වෘත්තීය සමිති, ශිෂ්‍ය ව්‍යාපාර, විපක්ෂ දේශපාලන පක්ෂ සහ සමාජ ක්‍රියාකාරීන්ගේ විශාල එකමුතුවක් විසින් කොළඹදී පැවැත්වූ මහජන විරෝධතාව

බලපෑමක් ඇති කිරීමට අසමත්ව තිබේ. ඊට මුහුණදීමේදී ආණ්ඩුවට තමන්ගේම සූදානමක් පැවැති අතර එහි, උද්ඝෝෂණ කරන කණ්ඩායම්වලට වඩා සහජීවනයෙන් පැවැතිණි. විරෝධතාකරුවන්ගේ මාර්ගය අවහිර කළ පොලිස් බලඇණි ඔවුන්ට අතරමග දී හමු විය. පොදු මාර්ගවල විරෝධතාවලට ඉඩ ලබානොදෙන බව පොලිසිය කළින්ම ප්‍රකාශ කළේය.

 

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආගමනයෙන් පසු, රජය නීතිය පටු ලෙස අර්ථකථනය කරමින් උද්ඝෝෂණ පැවැත්වීමේ විෂය පථය, මාර්ග අවහිර නොවන, සාමාන්‍ය ජනතාව අපහසුතාවට පත්නොවන සහ එතරම් අවධානයට ලක් නොවන ස්ථානවලට සීමා කරන ලෙස පොලිසියට නියෝග කරමින් සිටී.

 

np file 169744 870x489

 

මහජන විරෝධතා වේදිකාවේ තත්ත්වය මීට මාස හයකට පෙර තිබූ තත්ත්වයට වඩා සැලකිව යුතු ලෙස වෙනස් වී ඇත. ආණ්ඩුව පළවා හැරීමේ ව්‍යාපාරයේ උච්චතම අවස්ථාවට පැමිණියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමත් සමඟය. එදා විරෝධතාකරුවන් මාර්ග පමණක් නොව මුළු රටම වසා දමා විරෝධතාවලට සම්බන්ධ වූ බවක් පෙනෙන්නට තිබිණි. දූෂණයෙන් හා නොමනා පාලනයෙන් රට දිළිඳු බවට පත්කළ පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගැනීම මෙම විරෝධතා ව්‍යාපාරයේ ප්‍රධාන සටන් පාඨයක් විය. ආණ්ඩුවේ ඇතැම් නායකයන් නාවික හමුදා කඳවුරකට ගොස් ඇති බවට රාවයක් පැතිර යෑමත් සමග, තම බෝට්ටුවලට ඩීසල් නොමැතිකම නිසා කෝපයට පත් ධීවරයන් නාවික හමුදා කඳවුර අවහිර කර එයට ඇතුළු වීමට පවා උත්සාහ කරනු දැකගත හැකි විය.


අතීත විරෝධතාවන්ට හාත්පසින්ම වෙනස්ව, පසුගිය සතියේ පැවැති විරෝධතාවලට සහභාගී වූ දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති නායකයන් වඩාත් සුපරීක්ෂාකාරී වී තිබුණු අතර, ආරක්ෂක අංශවලට මුහුණ දීමට කැමැත්තක් දැකවූයේ නැත. විරෝධතාකරුවන් ගමන්ගත් මාර්ගයේ ඉදිරි ගමන වැළැක්වීම සඳහා පොලිසිය බාධක දමා තිබූ අවස්ථාවේදී ඔවුහු විරෝධතාව අත්හැර දැමූහ. විරෝධතාවයේ දී සිසුන් සහ රැඩිකල් දේශපාලන ක්‍රියාකාරීන් විසින් දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති නායකයන් වෙත හූ කියූ අතර, මාර්ග බාධක පෙරළා ඉදිරියට ගමන් කරන විට ප්‍රධාන ධාරාවේ නායකයන් තමන් සමඟ සිටිනු ඇතැයි ඔවුහු අපේක්ෂා කළහ.

 

එහෙත් ප්‍රචණ්ඩත්වයට තුඩු දිය හැකි ගැටුමකට මගපාදා නොදෙමින් ප්‍රධාන ධාරාවේ දේශපාලන නායකයන් සාමය ආරක්ෂා කළ බව දැකගත හැකිවිය. කෙසේවෙතත්, මහජනතාව දරිද්‍රතාවයට පත් කළ, අයුක්තියට එරෙහිව විරෝධතා දැක්වීමට මිනිසුන්ට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කිරීමට ඔවුහු එහිදී අසමත් වූහ.



ජයග්‍රාහී ප්‍රචාරණය



මහජන විරෝධතාවලට අවසර දීම රජය ප්‍රතික්ෂේප කිරීම සහ අත්අඩංගුවට ගැනීම් හා රඳවා තබා ගැනීම් මගින් විරෝධතාකරුවන්ට හිරිහැර කිරීම, සිය පළමු ප්‍රමුඛතාවය ලෙස මානව හිමිකම් ආරක්ෂා කරන පාර්ශ්වයන්ගේ බරපතල විවේචනයට ලක්ව තිබේ. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කර ඇති සහ පිළිගත් මූලික අයිතිවාසිකම් කඩ කිරීම සඳහා පොලිස් ආඥා පනතේ විධිවිධාන යොදා නොගත යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විරෝධතාවයට පෙර යළිත් අවධාරණය කළේය. මානව හිමිකම් කොමිසම මේ බව ප්‍රකාශ කරන ලද්දේ, සාමකාමී විරෝධතාවයට අවසර ලබා ගන්නා ලෙස පොලිසිය දැනුම් දී ඇති බව දන්වමින් වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන විසින් කොමිසමට ඉදිරිපත් කළ ලිපියකට ප්‍රතිචාර දක්වමිනි. පොලිස් ආඥාපනතේ 77 වගන්තියට අනුව සාමකාමී උද්ඝෝෂණවලට අවසර පවතින බව මානව හිමිකම් කොමිසම අවධාරණය කළේය. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ උත්තරීතර නීතිය බව කොමිසම පොලිසියට අනතුරු ඇඟවූ අතර, මූලික අයිතිවාසිකම් කඩ කිරීම බරපතල ප්‍රතිවිපාකවලට තුඩුදිය හැකි බව ද සඳහන් කළේය.


අනෙක් අතට, ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ මණ්ඩල හයක් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරන ලද්දේ, ආර්ථිකය ස්ථාවර කිරීමට ගන්නා උත්සාහයන් වළක්වාලිය හැකි විරෝධතා නැවත්වීමට රජයට මැදිහත්වන ලෙසයි. විරෝධතා හේතුවෙන් පැනනගින සෘණාත්මක ප්‍රචාරණය ආර්ථිකය පුනර්ජීවනය කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග, විශේෂයෙන් සංචාරක ව්‍යාපාරය පුනර්ජීවනය කිරීමට ගන්නා ප්‍රයත්නයන්වලට බරපතල ලෙස බලපානු ලබන බව වාණිජ මණ්ඩල වැඩිදුරටත් සඳහන් කළේය. ලංකා වාණිජ මණ්ඩලය (CCC), තරුණ ලංකා ව්‍යවසායකයින්ගේ මණ්ඩලය (COYLE), ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FCCISL), ශ්‍රී ලංකා අන්තර්ජාතික වාණිජ මණ්ඩලය (ICCSL), ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය(NCE) සහ කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (WCIC) එකාබද්ධව නිකුත් කරන ලද මෙම ප්‍රකාශය හරහා පවසන ලද්දේ, 'මේ අවස්ථාවේ සිදුවන ඕනෑම අස්ථාවර ක්‍රියාවක් සහ එයින් පැන නගින ඕනෑම සෘණාත්මක ප්‍රචාරයක් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම ඇතුළුව, ආර්ථිකය පුනර්ජීවනය කිරීමට ගන්නා ක්‍රියාමාර්ග බරපතල ලෙස අඩාල කරන බව' යි.


දේශපාලන ස්ථාවරත්වය යුගයේ අවශ්‍යතාවය බවට අවධාරණය කරමින්, ආණ්ඩුව මේ වන විට මහජන ප්‍රචාරක සටන ජය ගනිමින් සිටින බවක් පෙනෙන්නට තිබේ. බදු කපා හැරීම, අකාබනික පොහොර භාවිතය තහනම් කිරීම, මහා පරිමාණ දූෂණයට හමුවේ ඇස් පියා ගැනීම වැනි පසුගිය රජයේ ක්‍රියාමාර්ග හමුවේ, ආහාර උද්ධමනය සියයට 100ක් වන පරිදි සමස්ත උද්ධමනය සියයට 70 ඉක්මවා ඇති පසුබිමක, ආර්ථික පුනර්ජීවනයට ප්‍රමුඛත්වය දීමේ අවශ්‍යතාව අවිවාදිත සත්‍යයකි. ඒ අනුව වාණිජ මණ්ඩල හයේ ප්‍රකාශය, වත්මන් සන්දර්භය තුළ දේශපාලන ස්ථාවරත්වයේ අවශ්‍යතාවය සත්‍යයක් බවට පත් කරනු ලබයි. දේශපාලන ස්ථාවරත්වය වෙනුවෙන් ආර්ථිකය පුනර්ජීවනය කිරීම ධනවතුන්ට මෙන්ම දුප්පතුන්ටද අත්‍යවශ්‍ය සාධකයකි. එහෙත් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ හැසිරීමට අනුව, දේශපාලන ස්ථාවරත්වයට වඩා වැඩි යමක් අවශ්‍ය බවත්, සියල්ල මතුපිටින් පෙනෙන ආකාරයට නොපවතින බවත් දැකගත හැකිය.


අසමාන යෙදුම

 

වර්තමානයේ, රටේ පවතින ව්‍යාකූලත්වය වඩාත් හොඳින් පැහැදිලි කළ හැකි විකල්ප කථිකාවන් නිහඬ කර ඇත. අරගලයේ උච්ඡතම කාලයේදී වගවීම වෙනුවෙන් ඉල්ලීමක් නිර්මාණය විය. තරුණ විරෝධතාකරුවන් කියා සිටියේ ජාතික ආර්ථිකය බංකොලොත් කළ පුද්ගලයන්ට දඩුවම් ලබාදී,තමන්ගෙන් සොරාගත් වත්කම් රාජසන්තක කර, රාජ්‍ය භාණ්ඩාගාරයට භාරදිය යුතු බවයි. එහෙත් මහජන උද්ඝෝෂණ මර්දනය කිරීමත්, විරෝධතා නායකයන් අත්අඩංගුවට ගැනීමටත් සමගාමීව, දේශපාලන පක්‍ෂවලින් හෝ වාණිජ මණ්‌ඩලවලින් හෝ මේ ප්‍රශ්නවලට ප්‍රමුඛත්වයක්‌ නොලැබෙන්නේ දූෂණයත් සමග ජීවත්වීම අවශ්‍යතාවක් ලෙස හඳුනාගෙන ඇති නිසා විය හැකිය.

 

කෙසේවෙතත්, හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන සිවිල් සංවිධාන සහ පුද්ගලයන් අතලොස්සක් විසින් අධිකරණය වෙත මෙම කරුණු ගෙනගොස් ඇති අතර, එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය ඔවුන්ට සිය නඩු පවත්වාගෙන යෑමට අවසර ලබාදී ඇත. එසේම ඉදිරිපත්ව ඇති ප්‍රශ්නවලට වාර්තා සහ පිළිතුරු සපයන ලෙස රජයේ ආයතනවලට නියෝග නිකුත්කර තිබේ.

 

gas

 

විරෝධතා ව්‍යාපාරය යටපත් කරමින් සහ හිස් ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දිගු වාහන පෝලිම් අවසන් කරමින්, රටේ බාහිර පෙනුම යථා තත්ත්වයට පත් කිරීමට රජය ගත් උත්සාහයේ සාර්ථකත්වය විසින්, මහජනතාව මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා වසන් කර ඇත. එහෙත් මෙම සාමාන්‍ය බාහිර තත්වයේ පෙනුම රැවටිලිකාර බව, මහජන විරෝධතා අවසන් වූ වහාම අනුරාධපුරයේ සහ කුරුණෑගලදී ප්‍රජා නායකයන් සමඟ පැවති රැස්වීම්වලින් පැහැදිලි විය. ආණ්ඩු පක්‍ෂයේ බලකොටු ලෙස පැවැති එම ප‍්‍රදේශ දෙකෙහිම මේ වන විට ඇත්තේ මුළුමනින්ම රජය සමග විරසක හැඟීමකි. ව්‍යාපාරික මණ්ඩලවල හොඳ හිත සහ අවබෝධය කෙසේ වෙතත්, තමන් මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා සම්බන්ධයෙන් ජනතාව සිදුකරන මෙම ප්‍රකාශ රජයට සුබදායක නොවේ.


ගොවීන් නියෝජනය කරන ප්‍රජා නායකයන් කියා සිටින්නේ තම වගාවන්ට අවශ්‍ය පොහොරවලින් තුනෙන් එකක් පමණක් තමන්ට ලැබෙන බවයි. ගොවිතැනට අවශ්‍ය යෙදවුම්වල මිල වැඩිවීමත් සමඟ, සිය ඉලක්ක වෙත ගමන් කිරීම තමන්ට අපහසු වනු ඇති බව ගණනය කිරීම් ඔස්සේ ඔවුන් පෙන්වාදී ඇත. පෙරපාසල් ගුරුවරු පවා පෙන්වාදී ඇත්තේ උදෑසන ආහාරය ලබානොගන්නා බැවින් උදෑසන කාලයේදී ළමුන් ක්ලාන්ත වන බවයි. බිස්කට් සමාගම් විසින් සිය මිල ගණන් තුන් ගුණයකින් පමණ වැඩි කිරීමත් සමඟ ඔවුන්ට අනුභව කළ හැකි බිස්කට් දැන් දැරිය නොහැකි මිල ගණන්වල පවතී. මහජන විරෝධතාවලදී මෙම ගැටළු දෘශ්‍යමාන වන්නේ හෝ හඬක් සහිතව මතුවන්නේ නැති නමුත්, ඒවා මගින් බිම් මට්ටමේදී රජයට සුළු හෝ සහයෝගයක් නොමැති බව ඔවුන් සහතික කරනු ඇත.

 

ප්‍රධාන ධාරාවේ විරුද්ධ පක්ෂ විසින් පවත්වන සාමකාමී විරෝධතා ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංගයකි. අරගලයේ පළමු අදියර මෙම උපාය මාර්ගයේ පැහැදිලි උදාහරණයකි. ඒය ජනතාව එක්සත් කර, පොදු හඬ සාමාන්‍ය ජනතාවට ඇසෙන්නට සලස්වන මාර්ගයක් විය. එය ශ්‍රී ලංකාවේ සහ විදේශීය ප්‍රජාවගේ පරිකල්පනය ග්‍රහණය කර ගත්තේය. අනෙක් අතට, ගැටළු යටපත් කිරීම, අවසානයේ බොහෝ අවස්ථාවලදී පුපුරා යෑමට හේතු වී ඇති අතර, මෙය ව්‍යතිරේඛයක් විය නොහැකිය. රටේ තිරසාරභාවය සහ ස්ථාවරත්වය සඳහා වඩා හොඳ මාර්ගයක් වන්නේ, ගැටළු ආමන්ත්‍රණය කිරීම සහ හැඟීම් හා ආතතීන් ගොඩනැගීම වළක්වා ගැනීමය.කෙසේවෙතත්, විරෝධතාකරුවන්ගේ සාධාරණ ඉල්ලීම් ඉටුනොකරන තාක්කල්, රජය විසින් ආරක්ෂක හමුදාවන් ලවා නීතිය අසමාන ලෙස භාවිත කරමින් ක්‍රියාකිරීමේ අවදානමක් පවතී.

 

jehan 1

 

 

ආචාර්ය ජෙහාන් පෙරේරා

 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්