේ ලාභයෙන් රුපියල්  බිලියන 1.5ක මුදලක් රාජ්‍ය භාණ්ඩාගාරයට

ලබා දීම සඳහා එම සමාගමේ මව් සමාගම වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට භාරදීම අද (26) ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි.

අදාළ චෙක්පත ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් විසින් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක වෙත නිල වශයෙන් භාර දුන් අතර, අනතුරුව සාගල රත්නායක විසින් ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරීනී ශ්‍රියානි කුලසිංහ වෙත එම චෙක් පත භාරදෙන ලදී.

ආර්ථිකමය වශයෙන් රට අසීරු තත්ත්වයකට පත්ව සිටියදී  වුවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ මගපෙන්වීමෙන් සහ සාගල රත්නායක ගේ සහයෝගය මත ලිට්‍රෝ ගෑස් සමාගම ඉහළ වර්ධනයක් කරා ළඟා වී ඇති බවත් එහි ප්‍රතිලාභ නැවතත් රජයට ලබාදීමට හැකිවීම පිළිබඳව සතුටට පත්වන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මෙහිදී සඳහන් කළේය.

ලිට්‍රෝ සමාගම 2023 වසරේ පමණක් රුපියල් බිලියන 03ක් ලාභාංශ වශයෙන් මහා භාණ්ඩාගාරයට වෙත යොමු කර ඇති බවද මුදිත පිරිස් මෙහිදී වැඩිදුරටත් පැවසීය.

zxdf33ලාභ ලබන ලිට්‍රෝ විකුණන්න යයි


මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් 'ලංකාදීප' පුවත්පත වෙත පවසා ඇත්තේ, ලිට්‍රෝ ගෑස් සමාගම පෞද්ගලික අංශයට පැවරීමට ආණ්ඩුව අභිලාශ (පෞද්ගලික ආයතනවලින් කැමැත්ත) කැඳවා ඇති බවයි.

ලිට්‍රෝ සමාගම පසුගිය වසරේ රුපියල් කෝටි 700 කට ආසන්න ලාභයක් ලැබූ බව පවසන සභාපතිවරයා, එම ආයතනය විකිණීමට තමන් තුළ කිසිඳු බලාපොරොත්තුවක් නොමැති වුවද ආණ්ඩුවේ තීරණවලට බලපෑම් කළ නොහැකි බව ද සඳහන් කර සිටියි.

මෙරට ජනතාවගේ ගෑස් අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සභාපතිවරයා ලෙස සිය ඉලක්කය බවත් ජාතික මට්ටමේ තීන්දු තීරණ ගැනීමේදී කැබිනට් මණ්ඩලය වැනි වෙනත් තළයක් තීරණ ගන්නා බවත් ඔහු පවසයි.

රාජ්‍ය ආයතනය පෞද්ගලිකරණය සඳහා තීරණ ගැනීමට වෙනත් කමිටුවක් ඇති බව පවසන ලිට්‍රෝ සභාපති මුදිත පීරිස්, එම කමිටුවේ තීරණය පිළිබඳව ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ලෙස තමන්ට වගකීමක් හෝ වගවීමක් නොමැති බව ද සදඟන් කරයි.  

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image