The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සිංහල - බෞද්ධ නොව ලංකාවේ තියෙන්නෙ බොදු - හින්දු සංස්කෘතියක්

T

The Leader Desk

May 24, 2019 • 6:41 PM

සිංහල - බෞද්ධ නොව ලංකාවේ තියෙන්නෙ බොදු - හින්දු සංස්කෘතියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පහුගිය පාස්කු ඉරිදා මේ රට මුහුන දීපු ඉතා අවාසනාවන්ත ත්‍රස්ථවාදී ප්‍රහාරයෙන් පස්සේ සිංහල බෞද්ධ අන්තවාදී පිරිස් අලත් ජීවයක් ලැබුවා වගේ මට පේනවා.
  • අපේ මේ රටේ ඉතිහාසය තුළ පැහැදිළි සංස්කෘතික අනන්‍යතා තුනක් ඇති වෙනවා මුළු ඉතිහාසය පුරාම.
  • මේකෙන් පස්සේ ඉතිහාසයක් ගොඩනැගෙනවා සුද්දන්ගේ කාලේ ඉඳලා සිංහල බෞද්ධ ප්‍රවණතාවයක් ඇති වෙනවා.
  • ඉතින් ඒ වගේ අයත් එක්ක ඇති වෙච්ච සිංහල බෞද්ධ රාජ්‍ය ආධිපත්‍යයකට වැඩිය සිංහල බෞද්ධ බලහත්කාර දේශපාලන ආධිපත්‍යයක් මේක.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ පිරිස් උපයෝගී කරගත්තා මේ ත්‍රස්තවාදය දියත් කෙරුවේ මේ කණ්ඩායම මුස්ලිම් අන්තවාදීන් ඒ නිසා මේක මුස්ලිම් විරෝධයක් බවට පත්කරගන්න. මේ සිංහල අන්වාදීන් මේක ප්‍රයෝජනයට ගත්තා.

ඒකත් එක්ක දැන් කියන්න උත්සාහ කරනවා මේ පිරිස් අනෙකුත් සුළුතර ජනතාව විශේෂයෙන් දෙමළ මුස්ලිම් පිළිගත යුතුයි කියලා මේ රට සිංහල බෞද්ධ රාජ්‍යයක් ඉතිහාසය පුරාම කියලා.

දැන් මේ රට ඉතිහාසය පුරා සිංහල බෞද්ධ රාජ්‍යයක් කියලා කියන්න කිසිම පැහැදිළි ‌‌‌‌‌‌ෛ එහාසික සාක්ෂි නැහැ මම දන්න තරමට. අපේ මේ රටේ ඉතිහාසය තුළ පැහැදිළි සංස්කෘතික අනන්‍යතා තුනක් ඇති වෙනවා මුළු ඉතිහාසය පුරාම. ඉන් ප්‍රධාන සංස්කෘතීන් දෙක වෙන්නේ අද දේශපාලන වශයෙන් හඳුන්වන දකුණේ සිංහල සංස්කෘතියත් එතනින් එහා උතුරු නැගෙනහිර දෙමළ සංස්කෘතියත්. මේ සංස්කෘතීන් දෙක පැහැදිළි වෙනස් වූ සංස්කෘතීන් දෙකක් ඒ අයට අනන්‍ය වූ භූමි ප්‍රදේශයන් තුළ මේව නිකම් පාවෙන සංස්කෘතීන් නෙවෙයි. ඒවටම අනන්‍ය වූ භූමි ප්‍රදේශයන් තිබුණා. දැන් මේ නිසා මේ රටේ සිංහල බෞද්ධ රාජ්‍යයක් පැවතුනයි කියන්න කිසිම සාක්ෂියක් නැහැ මෙහෙම සංස්කෘතීන් දෙකක් තියනකොට.

අපි දන්න ඉතිහාසය තුළ මේ රටේ ඉඳල තියනවා රජවරු එකසිය අසූතුනක් විතර බිසෝවරු දෙන්නත් එක්ක. අනුලදේවි සහ තව බිසවක් හිටියා. රජවරු එකසිය අසූ තුනෙන් මේ රට එක්සේසත් කෙරුවයි කියන්නේ රජවරු එකොළහයි. ඒකේ තෙරුම තමයි ඉතිරි රජවරු වෙන වෙනම කාන්ඩ ප්‍රදේශ තමන්ගේ පාලනයට වෙන වෙනම තියාගෙන හිටියා කියන එක.

දැන් උදාහරණයක් හැටියට අනුරාධපුර යුගයේ දියුණු සියවස් අටක් නවයක් විතර රාජධානි තියන කාලයක රුහුණේ රාජ්‍යයකුත් තිබුණා කාවන්තිස්ස රජ්ජුරුවොත් හිටියා. ඉතින් කාවන්තිස්ස රජ්ජුරුවො ඉන්නකොට කාවන්තිස්ස රජ්ජුරුවොන්ට සරනපාවගන්න වෙන්නේ කැළණිතිස්ස රජ්ජුරුවන්ගේ දුව. වෙනම තව රාජ්‍යයකුත් තිබිල තියනවා කැළණියේ. මේ විදිහට කැබලි හැටියට තිබුන ඒව එක්සේසත් කෙරුවයි කියන්නේ රාජ්‍යයක් හැදුවා කියන එක නෙවෙයි. ඒ අනෙකුත් රජවරුන් පාලනය කරපු භූමි ප්‍රදේශත් අත්පත් කරගත්තයි කියන එක. ඉතින් ඒ නිසා අපිට කතාකරන්න පුළුවන් වෙන්නේ මේ රටේ සිංහල බෞද්ධ ආධිපත්‍යයක් පිළිබඳ නෙවෙයි.

මේකෙන් පස්සේ ඉතිහාසයක් ගොඩනැගෙනවා සුද්දන්ගේ කාලේ ඉඳලා සිංහල බෞද්ධ ප්‍රවණතාවයක් ඇති වෙනවා. සිංහල පාලනයක් වෙනුවෙන් පෙනී හිටපු ධර්මපාලතුමාල වගේ අය නිසා. ඉතින් ඒ වගේ අයත් එක්ක ඇති වෙච්ච සිංහල බෞද්ධ රාජ්‍ය ආධිපත්‍යයකට වැඩිය සිංහල බෞද්ධ බලහත්කාර දේශපාලන ආධිපත්‍යයක් මේක. ඒක තමයි මම දකින්නේ.

බලහත්කාරය පිළිබඳ කතාවක් තමයි දැන් මතුවෙලා තියෙන්නේ. ඒ බලහත්කාරය දැන් හොඳට පේනවා අපිට. මොකද පාරට බහින්නේ කැති, පොලු මුගුරු අරගෙන පෙට්‍රල් කෑන් අරගෙන. එහෙම තමයි මේ පාදඩ බලයක් හදන්න හදන්නේ. එහෙම නැතුව ශීලාචාර ශිෂ්ඨාචාරයක් තුළ ගොඩනැගිච්ච ආධිපත්‍යයක් නම් ඒකට අනෙකුත් උපසංස්කෘතීන් අනුගත වෙනවා, ඒකට යටත් වෙනවා එහෙම එකක් මේ රටේ නැහැ. සිංහල භාෂාව තමයි ඇත්තටම ඔය සිංහල බෞද්ධ සංස්කෘතිය කියන එකේ පදනම හැටියට තියෙන්නේ. නමුත් අපි ඒකට බෞද්ධාගමත් එකතු කරගන්නවා මොකද අපේ රටේ හුඟක් අය හිතාගෙන ඉන්නවා මේ බෞද්ධාගම සිංහලුන්ගේ එකක් කියලා. සිංහල මිනිස්සුන්ට තමයි බෞද්ධාගම අයිති ඒක නිසා සිංහල බෞද්ධ සංස්කෘතියක් ගැන කතාකරන්න උත්සාහ කරනවා.

පළවෙනි කාරණය තමයි මේ කතා කරන බෞද්ධාගම මොකක්ද? දාර්ශනික එහෙම නැත්නම් ආගමික පදනම කියලා කතා කරෝතින් ඒක සම්මිශ්‍රිත එකක්. මම දන්න තරමට මම කියවලා තියන තරමට බුදුහාමුදුරුවන්ගේ පිරිනිවන් පෑමෙන් පසුව පළවෙනි සංගායනාව තියන්නේ බුදුහාමුදුරුවන් දේශනා කරපු ධර්මය කටපාඩමෙන් ගෙනහල්ලා. ඒක ග්‍රන්ථාරූඩ කරන්නවත් නෙවෙයි. ඒක පිළිබඳ තිබිච්ච අර්ථකතන එක අර්ථකතනයකට ගේන්න තියපු සංගායනාවක්. ඒ සංගායනාවෙත් බුදුන්ගේ ධර්මදේශනාවන් අහපු කෙනෙක් හැටියට ඉතිරිවෙලා හිටියේ ආනන්ද හාමුදුරුවො විතරයි. ඒ නිසා අපි අහන හැම සූත්‍රයකම පටන් ගැනීමේ තියෙන්නේ “ඒවං මේ සුතං“ කියලා මා විසින් මෙසේ අසන ලදී. එහෙම තමයි ඔය පළවෙනි සංගායනාව පැවතුනේ. ඒකේ භික්ෂූන් අතර තිබුණ මතභේද එක ගොනුවකට එක රාමුවකට ගේන්න තමයි කෙරුවේ. ඒත් කට වචනයෙන් ගෙනාපු ඒවා.

ඊට පස්සේ දෙවන සංගායනාවට ආවට පස්සේ තමයි ග්‍රන්ථාරූඪ වෙන්නේ. ඒ ග්‍රන්ථාරූඪ වෙන්නේ එතෙක් කටවචනෙන් ගෙනාපු දේවල්. ඒ නිසා ඇත්තටම ග්‍රන්ථාරූඪ වෙන්නේ පාලි භාෂාවෙන්. ඒ ග්‍රන්ථාරූඪ වෙන බුදුන්ගේ ධර්මය කියන එක ඇත්තටම බුදුන් විසින් දේශනා කරපු දේවල්මද කියන එක ගැන බරපතල ප්‍රශ්නයකුත් තියෙනවා. මොකද කට වචනෙන් එනකොට පරම්පරා ගණනාවක් අවුරුදු තුන්සීයකට වැඩි සහ භාෂා කිහිපයකින්.

අනිත් එක මේක තනි භාෂාවකිනුත් නෙවෙයි. ඊට පස්සේ භාෂා කිහිපයකින් එන ඒවා පාලිවලට ගොනු කරලා ග්‍රන්ථාරූඪ කරනකොට කොයි තරම් නිවැරදිව ඒක වුනාද කියන එකේ ප්‍රශ්නයකුත් තියනවා. එතන ඉඳලා මෙතෙක් ගෙනාපු බුද්ධ ධර්මය, ධර්මයක් හැටියට නෙවෙයි එන්නේ අදහන ආගමක් හැටියටයි.

දැන් ඒ විදිහට ග්‍රන්ථාරූඪ වෙච්ච බුදු දහම, ධර්මයේ කතාකරන දේ පිටක තුනක් හැටියට විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධර්මයයි කියලා පිටක තුනකට එන්නේ. විනය පිටකය තමයි විශාල වශයෙන් වාදවලට ලක්වුනේ. මොකද? ඒ වෙනකොට සංඝයා කියලා හිටපු අයගේ තිබිච්ච් විනය ගැටළුත් තිබුණා. බුද්ධ සාහිත්‍යයේ තියෙනවා සමහරුන්ව සිවුරු ගලවලා ඉවත් කෙරුවයි කියලා. දැන් මෙවැනි බුද්ධ ධර්මයක් තමයි ලංකාවට එන්නේ. ආවට පස්සේ ඒක ධර්මයක් හැටියට නෙවෙයි ආගමක් හැටියට තමයි වැළඳගන්නේ. ඒක තුළ විශේෂයෙන්ම මාලිගාව කේන්ද්‍ර කොට රාජ්‍ය අනුග්‍රහය එක්ක තහවුරු වෙච්ච ආගමක් හැටියට ඒ මාලිගාවල රාජවරුන්ගේ සංස්කෘතීනුත් මේ ආගමයට ඇතුළත් වෙනවා.

උදාහරණයක් හැටියට බොහෝ රජවරු සරණපාවා ගන්නේ දකුණු ඉන්දීය බියෝවරු. දැන් ඒ බිසෝවරු මෙහෙට එක්ක එනකොට ඒ අය එක්ක එන විශාල කණ්ඩායම් හිටියා. ඒගොල්ලන්ට ආවතේව කරන කට්ටිය. ඒ අයගේ රත්තරන් බඩු හදන කට්ටිය, ඒ වගේ නොයෙකුත් තාලේ කොටස් එක්ක තමයි එන්නේ. ඒ අය ඇවිල්ලා මෙහේ පදිංචි වෙනවා‍. ඉතින් ඒ අයගේ ආගමට අනුව ඇදහිලිවලට පන්සලත් නතුවෙනවා. ඒ නිසා පන්සල්වලට කෝවිල් දෙවියන්ගේ වතාවත් ඔය වගේ ගොඩක් දේවල් එකතුවෙලා අද බුද්ධාගම කියන එක ඇත්තටම මම දකින හැටියට බුද්ධ ධර්මය නෙවෙයි, බෞද්ධ හින්දු මිශ්‍රණයක් කියන ඇදහිලි මත පදනම් වෙච්ච ආගමක්. ඒක නිසා මම මේක හඳුන්වන්න කැමති සිංහල බෞද්ධ අනන්‍යතාවයක් හැටියට නෙවෙයි බොදු හින්දු සංස්කෘතියක් හැටියට.

බොදු හින්දු සංස්කෘතියක් හැටියට අරගත්තොතින් නම් ඉතිහාසය තුළ අපිට විකාශනයක් දකින්න පුළුවන්. ඒක දේවානම්පියතිස්ස රජ්ජුරුවන්‌ගේ ඉඳලා අවසාන ශ්‍රී වික්‍රමරාජසිංහ රජ්ජුරුවන් දක්වාම විවිධ කාලවකවානුවල ඉඳලා මේ බෞද්ධ ආගම කියන එකට හින්දු ආගමේ ජෛනාගමේ අදහිලි කියන ඒවා එකතුවෙලා වෙනත් ආගමක් හැදිලා තියෙනවා. නමුත් අපි තාමත් ඒකට බෞද්ධාගම කියනවා. නමුත් මේක ඇත්තටම බොදු හින්දු සංස්කෘතියක්. ඒක නිසා මේ රටේ හුඟක් අය තර්ක කරන්න හදන සිංහල බෞද්ධ සංස්කෘතියක් කියන එක හුදු ලේබලයක් විතරයි.

- ප්‍රවීන මාධ්‍යවේදී කුසල් පෙරේරා

සම්පූර්ණ කතාව - සිංහල බෞද්ධ කියන්නේ හුදු ලේබලයක් පමණයි

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සිංහල - බෞද්ධ නොව ලංකාවේ තියෙන්නෙ බොදු - හින්දු සංස්කෘතියක් | The Leader