තමා තවත් රාජපක්ෂ කෙනෙකු නොවන බව ප්‍රසිද්ධියේම කී රනිල් වික්‍රමසිංහ පදවි ප්‍රාප්ති සංවත්සර සාද තම දේශපාලන ශෛලිය නොවන බව තහවුරු කරමින්,

 ඉන්දීය සංචාරය ආරම්භ කළේ ය.

xfg45

කවදත් මිනිසුන් රවටන රටට හානි කර දේශපාලනය නොකිරීමෙන් බොහෝ පරාජයන්ට මුහුණ දුන් රනිල් ස්වශක්තිය ගැන විශ්වාසයෙන් පසුවන රාජ්‍ය තාන්ත්‍රීකයෙකි. ඔහු 2020 මැයි 13 දා රටේ අගමැති වන විට එජාපයේ එකම පාර්ලිමේන්තු මන්ත්‍රී වරයා විය. රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු බහුතරයෙන් රටේ ජනාධිපති ලෙස පත්වුණේ වසර දහ අටක් රාජපක්ෂලාගේ දේශපාලනය වෙනුවෙන් පෙනී සිටි ඩලස් අලහප්පෙරුම පරදවමිනි. රනිල් වික්‍රමසිංහ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබමින් රටේ ආර්ථීකය ශක්තිමත් කරමින් රාජපක්ෂලාගේ ආර්ථීක ප්‍රතිපත්තිය අසාර්ථක බව රටට තහවුරු කළේ ය.



ජනාධිපති වික්‍රමසිංහ ගෙවී ගිය වසර පුරා රට යළි ගොඩ නගන්නේ කංචන විජේසේකර, ෂෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටියි, දිලුම් අමුණුගම ආදි රාජපක්ෂ පන්නයට දේශපාලනයට හුරු කළ තරුණ දේශපාලනඥයන්ට නායකත්වය දෙමිනි. ගෝඨාභය රටේ ජනාධිපති කරවීමට පුරෝගාමි වූ වියත්මග කල්ලියේ කිහිප දෙනෙකු හා ඩලස් අලහප්පෙරුමලා පාලන බලය වික්‍රමසිංහගෙන් උදුරා සජිත් ප්‍රේමදාසට දීමට උත්සාහ කිරීමත් පොහොට්ටුවේ බහුතරය ජනාධිපති වික්‍රමසිංහගේ දෑත ශක්තිමත් කිරීමත්, රටේ බහුතර ජනතාව ගැඹුරෙන් නිරීක්ෂණය කරමිනි සිටිති.


පාසල් දරුවන් හිතන විදිය

zdfsdfe34

මහනුවර ප්‍රදේශයේ මෙවර උසස් පෙළට ලියන දරුවන් සහභාගි වන, උපකාරක පන්තියක දේශපාලන විද්‍යා පාඩම අවසානයේ සාකච්ඡා වාරය ආරම්භ කරමින්, ඉදිරි මැතිවරණයකදී පුතාලා ඡන්දය දෙන්නේ කාටදැයි ගුරුවරිය විමසා සිටියා ය. පන්තියට පැමිණ සිටි දරුවන් 39 දෙනා ගෙන් 37 දෙනෙකුගේ උත්තරය රනිල් වික්‍රමසිංහ ය. ඉතිරි දෙදෙනා මාලිමාව ය. කිසි විටෙක තමන් අපේකෂා නො කළ පිළිතුරෙන් විමතියට පත් වූ ගුරුවරියට දරුවන් දැක්වූ හේතු කාරණා ඇය මෙසේ සාරාංශ කළා ය.

වසර හතරකට ආසන්න කාලයක් වැසී තිබුණ පාසල් විවෘත කිරීමට වෙනත් කිසිදු දේශපාලනඥයෙකු උනන්දු නො වීමත්, රනිල් වික්‍රමසිංහ කලින් අගමැතිව සිටියදී සැලසුම් කළ අකාරයට, ලැප්ටොප් සහ නොමිලේ 'වයිෆයි' ලබා දී තිබුණා නම් කොවිඩ් කාලයේ ඔන් ලයින් භාවිතයට ගස් කදු මුදුන් සහ වහල මතට නැඟීමට සිදු නො වීමත්, ඊට හේතු වේ.

ලැප්ටොප් පාවිච්චියෙන් ගැහැනු දරුවන් වද වෙති, අශ්ලීල රෑප නරඹතී ආදි විවිධ චෝදනා නගා විපක්ෂ දේශපාලකයන් එකී ව්‍යාපෘතීන් කඩාකප්පල් කළ ආකාරය වැඩිහිටියන් තවමත් සිහිපත් කරන්නේ කෝපයෙනි. එසේම රනිල් ජනාධීපති වී පැය හතළිස් අටක් ගෙවීමට පෙර දින තුනක් පාසල් විවෘත කරන ලෙස කළ නියෝගයත්, උසස් පෙළ උත්තර පත්‍ර බලන තෙක් වර්ජකයන් සමග සාකච්ඡා නොකිරීමට ගත් තීරණය පාසල් සිසුන් කිසි විටෙක අමතක නො කරනු ඇත.

පන්තියේ දරුවන් ගෙන් දේශපාලන ප්‍රශ්න ඇසීම සුදුසුදැයි ඇසූ විට, ''2004 උපන් මේ දරුවන් ලියා පදිංචි ඡන්දදායකයන් වන අතර, ඔවුන් හදාරමින් සිටින්නේ, දේශපාලන විද්‍යාව'' බව එකී ගුරුවරිය සිහිපත් කළා ය.  

තුන් සිය හැටපස් දවසක පාලන කාලය පුරා මාධ්‍ය විරෝධතා සහ කඳුළු ගෑස් ජල ප්‍රහාර වාර්තා කළා මිස, රටට පලදායි බදු ගෙවීමේ වගකීම මෙන්ම අසීරු  වියදම් කපා හැරීම ආදී රජය ගත් ජනප්‍රිය නොවන විවිධ පියවර රටේ යහපතට හේතුවන ආකාරය ගැන ජනතාව දැනුවත් කළේ නැත.

රනිල්ගේ බදු ප්‍රතිපත්තියට එරෙහිව උසස්  පෙළ දරුවන්ගේ උත්තර පත්‍ර පරීක්ෂාව ප්‍රතික්ෂේප කරමින්, අරගලය දියත් වෙද්දී අගනුවරදී හමුවූ වෘත්තිකයන් කිහිප දෙනෙක් බදු ප්‍රතිපත්තියට එරෙහිව කරුණු දැක්වූහ. සමහරු කීවේ බදු රටකට අනිවාර්ය නමුත් රටක් අස්ථාවර කළ වංචාව දූෂණය නතර කර, දූෂිතයන්ට දඩුවම් කරන තෙත් බදු අය කිරීමට එකඟ නැති බව ය.

xzcfgsedfewr

හත් දෙනෙකුගෙන් සමන්විත පිරිසෙන් නිහඬව සිටි මිතුරා ගැන විමසූ විට, පැමිණ සිටියෙකු, ඔහු රනිල්ට කඩේ යන්නෙකු ලෙස හැඳින්වීය. එතෙක් නිහඬව සිටි රනිල්ට කඩේ යන්නා කළ පැහැදිලි කිරීම මෙසේ ය.  

පුද්ගලික අංශයේ ඉහළ තනතුරක් දරන ඔහුගේ වැටුපෙන් මාසිකව රුපියල් 35,000ක් බදු ලෙස  අය කෙරෙයි. 2022 මැයි මුල් සතියේ මියගිය නැන්දනියගේ අවසාන කටයුතු සඳහා ඔහු වහා ගමට යා යුතු විය. සාමාන්‍යයෙන් ගමේ යාම සඳහා ටැංකියක් පිරවූ පැට්රල් අවශ්‍ය වේ. පුරා පැය විසි හතරක් අවශ්‍ය ඉන්ධන සපයා ගැනීමට ගත් උත්සාහය සාර්ථක නොවූයෙන් ඔහු අවමංගල්‍යයට සහභාගි වීමට සියඹලාණ්ඩුවට ගියේ ත්‍රී විලරයකිනි. ගමනට ගෙවූ කුලිය රුපියල් 41000කි. ඔහු සිය  කතාව අවසන් කළේ  මෙසේ ය.

'' මම ගමෙන් ආපු මිනිහෙක්. මගේ පන්තියේ ඉගෙන ගත් සමහර ගමේ යාලූවන් ජීවත් වීමට කුලී වැඩ කරනවා. මම ආණ්ඩුවට මාසිකව ගෙවන බදු මුදලේ ප්‍රමාණය දනී නම් ඔවුන්ට කුමක් සිතෙයිද? කෙසේ වෙතත් නගරයේ වසන අපට දැනුණ පීඩනය ගමට දැනී නො තිබිණ. ඔවුන් ආවේ ගියේ පයින් ය. කෑවේ අල බතල කොස් දෙල් ය. ගමේ ජිවන මට්ටම අනුව ඒ කිසිවෙකු බදු ගෙවිය යුතු ආදායම් සීමාවේ නැත. නිදහස් අධ්‍යාපනයෙන් ඉහළට ගිය මෙතන සිටි අප සියලු  දෙනා වියලි කලාපයෙන් පැමිණි අයයි. රටේම බදු ගෙවන පිරිස ලක්ෂ පහක් නෑ කියන්නේ අපි බදු නො ගෙව්වොත් රට කඩා වැටෙනවා කියන එක. විසි දෙදහස් විසි දෙකේ මැයි මාසයේ රුපියල් තිස් පන් දහසකින් ගමේ යන්න පැට්රල් හොයා ගන්න බැරි වුණාට, අද මා ගෙවන තිස් පන් දහස නිසා රටේ පාසල් අධ්‍යාපනය නැවත පටන් ගත්තා. සෞඛ්‍ය සේවා ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වෙනවා. අපට මතු වී තිබුණ ගැටලූ අවම වී ජීවිතය සාමාන්‍ය තත්වයට හැරෙමින් පවතිනවා. මා සිතන්නේ අප ඉගෙන ගන්නා කාලයේ අද අපේ මේ යාලූවන් මෙන් බදු නො ගෙවා ඉන්න සටන් කළා නම්, බදු ගෙවීම පැහැර හැරියා නම් මගේ ඉරණම කුමක්ද කියා ය. මම මේ හේතු නිසාම මම කැමැත්තෙන් බදු ගෙවන්නේ රනිල්ට නොවෙයි. රට වෙනුවෙන්. එජාපයට ඡන්දයක් දී නැති මා රනිල්ට කඩේ යනවා කීම මට දුකක්. රටේ ප්‍රශ්නයක් ගැන සාධාරණව හිතන මිනිහෙක් බ්‍රෑන්ඩ් කිරිම අවලස්සනයි. රටේ මිනිස්සු ගෙදර යැවූ රනිල් යම් විසදුමක් දෙමින් සිටිනවා.˜ උපහාසයෙන් කොලරය උස්සා හෙතෙම කතාව අවසන් කළේ ය.

ගෙවුණ වසර තුළ රටේ ප්‍රශ්න තුනී වී මිනිසුන් සන්සුන් වීම රාජපක්ෂලා දකින්නේ රටට එරෙහි කුමන්ත්‍රණයක් හැටියට ය.

ඇසළ පෙරහැරට විදුලිය සැපයීමේ ඇස්තමේන්තුවක් යැවීම ලංකාදීපය වාර්තා කරන්නේ පෙරහැරේ විදුලියට කෝටියක් යනුවෙනි. සජිත් ප්‍රේමදාස වහා ආවේසයෙන් කියන්නේ අනුව දළදා පෙරහැරට විදුලි බිලක් එවීම බුදු දහමට කළ බරපතල අවමානයක් කියලා. ගෙවුණ වසරේ පවුලේ මඟුලකට මරණයකට මෙන්ම රෝගියෙකු රෝහලට ගෙන යාමට ඉන්ධන ටිකක් නො ලැබීම ගැන කාටවත් මතක නැත. 2019දී ජාතික ආරක්ෂාව වෙනුවෙන් ආණ්ඩුව පෙරළන විට, ගෑස් සිලින්ඩරයක් රුපියල් 1350 කි. කිරි පැකට් එක රුපියල් 325කි. ඩීසල් පැට්රල්  ලීටරයක උපරිම මිල රුපියල් 130 ට වඩා අඩුය.

මට මෙහිදී නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්.සේනානායක සිහිපත් වේ. නිදහස් ලංකාවේ මුල්ම මැතිවරණයේදී තියුණු තරඟයකට මුහුණ දුන් සේනානායකලාගේ පක්ෂයට ලැබුණේ  මන්ත්‍රී ආසන 46 කි. පාර්ලිමේන්තු බහුතරය සඳහා ආසන 151 අවශ්‍ය විය. ඒ කාලයේ වල්පොල රාහුල හිමි නායකත්වය දුන් විද්‍යාලංකාර භික්ෂු ව්‍යාපාරය ඩී.එස්.ටත් එජාපයටත් දැඩි අභියෝගයක් එල්ල කළේ ය. ඩී.එස්.සේනානායක සමග සිටි එකම භික්ෂුව හේන්පිටගෙදර ඥානසීහ හිමියන් පමණකි. උතුරු නැගෙනෙහිරින් පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීන් ද, ඇතුළත් ආණ්ඩුවේ රටේ ප්‍රථම අගමැති ලෙස ඩී.එස්. පත් විය.

xdfserr

ඒ සමග හේන්පිටගෙදර හාමුදුරුවෝ තමන් කළ කෙළෙහිගුණ සිහිපත් කොට පැල්මඩුල්ලේ පාතකඩ පිරිවෙනක් හැදීමට රාජ්‍ය සහාය ඉල්ලා සිටියේය.

 

'' හාමුදුරුවනේ.... මං අගමැති වුණේ සභාග ආණ්ඩුවක දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ ආදි ජාතින් ජීවත්වන රටේ.  මම සිංහල බෞද්ධ අගමැති වෙලා පන්සල් හදන්න බැහැ. ඒ විදියට සියලු ආගම්වලට සලකන්න ලංකාව පොහොසත් රටක් නොවෙයි. හේන්පිටගෙදර හාමුදුරුවෝ නැවත තොගේ මූනවත්  බලන්ට නො බලමි පිට වි යන්ට ගියේය.

බණ්ඩාරනායක මුල් කොට භාෂා ආගම් භේද උළුප්පා 56 පෙරළියෙන් එජාපයට විපක්ෂ නායකකමත් හෝ අහිමි විය. 2020 එජාපය ප්‍රතිපලය බිංදුව විය. ඒ පරාජය රනිල්ගේ දින තුන්සිය හැට පහක පාලන කාලය සමග, සමාලෝචනය යුතු වේ. 1956න් පසුව ඇති වූ වර්ගවාදී වී ඛෙදි උනුන් කා කොටා ගැනීමේ සංස්කෘතිය නිසා, රට ආර්ථීක විලාපයක් බවට පත් විය. 1969 වන විට රටේ වී නිෂ්පාදනය ඉහළ අගයක් ගත් අතර, 70 තුනෙන් දෙකක් ලබා ගත් පාලනය යටතේ බත් කෑම තහනම් විය. මිනිසුන් පාරේ මිය ඇදුණාහ. 2020 දී සමහරුන් ඉන්ධන පෝලිම්වල මිය ගියහ.



1970, 1994, 2005 සහ 2019 ජනතාවගේ තේරීම් හරහා රටට යහපතක් නොවී ය. 2001 එකේ රනිල් රට භාර ගන්නේ ආර්ථීකය ඍණ අගයක් ගත් අවස්ථාවේ ය. ආර්ථීකය හදන තෙක් නව රස්සා හෝ රාජ්‍ය සේවා ඇබෑර්තු නො පිරවීමට අගමැති රනිල් ගත් තීරණය තරුණ පරම්පරාවේ අප්‍රසාදයට හේතු විය. එහෙත් වසර දෙකකින් රටේ ආර්ථීකය ශක්තිමත් විය. රනිල්, ජාත්‍යන්තර සහායෙන් සටන් විරාමයක් හරහා උතුරේ ගැටළුව විසඳීමට ගත් උත්සාහය දකුණට අලි කොටි ගිවිසුමක් විය. ප්‍රභාකරන් එය දුටුවේ තමන්ට ඇට වූ මර උගුලක් හැටියටය. මෙසේ දේශපාලනය තුළ අස්ථාවර වූ රනිල්ගේ පාලනය ජනාධිපති චන්ද්‍රිකා 2004 දී උදුරා ගත්තා ය.

 

xcgfretw

2005 නොවැම්බර් 17 වෙනිදා පැවති ජනාධිපති මැතිවරණයේදී අලිකොටි ගිවිසුම දකුණේත් සටන් විරාමය, උතුරෙත් රනිල්ගේ ජයග්‍රහණයට අකුල් හෙළී ය.

ප්‍රභාකරන් උතුරු නැගෙනහිර 97% ක් ඡන්ද දායකයන් බිය ගන්වා ඡන්ද වැළැක්වීය. 2005 නොවැම්බර් 17 වෙනිදා රනිල්ට වඩා මහින්ද ගත් ඡන්ද ගණන 1,80,787ක් වූ අතර එය යන්තම් ගොඩ යාමකි. එතැන් සිට 2022 ජූලි 21 තෙක් පැවති කිසිදු ජනාධිපති මැතිවරණයක අපේක්ෂකත්වය හෝ නො ලබුණ රනිල් 2022 දී රටේ ජනාධීපති ලෙස තෝරා පත් කිරීමට, රාජපක්ෂලාට සිදුවීම, 2005 දී කළ පාපයට වන්දි ගෙවීමකි.

2005දී රනිල් රටේ ජනාධිපති වුණා නම් අද රටට මෙහෙම වෙන්නේ නැත කියා ඛෙහෝ අය කියති. ජාතියේ පියා වූ ඩී.එස්. සේනානායක, භික්ෂුන්ගේ වෛරයට පාත්‍ර ආකාරයටම, රනිල් 2001 දී, ආර්ථීකය ගැන සිතා රස්සා නො දීමට ගත් තීරණය නිසා, රටේ තරුණ පරපුර ද, සටන් විරාම ගිවිසුම නිසා ප්‍රභාකරන් ද, හතුරු කර ගත්තේ ය. අද ප්‍රභාකරන් නැත.


වසර තුනක් පාසල් වැසී පීඩාවට පත් වර්තමාන තරුණ පරපුර රටේ සිදු කළ යුතු වෙනස කුමක් දැයි කතා කළ යුතු වේ.

kljxcvj

17 වසරක් ජනාධිපති අපේක්ෂකත්වය සඳහා හෝ සලකා නො බැලු රනිල් වික්‍රමසිංහ 2022 ජූලි 21 වෙනිදා රටේ ජනාධිපති ලෙස පත් වීම ඩී. එස්. සේනානායකගේ ඍජු රාජ්‍ය තාන්ත්‍රික භාවය යළි කැඳවිමකි. ආසන්න හැට වසරක් (1963-2023) මේ රටේ ජනතාව එක දිගට පාලකයන් වෙනස් කිරිම නිසා ඇති වූ ආර්ථීක පීඩනයෙන් බැට කෑ රටේ බහුතරය හිතන්නේ ආපසු රට 2018-19 පැවති කාලයට ගියත් ඇති කියා ය. රනිල් 2048ට ඔබින රටක් ගැන කල්පනා කරමින් සිටියි. 2048 වන විට රනිල් ජීවත් නොවේ.



මෙවර උසස් පෙළ ලියන, ඉහතින් කී පන්තියේ දරුවන් 2048 දී හතළිස් හතර හැවිරිදි වැඩිහිටියන් වෙති. ජපානයේ කිටාක්‍යුෂූ නගරයේ මෙන් නිදහසින් සියක් වස් පිරෙන ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය කළ යුත්තේ වර්තමාන තාරුණ්‍යය විසිනි.


chandrasiri senevirathne(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(විංසති සඟරාවේ අගෝස්තු කලාපයෙන් උපුටා ගන්නා ලදි.)

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්