ලිංගිකත්වයේ උච්ඡ ස්ථානයක සිටිය යුතු සහස්‍රකයන් (millennials - 1981 සිට 1996 දක්වා කාලයේ ඉපදුණු තැනැත්තන්)

ලිංගිකත්වය විරහිත කාල වාර්තා කරන්නේ ඇයි?

"අපේ විවාහයේ පළමු වසර (කිහිපයේ) අපිට ඉතා හොඳ ලිංගික ජීවිතයක් තිබුණා.. නමුත් ඔහු වයස්ගතවත්ම (දැන් ඔහුට වයස 30 යි) ඔහු තවදුරටත් ලිංගික සබඳතා ගැන උනන්දුවක් නැහැ."

මෙය Reddit සමාජ මාධ්‍ය අවකාශයේ r/DeadBedrooms නම් subreddit සාකච්ඡා කණ්ඩායමේ ("ලිංගික සබඳතා අතිශය දුලබ Reddit පරිශීලකයන්ගේ සාකච්ඡා කණ්ඩායම" ලෙස ස්වයංව හැඳින්වූ කණ්ඩායමක්) නිරන්තරයෙන් දැකිය හැකි ප්‍රතිචාරයන්ගෙන් එකකි. අතිශය කලකිරීමෙන් යුතුව පළවන මෙවැනි අතුරු කතාවන් බහුලව පවතින්නේ අතිශය දුර්වල හෝ ලිංගික සබඳතාවන් ඇත්තේම නැති පුද්ගලයින් අතර ය. "ඇයි ඔහු මාත් එක්ක ලිංගිකව එකතු වෙනවට වඩා ස්වයංවින්දනයට කැමති?" එක් තැනැත්තියක එලෙස විමසයි. එම Subreddit කණ්ඩායමේ පෙනුම සාපේක්ෂව අසතුටුදායක එකකි : "උපදෙස් හැමවිටම අගය කරනු ලැබේ," එහි විස්තරයෙහි දැක්වේ. "අපි ඒ සියල්ල අහල තියෙනවා නම් පුදුම වෙන්න එපා ."

i487rfmj

මෙවැනි කතාබහ, දශක ගණනකට පෙර තමන් අත්විඳි ලිංගික අත්දැකීම් තවදුරටත් පවත්වා ගැනීමට වෙර දරණ වැඩිහිටි යුවළ විසින් පළ කරනු ලැබේ නම් ස්වභාවික වන නමුත්, බොහෝ කතාවන් පළකොට ඇත්තේ ඔවුන් විසින්ම හඳුන්වා දෙන පරිදි තමන්ගේ ජීවිතයේ අවුරුදු විසි තිස් ගණන්වල අගභාගයේ ජීවත්වන පිරිස් විසිනි. සමහරුන් විවාහය හෝ දරුවන් විසින් ඔවුන්ගේ ලිංගික ජීවිතයට නැවතීමක් තැබූ බව පවසති; අනෙක් අය පවසන්නේ ඔවුන්ගේ "කාමරාගය අඩු" ස්වාමිපුරුෂයින්ට ඕනෑතරම් කාමුක චිත්‍රපට නැරඹිය හැකිවුවත් තමා සමග උද්දීපනය විය නොහැකි බවයි. ඒ අතර "මියගිය නිදනකාමර" ගැන දැනුම්දෙන ඉතා විශාල සහස්‍රකයන් පිරිසකගේ දුක්ගැනවිලි වලින් ලැයිස්තුව තවත් දිග්ගැස්සෙයි.

සහස්‍රකයන් ඔවුන්ගේ ජීවිතයේ ලිංගිකත්වයෙන් උච්ච ස්ථානයක හෝ ඒ ආසන්නයේ සිටිය යුතු වුවත් ඒ පරම්පරාවේ සමහරුන් "ලිංගිකත්වයෙන් ඈත්ව" වෙසෙන බව ලොව නන් දෙසින් වාර්තා වෙයි. සමාජ මාධ්‍යයෙහි පවතින r/Deadbedrooms ඇතුළු සහස්‍රකයින්ගේ ගිණුම් හා සංසද, විශේෂයෙන්ම විවාහ වූ හා දිගු කාලයක් යුවළ ලෙස සිටින සහස්‍රකයින් පිළිබඳව මේ කරුණ තහවුරු කරයි.

ආසන්න දිනක සිදුකරන ලද සංඛ්‍යා දත්ත ලේඛනයක් මීට සමාන කතාවක් පවසයි. ඉන්ඩියානා විශ්වවිද්‍යාලයයේ කින්සි ආයතනය, ලිංගික උපකරණ අළෙවි කරන Lovehoney ආයතනය හා එක්ව 2021 වර්ෂයේ දී එක්සත් ජනපදයේ වයස අවුරුදු 18 සිට 45 දක්වා වැඩිහිටියන් ආශ්‍රයෙන් සිදුකරන ලද සමීක්ෂණයකට අනුව, විවාහකයින් අතරින් "පසුගිය වර්ෂයේ ලිංගික ආශාව පිළිබඳ වාර්තා කළ ප්‍රශ්න" අතරින් බහුතරයක් යොමුකොට ඇත්තේ සහස්‍රකයින් විසිනි. සමීක්ෂණය පෙන්වා දෙන පරිදි විවාහ වූ සහස්‍රකයින්ගෙන් 25.8%ක් මෙම ගැටලුව වාර්තාකර ඇත්තේ, Z පරම්පරාවෙන් 10.5%ක් හා X වැඩිහිටි පරම්පරාවෙන් 21.2%ක් පමණක් මෙම ගැටලුව වාර්තා කරන තත්ත්වයක දී ය.

කෙසේ නමුත් "ලිංගිකත්වය පිළිබඳ අඩු ආශාව හා ලිංගික සබඳතාවන්ගෙන් තොර විවාහ යන ද්විත්වය අත්‍යවශයෙන්ම සමාන නොවනබව" කින්සි ආයතනයේ පර්යේෂකයෙකු වන ජස්ටින් ලෙමිලර් පවසයි. "විවාහයේ එක් පාර්ශවයක් හෝ දෙපාර්ශවයම ලිංගික ආශාව පහළ වැටීමේ අත්දැකීමකට මුහුණදුනහොත් ලිංගිකව එක්වීමේ වාර ගණන සාමාන්‍යයක් ලෙස පහත වැටෙන අතර මේ නිසා ලිංගික ආශාව නැතිවීම පළමුකොටම විවාහයන් ලිංගිකත්වයෙන් තොරවීමට බලපාන ප්‍රධානතම හේතුව" බව ද තවදුරටත් ඔහු සඳහන් කරයි.

ඇත්තෙන්ම මේ සිදුවන්නේ කුමක්ද? ලිංගික චිකිත්සකයින් සහ පර්යේෂකයින් සහස්‍රකයින්ගේ ලිංගික හැසිරීමෙන් තොර විවාහයන් සඳහා හේතු ලෙස, ඔවුන්ගේ වර්තමාන ජීවිත අදියරයේ සිට අන්තර්ජාලයෙන් සිදුවන 'සර්වබලධාරී' බලපෑම දක්වා වූ විවිධ හේතු යෝජනා කරයි. නිදන කාමරයේ ලිංගික සබඳතා කැඩීබිඳී යාමට හේතුවන නිශ්චිත හේතුසාධක නොසළකා හැරියත්, මෙම පරම්පරාව පමණක් මුහුණ දෙන, ඇතැම් විට මින් පෙර නොදුටු බාධක ප්‍රමාණයක් ඔවුන්ට යහපත් ලිංගික ජීවිතයක් පවත්වා ගැනීමට නොහැකි වන ලෙස ඔවුන්ගේ ලිංගික ජීවිත අවහිර කර ඇත.

dtdrt4


ලිංගික සම්බන්ධයකින් තොර 'අලිංගික' විවාහයක ව්‍යුහය

ලිංගික සම්බන්ධයකින් තොර 'අලිංගික' විවාහයක් හඳුන්වාදිය හැකි නිර්වචන කිහිපයක් ඇත. එකක් වචනාර්ථයෙන් හැඳින්වීම යි: යුවළක් කිසිදු ලිංගික සබඳතාවක් දිගු කාලයක් පුරාවට පවත්වා නොගැනීම යි. ලිංගික සම්බන්ධයකින් තොර 'අලිංගික' විවාහයක් හඳුනාගැනීමට බොහෝවිට යොදාගනු ලබන අනෙක් අර්ථකතනය නම් වසරකට සිදුවන ලිංගිකව එක්වීම් 10ට වඩා අඩුවීම යි.

BBC Worklife සමග අදහස් දැක්වූ විශේෂඥයින්ට මේ පිළිබඳව විවිධ අදහස් පැවතුණි. නිව්යෝක් නගරය පදනම් කරගත් ලිංගික චිකිත්සකයෙකු වන ස්ටීවන් සින්ඩර්, "මම සාමාන්‍යයෙන් 'අලිංගිකයි' ලෙස හිතන්නෙ වසරකට සිව් වතාවක් හෝ ඊට අඩුවෙන් ලිංගිකව එක්වීම් සිදුවී ඇත්නම්. එයත් මාස තුනකට වතාවක් ලිංගිකව එක්වීම දෙපාර්ශවයම අතිශය සතුටට පත්වන කරුණක් නම් හැර," යනුවෙන් පවසයි. ලිංගික චිකිත්සකයකු සහ මනෝචිකිත්සාව පිළිබඳ UCLAහි වෛද්‍ය විද්‍යාලයයේ සහකාර මහාචාර්යවරයකු ද වන කිම්බර්ලි ඇන්ඩර්සන් "ලිංගිකත්වය අඩු" විවාහ ලෙස හඳුන්වන්නේ වසරකට 25 වතාවකට වඩා අඩුවෙන් ලිංගිකව එක්වීම් සිදුවන අවස්ථාවකි. අනෙක් අය පවසන්නේ එය සම්පූර්ණයෙන්ම පුද්ගල නිශ්‍රිත බව යි - යුවලක් ඔවුන් ලිංගිකව එක්වන වාර ගණන පිළිබඳව අසතුටුදායක නම් එතැන ආමන්ත්‍රණය කළ යුතු මට්ටමේ ප්‍රශ්නයක් ඇති බවයි.

අලිංගික හෝ ලිංගිකත්වය අඩු විවාහ සඳහා විවිධ සාධක හේතු වේ. කැලිෆෝනියාව පදනම් කරගත් ලිංගික චිකිත්සකයකු වන ක්‍රිස්ටීන් ලොසානො පවසන පරිදි "ආශාවන් වල විෂමතාවක්" ඇත්නම් සහ යුවළ එම විෂමතාවය නිසි ලෙස ආමන්ත්‍රණය නොකරන්නේ නම් කාලයත් සමග එම අසමතුලිතතාව වර්ධනය විය හැකි බව යි. උදාහරණයක් වශයෙන් යුවලක ලිංගිකත්වය වැඩියෙන් අවශ්‍ය පාර්ශවය එයට මුලපිරීමට යාමේ දී දිගින් දිගටම ප්‍රතික්ෂේප වනවා නම්, එය ඒ පුද්ගලයාගේ ආත්මාභිමානය හීනවීමට හා ලිංගිකත්වය අතහැරදැමීමට හේතු වේ. ඒ අතරම ප්‍රතික්ෂේප කරන පාර්ශවයට එය අතිශය වරදකාරී හැඟීමක් ලෙස දැනිය හැකි අතර මේ තත්ත්වයන් දෙකම එකතු වූ විට ලිංගිකව උද්දීපනය වීම සඳහා එය තවදුරටත් වඩාත් නරක තත්ත්වයන් ඇති කරයි.

සෞඛ්‍යය හෝ මානසික සෞඛ්‍යය සම්බන්ධ ප්‍රශ්න ඇතුළු අනෙකුත් සාධක ද, ලිංගිකව එක්වීම සිදුනොකළ හැකි දෙයක් බවට, වේදනාසහගත, අපහසු, හෝ අනවශ්‍ය දෙයක් බවට පත්කිරීම මඟින් මෙවැනි තත්ත්වයක් සඳහා දායක විය හැකි ය. දරුවන් හෝ රැකියා නිසා ඇතිවන කාර්යයබහුල ජීවිතය මෙන්ම එකිනෙකාගේ ආශාවන් ගැන ඇති දුර්වල සන්නිවේදනය ද ලිංගිකත්වය සමීකරණයෙන් ඉවත් කිරීමට හේතු වේ.

මෙම සාධක අලිංගික විවාහයන් සඳහා දායකවුවත් එය කිසියම් නිශ්චිත පරම්පරාවකට වෙන්වූවක් නොවේ. සමහර විශේෂඥයින් අලිංගික සබඳතා අත්විඳින පාර්ශවයන් සහ ඒ ඔවුන්ගේ ජීවිත කාලයෙ කිනම් කාලයක ද යන්නෙහි වෙනස්වීමක් සළකුණුකොට ඇත.

"යුවළවල් අලිංගිකබවට පත්වීමට ගතවන කාලය කෙටිවී ඇති" බව සැන්ෆ්‍රැන්සිස්කෝ පාදක කරගත්, වසර 20ක් පුරාවට සේවා සපයා ඇති ලිංගික චිකිත්සකයකු වන සෙලෙස්ටි හර්ෂ්මාන් විශ්වාස කරයි. ඇය දැක තිබුණේ යුවළ එකිනෙකා හා ලිංගිකව එක්වීම් නතර කිරීමට වසර 10ත් 15ත් අතර කාලයක් ගන්නා බව යි. "දැන් එය වසර 3 සිට 5 දක්වා කාලයක් තුළ සිදුවනවා," ඇය පවසයි.

වසර 30 කට වැඩි කාලයක් ලිංගික චිකිත්සකයකු ලෙස සේවය කරන ඇන්ඩර්සන් පවසන පරිදි ඇය සේවය ආරම්භ කළ කාලයේ සිට අද වන විට අලිංගික විවාහයන්ගේ ජනවිකාශනය අත්‍යවශයෙන්ම වෙනස් වී ඇත. "වසර 30කට පෙර මම අලිංගික විවාහයන් සඳහා ප්‍රතිකාර කළ යුවළවල් බොහෝමයක් වයස 50ට වැඩි අය යි," ඇය පවසයි. ඒ, හෝමෝන වෙනස්වීම සහ වයස්ගතවීමත් සමග ඇතිවන රෝගයන් හේතුවෙන් ඇතිවන ලිංගික ලුබ්ධිය අඩුවීමේ තත්ත්වයන් සමග පොරබදන පිරිස් ය.

කෙසේනමුත් අද වනවිට ඇන්ඩර්සන් දකින පරිදි අලිංගික විවාහ ජීවිත ගතකරන බොහෝමයක් යුවළ වයස 45 හා ඊට අඩු පිරිස යි. "ඒවා වයස්ගත යුවළවල් සඳහා පැවති හා පවතින අභ්‍යන්තර ගතිකයන්ට වඩා වෙනස්" බව ඇය පවසයි.


ආතතියේ බර

විශාල ආතතියක් ඕනෑම කෙනෙකුගේ ලිංගික ජීවිතයට බාධාවක් විය හැකි අතර, විශේෂයෙන් ම සහස්‍රකයන් තුළ කෝටිසොල් (ආතති හෝමෝනය) වැඩි වශයෙන් අඩංගු වේ. ලෙමිලර් පවසන්නේ, "ආතතිය ලිංගික ලුබ්ධිය නසන ප්‍රධාන ම හේතුවක් වන අතර X පරම්පරාව සමග සංසන්දනය කිරීමේ දී සහස්‍රකයන් යනු විවිධ ආකාරවලින් විශේෂයෙන් ම ආතතියට පත් වූ කණ්ඩායමක්" බවයි.

ජීවිතයේ ප්‍රධාන අවධීන් ද එක් සාධකයකි. බොහෝ සහස්‍රකයෝ, මිනිස් ජීවිතයේ බරපතළ අවධියක් වන දෙමවුපියන් බවට පත්වීමේ හෝ කුඩා දරුවන් සිටින වයසේ සිටිති. 2018 දී එක්සත් රාජධානිය පදනම් කරගත් උපදේශන ජාලයක් වන Relate (ආයතනය) සිදු කළ අධ්‍යයනයක දී, වයස තිස් ගණන්වල පසුවන 61%ක් තමා කැමති ප්‍රමාණය වඩා අඩුවෙන් ලිංගික ක්‍රියාකාරකම් සිදුකර ඇති බවට වාර්තා වී තිබෙන්නේ "කුඩා දරුවන් සිටින නිසා" වන අතර, "දරුවන් ලැබීමේ සිට ලිංගික ලුබ්ධිය අහිමිවී ගිය බව" 31%ක් පවසා තිබේ. වෙනත් පරම්පරාමය අරගල ද ආතතියට හේතු වෙයි: නිවසක් මිලට ගැනීම වැනි ජීවිතයේ සංධිස්ථාන සපුරාගැනීමේ දී සකස්‍රකයන් ඔවුන්ට පෙර පරම්පරාවල අයට වඩා දැනටමත් පසුපසින් සිටින අතර දැන්, මිල ගණන් ඉහළ යාම සහ විශාල ශිෂ්‍ය ණය සහස්‍රකයන් මූල්‍යමය වශයෙන් පීඩාවට පත් කරයි.

කෙසේ වෙතත් වර්තමාන රැකියා ස්ථානයේ තත්ත්වය අන් සියල්ලට ම වඩා ආතතියට මෙහෙයවයි. 2022 මැයිහි දී, ගෝලීය උපදේශන සමාගමක් වන Deloitte විසින් රටවල් පහක එකතු කරන ලද දත්ත හෙළි කරන්නේ සහස්‍රකයන්ගෙන් 38%ක් දැවැන්ත ලෙස අයහපත් මානසික සෞඛ්‍යක් වාර්තාකර තිබෙන බවත්, විශේෂයෙන් ම පිරිමින් 36%කට සාපේක්ෂව කන්තාවන් 41%ක්, වැඩකිරීම සමග ඇතිවන කාංසාව විසින් එම තත්ත්වයට මෙහෙයවා ඇති බවත් ය.

ඇත්ත වශයෙන් ම, සහස්‍රකයන් වැඩකරන පරිසරය කිසිවිටකත් ස්ථාවර ව හෝ අඩු ආතතියක් තිබුණු තැනක්ව තිබී නැත. "උදාහරණයක් වශයෙන්, බහුතරයක් සහස්‍රයකයන් ඔවුන්ගේ රැකියා ජීවිතය ආරම්භ කළේ මහා ආර්ථික අවපාතය මැද යි," ලෙමිලර් පවසයි. නමුත් කොවිඩ්-19 වසංගතයේ අමතර බර ඔවුන්ට තවත් ගැටුම්කාරී තත්ත්වයක් රැගෙනවිත් තිබේ.

"දැවැන්ත තාක්ෂණික වෙනස්කම් සිදුවන කාලවකවානු අතරතුර දී මිනිසුන් වඩාත් වෙහෙස මහන්සි වී වැඩ කිරීමට නැඹුරු වනවා," ස්නයිඩර් පවසයි . එමෙන් ම දත්තවලින් පෙන්වන්නේ සහස්‍රකයන් වැඩ සඳහා ම විශේෂයෙන් කැප වී සිටින අය බවයි. පමණට වඩා වැඩ කිරීම නිතර ම අධික තෙහෙට්ටුවට හේතුවක් වන අතර එය නිතර ම දිගු දවසක් අවසානයේ යුවළවලට ලිංගිකව හැසිරීම අතෘප්තිකර දෙයක් කිරීමට හැකි ය. එය නිතර නිතර සිදුවන්නේ නම් මෙම විශේෂඥයන් පවසන රටාව අනුව එම තත්ත්වය අත්විඳීමට සිදුවේ. මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳ කණස්සල්ල ප්‍රශ්නය තවත් නරක අතට හරවයි. “බරපතළ මූල්‍ය ගැටලු සමග ඒකාබද්ධ වූ කාංසාව සහ ආතතියේ ඉහළ මූලික අනුපාතයන්, අධික ආතතිය සහ අවම ලිංගික ආශාවක් ඇති කරන සංයෝජනයක්" බව ලෙමිලර් පවසයි.

zxdstsret

සමාජ මාධ්‍ය, කාමුක දර්ශන සහ පිරිහෙමින් පවතින ලිංගික ජීවිත

අන්තර්ජාලයේ බලපෑම ද අත්හැර දැමිය නොහැකි ය. ස්නයිඩර් 'සමාජ මාධ්‍ය' විස්තර කරන්නේ ලිංගිකත්වය වැනි කායිකව සිදුකරන අන්තර්පුද්ගල සම්බන්ධතා වලින් "විකර්ෂණය වීමක්" ලෙස වුවත් හර්ෂ්මන් විශ්වාස කරන්නේ 'අලිංගික' විවාහ සඳහා දායකවීමේ එහි භූමිකාව තවත් බොහෝ ගැඹුරු එකක් බවයි. සැබෑ ලෙස ම විශාල වශයෙන් සමාජ මාධ්‍ය භාවිතයට යොමු වූ පළමු පරම්පරාව වන සහස්‍රකයන් අතර "රූපමය විඥානය" වැඩිවීමට එය හේතුවක් වී තිබෙන බව ඇය පවසයි.

ඇත්ත ජීවිතයේ නොමැති ෆිල්ටර් සහ ටච්-අප් සමගින්, මෙම වේදිකාවල පරිපූර්ණව ඉදිරිපත්වීමේ අවශ්‍යතාවය මිනිසුන්ට දැනී ඇති බව ඇය පවසයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් මිනිසුන්ගේ නිදන කාමර තුළට සහ විවාහයන් පසුපස හඹාගොස් ඔවුන්ගේ ශරීර ගැන ඇති විශ්වාසයන් අඩු කිරීමට තම සිරුර ගැන උවමනාවට වඩා සිතීමෙන් ඇතිවන සබකෝලයට හැකි ය. 2018 වර්ෂයේ Relate දත්තවලට අනුව, අවම ලිංගික සබඳතාවයක් ඇති අවුරුදු 30ට අඩු අයගෙන් 37%කට තම සිරුර ගැන උවමනාවට වඩා සිතීමෙන් ඇතිවන සබකෝලය ඇති බවට වාර්තා වී ඇති අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි අයගෙන් එය තිබී ඇත්තේ 14%කට යි.

විශේෂඥයන් එකඟ වන්නේ සමාජ මාධ්‍යවලට අමතරව, සහස්‍රකයන්ගෙන් බහුතරයක් කාමුක දර්ශනවලට පුළුල් ව අන්තර්ජාලය හරහා පිවිසීමේ හැකියාව ලැබුණු කාලයත් සමග නිසි වයසට පැමිණි පසු කාමුක දර්ශන ඔවුන්ට දැවැන්ත බලපෑමක් වී ඇති බවයි. මෙය සැබැවින් ම පෙර පරම්පරාවලට වඩා විශාල වෙනසකි. "20 වන සියවස තුළ දී, ඇතැම් තරුණයන් කාන්තාවන් වැඩි ප්‍රමාණයක් සමග ලිංගික ඇබ්බැහියකට නැඹුරු වුණා," ස්නයිඩර් පවසයි. "මේ දිනවල ඔවුන් වැඩි වශයෙන් කාමුක දර්ශන නැරඹීමට නැඹුරු වෙලා." වෙනත් ආකාරයකින් කිවහොත්, එම පුද්ගලයන් (කාමුක දර්ශනවල සිටින අය) වීඩියෝවක සිටින අය පමණක් වුවත්, බාහිර අය සම්බන්ධ වන ලිංගික අත්දැකීමක් ලබා ගැනීමට ඔවුන්ට වෙනත් කෙනෙක් සමග ලිංගිකව හැසිරීමට අවශ්‍ය නොවේ.
"කාමුක දර්ශන හේතුවෙන් ඇතිවන ශිෂ්ණය සෘජු නොවීමේ දුර්වලතාවයෙන්" පෙළෙන අවුරුදු 45ට අඩු අලිංගික විවාහවල සිටින සේවාදායකයන් විශාල ප්‍රමාණයක් ඇන්ඩර්සන්ට සිටින අතර ඇය පවසන්නේ එම තත්ත්වය කාමුක දර්ශන නොමැතිව සැබෑ සහකරුවෙකු සමග ශිෂ්ණය සෘජු කරගැනීම කළ නොහැකි හෝ ඉතා අපහසුකරවන තත්ත්වයක් බවයි. මෙය ඔවුන්ගේ සහකාරයන් සමග ලිංගිකව හැසිරෙනවාට වඩා තනිව ලිංගිකව හැසිරීමට කැමති වීමට හේතුවක් විය හැකියි. ඔවුන්ට විවාහ ජීවිතයේ ලිංගිකත්වය තුළ අත්විඳිය නොහැකි තරමේ ආන්තික කාමුක දර්ශන නරඹන නිසා ඔවුන්ගෙන් ඇතැම් අය තමන්ගේ සතුට සම්පූර්ණයෙන්ම පාලනය කරගැනීමට පුරුදු වී සිටින බව ඇය පැහැදිලි කරයි.
"'කාමුක දර්ශන මාව ප්‍රතික්ෂේප කරන්නේ නෑ,' හෝ 'කාමුක දර්ශන මගේ හැකියාවේ අඩුපාඩු කියන්නේ නෑ' යනු මගේ කාර්යාලයේ දී මට නිතර අසන්න ලැබෙන අදහස්," ඇන්ඩර්සන් පවසයි.


"මියගිය නිදනකාමර" සදහටම මියගිහින් ද?

සැබැවින් ම, තමා ආර්ථික අවපාතයක් අතරමැද ශ්‍රම බලකායට ඇතුළු වූ බවත්, වර්තමානයේ තවත් එවැන්නකින් පසුබෑමකට ලක් ව සිටින බවත් සහස්‍රකයන්ට වෙනස් කිරීමට නොහැකි ය. ඔවුන්ට කාමුක දර්ශනවල හෝ සමාජ මාධ්‍යවල බලපෑම මකා දැමීමට නොහැකි ය.

එමෙන් ම ඇතැමුන්ට තමා සමග නිදන කාමරය බෙදා ගන්නා පුද්ගලයා සමග සාකච්ඡා කිරීමට පවා අපහසු මාතෘකාවක් බවට ලිංගිකත්වයේ අඩුව පත් වී තිබෙන බව පැහැදිලි අතර, එම ඈත්වීම පුළුල් ලෙස තබාගැනීම ප්‍රශ්නය තේරුම් ගැනීම සහ එයට විසඳුම් සෙවීම වඩාත් අපහසු කරයි.

එක් රෙඩිට් පරිශීලකයෙක් දින කිහිපයකට පෙර r/DeadBedrooms හි ලියා ඇති ආකාරයට, කාර්යබහුල ජීවිත සහ ගිණිය නොහැකි පීඩනය සමග එම මාතෘකාව මතුකිරීමටවත් නොහැකි බව පෙනී යයි. "මම තවදුරටත් අහන්න ඕනෑ මොකක්ද කියාවත් දන්නේ නෑ," යනුවෙන් (මේ ගැටලු සමග) පොරබදන කාන්තාවක් ලියා ඇත. "මට මෙය හදාගන්න අවශ්‍යයි. නමුත් ඒ කොහොමද කියලා මම දන්නේ නෑ."

( BBC සිංහල සේවය ) 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්