(විශ්‍රාමික විනිසුරු රෝහිනි මාරසිංහ විසින් 2023 ජුනි 30 වැනිදා ද සන්ඩේ ටයිම්ස් පුවත්පතට ලියු ලිපියේ සිංහල පරිවර්තනයකි.)


පසුගිය මාස කිහිපය තුළ, යෝජිත සත්‍ය සහ සංහිඳියා කොමිසම පිළිබඳව දේශපාලකයන්, සිවිල් සමාජ සංවිධාන නියෝජිතයන් සහ සාමාන්‍ය මහජනයා අතර මත ඉදිරිපත් කිරීම් සහ සාකච්ඡා පෞද්ගලිකව සහ ප්‍රසිද්ධියේ පැවැත්විණි.

පශ්චාත්-නිදහස් ඉතිහාසය තුළ, ශ්‍රී ලංකාව ගැටුම් සහ කැළඹිලිකාර තත්ව ගණනාවකටම මුහුණපා ඇත. වසර 30කටත් වැඩි කාලයක් පුරා, උතුරේ සහ නැගෙනහිර සන්නද්ධ ගැටුමක් පැවති අතර, හමුදාව එල්.ටී.ටී.ඊ. යට එරෙහිව යොදවන ලදී. මේ අතර, රටේ දකුණු ප්‍රදේශය ජේ.වී.පී. ය විසින් නායකත්වය දුන් කැරලිවලට මුහුණපාන ලදී.

 117745327 mediaitem117745326

1971 කැරැල්ල අතරතුර සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැවතුණු දණ්ඩමුක්තිය ශ්‍රී ලංකාවේ ඉතිහාසයට පැල්ලමක් එක්කර ඇත. ඉතිහාසයේ මෙම කොටසට මුහුණදීමට රජය ඉදිරියට පැමිණෙන තුරු ශ්‍රී ලංකාවට ඉන් ඉදිරියට යාමට අපහසු වනු ඇත.

ජේ.වී.පී. කැරැල්ල ගත් කළ, 1970 සිට 1980 දක්වා, එහිදී සිදුවූ හිමිකම් උල්ලංඝනයවීම් පිලිබඳ පරීක්ෂණ සිදුකිරීමට ශ්‍රී ලංකා රජය සත්‍ය පිලිබඳ කොමිසමක් හෝ වෙනත් ආකාරයක යාන්ත්‍රණයක් පිහිටවූයේ නැත. ජේ.වී.පී.යට සංහිඳියාව අභියෝගාත්මක වනු ඇති මුත්, එය ශ්‍රී ලංකාවේ අනාගතයට අත්‍යාවශ්‍ය වේ.

අවසානයේදී රජය විසින් මෙම ගැටුම් ද්විත්වයම මැඩලූ නමුත්, ඒවා විසින් වඩාත් කල්පවතින ප්‍රචණ්ඩත්වය පිලිබඳ සටහනක් ඉතිරි කර ඇත.

සත්‍ය සහ සංහිඳියා කොමිසම මනාව හැසිරවුවහොත්, 1971 සහ 1987-1989 ඇතිවූ ජේ.වී.පී. කැරලි සහ 1983-2009 ඇතිවූ එල්.ටී.ටී.ඊ. කැරැල්ල සම්බන්ධයෙන්ද සංක්‍රාන්ති යුක්තිය ලඟා කරගත හැකි බව කොමිසමේ පිහිටුවීමත් සමගම බලාපොරොත්තු තබාගත හැකිය.

මෙම ගැටුම්වලට සම්බන්ධ වූ සියලුම පාර්ශවයන් මානව හිමිකම් උල්ලංඝනයවීම් සිදුකළා යැයි චෝදනා මෙම ගැටුම් තුළින් එල්ල විය.

ජාතික සංහිඳියාව සඳහා පරිවර්තනීය ක්‍රියාවලියක් අවශ්‍යවේ - ජෙහාන් පෙරේරා

කෙසේ නමුත්, ජේ.වී.පී. කැරැල්ල අවසන් වී ආසන්න වශයෙන් වසර 30කට පසුව සහ එල්.ටී.ටී.ඊ. කැරැල්ල අවසන් වී වසර 14කට අධික කාලයකට පසුවත්, උතුරේ සහ දකුණේ සන්නද්ධ ගැටුම් සම්බන්ධයෙන් සත්‍ය සහ සංහිඳියාව දක්නට නොමැත.

සියරා ලියොන් හි මැතිවරණ සඳහා පොදුරාජ්‍ය මණ්ඩල නිරීක්ෂක මෙහෙයුමේ සාමාජිකයකු ලෙස පසුගිය මාසයේදී මා සහභාගී වූ අතර, එම සංචාරයෙන් උපරිම ඵල නෙලාගැනීමට මෙන්ම, සියරා ලියොන්හි සත්‍ය සහ සංහිඳියා කොමිසමේ සභාපති ජෝසප් හම්පර් බිෂොප්තුමා සහ එම කොමිසමේ විධායක ලේකම් යස්මින් ෂෙරිෆ්ව මුණගැසීමටද එහිදී මා වාසනාවන්ත විය. එමෙන්ම, සියරා ලියොන් ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරු ඩෙස්මන්ඩ් බබටුන්ඩේ එඩ්වර්ඩ්ස් විනිසුරුතුමා සමගද මම සාකච්ඡා කලෙමි.

සත්‍ය, සංහිඳියා සහ යුක්ති යාන්ත්‍රණයකට පුළුල් පිළිගැනීමක් ලැබීමට නම් සහ එවැන්නක අරමුණ ඉටුකරගැනීමට නම්, ආගමික නායකයන්, සිවිල් සමාජ නායකයන්, වින්දිතයන්, දේශපාලනික නායකයන්, කාන්තාවන් සහ තරුණ පිරිස ඇතුළු සියලුම පාර්ශවකරුවන්ට එවැනි යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමේදී තම අදහස් දැක්වීමට අයිතියක් තිබිය යුතු බව වන මාගේ විශ්වාසය මාගේ සාකච්ඡා තුළින් ශක්තිමත් විය. හානිපූරණය, සමාව (එවැන්නක් ලබා දෙනවානම්), නඩු පැවරීම සහ වරදකරුවන්ට ලැබෙන අනෙකුත් ප්‍රතිවිපාක ආදී ගැටළු පිළිබඳවද එවැනි සාකච්ඡා අත්‍යාවශ්‍යයෙන් අවදානය යොමුකළ යුතුය.

OLOL

තවද, උතුර සහ දකුණ පිලිබඳ සාකච්ඡාවේදී, ඉඩම් අල්ලාගැනීම්, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සිය නඩුවිභාග වෙනුවෙන් අනුමත කළ නොහැකි අන්දමේ දිගු කාලයක් බලා සිටීම, පොලිස් බලතල සහ අයිතීන් උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ වී ඇති නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සම්බන්ධ ගැටළු විසඳීමට රජය විසින් ප්‍රමාණවත් ලෙස පියවර ගෙන නොමැත. මෙම ගැටළු අර්ථාන්විත අන්දමින් විසඳීම සත්‍ය සහ සංහිඳියා ක්‍රියාවලියක් පිලිබඳ විශ්වාසයද ඇති කරනු ඇත. අයිතීන්, සමානාත්මතාවය සහ යුක්තිය වෙනුවෙන් රජය කැපවී කටයුතුකරන බවටත්, අවංකවම වින්දිතයන්ගේ අදහස් ද සැලකිල්ලට ගන්නා බවටත් මිනිසුන්ට දැනීම, විශ්වාසය සහ සහභාගීත්වය ලබාගැනීමේදී අතිශයින්ම වැදගත් වනු ඇත.

kjsdhsd

මෙම ක්‍රියාවලියට බාධාවක් ව පවතින තවත් ගැටලුවක් වන්නේ, සාමකාමී විරෝධතාවලට සහ භාෂණයේ නිදහසට එරෙහිව පවතින මර්දනයයි. රජයේ කල්ක්‍රියාව තුළ අයිතීන් සම්බන්ධයෙන් ඇති කැපවීම සහ ගරුත්වය අඩුකමක් පෙනීයන පසුබිමක් තුළ, සත්‍ය සහ සංහිඳියාව ලඟාකරගැනීම අරමුණු කරගත් රජයේ ප්‍රයත්නවල අවංකභාවය දැඩි ලෙස ප්‍රශ්න කිරීමට ලක්වනු ඇත.

සත්‍ය සහ සංහිඳියා කොමිසමක් පිහිටුවීම පිලිබඳ පොරොන්දුව ඉටුකිරීමට නම්, පාර්ලිමේන්තු පනතක් ආකාරයෙන් පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීමට ප්‍රථම, එම කොමිසම කුමන ආකාරයේ එකක් වේදැයි සහ, රට පුරා සිටින දශක ගණනාවක් පුරා විහිදුනු දුක් කම්කටොලුවලින් බලපෑමට ලක්වුණු පුද්ගලයන්ට යුක්තිය ලබාදීම සම්බන්ධයෙන් නිර්දේශ නිකුත්කිරීම ඇතුළුව ඊට කළ හැක්කේ කුමක්ද යන්න පිලිබඳ පැහැදිලිතාවයක් සහ අවබෝධයක් තිබිය යුතුය. ශ්‍රී ලංකාව සඳහා සත්‍ය සහ සංහිඳියා කොමිසමක් පිහිටුවීම ප්‍රචණ්ඩත්වයේ සහ දණ්ඩමුක්තියේ චක්‍රය බිඳදමනු ඇති අතර, පූර්ණවශයෙන් සත්‍ය හෙලිකිරීම හරහා වරදකරුවන් සහ වින්දිතයන් අතර සංහිඳියාව සහ සමාවදීම ප්‍රවර්ධනය කරනු ඇත. එසේම, එම ක්‍රියාවලිය හරහා තනි පුද්ගලයින් ලෙස හෝ කණ්ඩායම් ලෙස අගතියට පත්වූ පාර්ශවයන්ට තමන්ට සිදුවූ හානිය වෙනුවෙන් යම් මට්ටමක යුක්තියක් ලබාගැනීම සඳහා වේදිකාවක්ද නිර්මාණය කරනු ඇත.

dcb44414af6c4f62049bae188f1fcd26eca9b061w
වර්තමානයේදී, රාජ්‍ය ආයතන කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය වෙන කවරදාටත් වඩා අඩු මට්ටමක පවතී. විවිධ පසුබිම්වලින් පැමිණෙන ජනතාව සමග පැවැත්වූ අවංක සංවාද තුළින් පෙනීයන්නේ, ජනතාවට සිය රජය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් සහ ඔවුන් විසින් නායකත්වය දෙන ආයතන කෙරෙහි විශ්වාසය මුළුමනින්ම නැතිවී ගොස් ඇති බවයි. එවැනි පසුබිමක් තුළ, උතුරේ, නැගෙනහිර සහ දකුණේ ජනතාවට මෙම සත්‍ය සහ සංහිඳියා කොමිසම කිසිදා පිළිගත නොහැකි  වනු ඇත. ප්‍රධාන වශයෙන්ම උතුරේ සහ නැගෙනහිර ජනතාවට වඩාත් වැදගත්ම කරුණ වන්නේ විශ්වාසය නැවත ගොඩනගාගැනීම සහ දැඩි ලෙස බියට පත්වූ සහ හානි වූ රටක් තුළ සුවපත් වීමයි. කෙසේනමුත්, විශ්වාසය ගොඩනගාගැනීමට සහ නැවත නැගිටීමට, අවම වශයෙන් මෙම ක්‍රියාවලිය පිලිබඳ විශ්වාසයේ සේයාවක්වත් ඇති කරගැනීමට නම්, වින්දිතයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල නියෝජිතයන් සත්‍ය සහ සංහිඳියා කොමිසම පිළිබඳව වන කාර්ය කණ්ඩායමට මුල සිටම ඇතුළත් විය යුතුය. කොමිසම පිහිටුවීම සඳහා වන මෙම කණ්ඩායම පහත සඳහන් කාර්යයන් ඉටුකිරීමට සමත් විය යුතුය.

·        මෙම සත්‍ය පිලිබඳ කොමිසම පිලිබඳ මහජන මත සමීක්ෂණයක් සිදුකිරීම.

·        අවදානම් සහ ලැබෙන අවස්ථා විශ්ලේෂණය කිරීම.

·        ප්‍රතිපත්ති සම්බන්ධ නිර්දේශ ලබාදීම.

·        සුවවීම සඳහා මාර්ගයක් සෙවීම.

මෙම යාන්ත්‍රණයෙන් ඇතිවන ධනාත්මක සමාජ බලපෑම උපරිම කිරීම සඳහා සත්‍ය සහ සංහිඳියා කොමිසම පූර්ණ ලෙසම ස්වාධීන ලෙස, දේශපාලනයෙන් පවා නිදහස්ව, කටයුතු කළ යුතු අතර, වින්දිතයන් ප්‍රධාන කොටගත් ප්‍රවේශයක් අනුගමනය කළ යුතුය.

මහජන සංවාදය තුළින් සත්‍ය සහ සංහිඳියා කොමිසම පිහිටුවීමේ සහ ක්‍රියාත්මක කිරීමේ හදිසි අවශ්‍යතාවය පරදන බව ඇතැමෙකුට හැඟිය හැකි මුත්, කොමිසම ඉටුකිරීමට පොරොන්දු වන දෑ පිලිබඳ අව්‍යාජ ප්‍රයත්නයක් ඇති බව ජනතාවට විශ්වාස කළ හැක්කේ මහජන සංවාදයක් සහ විනිවිදභාවය, වගවීම සහ සහභාගීත්වය ඇති ක්‍රියාවලියක් මුලින්ම ඇතිකිරීම තුළින් පමණකි.

දෙමළ PTA සැකකරුවන් හතරකට උසාවියෙන් ඇප

මෙම වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ලෙස උතුරේ සංචාරයක යෙදුනු විට මාහට ඇසීමට ලැබුණු ප්‍රධානතම දුක්ගැනවිල්ලක් වූයේ පවුල්වල උපයන්නන් සිරගත සහ රිමාන්ඩ් ගත කර ඇති බවයි. ඔවුන්ගේ හඬට සවන් දිය යුතුය. ඔවුන් පැවසූයේ ඔවුන්ගේ ඉඩම් ඔවුන්ට නැවතත් ලබාදිය යුතු බවත්, ඒවා සිය ප්‍රජාවට අදාළ නොමැති විවිධ වූ අරමුණුවලට ලබාගැනීම නැවැත්විය යුතු බවත් ය.

දැඩි හමුදා රැකවල් සහ මුරපොළවල් ඇතුළත්, තමන්ට වෙනස්කොට සලකන ආරක්ෂක සැලසුම් හේතුවෙන් තමන්ට දැඩි හිංසාවක් සහ අනවශ්‍ය බියක් ඇතිවන බවත් ඔවුන් පැවසුවෝය. මෙම කටයුතු සඳහා දැනටමත් පිහිටුවා ඇති කොමිසම් පිලිබඳ මා කතා කළ පිරිසට තවදුරටත් විශ්වාසය ඇති විය යුතුය, නමුත් එම විශ්වාසය ඇති කරගැනීමට මාර්ගයක් ඔවුන් දකින්නේ නැත. කොමිසම්වලට විදේශ විනිසුරුවරුන්ගේ සහ උපදේශකයන්ගේ ඇති අවශ්‍යතාවය ගැන බොහෝ දෙනෙක් අදහස් පලකළ අතර, මේ මා හමුවේ මතුකළ ගැටලු කිහිපයක් පමණි.

narendra modi

ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි

සත්‍ය සහ සංහිඳියා කොමිසම පිලිබඳ කෙටුම්පත ඉදිරිපත් කිරීමේදී පූර්ව-කොන්දේසියක් ලෙස මෙම ගැටළු විසඳීම සිදු විය යුතුය. අඩුම තරමේ මේ පියවරවත් නොගැනීම ශ්‍රී ලංකාවේ ජනතාව සහ ජාත්‍යන්තර ප්‍රජාව අනුමත කළ නොහැකි තත්වයක් ලෙස සලකනු ඇත. මෑතකදී, ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාවට සැලකිය යුත්තේ කෙසේදැයි ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි දක්වා තිබුණු අතර, ඒ අනුව, කිහිපදෙනෙක් නිදහස් කිරීම නොව, රජය විසින් බොහෝදෙනෙකුට සලකන්නේ කෙසේද සහ සියලුම දෙමළ ජනතාවට ශ්‍රී ලංකාවේ පුරවැසියන් ලෙස සලකන්නේ කෙසේදැයි යන්න වැදගත් වේ. වර්තමාන සත්‍ය සහ සංහිඳියා කෙටුම්පත හුදු 'කළායැයි කීමේ' ක්‍රියාවලියක් ලෙස ඉදිරියට යමින් පවතී.

සත්‍ය සහ සංහිඳියා කොමිසමක් පිහිටුවීමට නීතියක් සැකසීමට ප්‍රථම, සියලුම පාර්ශවකරුවන් අතර යෝජිත කොමිසම කුමක්දැයි පැහැදිලි අදහසක් පැවතිය යුතු වන අතර, ඊට එහි අරමුණු, බලයන්, රාජකාරීන් සහ කටයුතු අතුළත් වේ.

TRA
සත්‍ය සහ සංහිඳියා කොමිසම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දකුණු අප්‍රිකානු මොඩලයට අවධානය යොමුකර ඇති බව පෙනෙන්නට තිබුණත්, එම මොඩලයේ සභාපති වන අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටූව පත්කළේ දේශපාලනික සිරකරුවෙකු සහ ඒ.එන්.සී. ාමාජිකයකු වූ නෙල්සන් මැන්ඩෙලා විසිනි. ගැටුම් සමයේදී ජනතාව මුහුණපෑ කම්කටොලු ඔහුට දැනුණු අතර ඒවා වටහාගැනීමටද හැකි විය.

වර්තමාන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එවැනි දුකක් අත්විඳ නොමැතිව ඇති අතර, සිටියත් ඒ කිහිප දෙනෙකු වනු ඇත. ගැටුම් සමයේදී සිදුකරන ලද සාහසික ක්‍රියා සම්බන්ධයෙන් රාජ්‍යය පවා වගකිවයුතු සහ වගවිය යුතු වේ. එනිසා, කොමිසමේ සාමාජිකයන් තෝරාගත යුත්තේ පාර්ලිමේන්තුවෙන් පරිබාහිර ස්වාධීන කමිටුවක් විසිනි. රටට-විශේෂිත වූ මොඩලයක් පමණක් ඇතිකරගත යුතුය.

මෙම ක්‍රියාවලියේ මුල් කටයුතු සිදුකිරීමට, සහ ඊට අමතරව උපදේශකවරුන් ලෙස සත්‍ය සහ සංහිඳියා කොමිසම මෙහෙයවීමට ජාතික හා ජාත්‍යන්තර උපදේශකවරුන්ගේ කණ්ඩායමක් පිහිටුවීම පිලිබඳ ජනාධිපතිවරයාට සලකා බැලිය හැකිය.

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්