ලෝක මට්ටමේ ආර්ථික විශේෂඥයන්ට අනුව 2027 වන විට ඉන්දියානු ආර්ථිකය දෙවෙනි වන්නේ ඇමෙරිකාවට හා චීනයට පමණයි.
මෙහිදී යුරෝපීය සංගමයේ රටවල් වල පවතින ප්‍රජාතන්ත්‍රවාදී “පරමාදර්ශ” කෙරෙහි වන නැමියාවත්, එය ආර්ථික ප්‍රසාරණය කෙරෙහි වන බලපෑමත් පිළිබඳව දේශපාලන-ආර්ථික විවරණයක් නැති වීම අඩුවක්.
කෙසේ නමුත් දෙවෙනි ලෝක යුද්ධයෙන් පසු ඇතිවූ සීතල යුධ සමයට සම්පූර්ණ වෙනස් ලෝක බලතුලනයක් කෙරෙහි දකුණු ආසියානු කලාපය එළැඹ තිබීම අපිට අතිශයින්ම වැදගත්.
90’දශකය අවසන් වනතුරුම පැවති රුසියානු හිතේෂීභාවය ඉන්දියාව අමතක කර ඇමෙරි-යුරෝ අක්ෂය වෙත බරවීම චීන හා පාකිස්ථානු සහයෝගය පිළිබඳව හා ලෝක මුස්ලිම් මූලධර්මවාදී මූලෝපායන්ට මුහුණ දීමට ගත් දේශපාලනික තීන්දුවක් වුවත්, එය ආර්ථිකය කෙරෙහි කල බලපෑම වැදගත්.
කෙසේ හෝ ලෝකයේ විශාලම තුන්වෙනි ආර්ථිකය ආසන්නයේ රැදීසිටින අපේ පුංචි දූපත මේ හා ගැට ගැහෙන අයුරු නිරීක්ෂණය කිරීම වැදගත්. ඒ සදහා ඉන්දියාව කෙරෙහි වන තරගකාරී හෝ එදිරිවාදී හෝ ප්‍රතිපත්ති තවදුරටත් විනාශකාරී වනවා විනා වලංගුතාවයක් අත්පත් කරගන්නේ නෑ.
1977 දී සීතල යුධ යථාර්තය තුල ජේ.ආර්.ගේ ආණ්ඩුව පෙන්වන ලද ඇමෙරිකාවට බර විදේශ ප්‍රතිපත්තියෙහි ප්‍රතිඵල 87 දී අත්දකින දෙය මගින් චිත්‍රනය වීම වැදගත්. මෙතනදී තේරුම් ගත යුත්තේ ජේ ආර්.ගේ ප්‍රතිපත්තියේ තිබූ හරි/වැරදි භාවය වඩා, ඉන්දියානු බලය තමන්ට එරෙහි බලයක් හෝ ඊට අදාල නියෝජිතයෙකු දකුණු ආසියානු කලාපය තුල ගොඩනැගෙනු දැකීමට ඇති අකමැත්ත යි.
චීනය ලෝක බලවතෙකු ලෙස කරලියට පැමිණීමත්, එහි දේශපාලන-ආර්ථික අභිලාශයන් තමන්ගේ අසල්වාසීන් ගොදුරු වෙනවා දැකීමට ඇති ඉන්දියානු අකමැත්තත් සාධාරණ යි. ඒ පිළිබඳව වෙනත් කෝණයකින් බලා විග්‍රයන් කරගැනීම අපේ හිතසුව පිණිස පහසු වුවත්, ඉන්දියාව පැත්තෙන් එය වෙනස් වන්නේ නෑ. උත්සන්න වූ ආර්ථික අර්බුදය හමුවේ වුවද, අපිට ඉන්දියාවෙන් ලද සහයෝගය ප්‍රශංසනීයයි. එය ක්‍රෙඩිට් ලයින් එකක් විවෘත කර දීමේ සිට IMF හි මුල්‍යමය දායකත්වය තෙක් විහිදී තිබෙනවා.
තවදුරටත් පැරණි වාමාංශික හා විජේවීරවාදී නිර්වචනයන් හෝ පැහැදිලි කිරීම් ඉන්දියාව අරඹයා වැදගත් නෑ. ආර්ථිකය ජාතික රාජ්‍ය සීමාවන් පසුකර ගමන් කරමින් තිබෙන අතර එය ඉන්දියාව හරහා හමා යමින් තිබෙනවා. අපේ ආර්ථික උපාය මාර්ග මේ පිළිබඳව සංවේදී විය යුතුම යි.
(carbonnews.lk)