The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දැන් ඉතින් කුමක් කරමු ද ? - (කාන්ති කාරියවසම්)

T

The Leader Desk

March 19, 2022 • 7:03 AM

 දැන් ඉතින් කුමක් කරමු ද ? - (කාන්ති කාරියවසම්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ටිකකලකට එපිටදී දැනුණ නියමුවෙක්, දිශානතියක් නොමැතිව, මහසයුරේ කුණාටුවකට හසුව ඔහේපාවෙන නෞකාවක සිටින්නෙකුට ඇතිවන කුමකින් කුමක්විය හැකිද යන බිය සහ අවිනිශ්චිත බව මුසු හැඟීම තවදුරටත්
  • හුස්ම වැටෙන ජීවය පමණක් ඉතිරිව, හැඟීම් දැනෙන සිතද ඇතුළු සිරුරම කොහේදෝ සිරවී නිර්වින්දිත තත්ත්වයට පත්ව ඇත.
  • මවුරට අප ඇස්පනාපිටම දරුණු ලෙස කඩා වැටෙමින් තිබේ.
  • ආර්ථික විශේෂඥයෝ දෙවසරකටත් වඩා වැඩි කාලයක් නොයෙක් ලෙසින් අනතුරු ඇඟවීම් කලෝය.
අකුරු ප්‍රමාණය (Font Size):

නොදැනේ.

ඒ වෙනුවට දැන් මුළුසිරුරම පාෂාණිභූත වූබවක් දැනෙයි. හුස්ම වැටෙන ජීවය පමණක් ඉතිරිව, හැඟීම් දැනෙන සිතද ඇතුළු සිරුරම කොහේදෝ සිරවී නිර්වින්දිත තත්ත්වයට පත්ව ඇත.


දකිමින් සිටින්නේ බියකරු සිහිනයක් දැයි වරෙක සිතෙයි. එය සිහිනයක් නම් අප කෙතරම් වාසනාවන්තද? නමුත් කටුක සත්‍යය එය නොවේ. මවුරට අප ඇස්පනාපිටම දරුණු ලෙස කඩා වැටෙමින් තිබේ. කඩාවැටීම නවතාලීමට කිසිවකු නැත. නවතාලීම කෙසේවෙතත් අඩු තරමින් මුක්කුවක් ගැසීමටවත් කෙනෙක් නැතිවා වැනිය.



මෙම කඩාවැටීම සුනාමියමෙන් ඇසිල්ලකින් ක්ෂණිකව සිදුවූවාද නොවේ.

ආර්ථික විශේෂඥයෝ දෙවසරකටත් වඩා වැඩි කාලයක් නොයෙක් ලෙසින් අනතුරු ඇඟවීම් කලෝය. සිදුවූයේ බිහිරි අලින්ට වීණා වාදනයක් පමණක්මය. පූච්චානම් පම්පෝරිගසමින්, පොරටෝක්ද පාමමින් පාලකයෝ ප්‍රීති ප්‍රමෝදයෙන් ජීවිතගත කළහ, දැනුදු ගතකරති.

සිදුවූදේ ගැන විස්සෝපවීමෙන් පලක් නැත. එකිනෙකාට බැන අඬගැසීමෙන්ද වැඩක් නැත. “මම කෙරුවානම් කරන්නේ මෙහෙමයි” කීමෙන්ද තත්ත්වය වෙනස් නොවේ.

පවතින රජයට විරුද්ධව පාරට බැසීමෙන් පමණක් ම මේ බැරෑරුම් ප්‍රශ්ණය විසඳිය හැකිද?

විවිධ පක්ෂවල නායකයින් නොයෙක් කතා පවත්වමින් රාජ්‍ය පාලනය ඔවුන්ට දුන්නොත් රට සුඛිත මුදිත කරනබව කිවුවත්, ඔවුන් එය කරන්නේ කෙසේද?  

දැන්වත් ආත්මාර්ථය සහ ප්‍රෝඩාව කරපින්නාගත් මාගෝඩි ආර්ථික ඔස්තාර්ලා පන්නාදමා, රට ගැන සැබෑ ආදරයක් ඇති ආර්ථික විශේෂඥයින්ගේ උපදෙස් අනුව කටයුතුකලහොත් වැටී ඇති අගාධයෙන් තරමකට හෝ ගැලවීමක් ඇති වනු ඇතැයි දේශපාලනය, ආර්ථික කළමනාකරණය ගැන කිසිම දැනුමක් නැති  මට සිතේ.



රටේ ජීවන තත්ත්වය එසේවූවත් මගේ අවධානය යොමුවී ඇත්තේ වෙනත් දිශාවකටය. ගෑස්, තෙල්, කිරි පිටි පෝලිම්වලටත් වඩා ඔඩුදිවූ කරුණක් රට වසාගෙන ඇතැයි මට සිතේ. එනම්, බොහෝ ජනයාගේ තාර්කික චින්තනය, විචාරබුද්ධිය, සහකම්පනය, මානුෂික හැඟීම් වැනි දේ උඩුයටිකුරු වී ඇත.


මෑතකදී පුත්තලම ප්‍රදේශයේ සිදුවූ අධිබලැති යතුරුපැදි සවාරිය මෙයට හොඳ නිදසුනකි.



යන්තමින්හෝ විචාරබුද්ධියක් තිබුනානම් දැඩි ඉන්ධන හිඟයක් රටේ පවතිද්දී මෙවැන්නක් සැලසුම් කරන්නේ කෙසේද?

එසේම දිගුපෝලිම්වල දුක්විඳින්නන් ගැන යන්තමින්හෝ සහකම්පනයක් තිබුනානම්, ඉන්ධන බෙහෙවින් වැයවන එන්ජීන්ධාරිතාවයකින් සමන්විත යතුරුපැදිවල නැගී උජාරුවට යාහැකිද?

සිතකම්පාවන කරුණන මේවා උඩනැගීගියේ දේශයේ අනාගතය භාර තාරුණ්‍යයවීමයි. ඔවුන්ගෙන් විචාරබුද්ධිය, සහකම්පනය, මානුෂික හැඟීම්  බලාපොරොත්තුවන්නේ කෙසේද? මෙය අසරණසරණ (charity) කටයුත්තක් උදෙසා සිදුකලබව කියන අයගේ තාර්කික චින්තනය ගැන කවරකතාද?



රටේ ආර්ථිකය මොනයම්ම ක්‍රමයකින්හෝ ගොඩදාගත්තත්, තරුණ පරපුරේ ඇතැම් අයගේ දක්නට ලැබෙන අවිචාරවත් මානසිකත්වය වෙනස්කල හැකිවෙයිද? මෙය ඔවුන්ගේ වරදක් නොවේ. වසර දශක ගණනාවක් පුරා ජාතිවාදය, ආගම්වාදය, වර්ගවාදය පමණක්නොව ඉතිහාසකාමයද ඔවුන්ගේ සිත්තුලට ප්‍රයෝගකාරීව කාන්දුකොට ඇත.


රාවණා, දුටුගැමුණු වැනි රජවරුන්ගේ දස්කම් විස්කම් ප්‍රතිනිර්මාණයකොට ඔවුන්ගේ සිත්තුල පැළපදියම් කිරීමේ සාපයට බොහෝ දේශපාලකයින්, ඇතැම් කලාකරුවන් මෙන්ම චීවරධාරීන් ද (සුපේෂලශික්ෂාකාමී ස්වාමීන්වහන්සේලා නොවේ) වගකිවයුතුය.  

එසේම අවිද්‍යාව සහ මිත්‍යා විශ්වාස තරුණ සිත්තුලින්  බැහැරකරන්නේ කෙසේද?

මා දන්නා හඳුනන ඇතැම් යෞවනයින්ට අනුව නැදුන්ගමුවේ ඇතා මතුබුදුවනබව සක්සුදක්සේ පැහැදිලිය. ඇතා විරලගණයේවීමත්, දළදාකරඬුව දැරීමත් එයට හේතු කිහිපයකි.

විරලගණයේවීම නිසා කළයුතුව තිබුණේ ඇතාලවා පැටවුන් ලබාගැනීම නොවේ දැයි මා ඇසූ විට පිළිතුර වූයේ, නැදුන්ගමුවේ ඇතා බ්‍රහ්මචාරීවීම අනිවාර්ය බවයි. මතුබුදුබව වෙනුවෙන් බ්‍රාහ්මචාරීවීම බලහත්කාරයෙන් සිදුකරන්නක්දැයි ඇසූවිට, මා මිත්‍යා දෘෂ්ඨිකයකු ලෙස නාමකරණය කෙරුණි. මේ යෞවනයින් නූගත් අය නොවේ.

පසුගිය කාලවකවානුවේදී නාගලෝකයෙන් නාරජුන් පැමිණීම, මුට්ටිඇතහැරීම, පැණිපෙවීම යන මේසියල්ල එකම ප්‍රවාහයක විවිධ සංසිද්ධීන්ය.

රට පත්වඇති ආර්ථික අර්බුදයෙන් ගැලවුණත්, අවිද්‍යාව සහ මිත්‍යා විශ්වාසවලින් සිත්සතන් මුදා ගැනීමට කෙතෙක්නම් කාලයක්ගතවනු ඇතිද?

 

 කාන්ති කාරියවසම්
kariyawasamkek@gmail.com

Kanthi kariwasa

 



ලේඛිකාවගේ වෙනත් ලිපි :

නිදහස ලබා ගැනීමට නම් - (කාන්ති කාරියවසම්)


හැත්තෑ තුන් වසරක අපේ උරුමය - (කාන්ති කාරියවසම්)


ඊශ්වරී, ෆාතිමා අපි ආයෙත් යාළු වෙමුද? - කාන්ති කාරියවසම්


මතක මංගල : 'ඔහුගේ දර්ශනය මිය යායුතු නොවේ' - කාන්ති කාරියවසම්

පුනරුද නියමුවෝ

ඔබට සමු දීමට තවම කාලය පැමිණ නැත - (කේ. කාරියවසම්)

තව දුරටත් විස්මලන්තයේම හිඳිමුද, නැතිනම් අවදි වෙමුද? - කේ. කාරියවසම්

 

The Leader TV අද වීඩියෝ 

විහිලුවක් නොවෙයි ඒ කතාව ඇත්තයි ! | මොණරවිලගේ ලියමන

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...