The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මහ මැතිවරණය : “හොඳ අය” තේරීමේ අඳබාලකම - කුසල් පෙරේරා

T

The Leader Desk

July 4, 2020 • 3:25 PM

මහ මැතිවරණය : “හොඳ අය” තේරීමේ අඳබාලකම - කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “පරණ අය” මෙදා පාර්ලිමේන්තු නොයවන්න යැයි පොදු ගෝසාවක් ඇත. ඔවුන් හැම දූෂිතයින් යැයි ඉන් කියන කතාවය.
  • තවත් සටන් පාඨයක් වන්නේ “තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිසුන් තෝරා පත් කරන්න” යන්නයි.
  • මේ හැම කතාවකම ඇත්තේ පුද්ගලයින් පිළිබඳ කතාවකි.
  • ''මේ හැම කතාවකම ඇත්තේ පුද්ගලයින් පිළිබඳ කතාවකි.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රධාන ධාරාවේ පක්ෂ ගැන නොව, ඒවායින් ඉදිරිපත්වන අපේක්ෂකයින් අතුරින් “හොඳ අය” තෝරා පත් කරන්න යැයි තවත් කතාවකි.

එහෙත් ඒ පක්ෂවල නායකයින් දූෂිත යැයිද එබැවින් ඔවුන්ට ඡන්දය නොදෙන්න යැයිද කොතැනකවත් නොකියවේ.

තවත් සටන් පාඨයක් වන්නේ “තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිසුන් තෝරා පත් කරන්න” යන්නයි. එහි අරුත මට තේරුම් යන අයුරු නම්, දේශපාලනය “තිත්ත” වූවත් වැදගතුන් පත් කිරීමෙන් තිත්ත සමනය කරගත හැකිය යන්නය.

මේ හැම කතාවකම ඇත්තේ පුද්ගලයින් පිළිබඳ කතාවකි. මේ හැම කතාවකම ඇත්තේ දූෂණය පිළිබඳ කතාවක් පමණි. පාර්ලිමේන්තුවට හා දේශපාලනඥයින්ට සීමා කරගත් දූෂණය පිළිබඳ කතාවක් පමණි.

''මේ හැම කතාවකම ඇත්තේ පුද්ගලයින් පිළිබඳ කතාවකි. මේ හැම කතාවකම ඇත්තේ දූෂණය පිළිබඳ කතාවක් පමණි. පාර්ලිමේන්තුවට හා දේශපාලනඥයින්ට සීමා කරගත් දූෂණය පිළිබඳ කතාවක් පමණි. ''

එහෙත් සමස්ථ රාජ්‍යම දූෂිත ය. නීතිය ක්‍රියාත්මක කිරීමේ පටන් යුක්තිය පසිඳළීමේ අධිකරණ ක්‍රියාවලිය හා සිරගෙවල්ද ඇතුළුව, රාජ්‍ය පරිපාලනයේ ඉහළම තනතුරුවල සිට පහළට දූෂණය නොවුනු රාජ්‍ය ආයතනයක් දෙපාර්තමේන්තුවක් අද සොයා ගත නොහැක. සියලු වෘත්තීන්ද එළෙසින්ම පිරිහී ඇත. පරිපාලන සේවාවේ සිට ඉංජිනේරු, වෛද්‍ය, නීතිඥ, ගණකාධිකාරී, ගුරු, ජනමාධ්‍ය වැනි සියලු වෘත්තීන් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව පිරිහුණු දූෂිත වෘත්තීන් ය.

මේ සමග යෝධ දූෂිත ව්‍යාපාර පවත්වා ගන්නා ජාවාරම්කාරයින්ද බිහි වී ඇත. ඔවුන් දේශපාලන පක්ෂ හා දේශපාලන නායකයින් රැක බලා ගන්නා අතර, ඔවුන්ගේ ලාභ උපරිම කරගැනීමට මේ සියලු වෘත්තීන්හි සේවාවන් වෙනුවෙන්ද විශාල සේවා ගාස්තු ගෙවති.

First day school

මහ පරිමාන දූෂණ ගැන කතා කිරීමට ඉතාම පහසු විෂය වන්නේ මේ සියල්ලන් හවුල්වන, එනිසාම සමාජය විසින් ප්‍රශ්න නොකරන ප්‍රසිද්ධම මහ පරිමාන දූෂණය වන පළමු වසරට ළමුන් ඇතුළත් කර ගැනීම ය. වසරක් පාසා දහස් ගණන් දෙමාපියන්, විදුහල්පතිවරුන්, අධ්‍යාපන සේවා නිලධරයින්, දේශපාලනඥයින් හවුල්වී ප්‍රධාන නගරවල අති ජනප්‍රිය පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත්කර ගනිති. මේ දහස් ගණන් දෙමාපියන් අතර පරිපාලකයින්, වෛද්‍යවරුන්, නීතිඥයින්, ඉංජිනේරුවන්, ගණකාධිකාරීන්, ජනමාධ්‍යවේදීන් වැනි සියල්ලන්ම ඇත.

මෙහි උත්ප්‍රාසය වන්නේ, මේ සමස්ථ ලංකා දූෂණ ව්‍යාපෘතියට වසරක් පාසා හවුල්වන්නෝම දූෂණයෙන් තොර පාර්ලිමේන්තුවක් ඉල්ලා හඬ ගෑමය.

 ප්‍රශ්නය වන්නේ, මෙවර පාර්ලිමේන්තුවට ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයින් දුසිමක් හමාරක් හැර (කිසිවකු ඔවුන්ට ඡන්දය නොදෙන්න යැයි නොකියයි) අනෙක් හැම, අලුත් අවංක මුහුණු ලෙස තෝරා පත්කර යැවූවත් පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේ දැවැන්ත දූෂණ ව්‍යාපෘතියට විසඳුම් ලැබෙන්නේ කෙසේද යන්න ය. පාර්ලිමේන්තුවට අවංකයින් පත් කළ පමණින් පාසල් අධ්‍යාපනයේ මේ අර්බූද කෙළවර වේද?

 

ප්‍රශ්නය ඇත්තේ කොතන ද ?

පාසල් අධ්‍යාපනයේ පමණක් නොව හැම ක්ෂේත්‍රයකම, සෞඛ්‍ය, මගී ප්‍රවාහනය, නගර සැළසුම් හා නිවාස, පරිසරය රැකීම වැනි සියල්ලෙහිම දූෂණය ඇත්තේ පාර්ලිමේන්තුවට පත්වන පුද්ගලයින් මත නොවේ. ඔවුන්ගේ අධ්‍යාපන සහතික මත නොවේ.

ප්‍රශ්නය ඇත්තේ ඒ කිසිවකට පැහැදිලි සංවර්ධන සැළැස්මක් නොමැති වීමෙහිය. එවැනි සංවර්ධන සැළැස්මක් ගැන මේ සමාජය ප්‍රශ්න නොකිරීමෙහිය.

අවම තරමින් මේ කෝවිඞ්-19 ගෝලීය වසංගතය සමග අප ඇද වැටී ඉන්නා අසරණ තත්ත්වය හමුවේ, පාර්ලිමේන්තු බලය ඉල්ලන කිසිවකුගෙන් ඉදිරි අවුරුදු කිහිපයේ මේ අර්බූද වලට විසඳුම් ලෙස ඔවුන් ඉදිරිපත් කරන සැළැස්ම කුමක්දැයි කියා හෝ මේ සමාජය අසන්නේ නැත.

Kusal Perera

එබැවින් පවතින සමස්ථ ආර්ථික හා දේශපාලන ක්‍රියාවලියට විකල්ප ජාතික සංවර්ධන සැළසුමක් නොමැතිව මේ මැතිවරණයෙන් රටේ ඉන්නා ඉතාම අවංක, ඉතාම උගත් සහ දක්ෂම වෘත්තිකයින් 225 දෙනා පාර්ලිමේන්තුවට තෝරා හැරියද මේ සමාජ ආර්ථික අර්බූදයට, මේ මහ පරිමාන දූෂණ වලට නිමාවක් නොලැබෙනු ඇත.

(කුසල් පෙරේරා -2020 ජූලි 04)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...