එදා අප්‍රියල් විසිවෙනිදවක් බව හො‍ඳට ම මතක යි. එදා උදේ රූපවාහිනී නාලිකාවක පත්තර කියවන සුකිරි බටිල්ලෙක් පත්තර කියව කියව ඉන්න ගමන් බ්‍රේකිං නිව්ස් එකක් ගැහුව.

ඒක හරි අමුතුම නිව්ස් එකක්. ඒකෙන් කියවුණේ ලංකාවෙ හතරදිග් බාගයෙන් ම (නුවර පාරෙන්, ගාලු පාරෙන්, හයිලෙවල් පාරෙන් සහ මිගමු පාරෙන්) බස් පුරවලා වන්දනා නඩ කොළඹට ඇදෙනව ය. ඒ හැම නඩයක් එක්ක ම වහන්සේ කෙනෙකුත් වඩිනව ය කියල. හැබැයි කොළඹය කිව්වට කොළඹ කොහාටද කියල කිව්වෙ නෑ. වැඩි විස්තර ඉක්මනින් ම කියන්නං කිව්ව.

 

ටී වී බලන්නෙ ම නැති මමත් ඉතුරු ටික කියවනකන් ඇස් විතරක් නෙවෙයි කටත් ඇරගෙන ටී වි එක දිහා බලාගෙන ඉද්දි මෙන්න බොලේ තව බ්‍රේකිං නිව්ස් එකක්. එකෙන් කිව්වෙ අර එනවයි කියපු වන්දනා නඩ ඔක්කොම ගෝල්ෆේස් එක පැත්තට යනව කියල. එතන ඉඳල සජීවී විස්තර ප්‍රචාරයක් කරන්න ඒ නාලිකාව සූදානම් කියලත් කිව්ව. දැං ඉති අද වෙන වැඩක් නම් කරල හමාරයි. ඇයි ඉතිං මේ ජෝගිය මොකද්ද කියල බලන්න එපායැ.

 

ඔන්න බොලේ ටික වෙලාවකින් බලද්දි වහන්සේල කීප නමක් ම පෙරටු කරගත්තු පිරිසක් පෙරහැරක් වගේ ගාලු පාර දිගේ ගෝල්ෆේස් එකට ඇදෙනව. ඒ සෑහෙන පිරිසකගෙ අතේ බොදු කොඩියත් ලෙළදෙනවා. ඒ අතරෙ වාහනයක පටවගත්තු ඇසතු ගහකුත් ඒ පෙරහැර් ම වඩිනවා. තව චෛත්‍යක අනුරුවකුයි බුදුන් වහන්සේගෙ පිළිමෙකුයිත් ඒ පෙරහැරේ ම වඩිනවා. සාදු නාදයක් එක වාදෙට ඇහෙනවා. දැන් මේ පිරිස ගොල්ෆේස් පිට්ටනියට සැපත් වුණා කියමුකො.

ඔන්න නාලිකා මල්ලි කෙනෙක් මයික් එකත් අරගෙන වහන්සේ නමක් ඉස්සරහ හිටගත්ත.

‘‘ඇත්තට ම වහන්ස ඔබ වහන්සේලා අද මේ වගේ ගමනක් වැඩියෙ ඇයි...?’’

නාලිකා මල්ලි පළවෙනි ප්‍රශ්නෙ යොමු කරා.

‘‘ඇත්තට ම පිංවත අද මේ රටට ඓතිහාසික දවසක්. මොකද මේ සිංහල බෞද්ධ රටේ බෞද්ධ පූජනීය ස්ථානයක් ස්තාපිත කරන්න හොඳ ම තැන තමයි මේ භූමිය. පහු ගිය වකානුවෙ කොල්ලොයි බල්ලොයි, කුරුසකාරයොයි, ලෙබ්බෙලයි, පුසාරිලයි එකතු වෙලා මෙතන මහ ජරා වළක් කරා නෙ... ඒකට අපේ උන්නාන්සෙලත් උල්පන්දම් දුන්න නෙ... අද ඉ‍ඳල ඒ කෙරුම් හමාරයි පිංවත. අපි අද මේ කරන්න හදන්නෙ මේ පින් භූමියෙ බෝ පැළයක් ඉන්දල, තාවකාලික චෛත්‍ය රාජයෙක් පිහිටවල, බුදු පිළිමයක් තියල බෝධිරාජයත් අපි මහණ කරවනවා. ඔවු... අද ඉං මේ පින් බිමට එන ඕනම කෙනෙකුට මේ පිළිමයයි, චෛත්‍යයයි විතරක් නෙවෙයි බෝධියත් වන්දනා මාන කරගන්න පුළුවං.’’

මේ නිව්ස් එක ප්‍රචාරය වෙච්ච ගමං මොකද දන්නව ද වුණේ...?

 

green

රට වටේ ම ඉන්න අනිත් ආගම් අදහන්නොත් ගෝල්ෆේස් එකට ඇදෙන්න ගත්ත. ඒ අතරෙ මුලින්ම නිවේදනයක් නිකුත් කරපු කා ඩිනල් වහන්සේ කිව්වෙ ගෝල්ෆේස් භූමිය ආගමික කටයුතු සඳහා වෙන් කරනව කිව්වට ඒක බෞද්ධ පුජා භූමියක් කරනව කියල කොහේවත් කියල නෑ කියල. එහෙම කරනවා නම් අපිට ඒ භූමියෙ පල්ලියකුත් පිහිටවන්න ඉඩ දෙන්න ඕන කියල.

එහෙම කියපු උන්නාන්සෙත් පුළුවන් තරම් ඉක්මනට රට වගේ ම ඉන්න කුරුසාගම්කාරයන්ට පුළුවන් තරම් ඉක්මනට ගෝල් ෆේස් පිට්ටනියට එන්න කියල පණිවිඩේ යැව්ව. ඒ කිව්ව වගේ පැයක් යන්න කලින් රටේ හතරදිග්බාගෙන් ම කුරුසාගම්කාරයොත් පෙරහැරේ ගෝල්ෆේස් පිට්ටනියට එක් රොක් වෙන්න ගත්ත.

එගොල්ලත් පිට්ටනියට පය තියපු හැටියෙ නාලිකා මල්ලි කෙනෙක් ගිහින් කා ඩිනල් වහන්සේ ඉස්සරහ හිටගත්ත. මල්ලි ප්‍රශ්නයක් අහන්නත් කලින් උන්නානසෙගෙ ශ්‍රි මුඛයෙන් මෙනේන මෙහෙම වදන් පෙළක් නිකුත් වුණා.

‘‘ඇත්තට ම අද අපි හැමෝට ම ඉතාමත් සතුටුදායක දවසක්. ඔය සහෝදරය දන්නවා මෙතනට ලකාවෙ හැම පළාතකින් ම, හැම ආගමකම, හැම ජනවර්ගයක ම මිනින්ස්සු එනව යනව. ඒ අය ඇවිත් විනෝද වෙලා යනව. එහෙම විතරක් මදි. ඒ අයට තමන් අදහන ආගමක් අදහන්නත් පහසුකම් සලසන්න ඕන. ඒක නිසා මේ භූමිය ආගමික කටයුතු සඳහා වෙන් කරපු එක ගැන අදාළ බලධාරින්ට අපි ස්තුති වන්ත වෙනව. මොකද මේ රට කියන්නෙ බහු ජාතික, බහු ආගමික රටක්. ඒ නිසා මෙතනට එන හැම ආගමිකයෙකුට ම තමන් කැමති ආගමික වතාවතක යෙදෙන්න අවකාශ සලසපු එක බොහොම වටිනවා. අපි මේ මොහොතෙ ඉඳල මෙතන අපේ ස්වාමි දරුවන්ගේ නාමයෙන් කුරුසයක් හිටවනවා. පස්සෙදි අපිට විදේශිය ආධාර අරගෙන අපේ ම පල්ලියක් ඉදි කරන්න පුළුවන්.’’

ඒ කතාව ඉවර වෙච්ච ගමන් මෙන්න බොලේ ‘‘අල්ලාහු අක්බර්... අල්ලාහු අක්බර්...’’ කියල කෑ ගගහ කට්ටියක් පෙරහැරේ එනව. නාලිකා මල්ලිත් නිකං හිටියෙ නෑ... ඒ පෙරහැර ගොල්ෆේස් පිට්ටනියට අඩිය තියනකොටම මයික් එකත් අරගෙ ඒ අය ඉස්සරහ හිටගත්ත.

‘‘ඔබතුමාල මොකද මේ පැත්තෙ...?’’

නාලිකා මල්ලි ඇහුවෙ එහෙම.

 

mnks

‘‘ආ... යේක අද්ද යෙප්පිට බෝම ෂන්තෝෂ දවසක්... අප්පිලගෙ කට්ටියත් හර්රියට්ට මෙත්තෙන්ට යෙන්නව නෙ... ඉත්තිං අප්පේ කෂ්ටියටත් එයාලග්ගෙ ආගම අද්දහන්න තැනක් ලැබෙනව කියන්නෙ ෂන්තෝෂෙට කාර්රණයක් න්නෙවෙයි ද...? යෙත්තට ම ෂන්තෝෂෙට්ට කාර්රණයක්. යෙපි ආවෙ අප්පේ කෂ්ටියටත් පල්ලියක් හද්දාගන්න වැඩ්ඩ පිල්ළිවෙළක් යොදන්න පුතා... යෙත්තකොට්ට යෙපිට්ට පුල්ළුවං හැම්මෝම්ම යෙක්ක ෂතුටින් මෙතෙන ගත්ත කරන්න... ඔවු... හෙම්මෝම්ම යෙක්ක ෂතුටින් ගත කරන්න... පුත්තාට බෝම ෂ්තුතියි අප්පිට සහයෝග්ගෙ දුන්නට්ට...’’

නාලිකා මල්ලි තව මොකක් හරි අහන්න හැදුවත් ඒ ලෙබ්බෙලා ඒකට උත්තර දෙන්න ගියේ නෑ. එයාල කට්ටිය ම ‘‘අල්ලාහු අක්බර්... අල්ලාහු අක්බර්...’’ කිය කියා පිට්ටනිය ඇතුළට ගියා.

එයාල යනවත් එක්ක ම වගේ ටිකක් ඈතින් ‘‘හර්රෝ හර්රා... හර්රෝ හර්රා...’’ කියල කැගහන විශාල සද්දයක් ඇහෙන්න ගත්තා. නාලිකා මල්ලිත් ටිකක් අප්සෙට් වගේ. එයා මයික් එක අරගෙන හතරවටේ කැරකෙද්දි කැමරා මල්ලිත් හතර වගේ කැරකෙනව කියල හොඳට ම පෙනුණා.

‘‘හරි හරි... එයාල මේ පැත්තෙන් එනව අපි ඉක්මනට ඒ පැත්තට යං...’’ නාලිකා මල්ලිගෙ සහායිකාවකගෙ ළාමක හඩක් යාන්තමට ඇහුණ. ඒ කියනවත් එක්ක ම නාලිකා මල්ලි ඒ පැත්තට වේගෙන් දුවන විත්තිය දැනගත්තෙ කැමරා මල්ලිත් නිවේදක මල්ලි පස්සෙන්ම දුවන නිසා.

 

hndyu

ඔන්න අර කියපු හරෝ හරා කට්ටියත් ගෝල්ෆේස් පිට්ටනියට අඩිය තිබ්බා. ඒ තියද්දි ම නාලිකා මල්ලි මයික් එකත් අරගෙන එතන.

‘‘ඔබතුමාලත් එන්න ඇත්තෙ...’’

නාලිකා මල්ලිට අහන්න ලැබුණෙ එච්චරයි... මෙන්න යකෝ අර ඉස්සෙල්ලා ම ‘‘පිංවත’’ කියල පටන් අරගෙන වොයිස් කට් එකක් දීපු වහන්සේ මයික් එක ඉස්සරහ හිටගත්ත.

‘‘මේ මල්ලි... තමුසෙට කවුද කිව්වෙ මේ පර හැත්තගෙ වොයිස් කට් ගන්න කියල. මං මේ බලාගෙන හිටියෙ. තමුසෙ කුරුසකාරයො එක්කත් කච පකච ගාල ඊට පස්සෙ අර ලෙබ්බෙල පස්සෙත් ගිහින් ඒ පාර මේ පරයො එක්කත් හැමිනෙන්න ආවද...? මට කියල කන පළාගන්නැතුව ඔන්න ඔය #ත්තත් අරගෙන යන තැනක මක බැවිලා යනව ද... මෙතන මේ එක එකාට ඕන විදියට ලෙබ්බ පල්ලියි, කුරුස පල්ලියි කෝවිලුයි හදන්න බෑ. මේක සිංහල බෞද්ධ රට. මෙතන තියෙන්න ඒන පන්සලක් විතරයි. ඒ නිසා මට කියල #කාගන්නනැතුව යනවා...’’

 

mn

අපරාදෙ කියන්න බැ නාලිකා මල්ලි කිසිම අඩුවක් නැතුව වහන්සේගෙ දේශනාව ඒ විදියට ම ලෝකෙ පුරාම විසුරුවා හැරියා.

මෙන්න ඒ එක්කම අර උන්නාන්සෙ පුසාරිත් එක්ක මල පැනල උන්දැලටත් ගහන්න පනිනවා. නිකං නෙවෙයි තමං සිංහල කියල ඔප්පු කරන්න පුළුන් හොඳ ම ශුද්ධ සිංහල වචනවලින් පුසාරියව අමතන ගමන්.

ඔන්න ඒ අල්ල පනල්ලෙ තවත් නාලිකාවකට තව හොඳ සීන් ටිකක් අහුවෙලා. එතන ඉන්නෙත් වහන්සෙ කෙනෙක්. ඒ උන්නාන්සෙ ලෙබ්බෙලත් එක්ක පැටලිලා.

‘‘පල ප්පර හම්බයො යන්න. තොපිට කොහෙද යකෝ මෙතන අයිතියක්. මේක සිංහල බෞද්ධයගෙ රට. තොපි යන යන තැන පල්ලි අටවනව වගේ මෙතනත් ආවද තොපේ මළඉලව්ව අටව ගන්න. මං මේ හොඳින් කියන්නෙ... තොපේ ඔය ලෙබ්බෙල ටිකත් අරගෙන ගියේ නැත්තන් ආයෙ මං නරක වහන්සේ කෙනෙක් කියල කියන්නෙපා...’’

ඒ රූප රාමු ටිකත් ලෝකෙ පුරා ම ප්‍රචාරය වෙන්න තත්ත්පරයෙන් දාහෙන් පංගුවක කාලයක් ගියේ නෑ. මෙන්න ඒ පාර අර මුලින්ම ආපු නාලිකා මල්ලි දුවනවා දුවනවා දුවනවා...

ඉස්සරහින් යන කෙනෙක් ඇහුව කොහේද මේ දුවන්නෙ කියල. මිනිහ කියපි කා ඩිනල් උන්නාන්සෙට කවුදෝ වහන්සේ කෙනෙක් හිටු කියල ශුද්ධ සිංහල කියල දෙනව කියල. හැබැයි ඒ එක්ක ම ගෝල්ෆේස් පිට්ටනිය පෙන්නන එක නැවැත්තුවා. නවත්තලා තව බ්‍රේකිං නිව්ස් එකක් ගැහුවා. ඒකෙං කියවුණේ දැං මේ මාර යුද්ධෙ මහ තැනටත් ආරංචි වෙලා ය. ඉතිං එයා ජාතිය අමතන්න හදනව ය කියල.

බලාගෙන හිටිය හිටිය මහ තැන ජාතිය අමතනකන්. නමුත් හවස් වෙනකම්ම එයා ජාතිය ඇමතුවෙ නැ. ඒ අතරතුර ගොල්ෆේස් පිට්ටනිය එකම යුද පිටියක් වෙලා. උං මුංට ගහනවා, මුං උඞට ගහනවා. අරුං මුංට ගහනවා මුං අරුංට ගහනවා. අරුං අරුංට ගහනවා. අන්තිමට ගහන එකා කවුද ගුටිකන එකා කවුද කියල හොයන්නත් බැරි තරම්. එතන එක කෙළියයි. මේ අතරවාරෙ රජ ගෙදර පැත්තෙන් අපූරු නොනිල ආරංචියක් ආව. ඒක මෙහෙමයි. ලොක්කෙක් මෙහෙම කිව්වලු.

 

'‘හහ් හහ් හහ් හා... පහුගිය දවස්වල සිස්ටම් චේන්ජ් කරන්නයි, බහු වාර්ගිකයි, බහු ආගමිකයි, බහු සංස්කෘතිකයි එකතු කරන්නයි අරගල කරෙත් ඔතන නෙ... ඉතිං ඒ අරගලේට සම්බන්ධ උන එවුන්ම නේද ඔය ඇවිල්ල ඉන්නෙත්. ඔන්නොහෙ උන්ට කැමති විදියකට සිස්ටම් එක චේන්ජ් කරගන්න ඇරල අපි ටිකක් පැත්තකට වෙලා ඉමු. හහ් හහ් හහ් හා...’’

 

අන්තිමට ම ආපු ඒ හිනා සද්දෙට මං ගැස්සිලා ඇහැරුණා... ඒ එක්කම ඇස්වල කබ එහෙම පිහිදාල වට පිට බැලුවෙ මං ඉන්නෙත් ගෝල්ෆේස් එකේ ද කියල... මොනහ්... මං තවමත් ඉන්නෙ මගේ පරණ පැදුරු කඩමාල්ලෙමයි.


jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)

නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


2023/04/19


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image