BREAKING
සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●බ්‍රිතාන්‍ය දුම්රියකදී කාන්තාවකට ලිංගික අතවර කළ ශ්‍රී ලාංකිකයෙකුට සිරදඬුවම්●'මඩොල් දූව' ස්වීඩන් පාසල් දරුවන් අතරට යයි●දළ පූට්ටුවා ඝාතනය: වසර ගණනාවකට පසුත් යුක්තිය ප්‍රමාද ඇයි?●ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන ගැන වාර්තාවක්●රෝසි සේනානායකගේ පුත් කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි●සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●
Top Ad
Biz

BYD නැගෙනහිරටත්: මඩකලපුවේ නව ප්‍රදර්ශනාගාරය ඇරඹෙයි

T

The Leader Desk

August 15, 2026 • 4:03 PM

BYD නැගෙනහිරටත්: මඩකලපුවේ නව ප්‍රදර්ශනාගාරය ඇරඹෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ 9 වන BYD ප්‍රදර්ශනාගාරය හැරී ට්‍රේඩර්ස් සහයෝගීතාවයෙන් විවෘත වේ
  • ආරම්භක අදියරේදී ප්‍රදර්ශනාගාරයක් ලෙස පමණක් ක්‍රියාත්මක වන මෙම මධ්‍යස්ථානය තුළින් ඉදිරියේදී පූර්ණ වාහන නඩත්තු, අලුත්වැඩියා සහ අමතර කොටස් සේවාවන් (3S පහසුකම්) හඳුන්වා දීමට සැලසුම් කර ඇත.
  • මෙහිදී BYD SEALION 5, BYD SEALION 6, BYD SEALION 8, BYD ATTO 1, BYD ATTO 2 සහ BYD DOLPHIN ඇතුළු ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් පවතින ප්‍රමුඛ පෙළේ මාදිලි රැසක් පාරිභෝගික ජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනය කර තිබේ.
  • මීට අමතරව, GreenEV සමාගම සමඟ ඇති කරගත් උපායමාර්ගික සබඳතාව ඔස්සේ තවත් ආරෝපණ මධ්‍යස්ථාන 83ක පහසුකම් ඒකාබද්ධ කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


දිවයින පුරා චාජර් 129ක් දක්වා ඉහළට; හරිත ප්‍රවාහන පරිවර්තනය කඩිනම් වෙයි

ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEV) නිෂ්පාදකයකු වන BYD සමාගම, ශ්‍රී ලංකාවේ සිය එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto) සමඟ එක්ව නැගෙනහිර පළාතේ සිය ව්‍යාපාරික ජාලය තවදුරටත් පුළුල් කර තිබේ. ඒ අනුව, ඔවුන්ගේ නවතම සහ 9 වන ප්‍රදර්ශනාගාරය මඩකලපුව, ත්‍රිකුණාමල පාර, අංක 556 D ලිපිනයේදී නිල වශයෙන් විවෘත කෙරිණි.

ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරික ආයතනයක් වන හැරී ට්‍රේඩර්ස් (Harry Traders) සමාගම සමඟ සහයෝගීතාවයෙන් ස්ථාපිත කළ මෙම මධ්‍යස්ථානය හරහා නැගෙනහිර වෙරළ තීරයේ පාරිභෝගිකයින්ට අතිනවීන විද්‍යුත් (Electric) සහ ප්ලග්-ඉන් හයිබ්‍රිඩ් (Plug-in Hybrid) වාහන සෘජුවම අත්විඳීමේ අවස්ථාව හිමිවේ.

දිවයින පුරා විහිදුණු ප්‍රදර්ශනාගාර ජාලය

කොළඹ, ගාල්ල, කුරුණෑගල, මහනුවර, අම්පාර සහ රත්නපුර යන ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් මේ වන විටත් සාර්ථකව ක්‍රියාත්මක වන BYD ප්‍රදර්ශනාගාර ජාලයට මෙම නවතම ශාඛාව එක්වීමත් සමඟ බස්නාහිර, දකුණ, මධ්‍යම, වයඹ සහ නැගෙනහිර යන පළාත් රැසක් ආවරණය කිරීමට සමාගමට හැකි වී තිබේ.

ආරම්භක අදියරේදී ප්‍රදර්ශනාගාරයක් ලෙස පමණක් ක්‍රියාත්මක වන මෙම මධ්‍යස්ථානය තුළින් ඉදිරියේදී පූර්ණ වාහන නඩත්තු, අලුත්වැඩියා සහ අමතර කොටස් සේවාවන් (3S පහසුකම්) හඳුන්වා දීමට සැලසුම් කර ඇත.

මෙහිදී BYD SEALION 5, BYD SEALION 6, BYD SEALION 8, BYD ATTO 1, BYD ATTO 2 සහ BYD DOLPHIN ඇතුළු ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් පවතින ප්‍රමුඛ පෙළේ මාදිලි රැසක් පාරිභෝගික ජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනය කර තිබේ.

හරිත ප්‍රවාහනයට පුළුල් ආරෝපණ යටිතල පහසුකම්

නව බලශක්ති වාහන භාවිතය ප්‍රචලිත කිරීම සඳහා ආරෝපණ (Charging) යටිතල පහසුකම් අත්‍යවශ්‍ය සාධකයක් වන පසුබිමක, JKCG Auto සමාගම දිවයින පුරා පිහිටි Keells සුපිරි වෙළෙඳසැල් ජාලය කේන්ද්‍ර කරගනිමින් වේගවත් ආරෝපණ මධ්‍යස්ථාන (Fast Chargers) 46ක් දැනටමත් ස්ථාපිත කර අවසන්ය.

මීට අමතරව, GreenEV සමාගම සමඟ ඇති කරගත් උපායමාර්ගික සබඳතාව ඔස්සේ තවත් ආරෝපණ මධ්‍යස්ථාන 83ක පහසුකම් ඒකාබද්ධ කර ඇත. ඒ අනුව, දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි සක්‍රීය ආරෝපණ මධ්‍යස්ථාන 129ක පුළුල් ජාලයක් මේ වන විට නිර්මාණය වී තිබේ. තවද, සෑම BYD සහ Denza වාහන ගැනුම්කරුවකුටම සිය නිවසේදී භාවිත කළ හැකි AC ආරෝපණ කට්ටලයක් (Home Charger) නොමිලේ ලබාදීමට පියවර ගෙන ඇති බැවින්, දෛනික ධාවන කටයුතු පහසුවෙන් කළමනාකරණය කරගැනීමට පාරිභෝගිකයින්ට ඉඩ සැලසේ.

ආයතනික නායකත්වයේ දැක්ම

මෙම ව්‍යාප්තිය පිළිබඳ අදහස් දක්වමින් JKCG Auto ප්‍රධාන විධායක නිලධාරී චරිත් පණ්ඩිතරත්න සඳහන් කළේ,

"අපගේ සෑම නව ප්‍රදර්ශනාගාරයකින්ම පැහැදිලි වන්නේ දිවයිනේ සෑම ප්‍රදේශයකම වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට නව බලශක්ති වාහන භාවිත කිරීමේ අවස්ථාව උදාකර දීමට අප තුළ ඇති දැඩි උනන්දුවයි. මඩකලපුව යනු දියුණුව අපේක්ෂා කරන ජනතාවක් වෙසෙන, සීඝ්‍රයෙන් වර්ධනය වන නගරයක්. හැරී ට්‍රේඩර්ස් සමඟ එක්ව BYD හි උසස් තත්ත්වයේ වාහන පෙළ ජනතාව වෙතටම රැගෙන ඒමට ලැබීම ගැන අප නිහතමානීව ආඩම්බර වනවා."

හැරී ට්‍රේඩර්ස් ප්‍රධාන විධායක නිලධාරී තවබාලන් හැරී ප්‍රතාබ් අදහස් දක්වමින් පෙන්වා දුන්නේ,

"මඩකලපුව ප්‍රදේශයේ BYD සන්නාමය නියෝජනය කිරීමට ලැබීම සහ ශ්‍රී ලාංකිකයින් වාහන පැදවීම දෙස බලන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් කරන මේ සුවිශේෂී ගමනේ කොටස්කරුවෙකු වීමට ලැබීම අපට ගෞරවයක්. උසස් තත්ත්වයේ සහ නවීන තාක්ෂණයෙන් යුත් නිෂ්පාදන සඳහා නැගෙනහිර පළාතේ විශාල උනන්දුවක් පවතින අතර BYD ඒ සඳහා කදිම විසඳුමක්. වාහනයක් හිමිකර ගැනීමේ නවතම සහ උසස්ම අත්දැකීම අපගේ ජනතාවට හඳුන්වා දීමට අප සූදානම්."

ගෝලීය වශයෙන් පරිසර හිතකාමී ප්‍රවාහන විසඳුම් සඳහා ඉහළ ප්‍රවණතාවක් පවතින අවස්ථාවක, දිවයිනේ ප්‍රාදේශීය ආර්ථික මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් දියත් කෙරෙන මෙවැනි ආයෝජන, ශ්‍රී ලංකාවේ දිගුකාලීන බලශක්ති පරිවර්තනයට සහ තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගැනීමට ධනාත්මක දායකත්වයක් සපයනු ඇත.

fdgdfg

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...