The Leader News
BREAKING
Top Ad
Biz

ඇප මත යැපෙන බැංකුකරණය අතහරින්න: ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සහ CRIB එකෙන් මෙරට බැංකු ක්ෂේත්‍රයට දැඩි අවවාදයක්!

T

The Leader Desk

July 21, 2026 • 8:16 AM

ඇප මත යැපෙන බැංකුකරණය අතහරින්න: ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සහ CRIB එකෙන් මෙරට බැංකු ක්ෂේත්‍රයට දැඩි අවවාදයක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "රුපියල් මිලියන 10ක ණයකට මිලියන 100ක ඇපයක් ගැනීම සැබෑ බැංකුකරණය නෙවෙයි" - CRIB සභාපති සහ නියෝජ්‍ය මහ බැංකු අධිපතිගෙන් සෘජු ප්‍රහාරයක්
  • සැබෑ අභියෝගය තියෙන්නේ ඇපකර මතම යැපෙන පරණ ක්‍රමයෙන් මිදිලා, අවදානම් මත පදනම් වූ (Risk-based evaluation) ඇගයීම් ඔස්සේ ණය ලබාදීමේ තීරණ සරල කිරීම තුළයි," යනුවෙන් සිරිකුමාර අවධාරණය කළේය.
  • මහ බැංකු අධිපතිගේ සහ CRIB හි නිරීක්ෂණ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ද මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ, ණය වෙළඳපොළේ ප්‍රගතියට ඇති ප්‍රධානතම බාධාව වන්නේ නිවැරදි තොරතුරු නොලැබීම (Information asymmetry) බවයි.
  •   කෙසේ වෙතත්, CRIB පද්ධතිය වෙත බැංකු සහ මූල්‍ය ආයතන මඟින් ලබාදෙන දත්තවල නිවැරදිභාවය සහ විශ්වාසනීයත්වය (Data quality) ඉතා ඉහළ මට්ටමක පැවතිය යුතු බව නියාමකයෝ නැවත මතක් කර සිටිති.
අකුරු ප්‍රමාණය (Font Size):

කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට (SME) අවස්ථාව දීමට අවදානම් මත පදනම් වූ ණය ඇගයීම් ක්‍රමවේදයකට යෑමේ සහ තොරතුරු තාක්ෂණය භාවිත කිරීමේ අවශ්‍යතාව මතු කෙරෙයි


ශ්‍රී ලංකාවේ බැංකු සහ මූල්‍ය ආයතන, ණය ලබා දීමේදී ව්‍යාපාරවල ප්‍රායෝගික සාර්ථකත්වය සහ ආපසු ගෙවීමේ ධාරිතාව මැන බලනවා වෙනුවට, අධික ලෙස භෞතික ඇපකර (Collateral) මත පමණක් යැපීමේ පැරණි සිරිත දැඩි ලෙස විවේචනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව සහ ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය (CRIB) පියවර ගෙන තිබේ.

ණය ලබා දීමේදී පවතින මෙම අහිතකර සංස්කෘතිය හේතුවෙන් සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (SME), නව ව්‍යවසායකයන් සහ කාන්තාවන් මුල්‍ය පද්ධතියෙන් අයින් වන බව පෙන්වා දෙන නියාමකයන්, වඩාත් නම්‍යශීලී සහ අවදානම් කළමනාකරණය මත පදනම් වූ නවීන ණය ඇගයීම් ක්‍රමවේදයන් වෙත යොමු වන ලෙස බැංකු ක්ෂේත්‍රයෙන් ඉල්ලා සිටියි.

"මිලියන 10ට මිලියන 100ක ඇප ගැනීම බැංකුකරණය නෙවෙයි"

ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) නවතම ජංගම දුරකථන යෙදවුම වන 'myCRIB' ඇප් එක එළිදැක්වීමේ උත්සවයේදී අදහස් දක්වමින් CRIB සභාපති මෙන්ම මහ බැංකු නියෝජ්‍ය අධිපති කේ.ජී.පී. සිරිකුමාර මෙරට බැංකුකරුවන්ට සෘජු හා පැහැදිලි පණිවිඩයක් ලබා දුන්නේය.

"රුපියල් මිලියන 10ක පුංචි ණය මුදලක් වෙනුවෙන් රුපියල් මිලියන 100ක විතර දැවැන්ත ඇපයක් ලබාගෙන ණය දෙන එක ලොකු දක්ෂතාවයක් කියලා දක්ෂ, උගත් බැංකුකරුවන් වන ඔබ හිතනවා නම් ඒක සැබෑ බැංකුකරණය නෙවෙයි. සැබෑ අභියෝගය තියෙන්නේ ඇපකර මතම යැපෙන පරණ ක්‍රමයෙන් මිදිලා, අවදානම් මත පදනම් වූ (Risk-based evaluation) ඇගයීම් ඔස්සේ ණය ලබාදීමේ තීරණ සරල කිරීම තුළයි," යනුවෙන් සිරිකුමාර අවධාරණය කළේය.

මහ බැංකු අධිපතිගේ සහ CRIB හි නිරීක්ෂණ

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ද මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ, ණය වෙළඳපොළේ ප්‍රගතියට ඇති ප්‍රධානතම බාධාව වන්නේ නිවැරදි තොරතුරු නොලැබීම (Information asymmetry) බවයි. නූතන ණය තොරතුරු පද්ධති මඟින් යම් පුද්ගලයකුගේ හෝ ව්‍යාපාරයක පෙර ණය ආපසු ගෙවීමේ ඉතිහාසය සහ මූල්‍ය විනය මැන බැලීමේ හැකියාව පවතින බැවින්, ඉඩම් හෝ ගොඩනැගිලි ඇපයට තැබීමට නොමැති කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට, ග්‍රාමීය ව්‍යවසායකයන්ට සහ නවකයන්ට විධිමත් බැංකු පද්ධතියෙන් ණය ලබා ගැනීමට මෙය මහඟු අවස්ථාවක් වන බව හෙතෙම පෙන්වා දුන්නේය.  

කෙසේ වෙතත්, CRIB පද්ධතිය වෙත බැංකු සහ මූල්‍ය ආයතන මඟින් ලබාදෙන දත්තවල නිවැරදිභාවය සහ විශ්වාසනීයත්වය (Data quality) ඉතා ඉහළ මට්ටමක පැවතිය යුතු බව නියාමකයෝ නැවත මතක් කර සිටිති.  

තාක්ෂණික මෙවලම් කොතෙක් දියුණු වුවද, බැංකු පද්ධතිය සිය සාම්ප්‍රදායික දැඩි ඇපකර මානසිකත්වයෙන් මිදී, දත්ත මත පදනම් වූ නවීන ණය තක්සේරුකරණයකට යොමු නොවන්නේ නම් මෙරට මූල්‍ය අන්තර්කරණය (Financial inclusion) සහ ආර්ථික වර්ධනය වේගවත් කිරීම අභියෝගයක් වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(සටහන | සම්පත් ධීරසේකර )

මුලාශ්‍රය :
Collateral Addiction Holding Sri Lanka's Banks Back, Regulators Warn

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...