The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කොරෝනා 'ලොක්ඩවුන්' : වනිතා රුවට බල පෑ හැටි

T

The Leader Desk

May 27, 2020 • 9:06 AM

කොරෝනා 'ලොක්ඩවුන්' : වනිතා රුවට බල පෑ හැටි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොරෝනාවෛරසයත් සමග බලපැවැත්වෙන 'ලොක්ඩවුන්' තහංචි කෙසේ නමුත්, අතැඟිලිවල හැඩ කරන ලද නියෙන් යුත්,
  • එහි ප්‍රතිවිපාකයක් වශයෙන් මහජනයාට ඔවුන්ගේ රූපකාය සහමුලින් ම වෙනත් පිළිබිඹුවක් සහිතව තබා ගැනීමට සිදුව ඇත.
  • ඇය 'BBC Newsbeat' ගුවන් විදුලි විශේෂාංගයට අදහස් දක්වමින් මෙසේ සඳහන් කළාය.
  • යන කාරණය පිළිබඳව සිතා බැලීමට 'ලොක්ඩවුන්' තහංචි මැද ඇය යොමු වූ බව කේටි පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

රසායන මගින් කෘත්‍රිමව පුරවා ඔපමට්ටම් කරන ලද (Fillers) මුහුණුවල ඇසෙහි ඇලවූ කෘත්‍රිම ඇසිපිය මෙන් ම, මනාව නිමවන ලද හැඩට සකස් කරන ලද උදර ප්‍රදේශ සහිත රූ දැක්වෙන පින්තූර සමාජ මාධ්‍ය ජාලයේ සැරිසරන්නන් වෙනදා මෙන් අදත් දකිනු ඇත.

එහෙත් මේ මොහොතේ උද්ගතව පවතින යථාර්ථය නම්, සමාජයේ වැඩි දෙනෙකු විසින් ඉහත කී උවමනා සඳහා පාවිච්චි කරනු ලබන ශාරීරික ව්‍යායාම පහසුකම් සහිත ස්ථාන (gyms) සහ රූපලාවණ්‍යාගාරවල (beauty treatments) දොරටු වසා තිබීමය.

එහි ප්‍රතිවිපාකයක් වශයෙන් මහජනයාට ඔවුන්ගේ රූපකාය සහමුලින් ම වෙනත් පිළිබිඹුවක් සහිතව තබා ගැනීමට සිදුව ඇත.

කේටි (Katy) විසි තුන් හැවිරිදි තරුණියකි. ඇය 'BBC Newsbeat' ගුවන් විදුලි විශේෂාංගයට අදහස් දක්වමින් මෙසේ සඳහන් කළාය.

''මම හැම දා ම මෙන් පාවිච්චි කරනු ලබන නිය අලංකරණය, 'fillers' සායනය මගින් මුහුණ මට්ටම් කිරීම සහ ඇස් පිහාටු එක්කිරීම වැනි පුරුදුවලින් තොර වූ කාලයක්."

 

'හිතන්න ගොඩාක් කාලය ලැබිලා'

රූපලාවණ්‍යයට අදාළ ඉහත කී ආකාරයේ ඇතැම් දේ සඳහා තමා යොමුවුණේ කුමක් නිසා ද? යන කාරණය පිළිබඳව සිතා බැලීමට 'ලොක්ඩවුන්' තහංචි මැද ඇය යොමු වූ බව කේටි පවසයි.

''මේ කාල සීමාව තුළ අපට මේ කරුණු ගැන හිතන්න ගොඩාක් කාලය ලැබී තිබෙනවා," ඇය පවසන්නීය.

''ඇයි, මම මේ දේවල් කරන්නේ? මා සඳහා ම ද? කියල මම හිතනවා - මම අනිත් අය ඉදිරියේ ලස්සනට ඉන්න ඕන කියන හැඟීම. ඒක තමයි- මම රූපය පවත්වා ගැනීමට යොමුවීමේ ඇත්ත හේතුව!''

KATY

'කේට්' සිය වුවනත පවත්වා ගැනීම සඳහා පාවිච්චි කරනු ලබන 'fillers' සායනයේ මුහුණු අලුත් වැඩියාව නියමිතව තිබුණේ පසුගිය මාර්තු මාසයටය. එහෙත් 'ටොම්වර්ත්' (Tamworth) නගරයේ ජීවත්වෙන ඇයගේ රූපලාවණ්‍ය ශිල්පියා පසුගිය මාසයේ සිය වෘත්තියෙන් විරාමයක් ලැබ සිටියේය. හේතුව කොරෝනාවෛරසය පැතිරීමය.

නියමිත වේලාවේ අලුත්වැඩියා නොකිරීමේ ප්‍රතිඵලය වුණේ,'filler' මගින් තනා තිබුණ මුහුණේ ඇතැම් කොටස් දිගට ම හරිහැටි නොපැවතීමය. ප්‍රතිඵලය මුහුණ පිළිවෙළක් නැති හැඩයක් ගැනීම විය.

'fillers' රූපලාවණ්‍ය ප්‍රතිකාරය මෙන් ම නිය සැකසීම සහ කෘත්‍රිම ඇස් පිහාටු සවි කරනු ලැබීමත් 'කේටි' විසින් සිදු කරගනු ලබයි.

සවි කරන ලද අලංකෘත නියවලින් තොරව මරණයවත් ඇය නොපතයි. එවැනි නියවලින් ඇඟිලි සැරසූ කල්හි සිය සිරුරේ කාන්තා පෙනුම සහ ශෝභාව වඩාත් පිළිබිඹු වන්නේය යන හැඟීම කේටි තුළ ඇත.

'කේටි'ගේ පළමු කාර්යය ඇස් පිහාටු සවිකර ගැනීමට යාමය. ඇය මාස අටකට අධික කාලයක් නොකඩවා ම එය සිදුකර ගනු ලැබ ඇත.

"දිග ඇස් පිහාටු නැත්නම් මම අවලස්සනයි කියන හැඟීම මා තුළ තියෙනවා," ඇය පවසන්නීය.

"අපේ පෙනුම සැබැවින් ම කොහොම ද? කියන කාරණය ගැන සිතා බලන්න මෙය අපට ලැබෙන 'පුහුණුවකට' සමීප තත්ත්වයක්."

"මම හිතන තරමට ම ඇත්තෙන් ම මේ දේවල් අවශ්‍ය නැති බව තේරුම් ගන්න එම තත්ත්වය මට උදව් වුණා."

කේටි තමාට අහිමි වූ රූපලාවණ්‍ය ප්‍රතිකාර කෙරෙන් සිය මනස මුදා ගැනීමට 'fillers' ප්‍රතිකාරය ගැන හෝ එසේත් නැත්නම්, රූපලාවණ්‍ය ප්‍රතිකාර ප්‍රදර්ශනය කෙරෙන 'ඉන්ස්ටර්ග්‍රෑම්' පිටු අතර සැරිසැරීම නතර කළාය. ඒ වෙනුවට ඇය කළේ තමා තම පිළිබිඹුවට ආදරය කරන අදහස් ඇතුළත් පිටු අතර සැරිසැරීමය.

පරණ පින්තූර නැරඹීමත් මෙහිදී ඇයට සහනයක් විය.

"රූපලාවණ්‍ය උපකරණ කිසිවක් මට තිබුණේ නැහැ. කවුරුවත් මගේ වෙනසක් දැක්කෙත් නැහැ'' කේටි පවසන්නීය.

''මට වෙනත් තෝරා ගැනීමක් තිබුණේ නැහැ. නමුත් ස්ථිරව ම, නිය අලංකරණ සාප්පුවේ පෝලිමේ පළමුවැන්නිය මම වේවි!''

 

මගේ 'ප්‍රතිකාරය' ක්‍රීඩාගාරයයි

'ලොක්ඩවුන්' තහංචියට පෙර තමා සතියකට දවස් පහක් ක්‍රීඩාගාරයට (gym) ගිය බව 26 හැවිරිදි 'උර්සුලා' පවසයි. 'ලොක්ඩවුන්' තහංචිය උර්සුලාගේ දෛනික ජීවිතයේ මහා වෙනසක් සිදු කරනු ලැබීමට හේතු විය.

URSULA

"මම පුරුද්දක් හැටියට පවත්වා ගෙන ගිය මගේ 'ජිම්' ප්‍රතිකාරය වෙනුවට වෙන මොනවා කරන්න ද යන්න සම්බන්ධයෙන් වෙනත් තෝරා ගැනීමක් නැති වුණා ම, ඒක හරි ම දුෂ්කර තත්ත්වයක්'' උර්සුලා 'BBC Newsbeat' ගුවන් විදුලි විශේෂාංගයට සඳහන් කළාය.

කුඩා නිවසක පවුලේ සාමාජිකයන් සමග වාසය කරන හෙයින්, ඇයට සුපුරුදු ශාරීරික අභ්‍යාසයන්හි නිරතවීම දිගට ම පවත්වා ගත නොහැකි විය.

උර්සුලාගේ මෝස්තරය ශාරීරික යෝග්‍යතාව පවත්වා ගැනීමය. ඇය 'කාය වර්ධන' (body-builder) ක්‍රීඩා අංශයෙන් තරග වැදුණු අතර, දැන් එම ක්ෂේත්‍රයේ පුහුණුකාරියක් වීම සඳහා හැදෑරීමෙහි නිරත වන්නීය.

ක්‍රීඩාගාරයට යාමට නොලැබීම උර්සුලාගේ මානසික සෞඛ්‍යය කෙරෙහි බලපෑමක් සිදුකරනු ලැබ ඇත. ඇයගේ සිත කියන්නේ 'තමා කූඩුවක සිරකාරියක' වී ඇති බවකි.

තමා පත්ව ඇති තත්ත්වය සන්සුන් කර ගැනීම සඳහා ඇය යෝග අභ්‍යාසයන්හි සහ භාවනාවේ නිරත වන්නීය.

"මම තවමත් සතුටින් ඉන්න බව කියන්න කැමතියි. නමුත් මට ඕනෑවට වඩා මගේ බර ටිකක් වැඩි වෙලා."

'ලොක්ඩවුන්' කාලය සිය ක්‍රීඩා පුහුණුකාරියක වීමේ පාඨමාලාව සම්පූර්ණ කිරීම වෙනුවෙන් ගත කිරීමට වාසනාවකට මෙන් ඇයට අවස්ථාව උදා විය.

 

මම මටම ආදරය කිරීමට ඉගෙනීම

මම 'ලොක්ඩවුන්' කාලයේ හුදෙකලාව යොදා ගන්නේ 'මා ගැන ම අවධානය' යොමු කිරීමට අවශ්‍ය පුහුණුව සඳහා යයි ජෝ (Jo) පවසන්නීය.

ජෝ , රූපලාවණ්‍ය වඩන 'fillers' ප්‍රතිකාර, ඇස් පිහාටු, සහ කේෂ කලාපය සැකැසීම සඳහා වෙන්කර ගත වේලාවන් අහිමිව අපේක්ෂා සුන්ව ගිය තත්ත්වයක් මැද සිටියත්, පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඉතා දැඩි අවධානයකින් පසුවන්නීය.

"මම අනිකුත් දේ නොව මට ම ආදරය කරන්න ඉගෙන ගත්තා. මට පවතින්න පුළුවන් නම්, වෙනත් අතිරේක දේවල් අහිමි වුණත් මම ඒ ගැන කරදර වෙන්නේ නැහැ," ජෝ සඳහන් කළාය.

JO

අතීතයේ පීඩා විඳින ලද මානසික ගැටලු පාලනය කර ගැනීම 'ජෝ'ට ප්‍රකෘති තත්ත්වයට පත්වීමට උදව්වක් විය. එබැවින් ඇයට 'ලොක්ඩවුන්' කාලය නරකට බල පෑවේ නැත.

'දැන් සිටින වාසනාවන්ත තත්ත්වයට පත්වීම සඳහා අතීත අත්දැකීම් උපයෝගී කර ගැනීමට මම සමත් වුණා," ඇය පවසන්නීය.

සායන ක්‍රියාවලියකින් තොරව සිය පෙනුමේ වෙනසක් ඇතිකර ගැනීමේ මාර්ගයක් හැටියට 'fillers' ප්‍රතිකාරය ලබා ගැනීමට ඇය මනාප බවත් 'ජෝ' පවසයි.

"වෙනසක් වීමට තවමත් මට අවස්ථාව පැවැත්ම මට සතුටක්."

'ලොක්ඩවුන්' කරනු ලැබීම පුද්ගල ස්වයං - පිළිබිඹුවේ විශාල අර්බුදකාරී තත්ත්වයක් ඇති කිරීමට හේතුවිය හැකි බව මනෝ ප්‍රතිකාර විද්‍යාඥ (Psychotherapist) ඩැනියෙල් සෑන්ඩ්ලර් පවසන්නීය.

ලොක්ඩවුන් කරනු ලැබීම මගින් පුද්ගලයන් ඔවුන් 'පැළඳ සිටින වෙස්මුහුණු ගලවා ප්‍රකෘති තත්ත්වයට පත්කිරීමක්' සිදු කරන ලද බවත් ඇය සඳහන් කළාය.

ශාරීරික පිළිබිඹුව වැනි කරුණු සැලකිල්ලට ගැනීම ''සිතේ පහළ වෙන හැඟීම් වැරදි හෝ අනුමත කළ නොහැකි දෙයක් ලෙස විනිශ්චය කරනු ලැබීමක් නොවිය යුතුය'' යන්න මනෝ ප්‍රතිකාර විද්‍යාඥවරියගේ උපදේශය වෙයි.

"ඔබේ හැඟීම් මොනවා වුණත්, ඒකෙ වරදක් නැහැ. ඒවා අවතක්සේරු නොකිරීමට ප්‍රවේශම් වෙන්න!"

(බීබීසී සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කොරෝනා 'ලොක්ඩවුන්' : වනිතා රුවට බල පෑ හැටි | The Leader