ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තනතුරෙන් පහ කිරීමේ අරගලය අවසන්ව ඇත.

පාරේ දී සිදුකල වීදි සටනක ප්‍රතිඵලය පැමිණියේ ව්‍යස්ථාවට අනුකූලවය. ව්‍යවස්ථාව පිලිනොගන්නා බවට සපථ කල වාමාංශික දේශපාලනය වෙනුවට මධ්‍යම පංතිය සහ අරගලයේ සිටි නිර්පාක්ෂික ජනතාව ව්‍යවස්ථාව පිලිගන්නා තැනකට තල්ලු විය.

රනිල් වික්‍රමසිංහගේ පත්වීම ව්‍යවස්ථාපිත නීතිය තුල අභියෝගයට ලක් කිරීමට නොහැකි බැවින් එය පිළිගැනීම දේශපාලනිකය.

Npp (ජනතා විමුක්ති පෙරමුණ) ය මුල සිටම අරගලය පිළිබඳව දැරුවේ පරස්පර අදහසකි. එහි මෙහෙයුම් යාන්ත්‍රනය කෙරෙහි පෙරටුගාමීන් හා අන්තරේ බර තබන ප්‍රමාණයට ජ.වි.පෙ. බරක් තැබුවේ නැත. යම් කිසි සහයක් සමගම විවේචන අක්ෂයක්ද , ඒහා සමාන පරතරයක්ද ජ.වි.පෙ. නඩත්තු කල අතර එය බලය ලබාගැනීමේ මාර්ගය තුල උපක්‍රමික වශයෙන් කල පසුබැසීමක් පමනක් නොවේ.

එසේ නිශ්චිත න්‍යායික ස්ථාවරයක ජ.වි.පෙ. සිටියානම් ජූනි 09 පාර්ලිමේන්තුව අසල දී ජ.වි.පෙ. බහුරූ කෝලම් පෙන්වන්නට යන්නේ නැත. අසාර්ථක වන අරගලයක් පිළිබඳව වූ සැකය හා දේශපාලනය පිළිබඳව වන පුලුල් චිත්‍රය ජ.වි.පෙ. වෙතින් මෑත් වීම හා මේ දෙක අතර ඇති චලනය කෙරෙහි වූ ජාත්‍යන්තර මැදිහත් වීමත් එය රනිල් විසින් කලමනාකරනය කරගත් ආකාරයත් ජ.වි.පෙ. බලාපොරොත්තු නොවූවා විය හැක. නමුත් කරුනු කාරනා සිදුවූයේ ඒ ආකාරයෙන් නොවේ.

01 3

ජ.වි.පෙ. මූලික ඉල්ලීම් වශයෙන් හා රාජ්‍ය වෙත කරන දුක්ගැනිවිලි හරහා ඉදිරිපත් වෙන සටන් පාඨ හා ඒහා බැදුනු ජනතා සහය රනිල් විසින් තමන් වෙත ක්‍රමානුකූල ලෙස උරාගනිමින් තිබේ. ඉන්ධන, පොහොර, ගෑස්, බෙහෙත් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ වල හිගතාවය හා ඒවා සමග බැදුනු සටන් පාඨත් එනිසාම මාලිමාව වෙත යොමුවුනු මහජන රැල්ලේ තිබූ නැගීමත් පරාජය කිරීමට රනිල් යොදාගත් උපක්‍රමය සරලය.

 

ඒවා රැල්ලක් සේ උඩට නැඟෙන්නට ඉඩ දුන් අතර ඒ වටා ජනතාවට සංවිධානය වීමට ඉඩ හරින ලදී. පුලුල් චින්තනමය වෙනසක් සිදුනොකරමින් ජ.වි.පෙ. කල දේශපාලනය තුල ගොඩනංවන ලද මහජනයා යනු පරිභෝජනවාදී ආකල්ප මත පරායත්ත වූවන් විනා ඊට එහා ගිය වෙනසක් දැක්කවූවන් නොවේ. මෙම භාණ්ඩ නැවත ලැබීමත් සමග තමන්ගේ ගැටලු මතුකලේ ජ.වි.පෙ. වුවද, ඒවා ඉටුකලේ රනිල් බව ඔවුන්ට වැටහෙනු ඇත. ඇත්තටම සිදුවී ඇත්තේ ශක්තිමත් පක්ෂයක් නොමැති රනිල්ට තමන් වෙනුවෙන් වන කැම්පේන් එක ජ.වි.පෙ. නොමිලේ කරදීමයි.

ජන අරගල සමාජවාදයෙන් අවසන් කිරීමට සටන් කරමු ! - කුමාර් ගුණරත්නම්

 

ජ.වි.පෙ. සිය ශිෂ්‍ය දේශපාලනයෙන් පසුබැස්සේ කුමාර් ප්‍රමුඛ පෙරටුගාමීන්ට එහි බලය අත්පත්කර දීමෙනුත්, ඒ තුල එය කොටුකිරීමේ උපක්‍රමයකුත් සහිතවය. වසන්ත මුදලිගේ වැනි කෙනෙක් හරහා ශිෂ්‍ය දේශපාලනයේ ජීවගුනයත් එහි පැවැත්මත් කිචවෙනු දැකීමත්, එය සමග පැටලෙමින් සිය මධ්‍යම පාංතික ජන්ද ගොනුව අහිමි කරගැනීමටත් ජ.වි.පෙ. අකමැති වීම සාධාරණය.

නමුත් වෘත්තීය සමිති හා බැදුනු දේශපාලනය තුල එය අතහැරීම හෝ හුදෙකල කිරීම ජ.වි.පෙට කල නොහැකිය. එය මධ්‍යම පාංතික සිහින හා බැදී ඇති සිය ජන්ද පදනමේ බලකොටුව වීමත් එය සිය අතින් ගිලිහී ගියහොත් කුමාර් ප්‍රමුඛ පෙරටුගාමීන් එයද ඩැහැගැනීමට ඇති ඉඩකඩත් පුලුල් ය.

කෙසේ වුවත් සමකාලීන ලංකාව තුල වෘත්තීය සමිති හා රාජ්‍ය ව්‍යවසායන් ජනතාවට එපාවූ යුගයක් තවත් නැත. එය සිය ආත්මීය ගැටලුවට හමුවෙන බාහිර සතුරා ලෙස වර්ගීකරණය වෙමින් තිබේ. රාජ්‍ය පිළිබඳව වන කියවීම හා රාජ්‍ය සේවය පිළිබඳව වන කියවීම සමපාත වෙමින් තිබේ. ජ.වි.පෙ.බෙල්ල තියන්නේ යන කෝච්චියකට ය.

 

රනිල් පූර්ණ ප්‍රතිසංස්කරනයක් හරහා රාජ්‍ය සේවය නැවත ප්‍රතිව්‍යුහගත කිරීමේදී එහි පීඩනය ජ.වි.පෙ. පලමු අවස්ථාවේදී සිය වාසිය පිනිස තෝරාගත්තද, දෙවෙනි වටයේදී ඒ වටා ගොනු වෙන ජනයා වඩා ක්‍රමවත්, ගුණාත්මක සේවාවක් කෙරෙහි ආශක්ත වනුඇත. ජ.වි.පෙ. නිර්මාණය කරන සටන් පාඨ වලට පිලිතුරු රනිල්ගෙන් ලැබීම හරහා උඩ යන්නේ කවුදැයි එකතැනකට වී කල්පනා කිරීමේ කාලයක් ජ.වි.පෙට උදාවී ඇත.

 

නමුත් වලිගයක් සේ එල්ලාගෙන යන “බොල්ෂෙවික් ඇටය“ ඒ සදහා ඉඩපහසුවක් සලසන්නේ නැති බව කැටතබා කිව හැක. සිය අවසන් අවස්ථාව අහිමි කරගන්නේ තමන් අවිඥානිකව ආශාකරන පුද්ගලයාගෙන් වීම අපිට ගැටලුවක් වුවද ඔවුන්ට ගැටලුවක් නොවිය හැක. ටොකු කන්නට ආශාකරන්නේ රන් මුදු පැළඳි අතකින් වීම ලංකාවේ සමකාලීන වාමාංශික පුරුද්ද කි.

(carbonnews.lk)


 
JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්