The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බැසිල්ගේ වට්ටක්කා ඇට දෙක ! - අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

July 26, 2020 • 2:15 PM

බැසිල්ගේ වට්ටක්කා ඇට දෙක ! - අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගොවීන් නොසැලකිලිමත් ලෙස වට්ටක්කා ඇට දෙකක් විසි කර ගෙඩි හැදුණු පසු එය රජයට විකුණන්නට එන කතාවක්
  • බැසිල් රාජපක්ෂ අවුරුදු 10ක් පමණ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය මෙහෙයවූයේ ය.
  • එහෙම තිබියදීත් ගොවීන් දිගින් දිගට ම දුප්පත් ගොවීන්ගේ වරද නිසා ද?
  • බැසිල්ලාට ම බලය දීලා බලාගන්නට ගොවියන්ට අවාසනාව ඇත.'' රටේ මධ්‍යම රජයේ කෘෂිකර්ම අමාත්‍යාංශයට අමතරව පළාත් කෘෂිකර්මාන්ත අමාත්‍යාංශ නවයක් තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

බැසිල් රාජපක්ෂ ඡන්ද රැස්වීමක කීවේ ය. මේ කතාවේ වැදගත් පැතිකඩ කීපයක් තිබේ.

බැසිල් රාජපක්ෂ අවුරුදු 10ක් පමණ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය මෙහෙයවූයේ ය. ඒ කාලයේ ඔහු ද ඇට බෙදුවේ ය. ඇටවලින් කරන්නේ ආහාර නිෂ්පාදනයයි. වෙන මොනවා නැතත්, ජීවිතය පවත්වාගෙන යන්නට වාතය, ජලය හා ආහාර නැතුවම බැරි ය. ගොවීන් කරන කාර්යය ඉතා වැදගත් වන්නේ එහෙයිනි.

එහෙත්, ශ්‍රී ලංකාවේ ගොවි ජන ජීවිතය සමග එකට ම යන සාධකයක් වන්නේ දුප්පත්කමයි. ගොවීන්ට නිතරම වගා හානි ය. අස්වනු විකුණා ගැනීමේ ගැටලු ය. ජීවත් වීමට ප්‍රමාණවත් තරම් ආදායමක් නැතිකමේ අර්බුදය ය.

ඒ අතර, පාරිභෝගිකයන්ට ද ගොවීන්ගෙන් ලැබෙන ආහාර පිළිබඳ තෘප්තියක් නැත. ඒවායේ වස විස අධික ය. මිල ඉහළ ය.

රජය විසින් අඛණ්ඩව ම මහජන මුදලින් ගොවීන් වෙනුවෙන් වාරිමාර්ග නඩත්තු කර තිබේ. පොහොර සහනාධාර ලබා දී තිබේ. අස්වනු මිල දී ගැනීම පවා කර තිබේ. එහෙම තිබියදීත් ගොවීන් දිගින් දිගට ම දුප්පත් ගොවීන්ගේ වරද නිසා ද? නැත.

''කෙසේ වෙතත්, එකක් පැහැදිලි ය. බැසිල්ගේ කතාවෙන් ම කියවෙන විදියට ඉස්සරහට බබා උක්කුං නැත. බැසිල්ලාට ම බලය දීලා බලාගන්නට ගොවියන්ට අවාසනාව ඇත.''

රටේ මධ්‍යම රජයේ කෘෂිකර්ම අමාත්‍යාංශයට අමතරව පළාත් කෘෂිකර්මාන්ත අමාත්‍යාංශ නවයක් තිබේ. මේවායේ සේවකයන් සංඛ්‍යාව ම ලක්ෂයකට වැඩි ය. එහෙත්, ගොවීන්ට හරිහමන් මග පෙන්වීමක්, උපදෙසක් ලබාගන්නට කෙනෙකු සිටී ද? තැනක් තිබේ ද? කිසිවෙකු වගකීම භාරගන්නවා ද? කෘමිනාශක විකුණන තෙල් කඩේ හැර ගොවියන්ට භයානක හෝ පිළිසරණක් තිබේ ද?

කෘෂිකර්මය පිළිබඳ ප්‍රශ්නය ඇත්තේ එතැන ය. මෙම අර්බුදය තීව්‍ර කළේ ඇට බෙදන්නට පවා උපාධිධාරීන් බඳවා ගනිමින් රාජ්‍ය ව්‍යූහය පැසවා ඉදිමුණු හොරියක් බවට පත් කළ රාජපක්ෂලා ඇතුළු සියලු ආණ්ඩු ය. ලංකාවේ ගොවියන්ට තිබෙන ලොකුම ගැටලුව රජයේ කෘෂිකර්ම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ආදියයි.

ඒකට ගොවීන්ට බැනලා වැඩක් නැත. උන් නැතිනම් ඇට දෙකත් නැත.

කෙසේ වෙතත්, එකක් පැහැදිලි ය. බැසිල්ගේ කතාවෙන් ම කියවෙන විදියට ඉස්සරහට බබා උක්කුං නැත. බැසිල්ලාට ම බලය දීලා බලාගන්නට ගොවියන්ට අවාසනාව ඇත

(අජිත් පැරකුම් ජයසිංහ - praja.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...