The Leader News
BREAKING
Top Ad
පුවත්

'පාම්තෙල් තහනම' BOI කර්මාන්තවලට බලපාන්නේ නැහැ.!

T

The Leader Desk

April 9, 2021 • 5:00 AM

'පාම්තෙල් තහනම' BOI කර්මාන්තවලට බලපාන්නේ නැහැ.!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නියෝගය අනුව ආනයනය අපනයනය පාලක විසින් 2020 අප්‍රේල් මස 05 දින
  •   3) විශේෂයෙන්ම අයෝජන මණ්ඩලය යටතේ අපනයනය සඳහා ශ්‍රී ලංකාව තුල ස්ථාපිත කර ඇති කර්මාන්ත ශාලාවකට අවශ්‍ය අමුද්‍රව්‍ය බාදාවකින් තොරව ආනයනය කර අපනයනය කළ හැකිය.
  •   එහෙත් අදාල ආනයන භාණ්ඩ රේගුවෙන් නිදහස් කර ගැනීම සඳහා ආයෝජන මණ්ඩලයේ හෝ කර්මාන්ත අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගත යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):
පාම්තෙල් සහ එයට අනුබද්ධ භාණ්ඩ වර්ග ආනයනයන් තාවකාලිකව අත්හිටුවීම ආයෝජන මණ්ඩල ව්‍යාපෘති සඳහා අදාල නොවන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කරයි.
 
අගමැති, මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් 2020 ජූලි මස 16 දින 1969 අංක 1 දරණ ආනයනය අපනයනය ගැසට් නිවේදනයට ප්‍රතිචාරයක් වශයෙන් නිකුත් කරන ලද නියෝග අනුව (Regulations) මෙම තාවකාලික අපනයනයන් අත්සිටුවීම පහත සදහන් අංශවලට බල නොපාන බවට වූ ගැසට් නිවේදනය අදාල අංශ වෙත යොමු කර ඇත.
 
 
1) යම්කිසි අපනයනකරුවෙකු (TIEF) - තාවකාලික ආනයන අපනයනය ව්‍යාපෘතිය යටතේ කර්මාන්ත අමාත්‍යංශයේ ලියාපදිංචි වී ඇත්නම්  හෝ 
 
 
2) ආනයනකරු විදේශ මුදල් සපයා ගනිමින් යම්කිසි භාණ්ඩයක් මෙරටට ගෙන්වා අගය එකතු කර නැවත අපනයනය කරන අවස්ථාවක තහනම් කරන ලද භාණ්ඩ ආනයනය කිරීමේ හැකියාව ඇත.
 
3) විශේෂයෙන්ම අයෝජන මණ්ඩලය යටතේ අපනයනය සඳහා ශ්‍රී ලංකාව තුල ස්ථාපිත කර ඇති කර්මාන්ත ශාලාවකට අවශ්‍ය අමුද්‍රව්‍ය බාදාවකින් තොරව ආනයනය කර අපනයනය කළ හැකිය.
 
විශේෂයෙන්ම අදාල නියෝග අංක 4 අනුව යම්කිසි අවස්ථාවක තාවකාලිකව තහනම් කරන ලද ලේඛණයේ සඳහන්  භාණ්ඩක් ශ්‍රී ලංකාවට ආනයනය කර යලි සැකසූම් කර ( Value addition ) ආයෝජන මණ්ඩලය විසින් නියම කර ඇති ආකාරයට 20 % ත් 35% අතර  අගයක් රට තුළදී එකතු කර ප්‍රතිඅපනයනය කරන භාණ්ඩ නිෂ්පාදනය කරන අපනයනකරුවන්ට තාවකාලිකව තහනම් නියෝගය බල නොපාන බව මෙම නියෝගවල සදහන් වේ.
 
එහෙත් අදාල ආනයන භාණ්ඩ රේගුවෙන් නිදහස් කර ගැනීම සඳහා ආයෝජන මණ්ඩලයේ හෝ කර්මාන්ත අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගත යුතුය.
 
මේ අනුව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන පාම් තෙල් යොදා ගනිමින් බේකරි මේද සහ කුකිං ගිතෙල් වර්ග (vanaspathi ghee ) නිෂ්පාදනය කර ඉන්දියාවට අපනයනය කරන සමාගම්වලට අවශ්‍ය පිරිපහදු නොකරන ලද පාම්තෙල් (Crude Palm Oil) ආනයනය කිරීමට හැකි බව ආයෝජන මණ්ඩලය විසින් ආයෝජකයන්ට සහතික වී ඇත.
 

001

0002

 

 


 

THE LEADER TV

 

මැයි දිනයේදී විමල්ට හු පෝරියල් එකක් දෙන්න සුදානමක් ?

 

රට කෑ කැරොලයින් නාඩගමේ තිරයෙන් පිටුපස කතාව!

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...