The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
විශේෂාංග

ජාතක කතා විමර්ශන 12 : ජාතක කතාවෙන් පිළිබිඹු කෙරෙන ඍජු ලිංගික අපයෝජන -ජයසිරි අලවත්ත

T

The Leader Desk

October 30, 2021 • 7:26 AM

 ජාතක කතා විමර්ශන 12 : ජාතක කතාවෙන් පිළිබිඹු කෙරෙන ඍජු ලිංගික අපයෝජන -ජයසිරි අලවත්ත   

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාතක කතා විමර්ශන එකොළහ යටතේ සාකච්ඡා කළේ ලිංගික අපයෝජන නොවන එහෙත් ළමා අපයෝජන ඝනයට අයත් අපරාධ ය. අද ලිපියෙන් සාකච්ඡා කෙරෙන්නේ ඍජු ළමා ලිංගික අපයෝජන ප්‍රකට කෙරෙන ජාතක
  •   චුල්ලනාරද ජාතකය:            ජාතක කතාකරුවා පවසන පරිදි සැප සම්පත්වලින් ආඪ්‍ය වූ බමුණෙක් ඔහුගේ බිරිඳ මිය ගිය පසු තමාගේ පුතා සමග වනයට ගොස් තවුස් දිවියක් ගත කර ඇත.
  • මේ අතර සොරු කණ්ඩායමක් ගම් බිම් මංකොල්ල කමින් එගම්වල සිටි මිනිසුන් ලවාම මංකොල්ල කෑ බඩු බාහිරාදිය තමන්ට වුවමනා ස්ථානවලට රැගෙන යමින් සිට ඇත.
  • මෙම පිරිස අතර සිටි රූමත් තරුණියක් සොරුන්ගෙන් ගැලවී යාමට සිතා ශරීර කෘත්‍ය සඳහා මඳකට ඉඩ දෙන ලෙස සොරුන් රවටා පලා ගොස් ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
කතා කිහිපයක් පිළිබඳව ය.
 
 
ජාතක කතා සංග්‍රහයේ එන: චුල්ලනාරද ජාතකය, අසාත මන්ත්‍ර ජාතකය, පරන්තප ජාතකය අන්ධභූත ජාතකය සහ හලින්දිය ජාතකය යන ජාතක කතා තුළින් ඍජු ළමා ලිංගික අපයෝජන පිළිබිඹු කෙරේ.
 
චුල්ලනාරද ජාතකය: 
 
 12390
 
 
 
ජාතක කතාකරුවා පවසන පරිදි සැප සම්පත්වලින් ආඪ්‍ය වූ බමුණෙක් ඔහුගේ බිරිඳ මිය ගිය පසු තමාගේ පුතා සමග වනයට ගොස් තවුස් දිවියක් ගත කර ඇත. මේ අතර සොරු කණ්ඩායමක් ගම් බිම් මංකොල්ල කමින් එගම්වල සිටි මිනිසුන් ලවාම මංකොල්ල කෑ බඩු බාහිරාදිය තමන්ට වුවමනා ස්ථානවලට රැගෙන යමින් සිට ඇත. මෙම පිරිස අතර සිටි රූමත් තරුණියක් සොරුන්ගෙන් ගැලවී යාමට සිතා ශරීර කෘත්‍ය සඳහා මඳකට ඉඩ දෙන ලෙස සොරුන් රවටා පලා ගොස් ඇත.
 
ඇය මේ ආකාරයට ඇවිද යන විට තවුසා සහ දරුවා වෙසෙන අසපුව දැක එතුළට ගොස් ඇත. එම අවස්ථාවේ තවුසා පල වැල නෙළන්නට ගොස් සිටි බැවින් අසපුවේ සිට ඇත්තේ බාලවයස්කාර පිරිමි දරුවා පමණි. ඇය මේ පිරිමි දරුවා රවටා ඔහු සමග කාම සම්භෝගයේ යෙදී ඇත. අනතුරුව තමා සමග එන්නැයි ද දරුවාට පවසා ඇත. එහි දී දරුවා පවසා ඇත්තේ සිය පියා පැමිණි පසු ඔහුගේ අවසරය ද ලබාගෙන පැමිණෙන බවයි. යම් හෙයකින් තවුසා පැමිණ ඇයට දඬුවම් කරතැයි සැක කර ඇය පෙර ගමන් කරන බවත් මඳ වේලාවකින් දරුවාට එන ලෙසත් දන්වා ඇත. 
 
මෙම අවස්ථාව ජාතක කතාකරුවා මෙසේ සටහන් කරයි.  
 
 
 
     ‘‘යටගිය දවස බරණැස බ්‍රහ්මදත්ත නම් රාජ්‍යය කරන කල්හි කසී රට මහත් සම්පත් ඇති එක් බමුණෙක් තම බිරිඳ මළ පසු එකම පුතණුවන් කැඳවා ගෙන හිමාල වනයට ගොස් පැවිදිව විසූහ. එකල සොරු ගම් පැහැර කොල්ල කා මිනිසුන් අල්ලා ගෙන බඩු මිටි උන් ලවාම ඔසවා ගෙන තමාට වුවමනා තැනට අරගෙන යති. දිනක් එසේ අල්ලා ගෙන යන එක් රූපත් කුමාරිකාවක් සිතන්නී මේ සොරු අප අල්වා ගෙන මෙහෙවර ගනිති. එක් උපායකින් මුන් පලා යා යුතු යයි සිතා ස්වාමීනී ශරීර කෘත්‍ය කරනු සඳහා මදක් ඉඩ දුනමැනවැයි කියා සොරුන් වංචා කොට උන් කෙරෙන් පලා ගොස් තැන තැන ඇවිදින්නී ඉහත කී අසපුව දැක එහි පැමිණ පිය තවුසා පලා පලයට ගිය කළ තාපස කුමාරයන් කාමක්‍රීඩාවෙන් පොළඹවා ශීල භේද කොට තම වසඟයට ගෙන තොප මෙහි විසීමෙන් කුමන පලයෙක් ද ගමට ගොස් පස්කම් සැප විඳිමින් සැපසේ ඉඳිමු යැයි කීවාය.’’
 
කෙසේ වුව ද තවුසා පැමිණි පසු දරුවා නික්ම යාමට සැරසුණ ද තවුසා විසින් දරුවාට කරුණු පහැදිලි කර දෙනු ලැබු හෙයින් දරුවා ස්ත්‍රිය සමග නොගොස් සිය පියා සමග ම වාසය කර ඇත.
 
 
 
 
පරන්තප ජාතකය:
 Sankappa
 
 ජාතක කතාකරුවා පවසන පරිදි එක් සමයෙක බ්‍රහ්මදත්ත නම් රජු සතුරු ආක්‍රමණයකට මැදිහත්වන මොහොතේ ඔහුගේ පුත්කුමරුව සිට ඇත්තේ බෝධිසත්වයෝ ය. ඔහුට සතුරන් සමග සටන් වදින්නැයි රජු පැවසුව ද හෙතෙම ඊට අකමැත්ත පළ කළ හෙයින් සතුරු ආක්‍රමණයෙන් මිදෙනු වස්: සිය බිරිඳ, පුරෝහිත සහ පරන්තප නම් බාලවයස්කාර කොලුවෙකු සමග වනාන්තරයට ගොස් දිවි ගෙවා ඇත. එක් දිනක් රජු සහ පුරෝහිත ආහාරය පිණිස යමක් සොයා වනාන්තරයට ගිය අතරවාරයේ රජ බිසව යට කී පරන්තප නම් බාලවයස්කාර කොලුවා රවටාගෙන ඔහු සමග කාම සම්භෝගයේ යෙදි ඇත.
 
 
ජාතක කතාකරුවා එය මෙලෙස සටහන් කරයි.
 
 
 
     ‘‘රජ්ජුරුවෝත් පුරෝහිත බ්‍රාහ්මණයාත් දෙන්න පරන්තප නම් කොල්ලාත් බිසවුනුත් පන්සල රඳවා ඵලාඵල කඩාගියාහ. මෙසේ නිරන්තරව උන් දැකීමෙන් බිසව් පරන්තප නම් කොල්ලා කෙරේ අභිලාෂා උපදවා ඔහු සමග ලෝකාස්වාද රතියෙහි යෙදුනාහ.’’  
 
 
 
අසාත මන්ත්‍ර ජාතකය සහ අන්ධභූත ජාතකයේ සඳහන් කෙරෙන ලිංගික අපයෝජනය පිළිබඳව මවිසින් මීට පෙර ලියන ලද ‘‘ජාතක කතාවෙන් පිළිබිඹුවන ස්ත්‍රී ලිංගික චර්යා 02’’ නමැති ලිපියේ සඳහන් කර ඇත. 
 
  
 
හලින්දිය ජාතක කතාව :
 
හලින්දිය ජාතක කතාවේ ද බාල වයස්කාර දරුවකු ලිංගික අපචාරය සඳහා යොදවාගන්නා ආකාරය සඳහන් වේ. නමුදු එයින් කියැවෙන්නේ ද චුල්ලනාරද ජාතක කතාවට සමාන කතාවකි. ඇතැම් විට මෙම කතා දෙක ම එකක් විය හැකි යැයි සිතෙන තරමට ම කතා දෙක සමානය. වෙනසකට ඇත්තේ එහි පුද්ගල නාම පමණි. 
 
එම ජාතක කතාවේ එන ළමා ලිංගික අපයෝජනයට අදාළ කොටස මතු දැක්වේ.
 
 
 
  ‘‘එකල්හි පසල්දනව්වෙහි වසන්නාවූ බොහෝ සොරහු ගම්පැහැර එහි මනුෂ්‍යයන් අල්වාගෙණ උන් ලබා බඩු පොදි ගෙන්වාගෙණ තමන් වසනතැනට එන්නාහුවෙති. ඔවුන් අතුරෙන් රූපශ්‍රී සාරවූ ශඨප්‍රයෝග දන්නාවූ එක් ස්ත්‍රියක් මොහු අල්වාගෙණ දාසිකොට මෙහෙගන්නාහුවෙති, එබැවින් එක් උපායකින් මොවුන්ගෙන් මිදි යායුතුයයි සිතා ස්වාමිනි සිරුරු කිස කරුණු කැමැත්තෙමි. මදක් දුරුව සිටිය මැනවැයි කියා සොරුන් වලහා සැඟවිගොස් වල්හි ඇවිදිනි මහබෝසතානන් වහන්සේ තාපස කුමාරයා පන්සල සිටුවා ඵලාඵල පිණිස වැඩිකල්හි පෙරවරු පන්සලට අවුත් තමාගේ රූපශ්‍රියෙන් තාපස කුමාරයා පොළොඹා ඔහුගේ ශිලභේදකොට ඔහු තමා වසඟවූ බැව් දැන මොහු රවටා මිනිස් පියසට කැඳවාගෙණ යෙමියි සිතා කථාකරන්නාවූ ඒ කුමාරිකාතොමෝ එම්බා තාපස කුමාරයෙනි ජන සංචර රහිතවූ මේ මහා වල්හි රූපාදීවූ පංචවිධ කාම කොට්ඨාසයෝ බොහෝසේ නොලබනහෙයින් නැවත නැවත විසිය නොහැක්කේය. යමෙක් ගම්හි වාසය කොට ඒ රූපාදීවු පඤචකාම කොට්ඨාසය ඉවසන්නේ විනම් ඒ මහත්වන්නේය. හෙවත් ඔහුගේ ශීලයම මහත්ඵල වන්නේයයි කිවාහුය.’’ 
 
සාහිත්‍ය මෙන් ම වෙනත් කලා මාධ්‍ය තුළින් ද ඉදිරිපත් කර ඇත්තේ, වත්මනෙහි ඉදිරිපත් කරන්නේ සහ අනාගතයේ දී ඉදිරිපත් කෙරෙන්නේ ද සමස්ත මිනිස් ප්‍රජාවගේ ජීවිත පවත කෙරෙහි බලපාන සිද්ධි දාම ය. එසේ නොවන යම් නිර්මාණයක් වේ නම් එය හුදෙක් මායාම ය හෝ ඉන්ද්‍රජාලික නිර්මාණ විය යුතු ය. 
 
එවන් නිර්මාණ තුළ වුව ද බොහෝ දුරට අන්තර්ගත වන්නේ මිනිස් සහ සත්ව ප්‍රජාවට අදාළ සිද්ධි ම ම මිස අන් යමක් නොවේ. ඒ අනුව ගත් විට ජාතක කතා සංග්‍රහය තුළින් ඉදිරිපත් කෙරෙන සෞන්දර්යවාදී කතා මෙන් ම සමස්ත මිනිස් ප්‍රජාවට ම අදාළ විවිධ අපචාර කතා කෙරෙහි ද අපගේ අවධානය යොමු විය යුතු ය; අදාළ කතා පිළිබඳ විමර්ශනය කළ යුතු ය. 
 
මන්ද සාහිත්‍ය සහ කලාව යනු ධනාත්මක ආකල්ප පමණක් ම සමාජ ගතකෙරෙන මාධ්‍යයක් නොවන බැවිනි. ඉදින් එවන් සාහිත සාගරයක් බඳු ජාතක කතා සංග්‍රහයේ අන්තර්ගත තවත් විවිධ මාන පිළිබඳ ඉදිරියේ දී සාකච්ඡා කරමු.
 
 
 
jayasiri 04 e1619629387941.jpg
 
ජයසිරි අලවත්ත 
(නිදහස් ලේඛක)
 
2021/10/30
 
 
 
ජයසිරි අලවත්තගේ ජාතක කතා විමර්ශන කියවන්න :
 
 
 
 
 
 
 
 
 
  
 
 
 
THE LEADER TV 
කෙරවලපිටියෙන් කෙළවෙන තැනට ? | මොණරවිලගේ ලියමන
 

 
 
එක රටට, නීතියට අලි වලි ? | අද ගොසිප් එක

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජාතක කතා විමර්ශන 12 : ජාතක කතාවෙන් පිළිබිඹු කෙරෙන ඍජු ලිංගික අපයෝජන -ජයසිරි අලවත්ත | The Leader