පර්සියාව කියන්නේ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා පවා උමතුවට පත්කළ මනරම් සුන්දරත්වයකින් පිරිපුන් කලාත්මක රාජ්‍යයක්.



රාජ්‍යයක් කිව්වහම මිනිසුන්ගේ ඔළුවට එන්නේ තුවක්කු, බයිනෙත්තු, කඩු කිණිසි, හමුදා සහ පරිපාලන නිළධාරීන්ගෙන් සැදුම්ලත් පද්ධතියක්.

ග්‍රීසියේ ඉඳන් ඇවිත් පර්සියාව ආක්‍රමණය කරනක තෙක් ම ඇලෙක්සැන්ඩර් අධිරාජයා පර්සියාව සියැසින් දැක තිබුණේ නැහැ. ඒ කාලෙ දැන් වාගේ රූපමය තොරතුරු තාක්ෂණ තිබුණෙත් නැහැනෙ. ඉතිං ඇලෙක්සැන්ඩර් හිතුවේ දේශපාලනය කියන්නේ එයාගේ රටේ වගේ ග්‍රීක දර්ශවනවාදී වාද-දෘෂ්ටීන් සහ යුධ පසටන් කලාවන් අනුව පමණක් කෙරෙන භාවිතයක් කියල.



ඒත් පර්සියාව අල්ලගත්තහම ඇලෙක්සැන්ඩර් ඒ රාජ්‍යයේ ඇති සෞන්දර්යට පිස්සු වැටෙනව. පර්සියාවේ මූලික ගෘහනිර්මාණ ශිල්පයේ ඉඳන්ම සෞන්දර්යකාමීයි. දේශපාලනය කියන්නේ සෞන්දර්යකරණය කළ හැකි විෂයක් බව ඔහුට පර්සියාවේදී වැටහෙනව. ඇලෙක්සැන්ඩර් පර්සියාවෙන් පළමු ස්ත්‍රී විවාහය කරගන්නව. 


ඔහුට ඒ වන විටත් ලෙන්ගතු සමලිංගික ආදරවන්තයෙකු හිටියත්, ඔහු පර්සියාව පරදා පවත්වන පළමු මධුපානෝත්සවයේදී, ඔහු ඉදිරියේ නර්තනයෙන් රඟන පර්සියන් විලාසිනියකවන් ගැහැනියෙකු නිසා ඔහුගේ විශම-ලිංගික ආශාවන් ද උද්ධීපනය වූ නිසයි ඔහු ඒ ගැහැනියව විවාහ කරගන්නේ.
 
ඒකට අවිඥානික හේතු දෙකක් තියෙනව. එකක් ඇලෙක්සැන්ඩර්ගේ මව පර්සියන් ගැහැනියක වීම. දෙවැන්න පර්සියාව සකල සෘංගාර සෞන්දර්ය කලාවන්ගෙන් පිරිපුන් සොඳුරුතම රස රාජ්‍යයක් වීම. 

 

රාගධාරී සංගීතය ඉන්දියාවේ ඔරිජිනල් සංගීය නෙවෙයි. ඉන්දියාවට රාගධාරී සංගීතය එන්නෙත් පර්සියාවෙන්. ඉන්දියාවේ අජන්තා එල්ලෝරා සිතුවම් චිත්‍රවලට සමාන්තර සිතුවම් චිත්‍ර ඇති ලංකාවේ සීගිරියේ නිර්මාතෘ වූ සෞන්දර්යකාමී සීගිරි කාශ්‍යප රජුන්ගේ මවද ධාතුසේන රජුට බිසවක් වූ පර්සියානු කාන්තාවක්.

දකුණු ආසියාවට සියළු සාම්භාව්‍ය කලාවන් සහ සෞන්දර්යත්, ඉහළ තෘප්තියක් දෙන රසවත් සෘංගාරයට බර ලිංගිකත්වයත් පිළිබඳ සෞන්දර්ය දැනුම කාන්දු කරදුන් බලවත් ඉම් පෙදෙසක් තමයි පර්සියාව.



අද දකුණු ආසියානු රටවල උදවිය ලිංගික නිදහස සොයාගෙන ඇමෙරි-යුරෝ කලාපයෙහි 70දශකය ආශ්‍රීතව සිදුවූ ලිංගික විප්ලවයේ ඵලදාව නෙලාගන්න උත්සහ කරද්දී, ඇමෙරි-යුරෝ කලාපයේ උදවිය පර්සියාවේ සෞන්දර්ය කලා හා බැඳි ලිංගිකත්වයත්, දැනට වසර දහස් ගණනකට පෙර ඉන්දියාවේ වාත්සල්‍යා විසින් ලියූ සහ රූපනය කළ කාමසූත්‍රයේ ගුරුහරුකමුත්, ශුද්ධවූ අධ්‍යාත්මික අභිරහසුත් සොයාගෙන දකුණූ ආසියාවට එනව.

 

 
ඇමෙරිකාවේ හොලිවුඞ් නිෂ්පානයක් වන ''හෝලි ස්මොක් (Holy Smoke) '' කියන කේට් වින්ස්ලට් (Kate Winslet) රඟන චිත්‍රපටය අපට පිළිබිඹු කරන්නේ ආසියානු සහ පර්සියානු කලාවන් කෙරෙහි වන යුරෝ වැසියන් තුළඵ වන අධ්‍යාත්මවාදී, කලා-කාමවයාදී සහ සෘංගාරවාදී කුතුහලාත්මක නැඹුරුවයි.

ඒත් ලංකාවේ සහ දකුණු ආසියාවේ අපිට කොහෙ හරි වැරදිලා.

හරියට කස්තුරි මුවාට සිද්ධ වෙච්ච දේ වගේ.



xrdytrකස්තුරි මුවා


කස්තුරි කියන්නේ ලිංගික උද්ධීපනය ඇති කරන ඉහළම විලවුන් වර්ගයකටත් වඩා සුවඳ ආසියානු ස්වභාවික විලවුන් වර්ගයක්.

කසුතුරි හැදෙන්නේ කස්තුරි මුවාගේ නාභියේ හෙවත් බුරියේ.

ඉන්දියාවේ හිමාල දේශයේ වනාන්නතරගතව ඉන්න කස්තුරි මුවෙකුගේ නාභියේ කස්තුරි හැදුනට, මේ මුවා දන්නේ නැහැ, මේ දරාගන්න බැරි සුගන්ධය එන්නේ තමන්ගේ ම ඇඟේන් කියල. ඉතින් කස්තුරි හැදුනහම මුවා මේ සුවඳ හොයාගෙන තැන තැන ඇවිදිනව. සුවඳ එන්නේ කොහෙන්ද කියල හොයනව.

ඉතින් කොතෙන්ට දුව ගියත්, ඇවිද ගියත් යන යන තැන සුවඳයි.

අන්තිමට මුළු කැළේ ම ඇවිදලා, කැලේ ම සුවඳවෙලා කියල හිතා හදාගෙන මුවා සෙවීම නවත්තල දානව.



ඇමෙරි-යුරෝ කලාපයෙන් ලිංගික නිදහස සහ ලිංගික රස සොයන අපිත් කස්තුරි මුවෝ වගේ. රස නිධානය ලඟ තියාගෙන හැම තැන ම හොය හොය යනව. වසර දහස්ගණන් අපේ ආසියාවේ පැවත ආ දියුණු ලිංගික ශ්‍රාස්ත්‍ර සහ සෘංගාර ශ්‍රාස්ත්‍ර පැවති බව අපි දන්නේවත් නැහැ. සොයන්නේත් නැහැ.

 



omarඔමාර් ඛයියාම්


ඔමාර් ඛයියාම් කියන්නේ පර්සියාවෙන් බිහිවුණු කවියෙක් සහ නක්ෂත්‍රවේදියෙක්. ඒ කවියාගේ රුබෙයියාට් කියන කාව්‍ය සංග්‍රහය 1859දී එඞ්වඞ් ෆිට්ස්ජෙරල් ඕ විසින් පර්සියන් බසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර මුද්‍රණයෙන් ප්‍රකාශයට පත්කළත්, මුදල් උපයිය හැකි තරමට එය සැලකියයුතු ලෙස ලොව පතල වන්නේ නැහැ.

ඒත් 1872දී ඇමෙරිකා ඒක්සත් ජනපදයෙදී ඒ පොතේ තුන්වන මුද්‍රණයත් එලිදැක්වීම සමඟ තමයි මේ කවි ලොව පුරා ඉහළින් පතළ වෙන්න පටන් ගන්නේ.

 

 

මේ ඔමාර් ඛයියාම්ගේ කවි ඇතුළේ තිබුණ සාරය හෙවත් පොදුහරය තනි වාක්‍යකින් ඔහුම කියා තිබෙනවා. ඒ නම් ”ගී පොතයි, මී විතයි, ගැහැනිය යි ඇති තැන මට සුරලොවක් මැවිය හැකියි” කියන දැක්ම. දන්න සරල භාෂාවෙන් කිව්වොත් ගීතයකුයි, අරක්කු ටිකකුයි සහ සරාගී ගැහැනියකුයි ඇති තැන සියළු දේ ඇති බව ඔමාර් ඛයියාම් කිව්වේ.



මේ වගේ ජීවන විලාසයක් ග්‍රීසියේ කසන්ට්සාකිස් නැමති නවකතාකරුවා හඳුන්වාදෙන්නේ් ”සෝර්බා ජීවිතයක්” විදිහටයි. බෞද්ධ සාහිත්‍යයේ කියන්නේ කාම සුඛල්ලිකානු ජීවිතයක් කියල. (සිද්ධාර්ථ මාලිගා තුනක හිඳ ගත කළේ සෝර්බා ජීවිතයකු- යි.*

මේ අරුත පසුබිමේ තියාගන තමයි ඔමාර් ඔහුගේ බොහෝ කවි ලියුවේ.

මං මෙච්චර දෙයක් ලිව්වෙ ලංකා කොදෙව්වේ සිද්ධවෙච්ච කලා භාවිතයක් ගැන කියන්නයි.

              sekaraමහගම සේකර

ලංකාවෙ බිහිවුණ මහගම සේකර කියා කවියෙක් හිටියා. ඔහු කවියෙක් වගේ ම ගීත රචකයෙක්, චිත්‍ර ශිල්පියෙක් සහ සුළු-සිනමාවේදියෙක්. ඔහු විසින් ඔමාර් ඛයියාම්ගේ කවියක අනුරුවක් ගීතයක් විදිහට සිංහලට අනුවාදපනය කළා.

ඒ ගීතයට සංගීතය නිර්මාණය කර ගයන්නේ වික්ටර් රත්නායක. මේ සංගීතයට බටහිර සෙක්සෆෝන් නාද ආරක් ද එකතු කිරීමෙන් යම් සෘංගාරාත්මක බවක් උපදවාගන්න වික්ටර්ට හැකිවෙලා තියෙනව.

මේ ගීතයේ නම ”අඩවන් දෑසින්”.

 

 
මේ ගීතය අහල යම් කිසි හෝ සෞන්දර්ය ලිංගිකකාමයක් අසන්නා වන ඔයා තුල ඇවිස්සෙනවා නම්, ඔයා තවම ඉන්නේ ආසියානු අක්මුල් එක්ක බව සහතිකයි.

එහෙම නැතුව ලිංගික නිදහස තවම පෙනෙන්නේ ඇමෙරි-යුරෝ ඉම් පෙදෙසක නම්, මෙයින් කිසිම හැඟීමක් හෝ ආවේගකාරී ඇවිස්සීමක් දැනෙන්නේ නැත්තං, ඔයා වහාම රට යන්න. ඔයා අයිති එහාට.    

මේකට පත්තුවීමක් ලබාදුන් නොදුටු මිතුරාට සහ පෙම්වතියකට තුති.  

             
මීට
සීගිරි කාශ්‍යප

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්

ඇට මැස්සා