''ප්‍රශ්නයකින් ගැලවෙන්නට ඇති හොඳම මග වන්නේ එය විසඳීමයි '' - බ්‍රෙන්ඩන් ෆ්‍රැන්සිස්
ප්‍රශ්නත් එක්ක ජීවත්වීම දැන් විලාසිතාවක් වෙලා. අපේ රටේ ජනතාවත් දැන් ප්‍රශ්න එක්කම ජීවත්වෙලා, දැන් ජනතාවටත් ප්‍රශ්න නැතුවම බැහැ වගේ. ආණ්ඩුවත් එහෙමයි. කල් මරමර ආණ්ඩුව ඉස්සරහට ගෙනියන එක ආණ්ඩුවට නැතුවම බැරි අංගයක් වෙලා. ප්‍රශ්න නිර්මාණය කරගන්නෙත් ආණ්ඩුව, ඒවට විසඳුම් නොදී ඉන්නෙත් ආණ්ඩුව. ඒ නිසා ආණ්ඩුව ගෙනියන්න ආණ්ඩුවට ප්‍රශ්න ඕන වෙනවා වගේම ජනතාවත් දැන් ප්‍රශ්නවල හිරවෙලා කර කියා ගන්න දෙයක් නැතුව ''ගොඩෝ'' එනකල් බලාගෙන ඉන්නවා.
''වේටිං ෆෝ ගොඩෝ ''
'සැමුවෙල් ඛෙකට්' ගේ ''වේටිං ෆෝ ගොඩෝ '' කියන වේදිකා නාට්‍යය හැටේ, හෝ හැත්තෑව දශකයේදී සිංහල බසින් වේදිකාගත වෙන්නේ ''ගොඩෝ එනකං'' කියන නමින්. ''ගොඩෝ'' එනව නම් එන්නේ රටේත්, ජනතාවගෙත් දැවෙන ප්‍රශ්න විසඳලා ජනතාවට 'සුබ අනාගතයක්' උදාකරවන්න. ඒත් ''ගොඩෝ'' නම් කවදාවත් එන්නේ නැහැ. අපේ රටේ නම් ''ගොඩෝ'' ව සමාන කරන්න පුළුවන් ''දියසේන'' කුමරයාට. දැන් ඉතිං 1948 ඉදලා අවුරුදු 75 ක්ම ''දියසේන'' කුමාරවරු කී දෙනෙක් ආවද.... එහෙම ආවට මොකද රට ගිහින් තියෙන්නෙ ඉස්සරහට නෙමෙයි පස්සට. පස්සට කියන්නත් බැහැ මොකද 2023 ට වඩා 1948 ට ඉස්සර යුගය හොඳයි නේ.
ජේ.ආර්. ජයවර්ධන
ඒකනේ සිංගප්පුරුවෙ 'ලී ක්වාන් යු' කිවුවෙ කවදාහරි දවසක සිංගප්පුරුවත් ලංකාව වගේ ලස්සන රටක් කරනවා කියලා. කරුමෙ කියන්නේ 1977 අවුරුද්දේ ජේ.ආර්. ජයවර්ධන උන්නැහෙට කියන්න සිද්ධ වුනා කවදාහරි දවසක ලංකාවත් සිංගප්පුරුවක් කරනවා කියලා. එතකොට දැන් මොකක්ද වෙලා තියෙන්නේ. අවුරුදු 15 ක් යනකොට ලී ක්වාන් යූ ගේ සිහිනය නම් සැබෑ වෙලා ලී ක්වාන් යු ගේ සිහිනය සැබෑ වන්නත්, ජේ.ආර්. ගේ සිහිනය සැබෑ නොවෙන්නත් හේතුව මොකක් ද?
ලී ක්වාන් යු
ලී ක්වාන් යු සිහිනය සැබෑ කරන්නත් ජාතිවාදයට එරෙහිව කටයුතු කරලා දුෂිතයින් සේරම හිරේදාලා නීතිය මත බලපවත්වපු පාලනයක් ක්‍රියාත්මක කිරීමෙන්. ජේ.ආර්. ගේ සිහිනය සැබෑ නොවන්නෙ 77 විධායක ජනාධිපති ක්‍රමය ස්ථාපිත කරලා ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ට, වන්දිභට්ටයින්ට පුළුවන් තරම් හොරකම් කරන්න ඉඩදීලා දුෂණය අක්‍රමිතාව ඇතුළු අකටයුතුකම් සේරම නීතිගත කරලා වගේ නිශ්ශබ්ද විලියම් වගේ නොකර සද්ද හිටපු නිසා.
හිතට එකඟව කල්පනා කරලා බලන්න. ජේ.ආර්. ගේ කාලයේ හොඳ වැඩට වඩා කොරලා තියෙන්නෙ හොරකම, දුෂණය, නාස්තිය, අල්ලස ඉහවහා යාමයි. එයාගෙ ''ධර්මිෂ්ට සමාජයේ'' රෙදි ගලවපු මහාචාර්ය සරච්චන්ද්‍රලා වගේ විද්වතුන් බිම ඇදගෙන ගිහිං පහර දීපු එක. ගැටඹේ විහාරය වටේ කටුකම්බි ගහපු එක. ජූලිවර්ජනයෙ රැකියාවලින් දොට්ට දාපු එක, රෙදි වියපු අන්ධයින්ට වේවැල් පහරදීලා අතරමග තැනින් තැන දාපු එක ජේ.ආර්. කියන ගොඩෝ බලයට ආපු 77 දී ජනතාව 5/6 ක බලයක් දුන්නා. ඒත් ජේ.ආර්. ගේ කටේ නරිවාදම අනුව ලංකාව සිංගප්පුරුවක් වුනේ නැහැ.
83 කලූ ජූලිය
මැතිවරණ සිතියම අකුලලා ව්‍යවස්ථාමය ඒකාධිපතිවාදයකට මුලපුරපු ජේ.ආර් ට ඕන වුනේ රට හදන්න නෙමෙයි. අන්ත දුෂිත පාරකට රට තල්ලූ කරපු එක. අනිත් පැත්තෙන් ජාතිවාදය අවුලූවලා 83 කලූ ජූලිය ඇතිකරවලා යාපනය පුස්තකාලයට ගිනි තියලා අවුරුදු 30 ක් දක්වා දිග්ගැස්සුනු යුද්ධයක් නිර්මාණය කළේ ඔය සිංගප්පුරු සිහින දකින්නාම තමයි.
ජේ.ආර් ට පස්සේ ගොඩෝලා නැතිනම් දියසේන කුමාරවරු වෙලා කී දෙනෙක් ආවද රට ගොඩදාන්න. දැම්මද? නැහැනේ.
ප්‍රේමදාස, විජේතුංග, චන්ද්‍රිකා, මහින්ද, ගෝඨාභය, රනිල් මේ සේරම කළේ රටේ ප්‍රශ්න වවාගෙන කන එක. ඉතුරු වුනේ ''ආසියාවේ ආශ්චර්ය'' , ''සුබ අනාගතයක්'' අර ගෝඨාභයගේ සටන් පාඨය ආදී 'ස්ලෝගන්' ටික විතරයි.
දැන් අපිට බලාගෙන ඉන්න වෙලා තියෙන්නෙ 2048 අවුරුද්දේ මේ රටට ගොඩබසින දියසේන කුමාරයා නැතිනම් ගොඩෝ එනකල් විතරයි. එදාට මේ ඉන්න කිසිම දේශපාලනඥයෙක් මේ රටේ නැහැ මහලූකට්ටිය.
සමහර විට නාමල් රාජපක්ෂ ද දන්නෙත් නැහැ.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දැන් මාමාගේ ස්ලෝගන් එක අකුලලා වගේ පේන්නෙ, ''සිංගප්පුරු සිහිනය'' කොහේ හදන්නද දැන් පෙරහැර ගිහිල්ලා ඉවරයි. සිංගප්පුරුව විදියට ලංකාව හදන්න ඕන නම් දැන් සිංගප්පුරුවේ හැංගිලා ඉන්න අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන්නවලා නීතිය හමුවට ඉදිරිපත් කරන්න ඕන. මිනිහා ගියේ මගුල් ගෙදරකට කියලා කිවුවම හිතෙන්නේ තවමත් මගුල් කනවද දන්නේ නැහැ කියලයි.
අවුරුදු 75 ක් තිස්සේ ගහපු බයිලා දැන් මළකඩ කාලා. ඒ හින්දා මේ රටේ බලය ඛෙදීම කළාම සේරම ප්‍රශ්න අහවරයි කියන අලූත් ටොපියැ දැන් සුප්පු කරන්න විතරයි ඉතුරු වෙලා තියෙන්නේ.
ප්‍රශ්නත් එක්ක ජීවත් වුනා දැන් ඇති. එහෙනම් මොකක්ද කරන්න ඕන ප්‍රශ්න විසඳන මිනිස්සුන්ට බලය දෙන එක. එහෙම අය ඉන්නවද කියන එක ඔප්පු කරලා පෙන්නන්න පුංචි ට්‍රයල් එකක් දීලා බලන්න පුළුවන් නම් හොඳයි.
ඒකට මෙන්න විසඳුම.
මහ නගර සභා කීපයක් අරගෙන ඉන් එක එක ගානේ ප්‍රධාන පක්ෂ සහ සුළු පක්ෂවලට අවුරුද්දකට දීලා බලමු උන්නැහේලා මොනවාද කරන්නේ කියලා. හොඳටම හදන මහ නගර සභාව හදන පක්ෂයට රට බාර දෙමු. එතකොට ගොඩෝ හරි දියසේන හරි එනකල් බලාගෙන ඉන්න ඕන නැහැ.
(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී