The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ලොක්ඩවුන් සමයේ තනිකඩයින්ගේ කෝවිද රමණ - උදන් ප්‍රනාන්දු

T

The Leader Desk

June 2, 2020 • 7:07 AM

 ලොක්ඩවුන් සමයේ තනිකඩයින්ගේ කෝවිද රමණ - උදන් ප්‍රනාන්දු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාගේ යෙහෙළියකට ලොක්ඩවුන් සමයේ මහා ඇබැද්දියකට මුහුණ දෙන්නට සිදු විය. කොහේවත් යන්නට නොහැක්කෙන් ඈ කුටුම්බයට ම කොටු වී සිටියේ තම සැමියා සමග ය. මෙම යුවළ වසර අටක් පමණ කාලයක්
  • තම සැමියාට නිතර ම කෙටි පණිවිඩ ලැබෙනු හා ඒ සමග සමග ම ඔහු මුල්ලකට වී කා සමග හෝ මනමාල ලෙස කුටු කුටු ගානු බිරිඳගේ රේඩාවට වැටෙන්නට වැඩි කලක් ගියේ නැත.
  • සැකය මෝරා පැස ව ඇති මොහොතක සැමියාගේ ස්මාර්ට් පෝනයේ පොටෝ කිහිපයක් බිරිඳගේ උකුසු ඇසට හසු විය.
  • ඒ තම සැමියා වෙනත් කඩවසම් පුරුෂයෙකු සමග අඩනිරුවත් ව ආලිංගන ඉරියව්වක සිටින අයුරු ය.  දිගු කතාවක් කෙටියෙන් කියන්නේ නම් සැමියා තමා කලක සිට ‘බයි’යෙකු බවට පාපොච්චාරණය කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

විවාහ වී සිටි අතර මහා පෙමකින් ඇලී ගැලී නොසිටිය ද රණ්ඩු සරුවල් නොවී සතුටුදායක මට්ටමක සාමයකින් කල් ගෙවූ හ.  අඹු-සැමි දෙපළ ම රැකියා කළ අතර බොහෝ විට රෑ බෝවන තුරු තම තමන්ගේ රාජකාරි වැඩවල ම නිරත වූ හ. එම නිසා ඔවුහු එකිනෙකා හරියට මුණගැසුණෝ සති අන්තයේ ය. 

එහෙත් ලොක්ඩවුනයේ දෙදෙනා ම පැය විසි හතර ම සිටියේ එක ම වහලක් යට කුඩා අපාර්ට්මන්ටයක ය. තම සැමියාට නිතර ම කෙටි පණිවිඩ ලැබෙනු හා ඒ සමග සමග ම ඔහු මුල්ලකට වී කා සමග හෝ මනමාල ලෙස කුටු කුටු ගානු බිරිඳගේ රේඩාවට වැටෙන්නට වැඩි කලක් ගියේ නැත. සැකය මෝරා පැස ව ඇති මොහොතක සැමියාගේ ස්මාර්ට් පෝනයේ පොටෝ කිහිපයක් බිරිඳගේ උකුසු ඇසට හසු විය. ඒ තම සැමියා වෙනත් කඩවසම් පුරුෂයෙකු සමග අඩනිරුවත් ව ආලිංගන ඉරියව්වක සිටින අයුරු ය. 

දිගු කතාවක් කෙටියෙන් කියන්නේ නම් සැමියා තමා කලක සිට ‘බයි’යෙකු බවට පාපොච්චාරණය කළේ ය. මෙහි බයියා යනු ලාංකීය දේශපාලන අරුතෙන් නොවන ද්වි-ලිංගික හෙවත් බයි-සෙක්ෂුවල් අරුතෙනි. මෙය ලියන අතර මගේ යෙහෙළිය දික්කසාදයකට අවශ්‍ය මූලික පියවර ගනිමින් සිටින්නී ය.    


dafef737257d5b8b925f2a2d1824fe51 2
‘බයි’යෙකු වීම (හෝ නොවීම) මා දකින්නේ සදාචාරාත්මක විනිශ්චයික ඇසකින් නොවේ. එහෙත් මගේ යෙහෙළියගේ කතාව ලොව වෙසෙන කෝටි සංඛ්‍යාත වැඩිහිටියන්ගේ සබඳතා මේ ගෙවෙන කෝවිදි සමයේ හැලහැපුණු කතාවලින් තවත් එකක් විය හැක. 

ලෝ පතළ කෝවිද තත්ත්වය මානව ශිෂ්ටාචාරයේ මූලිකාංග ද මහත් විපර්යාසයකට ලක් කළේ ආසාදනයට ප්‍රතිචාර ලෙස පනවන ලද නව ජීවන රටා රෙජීමය නිසාවෙනි. අඹුසැමියන් දරුවන් සෙසු සාමාජිකයන් මෙතරම් දිගු කාලයක් පැය විසි හතර ම කුටුම්බයකට සිර වී සිටීම එක්තරා ආකාරයකට අභව්‍ය හා අධි-යථාර්ථවාදී තත්ත්වයකි. 

එක ම කුඩා සංඛ්‍යාවක් හෝ එක පුද්ගලයෙකු පමණක් දැකීම හා ඇසුරු කරන්නට සිදු වීම එකිනෙකා එපා වීමට හා නොරිස්සීමට හේතු වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස මිනිසුන් ගැහැනුන් විවිධ මානසික ඇදවැටීම්වලට බඳුන් වී ඇත.  

ලොක්ඩවුනයෙන් කොටු වී සිටි ඉතාලි ජනයාට ‘පෝ(ර්)න්හබ්’ 

මෙම සුවිශේෂ වැඩිහිටි මානසික අසමතුලිත තත්ත්වය ‘නිරෝධායනය’ කරනු වස් විවිධ රටවල විවිධ විධික්‍රම භාවිත කරනට උත්සාහ කෙරෙනු දක්නට ලැබේ. මුලින් ම කෝවිදියාවෙන් දරුණු ලෙස බැට කෑවේ ඉතාලිය ය. දිනකට දහස් ගණනින් මරණ වාර්තා විය. කෑම, බීම, විනෝදය හා ප්‍රියයන් ඇසුර ඉතාලි සංස්කෘතියේ මුල්ගල ය. 

එවන් ජන කොටසක් ලොක්ඩවුනයෙන් කොටු වී දිනකට දහසක් පමණ තම රටවැසියන් මිය යන ප්‍රවෘත්ති අසමින් බලමින් සිටීම ඔවුන් පණ පිටින් මිය යාම වැනි ය. ඉතාලියේ පල්ලි දහසකුත් තිබුණ ද,  ඒවායේ කුලුනු මත ලැයිස්පීකර බැඳ ‘ආවේ මරීයා‘ සූත්‍රය ජප කළේ නැත. ඔවුන් කළේ ඉතා ප්‍රග්මතික (pragmatic) දෙයකි. එනම් ‘පෝ(ර්)න්හබ්’ නමැති වැඩිහිටි වෙබ්සයිටයේ වීඩියෝ ඉතාලියානුවන්ට නැරඹුමට ප්‍රිමියම් අවසරය නොමිලේ දීම ය. 

5616
වසර දහයක් පමණ මා ජීවත් වුණේ නෙදර්ලන්තය හෙවත් ඕලන්දයේ ය. මා එරට ගත කළ ඒ කාලය තුළ ද පසුව ද මා නිරීක්ෂණය කළ එක් පැතිමානයක් වූයේ බොහෝ දෙනා සාම්ප්‍රදායික විවාහයට හා එක ගෙයි විසීමට ද ලොකු උනන්දුවක් නොදැක්වීම යි. බොහෝ දෙනෙක් තමන් ‘හැපීලි-සිංගල්’ හෙවත් තුටින්-තනිකඩ කියා කියන්නෝ  ආඩම්බරයෙනි. 

දෙදෙනෙකු අතර සබඳතාවක් තිබුණ ද ඔවුහු තම තමන්ගේ නිවෙස්වල වෙන් වෙන් ව ජීවත් වෙති. එකිනෙකා හමු වීම එකිනෙකාගේ නිවෙස්වල හෝ උද්‍යානයක හෝ කැෆෙයක කෙරෙයි.

කෝවිදියාවෙන් ඕලන්දයේ පන්දහසක පමණ ප්‍රමාණයක් මළෝ ය. පනස් දහසක පමණ ආසාදිත ව සිටිති. ගමනාගමනය සීමා වුණු ලොක්ඩවුන් කාලයේ මට නිතැතින් ම සිහිපත් වුණේ මාගේ හැපීලී-සිංගල් මිතුරු කැලය. තට්ට තනියෙම නිවසකට වී සිටිනු කෙලෙස ද? අප අතර සිදු වූ පණිවිඩ හුවමාරුවේ දී ඔවුන් කී කතාව පාඨක ඔබට ද කියනු වටී. 

ඕලන්ද රජයෙන් ප්‍රග්මතික විසඳුම් මාලාවක් !

ඕලන්දයේ ද ප්‍රග්මතික විසඳුම් මාලාවක් තම සිංගල් හෙවත් තනිකඩ ජනතාවට ඉදිරිපත් කළේ ය. එනම් එම කාලය තුළ දී හුදෙකලා ව නොහිඳ කෙසේ හෝ විශ්වාසදායක ‘සෙක්ස්-බඩියෙකු’ හෙවත් ලිංගික-සහකරුවෙකු සොයා ගන්නා ලෙස ය. 

එසේත් නොහැකි නම්, ඔවුනට ඕලන්ද රජය මෙම ප්‍රායෝගික ක්‍රියාකාරකම්හි නිරතවන ලෙස නිර්දේශ කළේ ය : 

1) ස්වයං මෛථුන්‍යය, 
2) තව කෙනෙකු මීටර් 1.5 ඈතින් තබා ඈ/ඔහු දෙස බලා ස්වයං මෛථුන්‍යය, 
3) සෙක්ස්ටින්(ග්) හෙවත් ලිංගික තේමාශ්‍රිත ටෙක්ස්ට් පණිවිඩ හා දූරකථන ඇමතුම්, 
4) කාම චිත්‍රපට නැරඹීම හා ඉරොතික පොත් කියැවීම, 
5) වෙබ් කැමරා උපයෝගී කරගෙන එකිනෙකා සමග ලිංගික ප්‍රමෝදය ලැබීම, 
6) දුරස්ථ ව සිටිමින් එකිනෙකා ඉදිරිපිට දෙදෙනා ම ස්වයං මෛථුන්‍යයේ නිරත වීම, 
7) ස්ට්රිප්ටීස් හෙවත් ඇඳුම් එකිනෙක රාගික ව හෙමිහිට ගලවමින් නිරුවත් වීම හා  
8) කුඩා දෙදරවීමක් සහිත කෘත්‍රිම පුරුෂ ලිංගයකින් ලිංගික ප්‍රමෝදයට පත් වීම 

(මූලාශ්‍රය: මහජන සෞඛ්‍යය හා පරිසරය පිළිබඳ ජාතික ආයතනය, නෙදර්ලන්තය).

අඳුරේ කළ යුතු කුටුම්බයේ වතාවක් ගැන දේශනා කළ සඟරුවන !

                                         
ඉතාලිය හා ඕලන්දය යට කී ප්‍රවේශ අනුගමනය කළ අතර ලොක්ඩවුනයටත් වඩා හපන් ඇඳිරි-නීති සමයේ වැඩිහිටි අපට අඳුරේ කළ යුතු කුටුම්බයේ වතාවක් ගැන අපගේ සදාචාර-බුද්ධිය ඇමතුවෝ කඳුකර සීතල පෙදෙසක වැඩ වසන සඟරුවනකි. 

උන්වහන්සේ පැවසුවෝ මෙවැන්නක් ය. අඹු-සැමි යුවලක් තම වර්ගයා බෝ කරනු වස් සංසර්ගයේ යෙදෙන විට කාන්තාව පුරුෂයාගේ ශරීරයේ කිසිදු කොටසක් නොදැකිය යුතු ය. යට ගිය දවස කුලවමියෝ දහස් ගණනින් වර්ගයා බෝ කර ඇත්තෝ එලෙස ය. එසේ නොමැතිව සංසර්ගයේ යෙදෙන්නෝ තුච්ඡයෝ වෙති.

'ද බ්ලැක් කොමඩි‘

 බ්‍රිතාන්‍ය නාට්‍යවේදී පීටර් ෂෙෆර් 1965 දී ‘ද බ්ලැක් කොමඩි‘ නමින් අපූරු නාට්‍යයක් නිෂ්පාදනය කළේ ය. එහි විශේෂත්වය වූයේ නාට්‍යයයේ වැඩි කාලයක් වේදිකාව අඳුරේ පැවතීම යි. ෂෙෆර්ගේ යට කී පිටපත අනුසාරයෙන් ෆීලික්ස් ප්‍රේමවර්ධන ‘කළුවරේ ජරමරේ’ නමින් පසු කාලයකදී ලක් වේදිකාවට ගැන ආවේ ය. 

ඇඳිරි නීති කාලයේ අප හිමියන්ගේ අනුශාසනා පිළිපදිමින් කළුවරේ කළ ජරමරවල ප්‍රතිඵල ලෙස බිහිවෙන තුච්ඡ නොවන අමිශ්‍ර මතු පරපුරක් තව මාස හතකින් අටකින් පමණ දැකගත හැක.    


[ උදන් ප්‍රනාන්දු - anidda.lk ]

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...