අද රටේ ප්‍රධානතම පුවත බවට පත්ව ඇත්තේ මේ ගල් අඟුරු ටෙන්ඩර් හා මිලදි ගන්නා කොම්පැණි ගැන සිවිල් ක්‍රියාකාරන් විසින් මතු කර තිබෙන ප්‍රශ්ණයයි.



සිවිල් ක්‍රියාකාරින් ගේ අරමුන තුල කිසිදු වංචාකාරි බවක් ගැන ඔවුන් කථා කරන්නේ රට වෙනුවෙන් වන අතර, ඔවුන්ගේ එකම අරමුණ රටට හොඳක් කිරිම බව පැහැදිලිය.

නමුත් ගැටළුව ඇත්තේ ඔවුන්ගේ ප්‍රශ්ණය හරහා සැගවුණු වංචාකරුවන්  මඩි තර කරගන්නට කරන සැලසුමයි. නිර්ව්‍යාජ සිවිල් ක්‍රියාකාරින් නොදැනුවත්ව ඔවුන් ලවා රටට වින කිරිමට සැරසෙන මේ කුට උත්සාහය අණාවරණය කිරිමට දැන් කාලය එලැඔ තිබේ.



2022 වර්ෂයේ අගෝස්තු මස තුල ශ්‍රි ලංකාවේ බල ශක්ති උත්පාදනය පිළිබඳ 2023 වසර සඳහා වන සැලසුමට අනුව ලංකා ගල් අඟුරු සමාගම විසින් තිරණය කලේ නැව් 33ක් 2022 ඔක්තෝම්බර් මස හා 2023 අප්‍රේල් මස අතර කාලය තුල ගෙන්විමට තිරණයකට එළැඹුණි.

 


කඩාකප්පල්කාරි ලෙස අවලංගු වු පලමු ටෙන්ඩරය:
zcaw


 ඒ අනුව මෙම මිලදි ගැනිම් වෙනුවෙන් පළමු ටෙන්ඩර් කැඳවිම  සිදුකරනු ලබන්නේ ඉලක්ක කාල සිමාවට මාස 09 ක් ඇති විටයි. ඒ 2022 වර්ෂයේ අගෝස්තු  මාසයෙදිමය.

එහිදි ප්‍රසම්පාදන ක්‍රියා පිළිවෙලින් පසු එම ටෙන්ඩරය දිනාගන්නේ "සුඑක්"(SUEK) නම් රුසියානු සමාගමයි. මෙය රුසියාවේ රජයට අයත් ප්‍රධානතම ගල් අඟුරු සැපයුම්කාර සමාගමකි. ඔවුන් මෙම ටෙන්ඩරය ලබා ගැනිමේදි මිලදි ගැනිමේදි ශ්‍රි ලංකාවට ණය සහන කාලයක් ද සහිතව මෙය ඉදිරිපත් කර තිබිම නිසා රට තුල පවතින ආර්ථික  අර්බුදකාරි තත්වය තුල මෙය ඉතා ථලදායි සැපයුම් ක්‍රියාවලියක් සේ විශ්වාස කෙරුණා.

නමුත් සිදුවුයේ කවුරුත් අපේක්ෂා නොකල දෙයක්. බලශක්ති ක්ෂෙත්‍රයේ විවිධ පාර්ශව හා සංවිධාන වල කඩාකප්පල් කාරින් පිරිසක් විසින් විවධ ක්‍රමවේද ඔස්සේ විරෝධය පල කරමින් අවසානයේ මෙම ටෙන්ඩරය අවලංගු කරවන තැනට කටයුතු කරනු ලැබුවා.

මෙන්න මේ ක්‍රියාවලිය එක්පසෙකින් ක්‍රියාත්මක වන විට අනේක් පසින් සිදුවන්නේ තවත් හරි අපුරු ක්‍රියාවලියකි.



මේ විරෝධතා මැද රුසියාව මෙම ටෙන්ඩර් ක්‍රියාවලියේ ඉවත් වන කාලය තුල ශ්‍රි ලංකාවේ ගල් අගුරු අවශ්‍යතාවයට සැපයුම ලබා දිමට ස්විස්සිංගප්පු (SWISS SINGAPORE) නම් විදේශ සමාගම කරලියට පැමිණිමයි. ඒ සදහා ඔවුන් ඉදිරිපත් කරන්නේ අමුතුම ජාතියේ යෝජනාවක්. ඒ අනුව අදාල සැපයුම් කිරිමට නම් ගල් අගුරු තොග වෙනුවෙන් සියයට සියක පෙර ගෙවුම් අත්තිකාරමක් ඩොලර් වලින් ලබා දිය යුතු බවත්, එය ලබා දුන් පසු අවශ්‍ය සැපයුම් කටයුතු සිදු කිරිමට ඔවුන් සුදානම් බවත්ය.



එම යෝජනාව රට පවතින තත්වය අනුව හිගන්නාගේ පාත්‍රයට හෙනහුරා කඩා වැටුනාට දෙවෙනි නොවිය.

විදේශ මුදල් සංචිත නොමැතිව කඩා වැටුන ආර්ථිකයක කටුක බව විදිමින් සිටින රටක ඉතිරි සොච්චම් ඩොලර් ප්‍රමාණයත් විදෙස් රටකට පුදා මේවන් ගනුදෙනුවක් කිරිමට අනුබල සැපයිම කොතෙක් දුරට සාධාරණ ද ? SWISS SINGAPORE සමාගම ලියන තිරනාටකයේ ජවනිකා ගැන තව දුරටත් අවබෝධ කර ගැනිම අපහසු කරුණක් නොවන්නේ මේ පිළිබදව හරියට විමසා බැලුවොත් පමණි.



SWISS SINGAPORE සමාගම  නිවි සැනසිල්ලේ යටින්ම ගේමක !



2022 ඔක්තෝබර් මසදි යළිත් මෙම ගල් අගුරු සැපයුම් පිළිබදව කථාව කරළියට එන විට ගල් අගුරු මේ රටට ගෙන ඒමට නිර්දේශිත කාලයේන් ඉතිරිව තිබුනේ මාස 7ක් පමණි. යළි ටෙන්ඩර් කැදවිමක් ඔක්තෝබර් මසදි සිදු කල අතර, ඒය LOLC සමාගම සහ තවත් චින සමාගමක් හිමි කර ගනු ලබනවා. නමුත් එම ටෙන්ඩරය අවලංගුවි යන්නේත් කිසිදු පැහැදිලි හේතුවකින් තොරව අද්භුත ජනක අකාරයටයි.


ඒ අතර වාරයේ මෙහි කලින් නම් සදහන් කල SWISS SINGAPORE සමාගම  නිවි සැනසිල්ලේ මේ රටේ ඉතිරිවි ඇති ඩොලර් ටිකත් ලබා ගනිමින් ගල් අගුරු සපයමින් සිය සැලසුම ක්‍රියාත්මක කරනවා. මෙසේ කවුරුත් දන්නේ නැති කවුරුත් සොයා බලන්නේ නැති මේ රටේ ප්‍රධාන අර්බුදයකට පාර කපන මාතෘකාව යට යනවා.

මේ කථාවේ ඉළග පරිචිජේදය යළිත් 2022 නොවැම්බර් මසදි කථා බහට එන්නේ අපුරු සිද්ධිමාලවක් සමගින්. ඒවර රජයේ පිළිගත් සම්මත ප්‍රසම්පාදන ක්‍රමවේදයක් වන ටෙන්ඩර් පටිපාටියට පරිභාහිරව E O I (කැමැත්ත පල කිරිමේ ක්‍රම වේදය) ක්‍රමය භාවිතා කරන්නට ලංකා ගල් අගුරු සමාගම කටයුතු කරනවා.



නමුත් මෙහි ඇති ක්‍රමවේදයන් ඔස්සේ කිසිදු නියාමනයකින්, වර්ගිකරනයකින් තොරව සැපයුම් කරුවන් විවිධ සන්නාමයන් යටතේ ලියා පදිංච් වුණා.ඉන් ඇරිස්ට්‍රෝ මිට්ට්‍රා නමි ඉන්දුනිසියානු සමාගමක් ශ්‍රි ලංකාවට අවශ්‍ය ගල් අගුරු සැපයිමට තෝරා ගැනුනා. නමුත් කෙටි කලේකින් ඔවුන් විවිධාකාර ගැටථ මතු කරමින්, ණය වර ලිපි සම්බන්ධයේන් විවිධ හේතු කියමින් ගල්අගුරු සැපයිමේ කොන්ත්‍රාත්තුවෙන් ඉවත් වුණා.



නොකෙරන වෙද කමට කොදුරු හත් පට්ටෙකුයි තව පොඩ්ඩකුයි ඕනැ කියාන්නා සේ ගල්අගුරු කථාවේ සැගවුණු සහ සගවන කථාව ටිකින් ටික එළියට එන්නේ මේ කාලයේදියි. නමුත් කිසිදු පාර්ශවයක් ඒ පිළිබදව විමසන්නට හෝ පොදු ජනතාව දැනුවත් කිරිමට පෙරට ඒමට කිසිවෙකුත් ඉදිරිපත් වුයේ නැත.

ඒ සැගවුනු කථාව අද මෙසේ අනාවරණය කෙරෙන්නේ රටේ ආර්ථිකයට එය සෘජුවම බලපාන කරුණක් නිසාමය.



SWISS SINGAPORE සමාගම මේ වන විට කිසිදු ණය සහන පහසුකමකින් තොරව මේ රටේ ඉතිරි ඩොලර් සංචිතත් හිංද වමින් ඒ වන විටත් මේ රටට රැගෙන ආ ගල්අගුරු නැව් ගණන 21 විය. නමුත් කථාව එතනින් අවසාන වන්නේද නැත.



ශ්‍රි ලංකාවට මුහුදු මාර්ගයේන් ගල්අගුරු ගෙන ඒමට නිර්දේශිත කාල පාරාසය අප්‍රේල් මාසයේන් අවසන් වන්නේ මුහුද වාරකන් කාලයේදි රළු වුවිට ගල්අගුරු ගෙන ඒමට හැකියාවක් නොමැති බැවිනි. සාමාන්‍යයෙන් නෞකාවක් ඇණවුම් කල දිනයේ සිට මේ රටට ළගාවන්නට ගතවන කාලය දින 30 කි. ඒ අනුව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව EOI ක්‍රමවේදය හරහා ලියා පදිංචි වි සිටි දෙවන සහ තුන්වන පාර්ශවයන්ට ඉතිරි නැව් 12 සමානව බෙදි යන අකාරයේන් ගල්අගුරු මෙරටට ගෙන ඒමට  අවස්ථාව සලසන ලෙස ලංකා ගල්අගුරු සමාගමට දන්වා සිටින ලදි.

නමුත් මේ වන විට නිර්දේශිත කාලය අවසන් විමට ඇත්තේ තව දින 60ක් පමණි. මෙම නිශ්චිත කාල සිමාව තුල ඉහත කි 2 වන සහ 3 වන පාර්ශවයන් මෙම ඇණවුම ලබා දිමට කටයුතු කල යුතුයැයි කියන අතරම මෙම කැබිනට් පත්‍රිකාවේ තවත් අපුරු අනු සටහනක් යොදන්නටද කටයුතු කර ඇති අතර එම සටහනෙන් කියවෙන සැලවුණු කථාවක් ඇති බව කාටත් පැහැදිලි කර ගැනිම අසිරු නොවේ.

z.cv

zvnk

බළලා මල්ලේන් එළියට පනී !


බළලා මල්ලේන් එළියට පනින්නේ මෙතනදිය.


 "අදාල නැව් 12 සමානව බෙදි යන ලෙස ඉහත පාර්ශව දෙකට ගල්අගුරු ගෙන්විමට ලබා දිය යුතු අතර එලෙස ගෙන්විමේ යම් අපහසුතාවක් වේ නම් නැව් 21 කින් ගල්අගුරු ආනයනය කල සමාගමටම මෙම ඇණවුමත් ලබා දිය යුතුය”. යනුවෙන්  එහි සදහන් කර තිබුනි. මේ නොකියා කියන්නේ රටේ ඉතිරි ඩොලර් සංචිත ටිකත් සුරා කන්නට SWISS SINGAPORE සමාගමටම දෙන්න කිය නොවේද?


ඒ ගැන හඩක් නැගිමට කිසිවෙකුත් අවදානයක් නොදැක්විම පුදුම සහගතය.

සිවිල් සංවිධාන, සිවිල් ක්‍රියාකාරින් හා මාධ්‍ය ඉලක්ක කොට පහර දෙන්නේ ණය පහසුකම් ලබා දෙමින් රුපියල් මගින් ගනුදෙනු කරමින් මෙරට පවතින ආර්ථික අර්බුදයට ගැලපෙන ලෙසින් විනිවිදභාවයකින් යුක්තව ගල්අගුරු සැපයුමට සුදුසුකම් ලැබු සමාගම් 2කට පමණි.

මෙම සමාගම් දෙක එකගත්වය පළකර ඇති ප්‍රධාන කරුණු 3කි.

1. ගල්අගුරු මෙරටට ගොඩබැපසු මෙරට බලශක්ති උත්පාදනය කිරිමට යොදා ගන්නා ධාරිතාව මත කොටස් වශයෙන්  පියවිමට අවස්ථාව ලබා දිමය.

2. එම ණය සහන කාලය දින 200 උපරිමයක් දක්වා දිර්ඝ කිරිම.


නමුත් අද සැම අතකින්ම පහර ගසන්නට උත්සහා කරන්නේ එවැනි සහන රැසක් සමගින් ශ්‍රි ලංකාවට තරමක හෝ හිත කර සැලසුම් ඉදිරිපත් කල සමාගම් 2ට මිස මෙරට විදේශ මුදල් සංචිත සුරා කන SWISS SINGAPORE සමාගමට නොවිම තුල ඇති සැගවුණු කථාව කුමක්ද?

මේ සියල්ල තව දුරටත් රහසක් නොවන්නේ මේ වන විට ඔවුන් විසින් හසුරුවන බලවේග ශ්‍රි ලංකාවේ සැබැ ධානාත්මක වෙනසක් වෙනුවෙන් සටන් කරන සිවිල් සංවිධාන, සිවිල් ක්‍රියාකාරින් ඔවුන්වත් නොදැනුවත්ව තම කුට වෙළද උපක්‍රම වලට යොදා ගෙන ඇති අකාරය දැන් දැන් කරලියට එන නිසාය.

සිස්ටම් චෙන්ජ් වෙනුවෙන් අරගල කරන සියල්ලන්වම වංචනික ලෙස තම ව්‍යාපාරික අවස්ථා සදහා වක්‍රාකාරව යොදා ගැනිම කොයිතරම් නිර්ලජ්ජිතද?

හරි වැරැද්ද තෝරා ගන්නට කාලය පැමිණ ඇත…

1. අද ගල්අගුරු වංචාවක් ගැන කියමින් කරළියට එන කිසිවෙක් SWISS SINGAPORE සමාගමේ ඩොලර් සුරා කැම ගැන කථා කොකරන්නේ නොදන්නා කම නිසාද? නොදන්නාසේ සිටින නිසාද?

2. ශ්‍රි ලංකාව මින් පෙර ආර්ථික අර්බුද කාරි අවස්ථාවල නොසිටි විටදි පවා සහන ණය පහසුකම් මත ගල්අගුරු ආනයනය කිරිමට ඉල්ලුම් නොකලේ ඇයි?

3. මින් පෙර ලංකා ගල්අගුරු සමාගම විසින් ටෙන්ඩර් කැදවිමේදි මෙම SWISS SINGAPORE සමාගම ඒ සදහා නිතියානුකුලව ඒ සදහා ඉදිරිපත් නොවුයේ ඇයි?

4. කිසිදු නම්‍යශිලිත්වයක් නොමැති, ශ්‍රි ලංකාවේ වත්මන් ආර්ථික තත්වය පිළිබද දැන දැන සියට සියක් පෙර ගෙවුම් ක්‍රමවේදය මතම එල්බ ගෙන සිටින SWISS SINGAPORE සමාගමට මේ ආකාරයේන් හැසිරිමට ලැබෙන රාජ්‍යයාන්ත්‍රණයේ අනුග්‍රහය සහ සමහරක් කුප්ප්‍රකට නිලධාරින්ගේ සහයෝගිත්වය හෙළිදරච්කිරිමට සිවිල් ක්‍රියාකාරින් තවමත් අපොහෝසත් ඇයි?



අද ජනතාව හමුවේ සත්‍ය හෙළිදරව් කිරිමටත් සැබැ වංචාව කුමක්දැයි පහදා දිමට සිවිල් ක්‍රියාකාරින්ට විශාල වගකිමක් පැවරේ.


මෙම ගල්අගුරු නැව්12 ශ්‍රි ලංකාවේ බල ශක්ති ඉතිහාසයේ සුවිශේෂී හැරවුම් ලක්ෂයක් සටහන් කරන තිරණාත්මක සාධකයකි. ඉතිහාසයේ පලමු වරට ගල්අගුරු ඇණවුම් සදහා ගෙවිම් කිරිමට ණය සහන කාලයක් ලබා දිමත් එම කාලය මෙරට  එම ගල්අගුරු භාවිතා කර බලශක්ති ‍ක්ෂෙත්‍රයේ කටයුතු සිදු කරන අතර තුර එම මුදල ශ්‍රි ලංකා මුදලින් පියවිමට අවස්ථාව ලබා දිමත් බංකොලොත්වු රටක්යයි ලොවක් හමුවේ හංවඩු ගැසුණු පසුබිමක මෙවන් සහනයක් ලබා දිමත් වංචාවක්ද?


අද මහජනතාවටත් සිවිල් ක්‍රියාකාරින්ටත් රට වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් තිරණයක් කරන්නට ඇත්තේ කාරණා 2ක් පමණි.

1. රටට වාසි සහගත ලෙස ගල්අගුරු සපයන්නට විනිවිදභාවයකින් යුක්තව ඉතාමත් සිමිත කාල පරාසයක් තුල අතිශය සංකිර්ණ ක්‍රියාවලියක යෙදි සිටින මෙම සමාගම් 2ක් එළවා දමා සුපුරුදු හොරකම රාජ්‍ය අනුග්‍රහයේන් සිදු කිරිමට ඉඩ දෙනවාද?

2. නැතිනම් හොරුන්ගේ සැලසුම් හා හොරකමේ ඇත්ත කථාව රටට හෙළිකර හොරකම වලකනවාද?


මේ කථාවේ හොදම විහිළුව නම් ඉතිහාසයේ අප අසා තිබුනේ මෙවන් මගඩි සදහා උඩගෙඩි දෙමින් වාසි ලැබු දේශපාලකයින් ගැනය. නමුත් මෙම සිද්ධියේදි SWISS SINGAPORE සමාගමට මේ කාර්ය කිරිමට උපකාර කරන්නේ මෙරට මුදල් අමාත්‍යංශයේ සේවය කර විශ්‍රාමලත් උසස් නිලධාරියෙකි. ඔහුගේ මෙම බල පරාක්‍රමයට හේතුව වත්මන් ජනාධිපතිවරයාගේ සමීපතමයකු වීමද?


බට දිගේ කාගෙ සාක්කුවට ගියත් යන්නේ මහජන මුදල්ය. රටින් පිටතට යන්නේ මෙරට ආර්ථිකය ස්දක්තිමත් කිරීමට ඇති විදේශ මුදල් සංචිතය. ඒ නිසා මීට එරෙහි විය යුතුමය. සැඟවුණු සෑබෑ සත්‍යය සොයා යා යුතුමය.

නැතිනම් සිදු වන්නේ සත්‍යයෙ නාමයෙන් සටන් වැද පොදු ජනතාව ගිමන් හරිද්දි කුට ජාවාරම් කරුවන් පස්සා දොරින් රටම හොරා කෑමය.

සැබෑ සතුරා හඳුනාගමු.

(Truth first විශේෂ සටහන්කරු)
 

 
 
 
 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්